(ඉන්දිකා රාමනායක)
යුද හමුදා සාමාජිකයන් විසින් මුහුණු පොත, ට්විටර්, ලින්ක්ඞ්න් ඇතුළු සමාජ ජාලා වෙබ් අඩවි භාවිත කිරීමේදී නිල ඇඳුම, නිල නාම, ආයතන, උපකරණ පෙන්නුම් කරමින් ඡායාරූප ඇතුළත් කිරීම තහනම් කොට ඇති බව යුද හමුදා මූලස්ථානය කියයි.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා විසින් එම නියෝගය ලිපි මගින් සියලුම කඳවුරු වෙත යොමුකර ඇති බව උසස් නිලධාරියෙක් පැවැසීය.
එම නියෝගවලට ප්‍රකාරව සියලුම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා භාවිතා කිරීමේ දී ස්වකීය නිල නාමය ඇතුළු හමුදා අනන්‍යතා තොරතුරු හෙළි කිරීමෙන් වැළකිය යුතු අතර නිල ඇඳුම, හමුදා උපකරණ, ආයතන, පෙන්නුම් කරමින් පැතිකඩ ඡායාරූප හෝ පසුතල ඡායාරූප භාවිතා කිරීමෙන් වැළකිය යුතු බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.
තව ද ජාතික ආරක්ෂාව, යුදමය කරුණු, දේශපාලනික කරුණු, දේශපාලනඥයන්ට සහ රජයේ නිලධාරීන්ට අපහාස වන අන්දමේ කරුණු, වාර්ගික හා ආගමික සුසංවාදයට හානි පමුණුවන කරුණු ඇතුළත් නිර්මාණ, පෝස්ටර් හෝ වෙනත් තොරතුරු සමාජ ජාලා තුළ උත්පතනය කිරීම, යොමු කිරීම , අදහස් දැක්වීම සහ බෙදාහැරීම යුද හමුදා සාමාජිකයන් විසින් නොකළ යුතු බවට ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ සඳහන් වේ.
මෙම නීති උපදෙස් උල්ලංඝණය කරන සියලු හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන බව ද යුද හමුදා මූලස්ථානය කියයි.
යුද හමුදා සාමාජිකයන් මෙම නියෝග උල්ලංඝණය කරන්නේ දැයි නිරීක්ෂණය කිරීමට, හඳුනා ගැනීමට යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඇතුළු කණ්ඩායමක් දැනටමත් පත් කර ඇති බව ද යුද හමුදා මූලස්ථානය කියයි.
එම නිරීක්ෂණ කණ්ඩායම යුද හමුදා සාමාජිකයන් සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණ කරනු ලබන බව ද යුද හමුදාපතිවරයාගේ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වේ.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යුද සාමාජිකයන්ට වෙබ් අඩවි භාවිතා කිරිමේ දී නියෝග මාලාවක්
sachith Tuesday, 06 March 2018 06:35 AM
මම දන්නා තරමට යුද හමුදා ප්‍රධාන සංඥා නිලධාරී ඉන්නේ සජීව වීරවර්ණ.
samTuesday, 06 March 2018 11:03 AM
ඔයා දන්න දේවල්. මෝඩකම තිබුණට ප්‍රදර්ශනය කරන්න එපා...
saman Tuesday, 06 March 2018 09:50 AM
ලෝකයේ හොඳම හමුදාව වන ඇමරිකන් හමුදාවේවත් මෙහෙම නීති නෑ.
cptn Buddika Tuesday, 06 March 2018 10:41 AM
රජය මෙහි වගකීම බාරගත යුතුයි.
පිටිගල මිලානෝ Tuesday, 06 March 2018 11:47 AM
පොලිසියට සහ හිරගෙවල්වල වැඩ කරන අයටත් මේ නීති පනවන්න. පොලිසියේ ලොකු මහත්තයාගේ ෆෙස්බුකිය බැලුවම ඔක්කොම තේරෙනවා. සමහර හිරගෙවල් වල වැඩ කරන අය තම නිල චරිතය ෆෙස්බුකිය හරහා පුදුම විදියට පුම්බාගන්නවා. මොන ප්‍රයෝජනයකටද? සමහරු නිල ඇඳුම පවා හිරවෙන්න මහලා ඇඳගෙන එම ඡායාරූප ෆේස්බුකියට දමා තිබෙනවා. මේවා නීත්‍යානුකූලද?