(නාලක සංජීව දහනායක)
මහවැලි ගඟ ඇතුළුව මෙරට ජලාශවල වැලි කැණීම නියාමනය කිරීම සදහා ජලාශවල වැලි කොපමණ ප්‍රමාණයක් තැන්පත්ව ඇතිදැයි සොයාගැනීමට භූ විද්‍යා හා පතල් කාර්යාංශය සමීක්ෂණයක් ආරම්භ කර ඇත.
මෙම සමීක්ෂණයෙන් හෙළිවන තොරතුරු අනුව ජලාශවල තැන්පත්ව තිබෙන වැලි ප්‍රමාණය, එම වැලි ලබාගත හැකි කාලසීමාව පිළිබද තොරතුරු ලබාගැනීමට හැකිවනු ඇතැයි භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල මහතා ලංකාදීපයට පැවැසීය.
ඒ අනුව එම තොරතුරු මත පදනම්ව ඉදිරියේදී වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන සභාපතිවරයා කීය.
එමෙන්ම මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබෙන ‘හරිතවැලි තොටුපළ’ සංඛල්පය අනුව වැලි කැණීමේදී නව තාක්ෂණය යොදාගැනීම තහනම් කර තිබෙන අතර වැලි කැණීමේදී ගං ඉවුරේ සිට මීටර් 20 ක දුරක් පැවැතීම අනිවාර්ය කර තිබෙන බවද සභාපතිවරයා කීය. මෙවැනි ක්‍රියා මගින් වැලි කැණිමේදී පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමට හැකි වනු ඇතැයිද ඉද්දවෙල මහතා සදහන් කළේය.
සාමාන්‍යයෙන් මෙරට වාර්ෂිකව වැලි කැණීම් බලපත්‍ර 5000ක් පමණ නිකුත් කරන බවත් ඉන් බලපත්‍ර 3300ක් පමණ ගංඟ හා ජලාශවලින් වැලි කැණීම සදහා නිකුත් කරන අතර අනෙක් බලපත්‍ර ගොඩ වැලි (පස් සොදා ) ලබාගන්නා වැලි කැණීම සදහා නිකුත් කරන බවද ඔහු කීය.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහවැලි ගඟ ඇතුළු ගංගාවන්හි වැලි කැනීම් නියාමනයට යයි
anura Sunday, 04 August 2019 01:33 PM
මෙච්චර කල් උඩ බලාගෙනද හිටියේ? හොර වැලි ජාවාරම්කාරයන් පරිසරයට කරන්න තියෙන හානි උපරිමයෙන් කරලා දැන් ඉවරයි...
චන්ද්‍ර සේන ගමගේ Sunday, 04 August 2019 02:53 PM
නියාමනයෙන් සමහර නිලධාරීන්ගේ ගිණුම් තරවෙනු ඇත. අපේ පළාත්වල සමහර නිලධාරීන් වැලිකාරයින්ගේ ඔඩොක්කුවල...
සෙනෙවි Sunday, 04 August 2019 03:18 PM
ජලාශ සහ වැව් තාවුළු වලින් වැලි කැණීමෙන් වැව් විනාශ වේ. වැව්වල කාන්දුව වළකන මඩ තට්ටුවට මේ ක්‍රියාව නිසා විනාශ වීමෙන් කාන්දුව වැඩිවී ජලය රඳවා ගැනීමට නොහැකි වනු ඇත. තවද වැලි ලබා ගැනීමට පස් සෝදා ඉතිරි වෙන අපද්‍රව්‍ය වැවට මුදාහැරීම නිසා වැවගොඩ වී යාමටද ඉඩ තිබේ. භූ විද්‍යා පතල් කාර්යාංශය දූෂිත නිලධාරීන්ගෙන් පිරී ඇති බැවින් අල්ලස් ලබාගෙන ජාවාරම්කරුවන්ට මෙම විනාශය කිරීමට ඉඩ ලබා දෙන බව පැහැදිලිය. එමනිසා මෙම පාහර ක්‍රියාවට විරුද්ධව ගොවි ජනතාව පාරට බැස සටන් කළ යුතුයි.
vernonMonday, 05 August 2019 03:17 AM
ඉතින් මහත්තයෝ ගොවියෝ කරන්නෙත් ධීවරයෝ කරන්නෙත් වැලි ගොඩ දාන අය කරන්නෙත් එකම දේනේ. රජයෙන් හරි රජවරු හරි හදපු වැවක් තමන්ගේ වගේ භුක්ති විඳින එකනේ. ගොවියන්ගේ රසායනික පෝරයි, වස විසයි සේරම එකතු වෙන්නේ වැවට. ධීවරයින්ගෙන් කියලත් වැඩි වෙනසක් නෑ. අනෙක ඔයා ගිහිල්ලා බලන්න ගම්මාන වල ඔය වැලි ගොඩ දාන්නෙ කවුද එයාලා ගොවි සංවිධානේ කවුද කියලා, එතකොට තේරේවි වැඩේ.