IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහනුවර ගැටුම පිටුපස සිටින අය ගැන රාජිත හෙළිකරයි

(රංජන් කස්තුරි)
 
මහනුවර ඇතිවු ගැටුම පිටුපස එක්තරා දේශපාලන පක්ෂයකට අයත් පිරිසක් සිටින බව හෙළිවී ඇතැයි  කැබිනට්  ප්‍රකාශක ඇමැති  රාජිත සේනාරත්න මහතා  කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අද (07)  පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

උඩරට ප්‍රදේශයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ල තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ ලේකම්වරයෙක්ල පළාත් පාලන මැතිවරණයෙන් තේරිපත්ව සිටින පුද්ගලයින් දෙදෙනෙක්  සහ භික්ෂුන්වහන්සේ නමක්ද  මෙම ගැටුම් මෙහෙයවා තිබෙන බවට කරුණු හෙළි වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට එම ගැටුම්වලට සම්බන්ධ පුද්ගලයින් 24 දෙනකු අත්අඩංගුවට ගෙන සිටින අතර ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම් වලදී තව තවත් තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් ඒ අනුව දේශපාලන පක්ෂයක සම්බන්ධතාවක් හෙළිදර වී ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.


එසේම එම දේශපාලන පක්ෂය කුමක්ද යන්න පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

 
 
 
 
 
 
 

 

 



අදහස් (39)

මහනුවර ගැටුම පිටුපස සිටින අය ගැන රාජිත හෙළිකරයි

nisar Wednesday, 07 March 2018 11:21 AM

එම දේශපාලන පක්ෂයට ඡන්දය නොදුන්නු අයට පහරදෙන එක ප්‍රජාතන්ත්‍රවාදීද?

:       1589       2005

suran Wednesday, 07 March 2018 11:26 AM

ආණ්ඩුවේ බැරි කම වහගන්න හදනවා

:       2043       3892

කුමාර Wednesday, 07 March 2018 11:29 AM

ඇයි මේ පසුව හෙළි කරන්නේ? කතාව ඇත්තනම් නම් දැන්ම හෙළි කරා නම් ඉවරයි. එතකොට කරන කෙනෙක් බය වෙලා නවත්තයිනේ.... තවත් ඉතින්.. වෙලාවට.. කෙළින් වැඩ කිරීමක් නෑ.... ඒකයි අද රට මෙතැන තියෙන්නේ.

:       107       1242

Bamunuarachchi Wednesday, 07 March 2018 11:51 AM

පිටිපස්සේ නොවෙයි, ඉස්සරහින් ඉන්නෙත් කව්ද කියා තේරුම් ගත් අපි වගේ සිංහලයෝ... එක කියන්න අපි බය නැත. සංහිඳියාවක් අපට වුවමනා නැත.

:       1311       740

ෆෙඩ්රික් Wednesday, 07 March 2018 11:52 AM

ඉස්සෙල්ලාම ආණ්ඩුව තුල සිටින අන්තවාදීන්ව අත්අඩංගුවට අරගත්තා නම් ඕවා නවත්වන්න පුළුවන්... ඊයේ වීරවංශ පාර්ලිමේන්තුවේ කිව් කෙනා අත්ඩංගුවට අරන් ප්‍රශ්න කරලා ඒ අයට දඬුවම් දුන්නා නම් ඉවරයිනේ.. ඔය හදන්නේ පොහොට්ටුවට බැරකරන්න, පරාජය වසාගන්න ඊළඟ පරාජය නවත්වගන්න. මෙය තමයි අලුත්ගම බේරුවල දර්ගානගරේ සිද්ධියේ මහ මොලකරු මෙයාට මුලින්ම දඬුවම් කරලා කටවහන්න ඕනෑ. මේ පරාජිතයින් ඒවා දැක්කාවගේ බේගල් අතහරින්නේ.. වැහි නැති හෙන තමයි ගහන්නේ...

:       675       1179

ROHAN DAYADARA paris Wednesday, 07 March 2018 11:55 AM

ඔබතුමා කියන ඒ දේශපාලන පක්ෂය කුමක් වුවත් මේ ජාතිවාදය ආගම්වාදය තුලින් මුළු රටම විනාස කරන්න පෙරමුණ ගෙන කටයුතු කළා කියන සියලු රජ්‍ය ද්‍රෝහීන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට හැකි ඉක්මනින් පමුණුවන්න.. .එක්සත් ජාතික පක්ෂයේ වුවද එක රටක එකම වරදට එකම නීතිය විය යුතුයි.

