(දයාරත්න ඇඹෝගම)
යොවුන් පාර්ලිමේන්තුවට අදාළ වයස් සීමාව ඉක්මවු තරුණියක තෝරා පත්කිරිමට විරෝධය දක්වමින් තරුණයකු අද (23)දින අනුරාධපුර තරුණ සේවා සභාවේ ගොඩ නැගිල්ලක වහළයක් මතට නැග සිය විරෝධය පළ කර සිටී.
මෙලෙස විරෝධතාවයේ නිරිතව සිටිනුයේ අනුරාධපුර,පැරණි නගරයේ පදිංචි චතුප ඉදුජිත් කුමාරජිව (20) නැමති තරුණයෙකි.
මොහු අනුරාධපුර මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් යොවුන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇත.තමන්ට වු අසාධාරණය සම්බන්ධයෙන් විරෝධතාවයේ නිරත චතුප ඉදුජිත් කුමාරජිව (20) නැමති තරුණයා සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසිය.
මෙහිදි යොවුන් පාර්ලිමේන්තුව සම්බන්ධ චක්‍ර ලේඛන වංචාවක් සිදුවි තිබෙනවා. එම චක්‍ර ලේඛනවල පැහැදිළිව සදහන් වනවා 18-27 අතර වයස් සීමාවක තරුණයකු මේ සදහා ඉදිරිපත්විය හැකි බව.ඊළග මාත් සමග තරග කළ අපේක්ෂිකාවට වයස විසි හතට වැඩියි.එයට සියලු සාධක මා සතුව තිබෙනවා.මෙයට එරහිව මා පළමු පැමිණිල්ල කළේ පසුගිය පෙබරවාරි මස විසිනව වනදා, දැන් මාස හතක් පමණ ගතව තිබෙනවා.එදා සිට දිනෙන් දින මෙය කල්දමනවා.මේ සම්බන්ධයෙන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාවත් දැනුවත් කළා.අදවනතුරු නිසි විසදුමක් නෑ.
දැන් සිටින නව අධ්යක්ෂවරයාට මේ සම්බන්ධව දැනුම් දුන්නා.පසුව මේ සම්බන්ධව සාකච්චා කර දැනට සතියකට පමණ පෙර පැවසුවා මට ලබා දෙන බවට.ඊට පසුව ඊයේ (22)වනතෙක් ඒ සම්බන්ධව පියවරක් ගත්තේ නැහැ.
රටේ තරුණයන්ගේ ප්‍රශ්න විසදන්න මාස හතක් ගතවුණා. තරුණ පාර්ලිමේන්තුව තිබෙන්නේ රටේ ප්‍රශ්න කතා කරන්න.එත් තරුණයන්ගේ ප්‍රශ්න කතා කිරිමට බැරිනම් එයින් වැඩක් නෑ.
ශ්‍රි ලංකා යොවුන් පාර්ලිමේන්තුව මෙම වර්ෂයේ පෙබරවාරි 20 පැවැත්වනු ලැබුවා.මෙහි චක්‍ර ලේඛන වංචාවක් සිදු කරා. මේ සම්බන්ධව චක්‍ර ලේඛන දෙකක් තිබුණා එම ලේඛන දෙකෙහිම තිබුනේ 18-27 අතර වයස් සීමාව සදහන් කර තිබෙන්නේ.
නමුත් මෙම වයස් සීමාව ඉක්මවු අයෙකුට යොවුන් පාර්ලිමේන්තුව සදහා පත් කර ගෙන ඇති බවත් එය අනාවරණය කිරිමෙන් නිළධාරින්ගේ රැකියාවලටද ගැටළුවක් වන හෙයින් මෙම වංචාව වසන් කරන්නට උත්සහ දරනවා.දැන් අලුත් චක්‍ර ලේඛනයක් ගේන්න හදනවා 18-28 අතර කියා.තේරිපත්වු කෙනාට දැන් වයස විසි අටයි.
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයකට එක් අයෙකු බැගින් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් විසි දෙදෙනෙකු තේරිපත් වුනා.මං තරග කළේ අනුරාධපුර මධ්‍යම නුවරගම්පලාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයෙන් .එහිදි මා මනාප අසු අටක් ලබා ගත්තා.එයා මට වඩා වැඩියෙන් මනාප ලබාගත්තත් චක්‍ර ලේඛන අනුව වයස් සීමාව ඉක්මා තිබෙනවා.
මම ජාතික තරුණ සේවා සභාවට පිටින් ජන්ද ඉල්ලුවේ හැබැයි තේරිපත්වුන කෙනා තරුණ සේවා සභාවට සම්බන්ධ කෙනෙක්.එයාට ඒ සදහා විශාල සහයක් ලැබුණා.
ජාතික තරුණ සේවා සභාවේ ව්‍යාපෘති සහකාර අධ්යක්ෂ,තරුණ සේවා සභාවේ සභාපති,ජාතික තරුණ සේවා සභාවේ උතුරුමැද පළාත් අධ්යක්ෂ ඇතුළු සියළු නිළධාරින් මෙයට වග කිව යුතුයි.
මේ සදහා නිසි විසදුමක් ලිඛිතව දැනුම් දෙන තුරු මෙහි රැදි සිටින බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියේය.
ජාතික තරුණ සේවා සභාවේ උතුරුමැද පලාත් අධ්යක්ෂ කරුණාරත්න විජේවර්ධන මහතා ඇතුළු නිළධාරින් විරෝධතාවයේ නිරිතවු තරුණයා සමග ඊයේ (22)සවස සාකච්ඡා කර අද(23)දිනයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා හමුවි නිසි විසදුමක් ලබා දෙන බවට සදහන් කළද ලිඛිත පොරොන්දුවක් ලබා දෙන තුරු වහලය මතින් නොබසින බවට එම තරුණයා සදහන් කර සිටියේය.
ඒ අනුව අද (23)දිනද එම තරුණයා වහළ මත රැදි සිටින අයුරු දක්නට ලැබිණ.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යොවුන් මන්ත්‍රී වහළයක නැඟ විරෝධතාවක
sampath Wednesday, 23 September 2020 10:50 AM
අලි මදිවට හරක් කිව්වලු... පළාත් සභා විතරක් නෙවෙයි.. මේවත් නවත්තන්න කාලය හරි.