IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහවැලියෙන් පසු මෙරටට ලැබුණු ලොකුම ආයෝජනය අද අත්සන් කළා - මහින්ද සමරසිංහ


 මුදිතා දයනන්ද

මහින්ද රාජපක්ෂ පාලන කාලයේ චීන සමාගමක් සමග අත්සන් කරන්නට ගිය ගිවිසුමෙන් මහා භාණ්ඩාගාරයට සත පහක්වත් ලැබෙන්නේ නැහැ. එහෙත් අපි අත්සන් කළ මෙම ගිවසුම නිසා මහා භාණ්ඩාගාරයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.2ක් ලැබෙන අතර තවත් මිලියන හයසීයක් වරාය සංවර්ධනයට චීන සමාගම යොදවන්නටත් එකඟවී තිබෙනවා යැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (29) හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් චීන සමාගමක් සමග ගිවිසුමකට එළැඹෙමින් පැවැසීය. 
වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ දී මෙම ගිවිසුමට අත්සන් කළ අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වරාය හා නාවික කටයුතු අමත්‍යංශයේ ලේකම් එල්.පී. ජයම්පත් හා ශ්‍රී ලංකා වරාටය අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්වරු ද චීන සමාගම වෙනුවෙන් චයිනා මර්චන්ට් සමූහයේ විධායක උපසභාපති ආචාර්ය හූ ජියැංහුආ මහතා අත්සන් කරනු ලැබිය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, මෙම ගිවිසුමට අත්සන් තැබීමත් සමග මහවැලි සංවර්ධන ව්‍යාපෘතියෙන් පසු මෙරටට ලැබෙන විශාලම ආයෝජනය මෙය බවට පතවන බවත් කොළඹට සීමාවූ සංවර්ධනය මෙමගින් දකුණු පාළාතටද ගමන් කරන බවද පැවැසීය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර, උපායමාර්ගියක සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අමාත්‍ය සරත් අමුණුගම,නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (24)

මහවැලියෙන් පසු මෙරටට ලැබුණු ලොකුම ආයෝජනය අද අත්සන් කළා - මහින්ද සමරසිංහ

බණ්ඩාර(කැකිරාව) Saturday, 29 July 2017 07:25 PM

උදාර යහපාලන ආණ්ඩුවේ දේශීය සම්පත් / වස්තුන් විකිණීමේ සංකල්පය අද ලෝකයටම ඔප්පුකලා. රටට ආදරේ කරන මිනිස්සුන්ටනම් අද ශෝක දවසක් .ඊළගට සිංහරාජය වනාන්තරයත් විකිනීමට කෙටුම්පත් හදාවි, මේකනම් ලොව මවිතකල අරුම-පුදුම අපුරු වෙනසක්. අපේ මිනිස්සු 2015 ඉල්ලපු වෙනසනම් මුළු ලංකාවටම දැනෙන සුපිරි වෙනසක්ම තමයි .

:       887       1708

samantha Saturday, 29 July 2017 07:33 PM

ගේ හදන්න අපේ සීයා ගිනි පොලියට ණයක් ගත්ත. ඒ ණය ගෙවා ගන්න බැරිවුණු තැන පොලි මුදලාලිගේ කරදරෙන් බේරෙන්න බැරි උණු නිසා මුදලාලිට කැමති කෙනෙකුට කුලියට දීල මුදලාලිගේ ගාන බේරගන්න කියල අපි කිව්වා. අන්තිමේ මුදලාලි තුට්ටු දෙකට ගේ අපෙන් ලියාගත්තා බද්දට. බදුසල්ලිවලින් සියට අසුවක්ම නයට කපාගෙන ඉතිරි සියයට විස්ස අපට දුන්න. එඋනත් ගෙට මුරකාරයෝ දාල ගේ ආරක්ෂා කරලා දෙන්න ඕන අපිමයි. පොලි මුදලාලි ඒ වියදමෙන් සොච්චමක් අපට දෙනවා. කොහොම උනත් ලජ්ජාවෙන් බරෙන්න අපි ගේ ඉස්සරහ ලොකු බෝඩ් එකක් ගැහැව්වා " පොලි මුදලාලි අපේ ඉඩමේ ඇති විශාල ආයෝජනයක් කලා" කියල. නමුත් පොලි මුදලාලි ගේ විතරක් ගන්න බැහැ කියපු නිසා වත්තත් එක්කම ලියල දුන්න කියල ගමේ උන්ට කිව්වේ නැහැ. ඔන්න අපට වෙච්ච දේ. පොලිකරයටම බැනල වැඩක් තියනවද? ඇඟිල්ලේ කන්ද පුළුවන් ප්‍රමානෙට වඩා කෑවම ඉස්මුරුත්තාවට එනවා වගේ ගෙවාගන්න පුළුවන් ප්‍රමානෙට ණය නොගත්තු නිසා තමයි මේ වින්නැහිය උනේ කියලයි හැමෝම කියන්නේ. ණය ගත්තේ අපේ සීයා උනාට උනාද දැන් නැති නිසා පප්පට තමයි බලු බැනුම් අහන්න වෙලා තියෙන්නේ. පප්පගේත් වැරැද්ද, උන්ද සීයා නැති උණු දවසේ ඉඳල උන්ද සියටම බැන බැන බකන්නිලාගෙන උන්න.

:       1181       346

samanSunday, 30 July 2017 04:44 AM

සමන්ත, සීයා ඔච්චර විශාල මුදලක් වියදම් කරලා නම් හදලා තියෙන්නේ ඒ ගේ එක නිදන කාමරෙයි, කුස්සියයි, වැසිකිලියයි විතරක් වෙන්න බෑ. ගේ සම්බන්ධ කරගෙන තව මොනවා හරි ව්‍යාපාරයක් කරන්න හිතාගෙන හදපු ගෙයක් කියලයි හිතෙන්නේ. අඩුම ගානේ කාමර කීපයක් කුලියට දීලා හරි ආදායමක් ගන්න සැලසුම් කරලා තියනවා. අවුල තියෙන්නේ සීයා ගෙන් පස්සේ ගෙට උරුමකම් කියපු තාත්තගේ නොහැකියාව හින්දා නිවැරදි ආයෝජනයකට නොයා ණය ගෙවාගන්න බැරුව ගේ බැංකුවට සින්න වෙන්න යනවා. අද කාලෙත් ඉන්නවනේ දෙමව්පියෝ හම්බ කරපු දේ වැඩක් නොකර නිකන් ගෙදරට වෙලා ඉඳන් නාස්ති කරලා අන්තිමේට නැති වෙන පුත්තු. ඔයා ඔය කියන තාත්තත් ඒ වගේ කෙනෙක්. එ්කට සීයාට දොස් කියල වැඩක් නෑ..

:       14       95

RanilSunday, 30 July 2017 05:55 AM

සමන්ත, ඔයාට සීයාගේ මොලේම උපතින්ම ලැබිල තියෙනවා වගේ. වරායක් කියන්නේ පොඩි කඩයක් නෙමෙයි. නැගල එන්න කල් යනවා. වරායේ තියෙන්නේ ගල් කියපු ෆුල් සූට් ගහන් ඉන්න මහත්තයා දැන් ඒකෙ ගුණ කියනවා. ඔයාටත් සීයාගේ වයස කාලෙදිවත් මොලේ පෑදේවි කියල හිතනවා.

:       0       435

dias8 Sunday, 30 July 2017 12:08 AM

තවත් විදෙවිදේශ ආයෝආයෝජන ගෙගෙන රැකියා ඈති කරන්ඩ. ආණ්ඩුව පාලන ඇතිවතිව තීරන ගන්නවානම් නම් ජනජනතාව ඔබ සමගයි.

:       449       407

ජගත් ජේ එදිරිසිංහ - මෙල්බර්න් Sunday, 30 July 2017 02:53 AM

අර මනුස්සය හදපු එක විකුණන් කාල තව ලොකු කතාත් කියනව. ඔයාල මේ තුට්ටු දෙකට වික්කේ රටේ අනාගතය. පැරදිලා ගෙදර යවපු අයට ඇමතිකම් දුන්නහම මෙහෙම වෙනවා. ඔබ ගැන ඇත්තටම කනගාටුයි. ජගත් ජේ එදිරිසිංහ - මෙල්බර්න්

:       754       3104

ShanthaSunday, 30 July 2017 04:04 AM

ශ්‍රී ලංකාවේ අනාගතය ගැන මෙල්බර්න් සිට කම්පා වෙන වගයි..

:       679       514

mangala welarathnaSunday, 30 July 2017 05:42 AM

රට හැදුවට වඩා හම්බන්තොටින් රට වික්කා. කොළඹ හෝටලයට සින්නක්කරම දුන්න බව අමතක වෙන අය මතක තියා ගන්න... පාවා දුන්නේ ඒකාබද්ධයේ පිරිස තමයි කියලා.

