IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප

(මනෝප‍්‍රිය ගුණසේකර)
 
හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 ½ කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවු ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා  අද(28) ඇප නියම කළේය.
 

රුපියල් ලක්‍ෂ 10ක මුදල් හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකු බැගින් වන ශරීර ඇප මත සැකකාර මොහොමඩ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව ඔහුට විදේශ ගතවීම තහනම් කරමින් කොන්දේසියක්ද පැනවීය.
 
ඇපකරුවන්ගෙන් එක් අයෙකු ලඟම ඥාතියකු විය යුතු බව නියම කළ විනිසුරුවරයා ඇප තැබීමෙන් අනතුරුව මසකට දෙවරක් රහස් පොලිසියේ පෙනී සිටීමේ ඇප කොන්දේසියක්ද පැනවීය.
 
මුදල් විශූද්ධීකරණ පනත යටතේ වන මෙම සිද්ධියට අදාළව වසර 3 ½  කට අධික කාලයක් රිමාන්ඩ්  බාරයේ පසුවන මොහොමඞ්  මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා මුදාහැරීමට නියම කරන්නැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ යු.ආර්. ද සිල්වා මහතා කළ ඉල්ලීමක් සළකා බැලූ විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමට නියම කළේය.
 
2014 වසරේ ජනවාරී මාසයේ සිට 2014 වසරේ මැයි මාසය දක්වා වු කාලය තුළ හෙරොයින් ජාවාරම් කිරීමෙන් නිතීවිරෝධී ආකාරයෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් මුදල් විශූද්ධීකරණ පනත යටතේ වසර 3 ½ කට අධික කාලයක් මොහොමඞ්  මකීන් මොහොමඞ් සිද්ධික් නමැත්තා රිමාන්ඞ් බාරයේ පසුවිය.
 
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ පසුවන තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සමඟ පෙනී සිටි ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.


සිද්ධික් නමැත්තාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ ඇප ඇයැදුම්පතේ වගඋත්තරකාර නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්‍යෂ්ඨ රජයේ නීතීඥ ශ‍්‍රමින්ද වික‍්‍රම මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම සැකකරු හෙරොයින් ජාවාරම කිරීම සම්බන්ධයෙන් වු සිද්ධියක සැකකරුවකු යැයි පැවසීය.
 
දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා සැකකරු කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට නියම කළේය.
 
සිද්ධික් නමැත්තා වෙනුවෙන් නීතීඥ ලක්‍ෂමන් පෙරේරා මහතා සහ නීතීඥ චින්තක කරුණානායක මහතා සමඟ ජනාධිපති නීතීඥ යුගආර්ග ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (18)

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙක්ට ඇප

ruby Monday, 28 January 2019 11:56 AM

අල්ලස් ගන්න ඇති...

:       1       138

Raveendra Monday, 28 January 2019 11:58 AM

තම තමන්ගේ හිත හොඳින් දන්නවා... අපි මේ කරන්නේ අපගේ අනාගත පරපුර වෙනුවෙන් හොඳක්ද නරකක්ද යන්න... අප සියලුම අපගේ අවසාන මොහොත වනවිට අප කළ පව් මෙනෙහිකරමින් පසුතැවිලි වන්නේය. මෙය ලක්ෂෙට කොඩිය දාපු පාදඩයින්ට මෙන්ම අහිංසක මිනිසාටද පොදුය. සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක වචන කීපයක් ලිවීමට සිතුණි. හිටියොත් හොඳට හැදී... දෙවියොත් "නමට " වඳී...

:       0       155

Lal Monday, 28 January 2019 12:09 PM

මහාපරිමාණ කුඩුජාවාරම් කරුවකුට ඇප.. කුඩු ග්‍රෑම් 2ක් ලඟ තබාගත්තොත් මරණීය දණ්ඩනය... මාරයිනේ..

:       1       183

ruwanMonday, 28 January 2019 12:54 PM

ඇපදීලා තමයි නඩුව කතාකරන්නෙත්, දඬුවම දෙන්නෙත් අවුරුදු ගානක් ඇතුලේ තියන් මහජන මුදලින් මේ අයට කන්න දෙන්නයැ?...