:       300       424

Sara Wednesday, 07 March 2018 11:57 AM

දැන්වත් කටවහගෙන ඉන්න තවත් මේක අවුස්සන්නේ නැතුව.

:       264       1629

samanth Wednesday, 07 March 2018 12:05 PM

කුමාර එහෙම කියන්න බෑ ළමයෝ විදිමත් විමර්ශනයකින් පසුව සාක්ෂි සහිත සැක කරුවන් අධිකරණයට ඉදිරිපත් කරාවි ...

:       87       109

බණ්ඩාර Wednesday, 07 March 2018 12:05 PM

අනේ මහත්තයෝ මේ තියෙන නාඩගම් වලට අලුත් කොමඩි එකතු කරන්න එපා. පුළුවන් කමක් තියේනම් මේවා නවත්තන්න.

:       64       862

sathyapala Wednesday, 07 March 2018 12:05 PM

වීරයකු වී ඡන්ද දිනාගැනීමට නිතර මේ උපක්‍රමය භාවිතා කරයි. මේ ගැටුම් ඇතිවීමට මේවා බොහෝ ලෙස බලපායි.

:       0       207

Rpi densil Wednesday, 07 March 2018 12:06 PM

මේ සියල්ල මාස්ටර් ප්ලැන් එකක්.

:       0       173

ජගත් ලියනගේ Wednesday, 07 March 2018 12:14 PM

ඔය පස්සෙ කියන්නං කියන ඒවා කවදාවත් වෙන්නේ නැහැ .

:       0       360

Chethiyasena Wednesday, 07 March 2018 12:15 PM

අලුත් කතාවක් කියන්ඩ වගේ...

:       1       147

Rajitha Wednesday, 07 March 2018 12:21 PM

දෝශාබියෝගය නවත්තගන්න මොනවම හරි කරන්නත් එපැයි නේද?

:       321       1284

Chamila pradeep Wednesday, 07 March 2018 12:23 PM

මේ අය හදන්නේ බොර දියේ මාළු බාන්න.

:       1       240

Raveeedra Wednesday, 07 March 2018 02:19 PM

චමිල ප්‍රදීප් මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදියි. මේ අවස්ථාවෙත් බලන්නේ අනිකාගේ ගිණුමට බැරකරලා තමා සුදනා සහ ඉන්න එකම මහදැන මුත්තා බව පෙන්වීමටයි. නැවත වරක් කීමට ඇත්තේ මෙහෙවූ "අම්බරුවන්" නේද? මේ අපේ මහජන නියෝජිතයින් ලෙස පත්වෙලා තියෙන්නේ...

:       0       0

Chanak los angeles Wednesday, 07 March 2018 12:33 PM

විශිෂ්ඨ ප්‍රතිපලයක් මැතිතුමනි.

:       0       1

Heenbande Wednesday, 07 March 2018 12:55 PM

හැමදාම සුරංගනා කතා කියන්නේ නැතිව ඇත්ත හරිහැටි හොයාබලා මෙයට මූලික වුණු අහිංසක සිංහලයා ඝාතනය කළ මිනීමරුවන්ට දඬුවම් ලබා දෙන්න.

:       0       0

mf Wednesday, 07 March 2018 12:55 PM

අමතක කරන්න එපා.. මේවා අද ඊයේ නෙවෙයි පටන් ගත්තේ. දැනට අවුරුදු 5කට විතර කළින් ඉඳලම පොඩි පොඩි සිදුවීම් වුණා. කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කළේ නැහැ. මේ රජයටත් ජාතිවාදී සංවිධාන පාලනය කරන්න බැරි වුණා. ඕකයි ඇත්ත කතාව... සිදුවීමක් නිසා මහනුවර පාසල් වහලා. ජන ජීවිත අඩාල කළා. මේකේ වගකීම රජය සතුය.

:       0       0

Achini Wednesday, 07 March 2018 12:55 PM

අර අහිංසක සිංහලයාට වස දීලා මරන්න කිව්වෙත් එක්තරා දේශපාලකයෙක් නේද? ඕක තමයි සත්‍ය...

:       0       0

Ruwan Wednesday, 07 March 2018 01:15 PM

කූඹියෝ කනවා වගේ...

