IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


යතුරු පැදිය පැදගෙන ගිය හිමිවරු අනතුරක - හිමිනමක් අපවත්වෙති

(ක.ග කරුණාරත්න)

මැදිරිගිරිය, බිසෝබණ්ඩාර, යාය 01 තිස්සපුර ආලෝකාරාම විහාරස්ථානයේ වැඩ විසු හිමිවරු දෙනමක් ගමන් ගත් යතුරුපැදියක් අද (16) මැදිරිගිරිය, බිසෝබණ්ඩාර ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් හිමිනමක් අපවත් වී අනෙක් හිමිනම තුවාල ලබා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

මෙම අනතුරින් අපවත්වී ඇත්තේ යතුරුපැදිය පදවාගෙන ගිය බව කියන 16 හැවිදිරි හිමිනමකි. 14 හැවිරිදි අනෙක් හිමිනම ප්‍රතිකාර සඳහා පොලොන්නරුව මහරෝහලට ඇතුළත් කර සිටි.



අදහස් (49)

යතුරු පැදිය පැදගෙන ගිය හිමිවරු අනතුරක - හිමිනමක් අපවත්වෙති

Bamunuarachchi Friday, 16 March 2018 09:39 AM

සිවුරක් දාගත්ත පලියට හැම කෙනාම හිමි නමක් වෙන්නේ නැත. කොහොම නමුත් සිදුවිය යුතුදේ සිදුවී ඇත.

:       4136       2005

rasiFriday, 16 March 2018 10:00 AM

කොමෙන්ට් දාන්න පුළුවන්කම ලැබුනට මනුස්සයෙක් වෙන්නෙත් නැහැ .

:       117       1045

ලතා Friday, 16 March 2018 11:48 AM

කවුරු වුනත් ඒ දරුවෙක් නේද? මහණ වුනත් දරුවා දරුවාමයි... ඔහොම කියන්න එපා.. පොඩි දරුවන් දෙමාපියන්ගෙන් ඈත් කරලා මහණ කරන එක ගැන හිතන්න..

:       73       140

BamunuarachchiFriday, 16 March 2018 04:34 PM

පොඩිකාලේදී මෝටර් සයිකල් පදිනවා. ලොකු වුනාම කරන්න පුළුවන් විනය විරෝධී වැඩ සේරම කරනවා. විනයානුකූලව හැදෙන්න ඕනේ කුඩාකල සිටම. මේවගේ අය පන්සල් බාර ගත්තාම විජාතිකයින්ට පන්සල් භූමියත් විකුණනවා. ගිය වස් අවසානයේ මම ඉන්න ප්‍රදේශයේ පන්සලක කටින පෙරහරේ මුලින්ම මල් රඳවා ගත් බයිසිකලය පැද්දේ හාමුදුරුවෙක් මම කාර් එක නවතා රවලා බැලුව හාමුදුරුවෝ බයිසිකලයෙන් බැස්ස ළඟ සිටි කෙනෙකුට බයිකලය දීලා යන්නගියා. අපි බෞද්ධ පාසල්වල හාමුදුරුවරුන්ගෙන් බුද්ධාගම ඉගෙන ගත්තා. අපි ආගම සංකර වෙනවා දකින්නට කැමති නැත. කොණ්ඩය වවා ගත් හාමුදුරුවරුන්ට මම දන් බෙදන්නේ නැත. දායකයෝ විනයගරුක නම් ඔවුන්ට ගමේ පන්සල පන්සලක් කරගත හැක.

:       167       12

rasiSaturday, 17 March 2018 04:46 AM

බමුණු ආරච්චි, කෙනෙකුගේ මරණයකදීවත් මනුස්සයෙක් ලෙස අදහස් පල නොකර තමන්ගේ මතවාදය එළිදක්වන්න උත්සාහ කරන ඔබ වැන්නන් ගැන අනුකම්පා කරනවා මිසක් කෝප නොගැනීම බෞද්ධයෙකු වන මගේ පිළිවෙතයි.

:       0       141

Roshan Friday, 16 March 2018 09:55 AM

බමුණුආරච්චි, කොහොමද හිමිනමක් අඳුරගන්නේ?

