හර්ෂණ තුෂාර සිල්වා
‘බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ‘ සංගමය ආරම්භ කිරීම අද (3) ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගේ නිල නිවසේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේම්ස් ඩෝරිස් මහතාගේ නිල නිවස වන ‘වෙස්ට්මින්ස්ටර් හවුස්’ හි පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතා අමුත්තා ලෙස සුප්‍රකට ගෘහනිර්මාණ ශිල්පී ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහතා සහභාගි විය.
ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිලපීන්ගේ ආයතනයේ හිටපු සභාපති ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂා ප්‍රනාන්දු මහතා මෙම උත්සවයේ ගෞරවනීය ආරාධිතා අමුත්තා ලෙස සහභාගී වූවේය.
බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සාමාජිකත්වය හිමිකරගත් ආසියා ශාන්තිකර කලාපයේ දෙවැනි රට වනුයේ ශ්‍රී ලංකාවයි.
මෙහිදි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ සභාපතිනි ජේන් ඩන්කන් මහත්මිය ශ්‍රී ලංකාවට එම ආයතනයේ සාමාජිකත්වය පිරිනමමින් බලපත්‍රය හා ලාංඡනය බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය - ශ්‍රී ලංකා සාමාජිකයෝ සංගමයේ සභාපතිනි නෙලා ද සොයිසා ද මහත්මිය වෙත පිරිනැමුවාය
මෙහිදි බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනය වෙනුවෙන් සහ ගෘහ නිර්මාණය ශිල්පය වෙනුවෙන් කළ සේවය අගයමින් ජේන් ඩන්කන් මහත්මිය ගෘහ නිර්මාණ ශිල්පී හර්ෂා ප්‍රනාන්දු මහතාට ‘ බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ රාජකීය ආයතනයේ ජනාධිපති පදක්කම’ පැළැඳවීය.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රාජකීය ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ ශ්‍රී ලංකා ශාඛාවක්
lalith Thursday, 03 August 2017 06:04 PM
මේ නෝනලා මහා රැජිනටත් වැඩියෙන් රාජකීය පාටයිනේ?