:       0       125

විශ්වජිත් පුණර්ජීව Wednesday, 07 March 2018 01:27 PM

තෙල්දෙණියේ සිදුවුණු සාමාන්‍ය සිදුවීමක් දුරගිය රැගෙනයාම තමයි මේ ඛේදවාචකයට හේතුව. ඒ මොහොතේ සීසීටීවී දර්ශන නිරීක්ෂණය කර අදාල වැරදි කරුවන්ට දඬුවම් ලබා දීම පහසුවෙන්ම කළහැකිව තිබිණි. නිසි මොහොතේ ක්‍රියාත්මක නොවීම හා නීතිය ක්‍රියාත්මක වීම ප්‍ර‍මාදය මේ සියළු විනාශයන්ට මූලික විය. අනෙක් කරුණ නම් තෙල්දෙණියේ සිදුවීම අලලා මුළු ලංකාවටම බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම ඉතාම බරපතල තත්වයකි. ජාත්‍යන්තරයට එයින් ලබාදෙන පණිවිඩය කිසිසේත්ම සුබදායක නැත. සිංහල බෞද්ධයන් විසින් අන්‍ය ජාතිකයන්ට ප්‍ර‍හාර එල්ල කරන බවත්, ඒ නිසා හදිසි නීතිය පැනවූ බවත් ජාත්‍යන්තරයට ලබාදෙන වැරදි පණිවුඩයයි... එක් සුළු සිදුවීමක් පාදක කරගෙන සමස්ත ශ්‍රී ලංකාවාසී බෞද්ධ ප්‍ර‍ජාවම මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලුවට ලක් කිරීම, වැරදි සහගත ප්‍ර‍තිරූපයක් ජාත්‍යන්තරයට ලබාදීම රජය විසින් සිදුකළ නිවැරදි කිරීමට අසීරු බලවත් වරදක් බව මාගේ මතයයි.

:       15       508

jayanaathWednesday, 07 March 2018 03:27 PM

විශ්වජිත්ගේ අදහස කාලෝචිතයි. රටට අවාසිදායක ප්‍රතිරූපයක් ලොවට යනවා. ඇමරිකාව, ඉන්දියාව අත දාන්න බලාගෙන ඉන්නේ..! මේ ගොන් පාලකයෝ හා බලධාරීන් තේරුම් නොගන්නෙත් එයමයි. අදාළ දිස්ත්‍රික්කයට හා සැකසහිත දිස්ත්‍රික්කවලට පමණක් හදිසි නීතිය දැම්මා නම් හරිනේ...! කරන්නේ ම හත් පොලේ ගාගන්න වැඩ. අවශ්‍ය තැනට බෙහෙත් දෙන්නේ නැහැ. කාට හෝ බයයි.

:       6       327

mangala dineshWednesday, 07 March 2018 08:47 PM

මේ රට අඳුරු අගාධයකට ගෙනියන එක ගැන ඇත්තටම අපි දුක් වෙනවා.. බලය රැකගන්න රට, ජාතිය, ආගම ටික ටික හරි බිල්ලට දෙන එකට පුදුම කණගාටුවක් අපිට තියෙන්නේ. අපායෙන් ගොඩ ආපු මේ රට යාන්තම් හැදීගෙන එද්දී විනාශ වෙන්න දෙන මේ හිවලුන්ට යන්න අපායක් තියෙනවද? අපෙත් පපු ඇවිලෙනවා. පිච්චේනකොට වෙන්නේ මොනවද කියල කාට කියන්නද?

:       0       0

Ranjani PereraThursday, 08 March 2018 12:08 PM

සමස්ත ශ්‍රී ලංකා වාසී බෞද්ධ ප්‍ර‍ජාවම මෙලෙස ජාත්‍යන්තරය ඉදිරියේ තිරිසන් ජාතියක් බවට ඔප්පු කරලා ඉවරයි. පිටරටක ඉන්න ලංකාවේ ගණිකා වෘත්තියේ නියැලෙන කාන්තාවක් දරුවන් හතර දෙනෙක් ගබ්සා කරලා මරලා. ජාත්‍යන්තරය මුළු ලංකාවම හෙළාදකිනවා.

:       2       25

banda Wednesday, 07 March 2018 02:55 PM

මහත්තයෝ මේකේ පිටිපස්සේ ඉන්නේ කවුද කියලා තමුන්නාසේලා ජනාධිපති කොමිසමක් දාලා හොයාගන්න නමුත්, මේකේ ඉස්සරහින් ඉන්නේ උඩරට සිංහලයෝ කියලා හොඳට මතක තියා ගන්න.

:       0       0

Ruwan Wednesday, 07 March 2018 03:43 PM

මට කියන්න තියෙන්නේ අනේ රජිත කියලා තමයි.