:       28       251

sahanFriday, 16 March 2018 03:23 PM

කහපාට සිවුරක් අඳින්න ඕනෑ...., දේශපාලකයින්ට පිරිත් නූල් බඳින්න ඕනෑ..., සල්ලි වලට බණ කියන්න ඕනෑ.. ටිකට් පොත් ගහලා විකුණන්න ඕනෑ..

:       355       215

BamunuarachchiFriday, 16 March 2018 05:03 PM

දැන් මිනිස්සු බෞද්ධ හිමිනමක් කියන්නේ ඔවැනි අයට තමයි.

:       83       4

ඩී. ජයදේව Friday, 16 March 2018 09:55 AM

එහෙනම් හයි ස්පීඩ් වැඩලා වගේ...

:       365       282

උපේක්ෂාSaturday, 17 March 2018 09:03 AM

මෙහෙමත් දේවල් අහන්න ලැබෙනවනේ...

:       36       15

naradha Friday, 16 March 2018 09:58 AM

අද කාලේ අවශ්‍යතා හැටියට භික්ෂුන් වහන්සේලා වාහන පැදවීමේ වරදක් නැහැ. කෙසේ නමුත් මෙය අවාසනාවන්ත සිද්ධියක්.

:       39       298

Vishwa Friday, 16 March 2018 10:01 AM

මැදිරිගිරිය කියන්නේ දුෂ්කර පළාතක්. ඒ පැති වල හාමුදුරුවන්ට වඩින්න බෙන්ස් කාර් නැහැ. මෙතන රේස් පැද්ද කියල නැහැනේ.

:       3       428

සේනක Friday, 16 March 2018 10:01 AM

ඔබ වහන්සේට නිවන් සුව.

:       3       191

nalin Friday, 16 March 2018 10:03 AM

සමහරවිට මෙම ප්‍රදේශ වල තියෙන ගමනාගමන අපහසුතා නිසා මෙසේ ගමන් ගන්නවා වෙන්න පුළුවන්. ඒත් මෙතන වැරදි ගොඩයි. ලයිසන් නැතුව යාම. හිමිනමක් වීම. ලයිසන් නැති කෙනෙකුට වාහනය දීම. අවුරුදු 18 ට අඩු කෙනෙක් වීම. තියෙන නීති දාල තියෙන්නේ මේවගේ අනතුරු අවම කරන්නයි. ඒත් දැනදැනම වැරදි කරනවා අපේ මිනිස්සු. අවසානය කොච්චර අමිහිරිද? වේදනාද?

:       0       119

amali Friday, 16 March 2018 10:27 AM

බමුණුආරච්චි, නිකන් කොළඹ 7 වගේ කතා කරන්න එපා. මේ පළාත් අති දුෂ්කර පළාත්. ඒවගේ ප්‍රවාහන පහසුකම් නැහැ. ඒ මිනිසුන්ගේ එකම වාහන තමයි, මෝටර් බයිසිකලය සහ අත් ට්‍රැක්ටරය. ඔයාට වගේ ප්‍රාඩෝ මොන්ටෙරෝ නැහැ.

:       404       1037

BamunuarachchiFriday, 16 March 2018 04:53 PM

ඔබ මට මැදිරිගිරියේ දුෂ්කරකම් කියලා දෙන්න එපා. මම මැදිරිගිරිය, හුරුළුවැව, කවුඩුල්ල සේවය කලේ 1976 කාලයේ. ඒ කාලයේත් බස්, වෑන් මැදිරිගිරිය සිට හිඟුරක්ගොඩට තිබුණා. රටපුරාම සේවය කළ අපිට ඊයේ, පෙරේදා ඉපදුණු ඔබලා රටගැන කියලා දෙන්න හදනකොට හිනා නොවී බැහැ.

:       309       112

වීරතුංග Monday, 19 March 2018 04:24 AM

කුහකකම දැන්වත් අත් හරින්න. තරුණ අයට ඉරිසියා නොකරන්න. වන්නිආරච්චි ගේ ප්‍රතිචාරය කියවන්න.

:       0       0

Nuwan Friday, 16 March 2018 10:31 AM

එක එක්කෙනාට ඕනෑ විදිහට බුදු දහම වෙනස් කරන්න එපා මහත්තයෝ... පැවිදි උතුමන්ට ඕවා අකැපයි.

