IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල

      
 
(නිමල කොඩිතුවක්කු)
      
ඉන්ධන මිළ ඉහළ දැමීම ඇතුළු කරුණු හේතුවෙන් රජයට එල්ල වන අපවාද වලින් ගැලවී යාම සඳහා මහජන බදු මුදල් යොදා ගනිමින් මහින්ද රාජපක්ෂ යුගයට එරෙහිව අසත්‍ය තොරතුරු සහිත ප‍්‍රචාරණ ව්‍යාපෘතියක් ආණ්ඩුව ක‍්‍රියාත්මක කරමින් සිටින බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹදී පැවසීය. 
        
මහබැංකු වාර්තාද නොසළකා හරිමින් සිදුකරගෙන යන මෙම අසත්‍ය තොරතුරු ප‍්‍රචාරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජයට එරෙහිව ඉදිරියේ දී දැඩි ක‍්‍රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.
       
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල වජිරාශ‍්‍රමයේ අද (22) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසීය.
 
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මහතා මෙසේද කීවේය.
       
 ‘‘ ගංවතුර සහ නාය යෑම් පිළිබඳ ස්වාභාවික ආපදා තත්වය ඇතිවෙන්න කලින් ජනතාවට විශාල  පීඩනයක් ඇතිවෙන ලෙස ඛණිජ තෙල් මිල සූත‍්‍රයක් හදුන්වා දී අසාමාන්‍ය ලෙස භූමිතෙල්  ඇතුළු ඛනිජ තෙල්වල මිල ඉහළ දැමීමට මේ රජය කටයුතු කළා. ඒ සමඟ රටපුරාම ධීවරයන්, කර්මාන්තකරුවන්, ගොවීන් ආදී පිරිස් රජයට එරෙහිව විරෝධතා ගෙන ගියා.
     
මෙයට ප‍්‍රතිචාර ලෙස විපත් මගේ නිර්මාතෘ  මංගල සමරවීර මහතා විසින් මහජනතාවගේ බදු මුදල් කෝටි ප‍්‍රකෝටි  ගණනින්  වියදම් කරමින් ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා.  2014 මහින්ද රාජපක්ෂ යුගයේ බොර තෙල් බැරලයක මිල  ඇමරිකානු ඩොලර් 60ක් කියලා පසුගිය සති අන්ත පුවත්පත්වල පළවු මෙම දැන්වීම්වල සඳහන් වෙලා තියෙනවා. 2014 දී භූමිතෙල් ලීටරයක්  අලෙවි වූ මිළ රුපියල්  106ක් බවත් එහි දැක්වෙනවා.  සම්පූර්ණයෙන්ම අසත්‍යය තොරතුරු පදනම් කරගනිමින් මෙම දැන්වීම් නිර්මාණය කර තිබෙනවා.
මහජනයාගේ බදු මුදල් යොදා ගෙන විකෘති  හා අසත්‍ය සංඛ්‍යාලේඛන ඇතුළත් කරමින්  රට මුලා කිරීමට ගන්නා වූ එම උත්සාහය ඒකාබද්ධ විපක්ෂයේ  ආර්ථික පර්යේෂණ ඒකකය ඉතාම පිළිකුලින් යුතුව හෙළා දකිනවා. 
 



අදහස් (12)

‘මහින්ද රාජපක්ෂ යුගයට එරෙහි බොරු ප්‍රචාරණ ආණ්ඩුවගෙන යනවා’ - බන්දුල

Saththaya Tuesday, 22 May 2018 02:19 PM

අනේ ඒක තමා , මෙහෙමත් බොරු ප්‍රචාර, මේ මිනිසුන්ට මතක නෑනේ තෙල් ටික පවා කොච්චර ලාබෙට දුන්නද කියල . ආ...ගෑස් ටිකත් සැරෙන් සැරේට කොච්චර ලාබ කළා ද . ඒ එක්කම වඩේ එක පවා රුපියල් 10 ගානේ ලාබ වුණා . කල ගුණ නොදන්නා අය, මඩ ගහනවා. මෙහෙමත් බොරු කාරයන් . පොළොව පැලිලා අපාගත වෙන්න ඕන.

