IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘යහපාලනය පවතින තාක් පාතාලය මර්දනය කරන්න බෑ’

හසිත රංග ගුණතිලක , ඡායාරූප - ඉෂාන් සංජිව
 
යහපාලන ආණ්ඩුව පවතින තුරු මෙරට පාතාලය මර්දනය කළ නොහැකි බව හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (5) කොළඹ දී පැවසීය.


ලංකාවේ පොලිසියට පාතාලයක් වී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.


කොළඹ ශ්‍රී  ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ අද (5) පැවති ෆියුචර් ඉමේජ් 2018 ප්‍රදර්ශනයට සම්බන්ධ වු අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව පැවසීය.


එහිදී මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ද කීය.


මෙරට පාතාලය පවත්වාගෙන යාමට රජයේ අනුග්‍රහය ඉහළින්ම ලැබෙනවා. වර්තමානයේ දී අපරාධ හා දුෂණ සෑම ප්‍රදේශයකම වැඩි වී තිබෙනවා. පොලිසිය මගින් නීතිය ක්‍රියාත්මක වීමත් හරිහැටි වෙන්නේ නැහැ.


රටේ ජනාධිපතිවරයාව සහ හිටපු ආරක්ෂක ලේකම් වරයාව ඝාතනය කිරිමට සැලසුම් කළේ යැයි කියන සිදුවීම සුළුවට තැකිය නොහැකියි. එම සිදුවීමට සම්බන්ධ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතාට අත්අඩංගුවේ නොගැනීම තුළින් රටේ නීතිය ක්‍රියාත්මක වන හැටි හොද හැටි පෙනෙනවා.



අදහස් (25)

‘යහපාලනය පවතින තාක් පාතාලය මර්දනය කරන්න බෑ’

lalith Friday, 05 October 2018 02:15 PM

කතාව ඇත්ත. විසෙන්ම තමයි විෂ නසන්න වෙන්නේ. පාතාලයෙක්ම එනකල් ඔය පාතාලයින් විනාශ කරන්න බැහැ...

:       457       259

සතයපාල Friday, 05 October 2018 02:25 PM

ඔය කියන්නේ පාතාලය මර්ධනය කරන්න නම් මැරයෝ රට පාලනය කරන්න ඕනෑ කියලද අපේ හාමුදුරුවනේ...?

:       382       280

rohana Friday, 05 October 2018 03:40 PM

අනේ අම්මපල්ල මේ අය කතා කරන්නේ කටින්ද? අැයි සුදු වෑන් සංස්කෘතිය අමතක වුණාද මහත්තයෝ...?

:       693       334

BamunuarachchiFriday, 05 October 2018 04:05 PM

දන්නා දෙයක් කතා කරන්න. සුදුවෑන් සංස්කෘතියෙන් ඔයාට කරදරයක් වුනෙත් නැහැ රටට කරදරයක් වුනෙත් නැහැ.

:       295       1315

Chanak Los angelesSaturday, 06 October 2018 03:35 AM

සුදුවෑන් සංස්කෘතියක් තිබිලා තියෙනවා එහෙනම්...

:       3       25

athuraSaturday, 06 October 2018 05:09 AM

ඇත්තටම එතකොට කාටද මහත්මයෝ කරදර වුනේ.

:       13       1

BamunuarachchiSaturday, 06 October 2018 11:51 AM

පාතාලයින්ට මිස සෙසු ජනතාවට නොවෙයි. ලියන පිළිතුරු නම් පලකරන්නේ නැහැ වගේ...

:       1       24

ronnieFriday, 05 October 2018 08:27 PM

ඔය කියන සුදු වෑන් වලට භය වුනේ අපරාදකරයින් සහ මංකොල්ලකරුවන් පමණයි.

:       1       56

BamunuarachchiSaturday, 06 October 2018 12:58 PM

ඔබ හරියට හරි. අපි භය නැහැනේ.

:       1       31

OMG Friday, 05 October 2018 05:22 PM

සහතික ඇත්ත. දවසේ කියමන...

:       3       375

Ali Baba Saturday, 06 October 2018 12:29 AM

අනේ බොරු කියන්නේ නැතුව ඉන්න. පාතාලය ඒ කාලේ තිබුනේ ආණ්ඩුවේ ඇතුලේ.

:       56       2

rohana Saturday, 06 October 2018 01:03 AM

එහෙනම් කාටද කරදර වුනේ.

:       0       2

athura Saturday, 06 October 2018 05:07 AM

සහතික ඇත්ත

:       1       1

Shan Saturday, 06 October 2018 07:43 AM

අපි මෝඩයෝ කියලා හිතාගෙන ඇති.

:       1       0

rohana Saturday, 06 October 2018 07:50 AM

බමුණුආරච්චි තවත් කඩේ යන්න එපා .

