(ජේ.එල්.එල්. ජයසිංහ සහ චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද (07) නිකිණි පෝදින වීදි සංචාරය කරයි.
අද රාත්‍රි 7.53 ට යෙදෙන සුබ මොහොතින් දකුණ දිශාභිමුඛව දළදා මාලිගාවෙන් පිටත්වෙන පෙරහර දළදා වීදිය කන්දෙ වීදිය (හිල් වීදිය) ඩී.එස්. සේනානායක වීදිය යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඔස්සේ ගමන්ගෙන රජවීදියෙන් ඉහළට විත් ගෙවැදීමට නියමිතය.
ඉන් අනතුරුව හෙට (08) අලුයම 1.15 ට දකුණු දිශාමුඛව ශ්‍රී දන්තධාතු මන්දිරයෙහි පෙරහර සිවුදේවාල පෙරහරත් සමඟ පිටත්ව දළදා වීදිය ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගොස් දළදා කරඬුව ගෙඩිගේ විහාරයේ (ආදාහන මළුව) සිරිත් පරිදි එහි තැන්පත් කර සිවුදේවාලයන්හි පෙරහර ආපසු දේවාලවලට පැමිණ දේවපූජා පැවැත්වීමෙන් පසුව ගැටඹේ තොටට ගොස් දිය කැපීමේ මංගලෝත්සවය සිදුකොට ආපසු ගණදෙවි කෝවිලට පැමිණ දේව පූජා ඉටු කිරීමට නියමිතය.
ගැටඹේ තොටේ දියකැපීමෙන් අනතුරුව එහි රැස්ව සිටින සියලු දෙනාට මුළුතැන් බත් කිරිබත් ආදියෙන් සංග්‍රහයක් පවත්වනු ලැබේ.
දහවල් පෙරහර හෙට (08) දහවල් 12.40 ට ගණදෙවි කෝවිලෙන් පිටත්වී කටුකැලේ වීදිය, දළදා වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, කන්ද වීදිය, ඔස්සේ ඩී.ඇස්. සේනානායක වීදියේ මංසන්දියට පැමිණ පස්වරු 2.45ට උතුර දිශාභිමුඛව (ආදාහන මලුව) ගෙඩිගේ විහාරයෙන් පිටත්ව ශ්‍රී දන්තධාතු මන්දිරයේ පෙරහර කැටුව ඩී.ඇස්. සේනානායක වීදිය පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාලිගා චතුරශ්‍රයේ තෙවිටක් ප්රදක්ෂිණාකොට සවස 4.35ට උතුර බලා දළදා මාලිගාවට ගෙවදී.
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මහනුවර රන්දෝලි මහ පෙරහර අද