IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මහනුවර දිස්ත්‍රික්කයටම ඉන්නේ හීලෑ අලි 15 දෙනයි

( සටහන සහ ඡායාරූප - චමිල් රුපසිංහ)
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍ය සදහා අලි ඇතුන්ගේ හිඟය මකා ගැනීම සදහා සතර මහා දේවාල වල නිලමේ වරුන් සමඟ සාකච්ඡා කර ක්‍රියාමාර්ග ගත් බවත් මහනුවර ඇසළ පෙරහර සමයේදී රට තුළ වෙනත් පෙරහර නොමැති නිසා ප්‍රශ්නය විසඳාගත  හැකි වු බවත් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දැල මහතා පවසයි.

නිළමේ වරයා මෙසේ පැවසුයේ ඓතිහාසික ඇසළ මහා මංගල්‍ය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරිම සදහා අද (12) පස්වරුවේ දළදා මාළිගාවේ රන් ආයුධ මණ්ඩපයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

දියවඩන නිළමේවරයා මෙසේද පැවැසිය.
අපි හැමදාම අලි නෑ අලි නෑ කියද්දි සමහරුන් හිතන්නෙ පෙරහැර ලංවෙදිද් අලි නෑ කියනව කියල . එහෙම දෙයක්  නෙවෙයි . මහනුවර දළදා මාළිගාවට ඉන්න අලි 12 යි.  වලිසුන්දර නිළමේ තුමාගේ හා ගයාන් හින්කෙන්ද නිළමේ තුමාට හා විශ්ණු  දේවාලය භාරයේ ඉන්න අලි හැරුණු විට මහනුවර දිස්ත්‍රික්කය තුළ අලින් නැහැ. මෙය වැඩිකර ගැනිමට කටයුතු කළ යුතුයි.

මහනුවර දිස්ත්‍රික්කයටම අලින් 15 දෙනෙකු පමනක් ඇති බවද නිළමේ වරයා පැවැසිය. එයට හේතුව හීලැ අලි පරපුරට හිලැ අලි ඇතුන් එකතු වි නැති බවද අලි හාම්පුතන්ට හා අලි හදපු විහාරස්ථාන වලට අලින් ලබා දෙන්න ඉල්ලිමක් කරන බවද හෙතෛම සඳහන් කළේය.

මෙවර ඇසළ පෙරහැර සදහා සතර දේවාල හා මාළිගා පෙරහර සදහා මිලියන 100 ක මුදලක් පමණ වැය වන බවත් නර්තන  කණ්ඩායම් 80 ක් පමණ යොදාගෙන පෙරහරේ ගුණාත්මක භාවය වැඩි කර ඇති බවද කි නිළමේ වරයා පෙරහැර අලංකාර කිරිම සදහා දළදා මාළිගා පෙරහැර නැරඹීමට පැමිනෙණ  ජනතාවගෙන් ඉල්ලන එකම ඉල්ලිම මේ පුණ්‍ය භුමිය අපවිත්‍ර නොකර දේශිය සංස්කෘතිය ආරක්ෂා කර ගැනිම සදහා මෙම පුණ්‍ය භුමියට ගැලපෙන ආකාරයේ ඇදුම් පැළඳුම් අද පැළැඳ පැමිණෙන ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද නිළමේ වරයා පැවැසිය.

 



අදහස් (3)

මහනුවර දිස්ත්‍රික්කයටම ඉන්නේ හීලෑ අලි 15 දෙනයි

ravi Sunday, 12 August 2018 09:28 PM

අහිංසක සත්තුන්ට යකඩ විලංගු දාලා සිරකරගෙන අපේ අවශ්‍යතාවයන් සපුරා ගැනීම. අපේ බෞද්ධ කමට නින්දාවක් නොවේද . ?

:       0       1

samank Monday, 13 August 2018 04:28 AM

දැන් ඉන්න අලි කොහොමත් හීල නැහැ, එකනේ රටට මෙච්චේර නැස්ප්තියක් වෙලා තියෙන්නේ.

:       0       0

Bamunuarachchi Tuesday, 14 August 2018 01:23 AM

අලින් හීලෑ නැත. අලින්ට කොන්ද පන නැහැ කියා අලිම කියනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 129 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 77 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 59 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 280 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 302 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 601 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site