:       73       2

BamunuarachchiSunday, 07 October 2018 05:56 AM

ඔයිට වැඩිය හොඳ අදහසක් ඉදිරිපත් කොරන්න බැරිද. කතා කරමු අදාළ විෂයට. කඩේ යාම ගැන කීම බංකොලොත් භාවය පෙන්වීමක්

:       0       1

ravi Saturday, 06 October 2018 07:57 AM

මේ.. පාතාලය නියමාකාර විදිහට සංවර්ධනය වුණේ.. ඵල දැරුවේ... " රාජපක්ෂලාගේ රජයේදී " මේකට තිබුණු ප්‍රධාන හේතුව නම් රාජපක්ෂලාගේ රජය ( පසුගිය රජය) පාතාලයත් සමග අත්වැල් බැඳගෙන අපරාධ සහ ජාවාරම්වල යෙදුනු නිසා... අද වුණත් රාජපක්ෂලාගේ පසුබිමේ ඉන්නේ පාතාලයක්.. අද වුණත් රාජපක්ෂලාගේ කාලයේදී, කෝටිපතියන් බවට පත්වුණු අයට කිසිම සාක්ෂියක් නැහැ... එයාලා කොහොමද මෙවැනි "කෝටිපතියන්" බවට පත්වුණේ කියලා...!!!

:       109       1

OMG Saturday, 06 October 2018 08:39 AM

ලයික් හෝ ඩිස්ලයික් දාන අය ගැන පුදුම දුකක් ඇතිවෙන්නේ. දැනට බලලා තියෙන්නේ 979... නමුත් ලයික් හෝ ඩිස්ලයික් ප්‍රමාණය ඊට වඩා තියෙනවා. මේකෙන් තේරෙනවා තමන්ට තියෙන වහල් මානසිකත්වය... තමන්ගේ මතය මොන ක්‍රමයකින් හරි දිනවන්න, උඩින් තියන්න හෝ ප්‍රචලිත කරන්න දඟලනවා.

:       109       1

OMGSaturday, 06 October 2018 03:32 PM

බොහොම ස්තුතියි ඩිස්ලයික් ටිකට. හිත රිදුනානම් සමාවෙන්න.

:       0       0

Saththaya Saturday, 06 October 2018 09:40 AM

ඔව් ඇත්ත , මේවා ඇති කරපු අයට විතරයි ඒවා නැති කරන්න පුළුවන්...

:       1       3

Hafeel Saturday, 06 October 2018 11:40 AM

මෙයා බලයේ ඉන්නකොට සුදු වෑන්... දැන් පාතාල...

:       0       1

Bamunuarachchi Saturday, 06 October 2018 11:48 AM

කතාව පාතාලය ගැනයි... මාතෘකාවෙන් පිට පනින්න එපා.

:       1       0

සතයපාල Saturday, 06 October 2018 02:06 PM

2010 සිට 2015 දක්වා පාතාලයෝ තමයි රට පාලනය කෙරුවේ... ඒකට හොදම උදාහරණය තමයි කුඩු අල්ලන්න ලන්සාගේ ගේ එස්.ටී.එෆ්. එකෙන් වට කරපු වෙලාවේ හෙලිකොප්ටරයෙන් ගිහින් බේරා ගත්තේ පාතාල පාලකයින් තමයි. ඊළඟට භාරත ලක්ෂමන්ගේ ඝාතනය.... එ්කත් කුඩු ප්‍රශ්ණයක් නිසා. සුදුවෑන් වලින් විරුද්ධවාදීන්ව ඉස්සුවෙත් පාතාල පාලකයින්ම තමයි. තමන්ට විරුද්ධ පාතාල කල්ලි මර්ධනයත්, අන්ඩර් වර්ල්ඩ් ගේම් එකේම කොටසක් විතරයි. එහෙම නැතිව රටට ආදරයට කරපු දේවල් නොවෙයි.

:       0       0

rohana kumara mendis Saturday, 06 October 2018 02:31 PM

බමුණුආරච්චි... එතකොට අර සුදුවෑන් වලින් මරපු සේරම පාතාලයේ අයද? තාජුඩින්, ලසන්ත, ප්‍රදීප් එක්නැලිගොඩ වගේ අයත් පාතාලයේද?

:       0       9

BamunuarachchiSunday, 07 October 2018 02:09 PM

තාම පොලිසියට හෝ මේ ආණ්ඩුවටත් සොයා ගන්න බැරිවුණු මිනීමැරුම් ගැන ඔබ කතා කරන්නේ කොහොමද? ඔබට එච්චර ෂුවර් නම් අර කව්ද වගේ පොලිස්පතිතුමාට කතා කරල කියන්න මෙන්න මෙහෙමයි වැඩේ වෙලා තියෙන්නේ කියලා. නොදන්නා මගුල් කතා කරන්න එපා හලෝ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 183 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 167 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 332 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 234 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 193 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


කිරිපිටි මිල පහළට
2024 අප්‍රේල් මස 24 476 0

ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 250 ත් 300ත් අතර මුදලකින් හෙට (25) පහළ දැමීමට නියමිත බව කිරිපිටි ආනයනකරුවෝ පවසති.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 298 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1669 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1528 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site