(ටෝනි කරුණානායක)
හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ‘ටගරා‘ සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළැයි කියන මහර බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (17) නියම කළේය.
හෙරොයින් ග්‍රෑම් 05 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ මහර බන්ධනාගාර නියාමක උඩුගම්පොළ ගොයිගම පදිංචි ඉෂාර ඉසාන් හෙට්ටිආරච්චි , දොරනාගොඩ පදිංචි කේ.එච්.සචින් රමේෂ් , කොරසේ පදිංචි කරුවන් වන දිනේෂ් රොෂාන් ප්‍රියදර්ශණ හෙවත් කොයියා සහ එන්.දනුෂ්ක ලක්මාල් යන සැකකරුවන් සිව්දෙනෙකුව මෙසේ නැවත රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
සැකකරුවන් සිව්දෙනා සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 13 යි මිලි ග්‍රෑම් 200 ක් තිබූ බවට පොලිසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
සැකකරුවන් සිව්දෙනාගේ බැංකු ගිණුම් සහ ජංගම දුරකථන විශ්ලේෂණ පරික්ෂා කරමින් වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව පැමිණිල්ල මෙහෙයවමින් වේයන්ගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක එච්.එන්.ඩබ්ලිව්.පද්මසිරි මහතා අධිකරණය හමුවේ පැවසීය.
සැකකාර බන්ධනාගාර නියාමකවරයාට අයත් බැංකු ගිණුම් සහ දේපල සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බව පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කළ අතර ඉන් අනතුරුව සැකකරුට විරුද්ධව මුදල් විසුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිකරණය හමුවේ නඩු පවරන බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහර බන්ධනාගාරයේ නියාමක ඇතුළු 04 ක් රිමාන්ඩ්
Ratna, Dubai Thursday, 17 September 2020 01:32 PM
තණ්හාව, ආශාව සිංහලයින් අතරින් යන්නේ නැත. මත්ද්‍රව්‍ය සඳහා දිනපතා අත්අඩංගුවට පත්වෙන්නන් අතරේ සියයට 99ක්ම සිංහලයින්ය..
prabha Thursday, 17 September 2020 03:36 PM
යන විදිහට බන්ධනාගාර කොමසාරිස්තුමා විතරක් එළියේ ඉතුරුවෙයි වගේ...