(තිළිණි ද සිල්වා)
ජූනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් වැඩිදුර සලකා බැලීම හෙට (20) පෙරවරු 10 .00 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
මෙම පෙත්සම් සලකා බැලීම අද (19) පස්වරු 3.00 ට දෙවැනි දිනයට අවසන් කරමිනි.
මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැඳවනු ලැබීය.
අද දින පෙත්සම්කාර සමගි ජන බලවේගය පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර , හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වැඩි කාලයක් එය යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බවය.
ඒ අනුව ඉකුත් මාර්තු මස 02 වැනි දා ජනාධිපතිවරයා විසින් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත ජුනි මස 02 වන දා ට පෙර රැස්විය යුතු බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියේය
එවැන අවස්ථාවක විසුරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යළි බලාත්මක තත්ත්වයට පත්වන බව ද මෙහිදී නීතිඥවරයා පෙන්වා දුන්නේය.
ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමි වන්නේ අප්‍රේල් මස 30 වනදා දක්වා පමණක් බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතා කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිඥ ප්‍රනාන්දු මහතා තර්ක කළේය.
ඒ අනුව අප්‍රේල් මස 30 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙටට කල් තැබිණි.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහමැතිවරණය පැවැත්වීමට එරෙහි පෙත්සම් හෙටට කල්යයි
gunda Tuesday, 19 May 2020 12:48 PM
බාලගිරි බත හෙට නෙවෙයි අනිද්දා.