:       732       641

naradhaFriday, 16 March 2018 12:45 PM

පැවිද්දන්ට වාහන වල ගමන් කිරීම නුසුදුසු බව විනය පිටකයේ තිබෙන බව ඇත්ත. අවුරුදු 2500 කට උඩදී වාහනයක ගමන් කිරීම සුඛෝපභෝගී දෙයක් වුනත්, අද වාහනයක ගමන් කිරීම මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවක්. උදාහරණයක් ලෙස, වැඩ වසන පන්සලට දුරින් ඇති පිරිවෙනක ඉගෙන ගැනීමට යාමට වාහනයක් භාවිතා කිරීමේ වැරද්දක් නැහැ.

:       192       284

BamunuarachchiFriday, 16 March 2018 05:00 PM

ඔය විදිහට ගිහිල්ලා කසාද බඳින්නත් ඉල්ලයි. එවිට මෙවැනි ගිහියෝ කියාවි කසාද බඳින්න එපා කීවේ අවුරුදු 2500 කට ඉස්සෙල්ලා.. දැන් බැන්දාට කමක් නැහැ කියලා...

:       307       102

aravindaSaturday, 17 March 2018 10:13 AM

නිකම් මෝඩ අදහස් පල කරන්න එපා. කරුණාකර පහතින් ඇති ධම්මිකා වන්නිආරච්චිගේ අදහස කියවන්න.

:       31       336

rasanga niroshan Friday, 16 March 2018 11:16 AM

මේ පලාතේ මිනිස්සු ගෙවන්නේ අති දුශ්කර ජිවිත. පිරිවෙනට යන්න ඕන නිසයි යතුරු පැදියක් ඉල්ලගෙන අනික් හමුදුරුවොත් එක්ක ගිහින් තියෙන්නේ. ඉගෙන ගන්න වෙලාව පරක්කු වෙන නිසයි ඇත්ත දැන ගෙන කතා කරමු. ටවුමට එන්න කිලෝමීටර් 4ක් තියෙනවා. කව්රුත් ඒවා ගැන කතා නැ. අනික් හිමිනමටත් අමාරුයි. මමයි ඒ නිව්ස් එකට ගියේ අපේ සාසනේට අපහාස කරන්න එපා. ඔයිට වඩා වැරදී කරනවා මිනිස්සු මේවා වැරදී නෙවෙයි.

:       3       851

කුමාරFriday, 16 March 2018 12:14 PM

ඔව් ඒක ඇත්ත... මේවත් විකුණගෙන කන අයට පණුවන් ගහලා තමයි මැරෙන්න වෙන්නේ.

:       9       20

රුවන් Friday, 16 March 2018 12:10 PM

මෙම පොඩි හිමි අද ගෙදර අැවිත්... ගෙදර කවුරුත් ඉඳලා නැ... බයික් එක තියනවා දැකලා අාසාවට පැදලා.. එතකොට තමයි අනතුර වෙලා තියෙන්නේ.. මෙම වයසේ අය සෙල්ලංකාර කමට මෙහෙම කළාට.. දරුවෙක් කියන හැඟීමෙන් බලනකොට අනුකම්පාවකුයි උපදින්න ඕනේ...

:       96       221

Aluthgama A. Samathasena. Friday, 16 March 2018 12:38 PM

අනේ, වයස 14,16, කියන්නේ හුරතල් ළමා කාලේ නේද? උතුම් වූ චීවරය දැරීමට පින් සහිතව උපන් උන්වහන්සේලා පයින් යා නොහැකි දුර මෙහෙම වඩින්න ඇති. චීවරය දරාගෙන ශාසනය වෙනුවෙන් කැප වුනත්, මේත් මනුෂ්‍යයින්. තමන්ගේ සම වයස් වල ළමයින් ලොකු ලොකු වාහනවල යනකොට, මෙවැනි පුංචි හාමුදුරුවන්ට මොන තරම් දේ සිතෙනවා ඇතිද? ශාසනික බැඳීම් හා මානුෂීය හැඟීම්, පුංචි හිත්වල කොතරම් පොර බදනවා ඇතිද? මව්පියන් ආදීන්ගෙන් වෙන්වී මේ වයසේදී චීවරයක් දරාගෙන සිටින දුෂ්කර ක්‍රියාවම පමණක් මොනතරම් අසීරු උතුම් දෙයක්ද ? එයම පමණක් උන්වන්සේලා වන්දනාමානයට ප්‍රමාණවත් නොවේද? මේක අපූරු රටක්. සමහරුන්ගේ කරුණාව කියන දේ ගෑවිලාවත් නැත. මේ පුංචි හාමුදුරුවන්ගේ මව්පියන්ගේ හිත් මේ ආරංචියෙන් කොපමණ ගිනි ගන්නවා ඇතිද?

:       52       164

perera Saturday, 17 March 2018 01:13 AM

අවුරුදු 16 හුරතල්ද? නැත්ද? දන්නේ නැහැ. ජාතිවාදය අවුස්සලා 3 දෙනෙක්ගේ මරණවලට මූලික වුණු අවුරුදු 16 කොල්ලත් එහෙම වෙන්නැති.

:       133       0

මානෙත් Saturday, 17 March 2018 10:52 AM

පෙරේරා කියන්නේ පෘතුගීසි නමක් නේද?

:       0       133

thamindu dulvan Friday, 16 March 2018 01:19 PM

දුර්ලබ අපවත්වීමක්. අපි කතා කල යුතු දේවල් නෙමෙයි මේ සමහරු කරලා තියෙන්නේ.මේ ලාබාල හිමිනමගේ ජීවිතය මේ තරම් කෙටි වුන එක ගැන අපේ බලවත් සංවේගය. උන් වහන්සේට නිවන් සුව අත් වේවා. .

:       3       116

rocky Friday, 16 March 2018 01:40 PM

අද දවසේ හැටියට හාමුදුරුවරු කසාද බැන්දත් කමක් නැහැ කියලා තවත් කවුරු හරි බෞද්ධයෙක් කියාවි! බමුණුආරච්චිගේ කතාව ගැන මම මුළුමනින්ම එකඟ වෙනවා! දැන් කාලේ බුද්ධපුත්‍රයින් හැටියට තමන්වම හඳුන්වා ගන්න ඇතැම් හාමුදුරුවරු ඇත්ත වශයෙන්ම බෞද්ධයින්ද කියලත් සැක හිතෙනවා. ඇත්ත කියපුවාම බොහොම අමාරුයි!

:       1037       262

Kamal Friday, 16 March 2018 01:53 PM

අඩු වයසෙන් දරුවන් මහණ කරවීම සුදුසු නැහැ කියලයි මට හිතෙන්නේ...

:       207       44

එම්. විජිත හිමි Friday, 16 March 2018 03:29 PM

බුදු දහමේ විනයට අනුව මෝටර්රථ පැදීම තහනම් නෑ. හාමුදුරුවන් යනුද දෙමාපියන්ගේ දරුවන්... අහසින් පහළවුණු අය නෙමේ. ළමා හැඟීමට හෝ හදිසි අවශ්‍යතාවකට එම ගමන යන්න ඇති. එදා සුනාමි ආපු වෙලාවේ හාමුදුරුවරු, වාහනවල රෝගීන් හා මලමිනී පවා එළවාගෙන අරන් ගියා. එදා හොඳයි කියපු අය අද සමහරක් ලියන දේ දැක්කම මනුෂ්‍යයත්වය පිරිහුණු තරම පේනවා.

:       519       854

SamanSaturday, 17 March 2018 01:45 AM

මෝටර් කාර් ඉතිහාසයට අනුව, පළමු මෝටර් රථය නිපදවූවේ 1885/1886 කාලයේ.. ඉතින් කොහොමද "බුදු දහමේ විනයට අනුව මෝටර්රථ පැදීම තහනම් නෑ" කියන්නෙ? මෝටර් රථ ගැන විනය ශික්ෂාපදයක් තියෙනවද?

:       38       0

උපේක්ෂා Saturday, 17 March 2018 09:07 AM

සමන් මහත්මා එය අයත් වන්නේ ඛුද්දානුඛුද්දක ශික්ෂාපදවලටයි. ඒ කියන්නේ කාලානුරූපව ඒ ඒ පළාත්වල රටවල්වල ඉන්න සංඝයාගේ සම්මුතියෙන් වෙනස්කරනු ලබන ශික්ෂාපද වලටයි. ඇමෙරිකාවේ කැනඩාවේ සහ තවත් රටවල ඒ සම්මුතිය ක්‍රියාත්මකයි.

:       2       207

Uppsala mama Friday, 16 March 2018 11:24 PM

පන්සලේ ලොකු හාමුදුරුවෝ මේ ගැන කිසි කතාවක් නැහැනේ...

:       0       0

Bamunuarachchi Saturday, 17 March 2018 12:25 AM

බුදුදහමේ පැවැත්මට විනය පිටකය කියා දෙයක් තිබෙනවා. එයින් පිට යනවා නම් එය බුද්ධ ශාසනයේ විනාශයයි. බුද්ධ ශාසනයට ලොකු විනාශයක් සිදුවන්නේ අන්‍ය ආගමිකයිගෙන් නොව බෞද්ධයින් යැයි කියා ගන්න‍ා අයගෙන්මයි. සුභද්‍ර හිමියන්ගේ අභද්‍ර වචන අසා පළමු සංගායනාව කළා නම් මෝටර්සයිකල් පදින හාමුදුරුවන්ට ශාසනය රකින දෙවිවරුන් නියම දඬුවම දීම පුදුමයක් නොවේ. බුදුන්වහන්සේගේ කාලයේත් ගම් දනව් වල බණට වැඩියෙත් පාගමනින් බව දහම් පාසල්වල අන්‍ය අාගකමිකයින්ගෙන් බුදුදහම ඉගෙනගන්නා බෞද්ධයින් උගන්වා නැතිබව පෙනේ.

:       265       56

Pubudhu Saturday, 17 March 2018 01:51 AM

ලංකාවෙ හාමුදුරු කෙනෙක් ඇමෙරිකාවෙදි රෑට කනවා දැකල ඇහුව මේක කැපද කියලා.. ඉතින් කිව්වා "ස්නැක් එකක් ගත්තට කමක් නෑ" කියලා. විනය පිටකයේ එහෙම ඇති, නැත්නම් කියයියැ...

:       0       13

rocky Saturday, 17 March 2018 04:30 AM

හාමුදුරුවනේ, ඔබවහන්සේලාට ඕනෑ විදිහට බුද්ධ ධර්මය නවීකරණය කරන්න අවසර නැහැ. ඔය සුපිරි හාමුදුරුවරු ගිහියන්ට සුදුසු දේවල් පමණක් කරන්න පටන් ගත්තට පස්සේ සාසනේට වෙච්ච හානිය අප්‍රමාණයි. දැන් ධර්මය, ඉගෙන ගන්නේ හාමුදුරුවරුන්ගෙන් කීයෙන් කී දෙනාද? පාලි ගැන කිසිම දැනුමක් නැහැ. දේශපාලකයින්ට පන්දම් අල්ලගෙන, ගිහියන් හීනෙන්වත් නොලබන සැප සම්පත් භුක්ති විඳින උන්නාන්සේලා දැන් කොපමණ ඉන්නවද? බණ දේශනාවලට සුපිරි ගණන් මුදල් අයකරමින් සුපිරි උපාසක අම්මලා පිරිවරාගෙන වැජඹෙන දුස්සීලයෝ කොතෙක්ද? අද සිවුර කියන්නේ සියලු පව්, තක්කඩිකම් වසා ගන්න පිරුවටයක් වගෙයි සමහරුන්ට. හොර චීවරධාරීන් එලවා දමා ශාසන සුද්ධියක් ඇතිකළ යුතුයි. එහෙත් එයට විරෝධය එල්ල වන්නේත් හොරුන්ගෙන්මයි. ඔබතුමාටත් බයිසිකල් පදින්නේ නැතුව ඉන්න බැරිනම් සාසනේට අවමන් නොකර නම්බු පිටින් සිවුරු හරින්න! පොඩි ළමයින් මහණ කිරීම නීතියෙන් තහනම් කල යුතුයි!

:       421       15

ධම්මිකා වන්නිආරච්චි Saturday, 17 March 2018 09:00 AM

රොකී, හාමුදුරුවන්ගේ විනය ගැන තීරණ ගන්න පුළුවන් හාමුදුරුවන්ටයි. විනය පිටකය අනුව ළමයින් මහණ කිරීම බුදුහාමුදුරුවෝ අනුදැන වදාලා. පාරාජිකා හතර හැර අනිත් නීති කාලානුරූපව වෙනස් කරගන්න පුළුවන් සංඝ සම්මුතියෙන්. මසකට වරක් දෙවරක් හෝ සිදුවන ප්‍රාතිමොක්ඛ දේශනාවේදී එබඳු තීරණ ගන්නවා. උදාහරණයක් ලෙස ඇමෙරිකාව වගේ බටහිර රටක පන්සලේ දායකයින් අලුතින් වැඩි හිමිනමකට මුලින්ම කියන දෙයක් තමයි රියදුරු බලපත්‍රය ලබා ගන්න කියන එක. ශාසනය බිහිවී මුල් වසර කීපය තුල භික්ෂුන් රාත්‍රී ආහාරයද ගත්තා. වෙනත් සමාජීය ගැටළු නිසා බුදුහාමුදුරුවෝ එය නතර කළා. එහෙත් එය සිදු කළේ ඉන්දියානු සමාජ පසුබිම මතයි. බටහිර සීත රටවල ස්නැක් එකක් ගැනීම ඒ රටවල වැඩ සිටින සංඝයාගේ සම්මුතිය මත සිදුවන දෙයක්. සමහරු මේකේ මෝඩ තර්ක දානවා ඔහොම ගිහින් විවාහ වෙන්නත් ඉල්ලයි කියලා. එහෙම වෙන්නේ නෑ.. එය පරාජිකාවලට අයත් වෙන නිසා. තමන් නොදන්නා භික්ෂු විනය ගැන කතා නොකර මෝඩ කම නොපෙන්වා මෝඩ ප්‍රතිචාර නොදා ඉන්න. ධර්මයයි විනයයි කියන්නේ දෙකක්. විනය පිටකය හාමුදුරුවන්ට. ගිහි අපට පන්සිල් අටසිල්....

:       270       1134

නදීශ පෙරේරා මහරගමSaturday, 17 March 2018 10:27 AM

බොහොම ස්‍තුතියි ධම්මිකා ඔබේ පැහැදිලි කිරීමට. බෞද්ධයෙක් වන මම නොදැන සිටි බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ අපවත් වූ පුංචි හාමුදුරුවන්ට නිවන් සුව!

:       3       229

BamunuarachchiSaturday, 17 March 2018 11:20 AM

ඇමරිකාවට එන හාමුදුරුවරුන්ට කසාද බඳින්න කිව්වොත් හොඳට හිටීවි නේද? රොකී, ධම්මිකා කියන විදිහට රටේ හැටියට බුද්ධාගම වෙනස් විය යුතුයි. ඇෆ්ගනිස්තානයට ඕනේ විදිහට බුද්ධාගම වෙනස් වුනේ නැත. කොහොමත් මෙවන් මතධාරීන් සිටින මේ රටේ බුද්ධාගම වැඩිකල් පවතින්නේ නැත.

:       535       0

ගුණවර්ධනSaturday, 17 March 2018 02:26 PM

ඇමරිකාව වගේ රටවල තියෙන්නේ ථේරවාදී බුදු දහම නෙවෙයිනේ.. එහෙම රට රටවල තියෙන දේවල් ආදේශ කර ගන්න ගියොත් ලංකාවෙත් බුදුදහම කියලා දෙයක් ඉතුරු වෙන එකක් නැහැ. බුදු දහම උපන් රටෙනුත් බුදු දහම තුරන් වෙලා යද්දි ලංකාවේ විතරයි ඒ නිර්මල ථේරවාදී බුදු දහම ආරක්ෂා වෙලා තිබුණේ ..

:       319       165

නිර්මාල් බුද්ධදාසSaturday, 17 March 2018 03:50 PM

බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට. ඔබට පිං.

:       0       60

ගුණවර්ධන Saturday, 17 March 2018 04:44 PM

බොහොම පිං පැහැදිලි කළාට. ලංකාවේ බෞද්ධයන් සමහරු පංසිල් රකින්නේ නෑ. හැබැයි දේශන ඇදබානවා හාමුදුරුවන්ගේ සීලය ගැන.

:       1       93

BamunuarachchiWednesday, 21 March 2018 07:49 AM

ගුනවර්දන කාගෙවත් පන්සිල් ගැන කම්පා වෙන්න එපා අපේ මෙතන කතා කොරන්නේ බුදුදහමේ පැවැත්ම ගැන අපි කොපමණ උන්නන්දුද කියලා. පළමු සංගායනාව කලේ බුදුන් දේශනාකළ විනය රැකගන්නයි. අතර්ජාලයට ගොස් first buddhist council සම්බන්දව තිබෙන දීර්ග ලිපිය කියවන්න එවිට ඔබට තේරේවි ආනන්ද තෙරුන් කටපාඩමින් කල විනය පිටකය ග්‍රන්තාරූඩ කල හැටි. විනය කියනදේ ආගමේ, පාලනයේ, මෙකී නොකී හැමදේම පැවැත්මයි. කිවයුතුදේ බොහොමයි නමුත් කියලා වැඩක් නැතිබව පෙනෙනවා.

:       0       0

Aluthgama A. Samathasena. Saturday, 17 March 2018 08:18 AM

බමුණුආරච්චි මහතා සහ අනෙක් අයගේ හදවත් තුළ කැකෑරෙන අදහස් සත්‍ය ඒවා. ඒ උදවියට එම අදහස් එන්නේ සැබෑ පිළිවෙත් අගය කරන නිසා. ඇත්තටම සමහර හාමුදුරුවන්ගේ පෙර කී සියලුම අඩුපාඩු තියෙනවා. සමහර දෙනාගේ ශීලය විතරමයි නැත්තේ. මාත් ඒ බව හොඳින්ම දන්නවා. මේ සිද්ධියේදී අනුකම්පාව ඇති වුනත්, හාමුදුරුවෝ බයිසිකල් පැදීම, වාහන පැදවීම හොඳ දෙයක් නම් නොවෙයි. බුදු හාමුදුරුවෝ සෘද්ධි බලය තිබියදීත් ගව් ගණන් දුර පා ගමනින් වැඩමකළා.

:       801       415

asad Saturday, 17 March 2018 01:44 PM

අපවත් වී ඇති පොඩි හාමුදුරු දෙනමට නිවන් සුව... අදහස් කියෙව්වා. මම මුස්ලිම්. නමුත් යමක් කියන්න ඕනේ කියල හිතුණා. මෙතන වෙලා තියෙන්නේ පොඩි වයසට කළ දඟකාර කමක්... මේ වයසට ලයිසන් නැතුව ඇති. වරදක් සිදුවී ඇති බව පැහැදිලියි. නමුත් විවේචන එල්ල කරන්න එපා. පැවිද්දන් ලෙස දකින්න පෙර ඒ ඇත්තන් මනුෂ්‍යයින් ලෙස දකින්න. මෙතන බොහෝ අදහස් දක්වලා තියෙන්නේ සමහර චීවරධාරින්ගේ ක්‍රියාකලාප නිසා සිත්තැවුලට පත් පිරිසක් බව හැබෑව. නමුත් සුළු පිරිසකගේ හැසිරීම මත සමස්තය දිහා නොබලන්න. යමෙක් කළ ක්‍රියාවක් නිසා සමස්තයම වැරදියි කියල‍ා දකින එක දැන් විලාසිතාවක් වෙලා. අන් අයට ඇඟිල්ල දික් කරන්න පෙර තමන් හඳුනාගත්තා නම් සියලුම ආගම රැකෙයි කියලයි මගේ අදහස...

:       0       53

upasnena Sunday, 18 March 2018 11:17 AM

හාමුදුරුවන්ට බයිසිකල් පදින්න එපා කියලා විනය පිටකයේ සඳහන්වෙලා තිබෙනවාද? කරුණාකර කියන්න.

:       1       0

Bamunuarachchi Wednesday, 21 March 2018 07:40 AM

වන්නිආරච්චි පළමු සංගායනාව කලේ ඇයි කියා පැහැදිලි කොරන්න ඔබට බැරිනම් මම කරන්නම්. බුදුන්වහන්සේ පරිනිවන් පෑ විගසම සුබද්‍ර නම් බික්ෂුව කීවා අපට තවදුරටත් විනය නීති දමන්නට කෙනෙකු නැත දැන් අපිට උවමනා විදිහට විනය වෙනස් කරගමු කියල. එය අසුන ආනන්ද හාමුදුරුවෝ පළමු සංගායනාව කල බුදුන් දේශනාකළ විනය රැක ගන්න.

:       0       0

Nandarathana Thero Tuesday, 08 May 2018 09:45 AM

අපවත් වී වදාළ ස්වාමීන් වහන්සේට සසරෙහි බියකරු බව පසක් වී උතුම් නිවන් අවබෝධ වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 6 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 200 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 30 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 675 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 190 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 226 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site