IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මහපොළ කප්පාදු කර නැහැ - ප්‍රතිපාදන කොමිසම

විනීතා එම් ගමගේ
 
මහපොළ  හෝ ශිෂ්‍යාධාර සඳහා  සුදුසුකම් සපුරා ඇති සියලූම සිසුන්ට හිමි  එම ගෙවීම් කිසි ලෙසකින් කප්පාදු කර නැතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. 
 
මහපොල ශිෂ්‍යත්වය ලබමින් සිටින සිසුන් සඳහා ඉදිරි ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ වනවිට සියලූම විශ්ව විද්‍යාල වෙත ලබා දී ඇතැයි ද එම ශිෂ්‍යාධාරයට සුදුසුකම් ලබන නවක සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව වාරික ගෙවීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මේ මාසය ඇතුළත විශ්ව විද්‍යාල වෙත ලබා දීමට මහපොළ භාරකාර අරමුදල කටයුතු කර ඇතැයි ද එම කොමිෂන් සභාව කියයි. 
 
මොරටුව හා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවලට අලූතින්  බඳවාගත් සියලූ සිසුන්ට ශිෂ්‍යාධාර අත්තිකාරම් මේ වනවිටත් ගෙවා අවසන් කර ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය.
 
මේ අනුව දැනට අධ්‍යයන කටයුතු ආරම්භ කර නැති එහෙත් ඉදිරියේ දී අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට යෝජිත විශ්වවිද්‍යාලවල සිසුන් සඳහා අධ්‍යයන කටයුතු ආරම්භ කළ දින සිට මසක් ඇතුළත මහපොළ ශිෂ්‍යාධාර අත්තිකාරම් මුදල් ගෙවීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය. 



අදහස් (10)

මහපොළ කප්පාදු කර නැහැ - ප්‍රතිපාදන කොමිසම

මුණසිංහ Sunday, 04 March 2018 10:50 AM

යන්නේ කොහෙද? මල්ලේ පොල්! ඕක නෙවෙයි ගැටළුව... පසුගිය කාලේ වෛද්‍ය සිසුන්ගේ ආධාර මුදල් කෝ?

:       220       226

SanathSunday, 04 March 2018 12:02 PM

පාරවල් අවහිර කරගෙන සාමාන්‍ය ජන ජීවිතය අවුල්කරපු කාලකන්නින්ට සතයක්වත් දෙන්න එපා. පිටරටවල්වල ශිෂ්‍යත්ව වලට ගිහිල්ලා ඉගෙන ගන්න ළමයි ලංකාවට ඇවිල්ලා ගතකරන කාලසීමාවට සල්ලි ගෙවන්නෙත් නැහැ.

:       1149       1147

JayasingheSunday, 04 March 2018 01:10 PM

ඇයි මහපොළ පාරේ නැවතිලා ඉන්නේ?

:       0       19

naradha Sunday, 04 March 2018 12:26 PM

පසුගිය කාලේ වෛද්‍ය සිසුන් දේශනවලට සහභාගී නොවී මහපාරේ හිටයා නම්, ඒ අයට මහජන බදු මුදලින් මහපොල ශිෂ්‍යත්ව මුදල් දිය යුතු නැහැ.

:       1       289

sam Sunday, 04 March 2018 06:09 PM

ඕක නෙවේ නේ ප්‍රශ්නේ ! ප්‍රශ්නේ කව්රුහරි සල්ලි නාස්ති කරලා හරි හොරකම් කරලා හරි තියෙනවද කියන එක. එකට මොකද්ද උත්තරේ සහ සාක්ෂි ?

:       1       121

චරිත Sunday, 04 March 2018 09:31 PM

සනත් ප්‍රශ්නයක් හරිහැටි දුරදිග නොතේරෙන අය‍ට අනුව පහුගිය කාලෙ මහජනතාවට වෙච්ච පීඩාව තමා ලොකුම ප්‍රශ්නය.

:       0       4

ජනිත් Sunday, 04 March 2018 09:36 PM

දැක්කයින් දැක්කෙ නෑ මෙහෙම ආණ්ඩුවක්.

:       0       33

Asanka Monday, 05 March 2018 03:33 AM

ඔය සහනාධාර චින්තනේ නවත්වන තුරු අඩුමගානේ මතු පරම්පරවවත් දේශපාලකයින්ගේ හෙන්චයියල වෙන එක නවත්තන්න බැහැ. වෙන රටවල ළමයි ඉගනගන්න අතරේ සුළු රැකියා කරලා සල්ලි හොයාගන්නවා

:       0       15

wedage Monday, 05 March 2018 06:52 AM

වෙන වෙන හේතු සඳහන් කරලා නොගෙවා ඉන්නවා. එ්කයි මෙතන සිදුවෙලා තියෙන්නේ.. කොළඹ කැම්පස් එකේ ළමයින්ගේ පැමිණීමේ ලේඛනවල අත්සන් වෙනස් කියලා නොදී ඉන්නවා. කොළඹ කැම්පස් ළමයින් උද්ඝෝෂණ කළේ නෑනේ..

:       24       75

ගුණවර්ධන Monday, 05 March 2018 01:54 PM

මේ කතාව නම් ඇත්ත තමයි ..

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 161 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 327 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1451 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 220 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 428 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 376 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site