:       0       10

Harshana Thursday, 08 March 2018 12:10 AM

රාජිත පස්සේ කියන්නම් කියල කොච්චර දේවල් පොරොන්දු වෙලා තියෙනවද ? තවත් මෝඩ කතා නොකර වැඩක් බල ගත්තනම් තමයි හොඳ.

:       0       59

lalithsjm Thursday, 08 March 2018 01:47 AM

මෙයා කීවොත් කියන්නේ ඔයවගේ කතාම තමයි. ඇතිවෙලා ඕව දැකල. ................

:       0       58

hira Thursday, 08 March 2018 02:36 AM

තව කෙබරයක් කියන්නයි හදන්නේ...........මෙයා නම් මාර පොරක්..................

:       0       47

අජිත් ඉන්දික Thursday, 08 March 2018 04:36 AM

තමන්ගේ දේශපාලන අනාගතය හා ඉදිරි මැතිවරණ දිනාගැනිම වෙනුවෙන් පාලන පැලැන්තිය නීතිය අවභාවිතා නොකර නීතිමය කටයුතු කරානම් ජාති ආගම් නොබලා එය සිදුවුවා නම් මේවා මෙතරම් දුර දිග යන්නේ නැ සිදුවිය යුතු දැ කලට වෙලාවට සිදුවුවා නම් මේවා විසදිලා ඔය වහසි බස් දොඩවන දේශපාලකයො තමයි මේවාගේ මුලටම ඉන්නේ ප්‍රතිපත්තියක් නැති දේශපාලකයො කට හැකර දේශපාලකයෝ තමයි මේවට වගකිව යුතු.... @

:       0       20

තිවංක Thursday, 08 March 2018 06:49 AM

අපි බැලුව, මාමයි බෑණයි... නාටකය..

:       0       0

lakvidu Thursday, 08 March 2018 01:00 PM

අර තාජුදින් ඝාතනයට සම්බන්ද ප්‍රභූ පුතා ගැනත් මෙයා තවම පස්සේ එළිදරව් කරනවා... අනේ !!!

:       0       7

Kushan Senarath Friday, 09 March 2018 12:02 AM

මේ සේරම කුමන්ත්‍රණ කරන්නේ හිටපු මැර දේශපාලකයෝයි. ඒ අය තමයි ජාතිද්‍රෝහීන් . පොලීසිය මේ ගැන දැඩිව හොයලා බලන්න.

:       12       128

sigihi Friday, 09 March 2018 02:33 AM

කට ඇරියොත් බොරුවක් මයි ඇට නැති දිව වැඩකට නැති කට . එහෙට මෙහෙට හරවන එක තමයි කරන්නේ .ලැජ්ජාවක් නැති හැටි . දැන් වත් ඇවිලෙන ගින්නට පිදුරු නොදා කට වහගෙන සිටියානම් හොදයි , රටේ නායකයෝ මේ විදිහට නම් හැසිරෙන්නේ . ජනතාව ගැන කවර කතාද ? ප්‍රතිපත්තියක් නැති කමතමයි විදහා පෙන්නන්නේ . මේ කේවට්ටයෝ ටික තමයි මේවට වගකියන්න ඕනේ . තමන්ගේ පැවැත්ම තමන්ගේ බඩ ගැන පමණයි හැගීම එකයි මේ හැම දේටම මුල .

:       68       21

Izzath Friday, 09 March 2018 03:16 PM

මේක හිටී ගමන් සිදු වෙච්ච දෙයක් නෙමෙයි. දේශපාලකයෝ අනිවර්‍යෙන්ම වගකිව යුතුයි.

:       9       1

Dilanka S Gunasingha Saturday, 10 March 2018 02:08 AM

රාජිත ගෙ ගොන් කතා වලට රැවටෙන කව්රුත් නැහැ..

:       0       1

කුමාර Saturday, 10 March 2018 10:11 AM

රාජිතට තිබුණා හාමුදුරුවන් ගේ ගැන නොකියා ඉන්න. සංහිඳියාවට ඒක කැලලක්. ගින්නට පිදුරු ටිකක් දැම්මා වගේ මේ අතර තවත් දුරස් වීමක් වෙනවා. ප්‍රකාශක තනතුරන් අයින් කරන්න ඕනෑ.

:       0       1

Gamini Jayalath Monday, 12 March 2018 04:56 AM

රාජිත කියන ඒවා ගණන් ගන්න දෙයක් නෑ. කව්රුත් දන්නවා ඔය දුගඳ කට ගැන ෙමයාගෙගේ පුතා මේ ගැන අප්පොච්ච්ට වඩා යමක් කියායි කියලා මම හිතුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 31 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 93 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 163 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 607 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 996 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 823 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site