:       25       4

nihal c k Monday, 28 January 2019 02:54 PM

සෑමදාම නඩු අහන උසාවි ඇතිකරලා තියෙන්නේ ඔය කුඩු නඩු විභාගකරන්න පුළුවන්නේ...

:       0       129

sandy123 Monday, 28 January 2019 12:59 PM

මෙයින් පැහැදිලි වන්නේ රන්ජන් රාමනායකගේ තර්කය හරි බව නොවේද? ඔහුට විරුද්ධව අදහස් පල කළ අයට යම් මතක් කිරීමක් පමණයි. මේ රටේ හොරකමක් හෝ අවැඩක් කර බේරෙන්න නම් කරන ඕනෙම දෙයක් මහා පරිමාණයෙන් කළ යුතුවග නැවත නැවතත් මතක් කර දීමක්...

:       0       160

LalTuesday, 29 January 2019 01:52 AM

රන්ජන් රාමනායකගේ මහාතාගේ තර්කය 100% හරි.නීතීය බල්ලට ගිහිල්ලද?බල්ලෝ .... .....?

:       0       48

kumarage Monday, 28 January 2019 01:30 PM

රටේ ප්‍රධාන පුරවැසියා කතා කරන්නේ කටින්ද? නැත්නම් කොහෙන්ද? කෝටි කීයක් දෙන්න ඇද්ද එළියට එන්න.. මෙහෙමත් රටක්..

:       0       77

ගල්කටස් Monday, 28 January 2019 02:22 PM

ජනාධිපති මෙහෙ සම්මාන දෙනවා අධිකරණය මහ පරිමාණ කුඩ්ඩන්ට අැපදෙනවා (කෝටි 52) මට නම් තේරුම් ගන්න බැහැ. මෙහෙම සැලසුම් සහගත වැඩ කරන්නේ කවුද කියලා රට නම් යන්නේ අගාධයකටම තමයි. පාවා නොදිය යුතු වූවන්ට මෙලෙස අැප නියම කිරීම විහිළුවකි... දැන්නම් තෙවන අරගලයකට පාර කපන හැඩයි...

:       0       198

nihal c k Monday, 28 January 2019 02:53 PM

ජනාධිපතිතුමා එකතැනක කුඩු ඇල්ලු නිලධාරීන්ට සහතිකපත් ප්‍රදානය කරනවා.. තව තැනක මහා මත්කුඩු ව්‍යාපාරයෙකුට ඇප ලැබෙනවා..

:       0       61

රංගනී ගමගේ Monday, 28 January 2019 04:12 PM

ඇප දීම රීතිය වේ ඇප ප්‍රතික්ෂේප කිරීම ව්‍යතිරේකය වේ. සාධාරණ සැකයෙන් ඔබ්බට පැමිණිල්ල ඔප්පු කරන තුරු ඕනෑම සැකකරුවකු නිර්දෝෂිය. එය පූර්ව නිගමනයක් වගේම සැකකරුවකුට ඇති ව්‍යවස්ථාමය අයිතියකි. එසේ බලන කල විනිසුරු තුමා නිර්භයව රාජකාරිය කර ඇත. රංගනී ගමගේ මහනුවර.

:       1093       317

RaveendraTuesday, 29 January 2019 02:16 AM

ඔබගේ අදහස් අප අගය කරන්නෙමු. නමුත් නීතියේ යම් වෙනසක් කළයුතු යයි ඔබට නොහැගේ ද? විශේෂයෙන් කුඩු කාරයන් සම්බන්ද නීතිමය කටයුතුවලදී. එම තත්ත්වය ඔබේ මෙන්ම අපගේ මාතෘභූමියට ඇතිවීමට ඉඩදිය හැකිද? ඔබේ, මගේ අපේ දරුවන් මේ විනාශකාරී උවදුරෙන් බේරා ගැනීමට මෙවන් වැරදිවලට සුළුවෙන් හෝ සම්බන්ද මොකාද ඒකාට කිසිදු උදව්වක් වත් කලයුතු නැත යන්න අප තදින්ම විස්වාස කරන්නෙමු. අවාසනාවකට " සුදු කෝට් ඇදගත්ත පාදඩයන් " මුදල් වෙනුවෙන් ඕනෑම කුප්ප වැඩක් කිරීමට සැදීපැහැදී සිටීම මොන තරම් අවාසනාවක් ද ? මුදල් වෙනුවෙන් බුරුවා මනුස්‍යා කීමටත් මනුස්‍යා බුරුවා කීමටත් ලජ්ජා නැති සුදු කෝට් කාරයන්ගේ ගොන් තර්ක දෙස අවංකව බැලීමෙන් ඒ වා හොදින් පැහැදිලිවේ. අමතක නොකරන්න මේ සුදු කෝට් කාරයන් මේ උදව් කරන්නේ මගේ අපේ අනාගත පරපුර වෙනුවෙන් කෙරෙන භයානක ආයෝජනයකි.