:       1104       36

Nuski Sunday, 30 July 2017 04:47 AM

ඉන්න තැන වැදගත් නැහැ. කියන කතාවයි වැදගත්. ජගත් කියන කතාව හරියට හරි.

:       8       288

Senarath Sunday, 30 July 2017 03:48 AM

මේක කොහොමද ආයෝජනයක් වෙන්නේ ? මේකෙන් වෙන්නේ කොළඹ වරායට එන නැව් ටික හම්බන්තොට වරායට ගිහිල්ල කොළඹ වරායේ ආදායම අඩුවෙන එක. මේකේ අපිට තියෙන්නේ 15% ඉතිරි 85% යන්නේ චීනෙට . තමුන්ගේ රස්සාව බේරගන්න බොරුබෙගල් අදින්නේ නැතිව රටට හානියක් වෙන වෙලාවේදී ඇත්ත කතාකරන්න විජේදාස් රාජපක්ෂ මහතා වගේ.

:       4       362

SamanSunday, 30 July 2017 04:07 AM

කොලඹට බඩුගේන නැව් හම්බන්තොට යන්නෙ මොකටද ? එහේ බඩු බාල පාරෙන් ආපහු කොලඹ ගෙන්නද ?

:       195       174

samanSunday, 30 July 2017 04:53 AM

සමන්ත ඔයාගේ මහා ලොකු දැනුම ඕකෙන්ම පේනවා. නැවක් වරායකට එන්නේ බඩු බාන්න විතරක් නෙවේ. තමන්ට අවශ්‍ය සැපයුම් ලබාගැනීම ඇතුළු කාර්යන් රාශියකට. හෙට අනිද්දට තායිලන්තයේ ව්‍යාපෘතිය පටන් ගත්තට පස්සේ නැව් යන්නේ හම්බන්තොට වරාය අසලින්. එක ඉලක්ක කරගෙන සැපයුම් දෙන්න තමා චීන්නු තෙල් ටැංකි ටිකත් එක්ක වරාය ගත්තේ. හෙට අනිද්දට බලන්නකෝ කොහොමද හම්බන්තොටට නැව් එන්නේ කියලා. අපේ දේශපාලකයන්ගේ වගේ එදා වේල කන්න සල්ලි හොයාගන්න සැලසුම් නෙවේ.. තියෙන්නේ දීර්ඝ කාලින සැලසුම්...

:       0       126

ඝාමිණී Sunday, 30 July 2017 04:12 AM

වචනයේ අරුතෙන්ම මේ ඇමති පරගැතියෙක්.

:       82       1518

faito Sunday, 30 July 2017 04:34 AM

චීනයට ආර්ථික අර්බුදයක් අාවොත් ලංකාවට බලපෑම් වෙයි. චීනය දියුණුවෙන කොට ලංකාව දියුණු වෙන්නේ කෙහොමද? අපේ සල්ලිත් චීනයට යනවා. උදාහරණක් කියන්නම් ලංකාවට චීන සංචාරකයෝ 75% ක් ඇවිල්ලා ඉන්නේ චීනුන්ගේ හෝටල්වල කන්නේ... චීන මැණික් ගන්නේ චීන්නුන්ගේ රන්බඩු සාප්පුවල. අපේ අයට බබා හම්බුණාට පස්සේ තමයි තේරෙන්නේ...

:       0       0

Ashan Sunday, 30 July 2017 04:50 AM

ගිරව් වගේ කවුරුහරි කියන දේම කියවන්න එපා. මෙතන පෝට් සිටි, ඉඩම් සින්නක්කර ඩීල් නැහැ. කිසිම විකිණීමක් වෙලා නැහැ. කෝටි ගණන් මහජන මුදලින් ණය ගෙවන එක ඉතිරිකර ගැනීමක් විතරයි. ඕස්ට්‍රේලියාව පවා තමන්ගෙ වරායවල් බදු දීලා තියෙනවා. පහුගිය රජයේ සින්නක්කර ගිවිසුම් වගේ නැතුව වසර 99 කින්වත් මෙක ආපසු ලැබෙන එකට සතුටු වන්න.

:       120       0

Ranil Sunday, 30 July 2017 05:46 AM

මේ ඇමතිතුමා, ඔබතුමා මහින්ද මහත්තයා ඉන්න කාලේ පොල් කඩ කඩද හිටියේ? මට මතක හැටියට නම් මෙතුමා හිටපු ආණ්ඩුවේ ප්‍රබලම ඇමති කෙනෙක්. දැන් ඉතින් රටේ සම්පත් පාවා දීලා බොරුවට දොඩවනවා. අනේ මේ වගේ අයත් අපේ රටේ ඉපදුනානේ අපේම කරුමෙට...