:       204       544

Sapumal. Tuesday, 22 May 2018 03:33 PM

ඔය විදිහට බොරු කියා ඔබලාට බාධා කරනවානම්,ඔය නිවැරදි සංඛ්‍යා ලේඛනත් ගෙන අධිකරණයට ගොස් තමන් නිවැරදි බව ඔප්පුකරන්නකෝ .හොඳ වන්දියක් ගන්නත් පුළුවන්. ආණ්ඩුව ගෙදර යවන්නත් පුළුවන්.ඔබලාට බලයට එන්නත් පුළුවන්.අනේ හැබෑටම ඇයි එහෙම නොකරන්නේ ? ආණ්ඩුවට ඇති ආදරයටද ? " කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ " කියලා කියන්නේ මෙන්න මේ වෙලාවට තමයි." හදවත මනින කැඩපත මුහුණ " යයි කියා කියමනක් තියෙනවානේ.මෙතුමාගේ මුහුණ දකින විට කියන්නේ මොනවද කියා හිතාගන්න පුළුවන්.

:       20       348

Buddika Tuesday, 22 May 2018 03:41 PM

අනේ ඔව්. මේ තරම් රටට සේවය කරපු එතුමා. මෙතුමා ඇතුලු හැමෝම එකතුවෙලා කරපු රටට දරාගන්න බෑ. මේ අය කට්න්ද කතා කරන්නේ. 2500 අරන් පවුලක් ජීවත් වෙන්න පුළුවන් කියපු මහා ආර්ථික මොලය හොදයි ජාත්‍යාන්තරයට රටම කාපු එවුන් කඩේ යන පල් හොරු

:       54       297

vidya Tuesday, 22 May 2018 04:09 PM

සම්ප්‍රප්පලා කියන්නේ නැතිව නුගත් ගෝලයන් සෙට් එක අරගෙන අර කඩා වැටෙන වැව් බැමි බඳින්න යනවා හලෝ . තමුසෙලා තමයි විනාශයට වග කියන්න ඕනේ.

:       176       289

Bamunuarachchi Tuesday, 22 May 2018 04:44 PM

බන්දුල මහතා මේගොල්ලෝ පටන් ගත්තෙම බොරු ප්‍රචාර වලින්. 62 ඒවා විස්වාස කරලා තමනුත් අමාරුවේ වැටුනා රටත් අමාරුවේ දැම්මා, අපිවත් අමාරුවේ දැම්මා.

:       0       0

Perea Tuesday, 22 May 2018 06:48 PM

ඒකනේ. මෙතුමන්ලගේ කාලේ අපේ මුළු පවුලම රු.2500කින් මාසයක් හොඳට කාලා බීලා හිටියනේ. දැන් ඉන්න අය බොරු කියා කියා මඩ ගහන එක විතරනේ කරන්නේ.

:       0       0

Chanak Los angeles Tuesday, 22 May 2018 07:35 PM

කාටද මේ කොල කඩන්නේ?

:       0       0

BamunuarachchiWednesday, 23 May 2018 12:46 PM

අර 62ක් කොලකන අයට... නේද?

:       0       0

Prasanna Wednesday, 23 May 2018 04:26 AM

ඉරානයෙන් වසර 10 කට පමණ පෙර ලබා ගත් ඉන්ධන වෙනුවෙන් ගෙවිය යුතු ඇමෙරිකා ඩොලර් මිලියන 250 ක පමණ මුදලක් ( රුපියල් කෝටි 3,975 ක පමණ ) වහාම ගෙවන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් ඇමැති මංගල සමරවීර මහතාට දැනුම් දී තිබේ.

:       0       0

Senarath Wednesday, 23 May 2018 04:32 AM

මංගල කියන්නේ ගොබෙල්ස්ගේ තාත්තටත් වඩා බොරුකාරයෙක් කියල රටම දන්නවා. 2015 දී මිනිස්සු රවටුනාට 2018 දී හොද උත්තරයක් ලැබුණානේ. දැන් තෙල් මිලෙන් බැටකන මිනිස්සු ඉදිරි මැතිවරණ වලදී එයටත් වඩා හොද උත්තරයක් දෙවි. මහින්ද මහත්තයාගේ කාලේ තෙල් බැරලය ඩොලර් 128 ත් ගියා. අද තියෙන්නේ ඒ මිලෙන් බාගෙට. දැන් කොහොමද තