(සුමතිපාල දීයගහගේ)
යක්කලමුල්ල ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුර වෙනුවට අහංගම ප්‍රදේශයේ මිය ගිය පුද්ගලයකුගේ මළසිරුරක් යක්කලමුල්ලේ මිය ගිය පුද්ගලයගේ නිවසට මල් ශාලාවෙන් රැගෙන යෑම නිසා එම මළසිරුර අයිතිකරුවන්ගේ ඥාතීන් දැඩි අපහසුවට පත්ව ඇත.
ඊයේ (18) අහංගම මැලියගොඩ ප්‍රදේශයේ හැට පස් හැවිරිදි පුද්ගලයෙකු මිය ගිය පසු මොහුගේ මළසිරුර සකස් කිරිමට වැලිගම ප්‍රදේශයේ මල් ශාලාවකට භාරදී තිබේ. එම අවස්ථාවේ එම මල් ශාලාවේ සකස් කිරිමට තවත් මළසිරුරු දෙකක් තිබී ඇත.
ඊටපසුව එක් මළසිරුරක් සකස් කළ මල් ශාලාවේ සේවකයින් එම මළසිරුර යක්කලමුල්ලේ එකක් බව අවමංගල රථයේ රියදුරුට පවසා එය යක්කලමුල්ලට ගෙන යන ලෙද දැනුම්දී තිබේ. ඒ අනුව මෙම මළසිරුර රැගත් පෙට්ටිය අවමංගල්‍ය රථයෙන් යක්කලමුල්ල ප්‍රදේශයට ගෙන ගොස් මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඩ මැද නිවසේ සාලයේ තබා විවෘත කර ඇත. එවිට මළසිරුර දුටු නිවැසියන් දැඩි ලෙස කලබලයට පත්ව මෙය තම ඥාතියාගේ මළසිරුර නොවන බව අවමංගල්‍ය රථ රියදුරුට දන්වා තිබේ.
ඊටපසු සිරුර රැගත් පෙට්ටිය නැවත මල්ශාලාවට ගෙන ගොස් නියම මළසිරුර යක්කලමුල්ලට ගෙන ගොස් භාරදී ඇත. මේ අතර අහංගම පුද්ගලයාගේ මළසිරුර යක්කලමුල්ලට ගෙන ගොස් විශාල රවුමක් ගසා අද (19) අලුයම අහංගම මැලියගොඩ නිවස වෙත ගෙනවිත් තිබේ.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මළසිරුර මාරු වී අලි ජරමරයක්
tommy Monday, 19 March 2018 12:18 PM
මෙය දැන් කාලේ කා අතිනුත් සිදුවිය හැකි වරදක්...
rocky Wednesday, 21 March 2018 02:05 PM
ඔව්.., අනේ. ගණන් ගන්න දෙයක් නෙමෙයි. මැරුණට පස්සේ අපි කවුරුත් සමානයි නේ!