:       0       112

sarath Sunday, 30 July 2017 06:46 AM

අපි ගොඩක් සිහින දකින්න ආස කරන නිසා ඇමතිතුමා අපිට ඉස්සර හිටපු විරෝදාර, දේශප්‍රේමී ඇමතිවරු කියපු පරිද්දෙන්ම සුරංගනා කතා කියනවා. ඉස්සර ඇමතිවරු කියපු කතා හරි වුනා නම් අද අපේ රට සුර පුරයක්. හැමදාමත් කලේ රට විකුණගෙන කාපු එක මිසක් වෙන දෙයක් නොවෙයි. නයිජීරියාව, සෝමාලියාව වගේ අපිත් මහා පව් කරලා තියෙනවා. මේ වගේ හොරකම් කරන අයවලුන් ටිකක් අපේ පාලනයට පත්කරගන්න. රටට කරන නොපනත් කම්වලට හෙන වදින කොට වදින්නේ පවුල් වලටත් එක්කයි ...

:       0       949

Appuhami Sunday, 30 July 2017 08:08 AM

අපේ රට දැන් විකුණලා ඉවරයි, කාලා ඉවරයි.

:       0       56

srimala Sunday, 30 July 2017 08:25 AM

පොළොන්නරුවේ වැලි රාජු සහ හාල් මෝල් හිමියන් රජකරේ යහපත් පුද්ගලයෙක් නිසා නේද?

:       0       162

චන්ද්‍රා Sunday, 30 July 2017 09:04 AM

මේ වරායෙන් මෙච්චරම පාඩු නම් චීන්නුන්ට පිස්සුද අපේ අතටත් අමෙරුකානු ඩොලර් බිලියන 1.2 දීලා තවත් මිලියන හයසීයක් ආයොජන කරන්න? මේ කියන ආර්ථික තර්ක තෙරෙන්නේ නැති නිසයි මෙහෙම අහන්නේ.

:       1       998

Nuwan Sunday, 30 July 2017 11:09 AM

මේ රජතුමා අනවශ්‍ය වරායක්, අනවශ්‍ය තැනක අනවශ්‍ය වෙලාවක හැදුවා. ශක්‍යතා වාර්තා නැතුව හිතුමතේට නම ගන්න. දැන් ඒක සුදු අලියෙක්... ඇත්ත කිව්වම ඕන තරම් බනින්න. නමුත් සරල ඇත්ත ඕකයි.

:       219       29

Asanka Sunday, 30 July 2017 11:13 AM

මිනිසුන්ට ජාතිකත්වයක් සහ පුරවැසිභාවයක් තියෙනවා. ඒත් ආයෝජනවලට, ව්‍යාපාරවලට දේශසීමා නැහැ. මේ වරාය ඉදිකරලා තියෙන්නේ හම්බන්තොට. කිසිවෙකුටත් එය එතැනින් ඉවත් කළ නොහැකියි. එහි අයිතිය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට. හම්බන්තොට වරායට අදාළ ව්‍යාපාර දේශසීමා තරණය කරමින්, ඉන්දීය සාගරය හරහා යුරෝපය ඇතුළු සමස්ත ලෝකය දක්වා ව්‍යාප්ත වේවි..!! චයිනා මර්චන්ට්ස් පෝට් හෝල්ඩිංස් සමාගම වෙනුවෙන් එහි උප සභාපති ආචාර්ය හූ ජියාන්හුවා මහතා කල කතාව මෙයයි.. පටු දේශපාලන කණ්ණාඩි ගලවලා බලන්න.

:       0       13

Rane Sunday, 30 July 2017 03:11 PM

ඇමතිතුමාගේ ගේ දොර, අරව මේවා ටික කාලෙකට චීනෙට බද්දට දුන්න නම් ලාභ නැද්ද ? නඩත්තු කරන එක අමාරු ඇති මයෙ හිතේ ..

:       0       0

Nimal Sunday, 30 July 2017 03:34 PM

චන්දෙට කලින් මහ කළු ගලක් යටවෙලා තියෙන වැඩකට නැති වරායක්... දැන් ලංකාවේ හොඳම ආයෝජනය වෙලා. යහපාලනයෙන් මේකට උත්තරයක් දෙන්න.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 10 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 39 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 135 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2566 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 205 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 264 2

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site