:       0       121

sandy123Tuesday, 29 January 2019 07:11 AM

ඔබගේ අදහසේ මුලික අරුතට මමත් එකග වෙමි. ඕනෑම සැකකරුවෙක්පු වරදකරුවෙක් වන තුරු නිර්දෝෂී පුද්ගලයෙක් බව කව්රුත් පිළිගන්නා සත්‍යයක්. කෙසේ වෙතත් මුදල් වලට ගිජු, කෑදර නීතියේ දේවතාවන් ඕනෑම වැඩකට කෙස් පැලෙන තර්ක විතර්ක ගෙන හැර පාමින් ඒ අය වෙනුවෙන් පෙනී හිටින වග ඔබ නොදන්නවාද? ඔබ පිලි නොගන්නවාද? සමාජයම සහ මතු පරම්පරාවත් අංගවිකල කරන මෙවන් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට අසු කිරීම ඔබ, මගේ, අප සැමගේ පරම පවිත්‍ර යුතුකමක්. එමනිසා රවීන්ද්‍ර පැවසු පරිදි අවශ්‍ය වෙනස් කම් කර නීතිය ශක්තිමත් කරන්න අපි අපේ ශක්තිය යෙදවිය යුතුයි. ඒ වගේම අමතක නොකරන්න මේ හා බැදුණු අනිකුත් දුරාචාර මේ නිසා ඔඩු දුවා හිස ඔසවන බව.

:       0       3

ratna P Monday, 28 January 2019 11:26 PM

වසර 3.5ක් හිරේ උන්නලු. මැලේසියාව වගේ රටක නම් මේ නඩුව මාස කීපයකින් ඉවර කරලා

:       1       71

රවින් Tuesday, 29 January 2019 02:33 AM

දැන් මෙයා ඇප අරගෙන ගෙදරට වෙලා සාධාරණ වෙළඳාමක් හෙම කරගෙන ඉදියි නේද? නීතියේ සාධාරණත්වයට ගරුකරන අතර මුළු සමාජ ජාලයම විනාශකරන මෙවැනි අයවලුන්ට නීතියේ පිහිට ලබාදීම සාධාරනිකරණය කරන්නන්ටනම් සෙතක් වියයුතු නැහැ.

:       0       45

KANDEPOLA Tuesday, 29 January 2019 04:51 AM

නීතිඥ සංගමයේ තනතුරු දරන ජ්‍යෙෂ්ඨ නීතිඥයින් මේ වගේ අපරාධකරුවන් නිදහස් කරගන්න මහන්සි වෙනවා කියන්නේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් නීතිඥයින් ඔවුන්ගේ යුතුකම් ඉෂ්ට කරන්නේ මේ ආකාරයට කියන එකද ? නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන නීතිඥයින් වෙලා මුදල් වලට කුඩු කාරයෝ නිදහස් කර ගන්න එක සදාචාරාත්මකද. දැන් කියයි නීතිඥයින්ගේ රාජකාරී ස්වභාවය ඒක තමයි කියලා.

:       0       124

indra Tuesday, 29 January 2019 06:04 AM

මත් ද්‍රව්‍ය නිවාරණ සතියට හොද ආදර්ශයක් ජනාධිපතිතුමනි, මේ ඔබගේ අවදානය පිණිසයි

:       0       53

sarath perth Tuesday, 29 January 2019 08:01 AM

දෙහි කැපුවා ඇප නූල් බැන්දා දැන් තොවිලය හමාරද? මෙහෙමත් රටක් .

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 259 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 272 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 293 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 571 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 484 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1989 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site