IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල්

 

(නිමන්ති රණසිංහ)

හිටපු  ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස්  ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර  ලබන බවත්  නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය.
 

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව සම්බන්ධ  නඩුව අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න  මෙනවිය ඉදිරියේදී විභාගයට ගත් අවස්ථාවේදී මෙලෙස කරුණු දැක්වීය.
 
ලංකා පෞද්ගලික රෝහලේ වෛද්‍ය උමා ශංකර්  මහතා විසින්  අමාත්‍යවරයා  සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කර  ඇති බවත්  එහි සඳහන් පරිදි  අධික රුධිර  පීඩන, ආතතී යන රෝගී තත්ත්වයන්ට රාජිත සේනාරත්න මහතා භාජනය වී ඇති බැවින්  ඔහුගේ සමීපයට යා නොහැකි බවත්  සොලිස්ටර් ජනරාල්වරයා කරුණු දක්වමින් සඳහන් කළේය.
 
රාජිත සේනාරත්න  මහතා  වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ නවරත්න බණ්ඩාර මහතා කීවේ  සිය සේවා දායකයා  අත්අඩංගුවට  ගෙන ඇති බවට ප්‍රචාරයක්  පවතින බවයි.

කරුණු සලකා බලමින් එහිදී මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ පොලීසිය අධිකරණයට කරුණු දක්වනවාම් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන නැති බව එය එසේ සිදුවී ඇති බවයි.

එහිදී  අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ  බී වාර්තාව වැඩි දුර අධ්‍යනයක් අවශ්‍ය බව පැවසූ මහෙස්ත්‍රාත්වරිය නඩුව  විනාඩි 25 කට කල් තැබුවාය.



අදහස් (6)

‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල්

Amula Friday, 27 December 2019 06:15 AM

වැඩේ දැන් නඩුකාරයෝ නීතිපති පොලීසිය, සී.අයි.ඩී. ය ඔය ඔක්කොම මෙහෙයවන්නේ එක්කෙනෙක් නේ. අනිවාර්යයෙන්ම කියන දේ කරන්න වෙනවා. නැත්නම් රාජිතට කලින් සුදු වෑන් තමයි යන්න වෙන්නේ. මේ රට හදන්න අපේ රටේ මිනිස්සුන්ගේ මොල හෝදන්න ඕනේ. අපේ රටේ මිනිස්සු ඡන්දෙ දීලා බලන් ඉන්නේ කාටද ගහන්නේ? කාවද හිරේදාන්නේ කියලා බොහොම අඩු මානසික තත්වයක ඉන්න මිනිස්සු සහ දේශපාලකයෝ...

:       30       410

Raveendra Friday, 27 December 2019 06:25 AM

වේදිකාවේ කියවමින් කෑමොර දෙන "බූරුවන්ට" අවසානයේ සෑදෙන ලෙඩවල් වලින් ආතතිය, අධික රුධිර පීඩනය වැනි "බෝවන" රෝග බව මනාවට ඔප්පු කර ඇති අය වැඩිපුරම සිටින්නේ දියවන්නා ඔයේ හරක්ගාලේ බව මෙමගින් මනාවට පැහැදිලි වේ.

:       1       140

upali Friday, 27 December 2019 06:36 AM

ලොසැටර්න් Losartan 100mgක් විතර දීලා රිමාන්ඩ් එකට දාන්න.. නැත්තම් අපිට ප්‍රෙෂර් එක හැදෙනවා..

:       8       129

saliya Friday, 27 December 2019 07:30 AM

දහසක් වැරදි ඇති. එහෙත් එතුමා බෙහෙත් මිල සෑහෙන්න අඩු කළා. අක්ෂි කාච මිල අඩු කළා. ඉන් ප්‍රතිලාභ ලද විශේෂයෙන් වැඩිහිටි අය බොහොමයි. කලබලයක් නොවී, ක්‍රියා මාර්ග ගන්නවා නම් හොඳ දෙයකි.

:       164       181

AdeethaSaturday, 28 December 2019 04:09 AM

සාලිය , බාල බෙහෙත් මිල අඩුවෙන් දිමෙන් රෝග වැඩි වීම පමණක් වේ. ඩ්‍රග් ලංකාවේ මාෆියාවේ ලොක්කා මොහුයි, බාල අක්ෂි කාචද මොහු අඩුවට දුන් බව එම ආණ්ඩුවේම විගණන වාර්තා පෙන්වයි. මෙවැනි පාදඩයින් වෙනුවෙන් කඩේ නොයන්න..!

:       57       65

samira Friday, 27 December 2019 11:26 AM

ආතතිය වැඩි වෙලාලු. ලඟට යන්න බැහැයිලු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාජ්‍ය ඇමැති චාමර සම්පත්ගේ වාහනයේ ගින්නක්
2024 අප්‍රේල් මස 16 36 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද (16 ) බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රියදුර


ඇමති චාමරගේ වාහනය ගිනි ගනී
2024 අප්‍රේල් මස 16 171 0

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ගමන් ගත් වහනය අද 16 අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී ඇතිවූ හදිසි ගින්නකින් විනාශ වී ඇතැයි ද ඇමතිවරයාට හෝ එහි රි


සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 76 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 98 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 93 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3404 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 135 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1404 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site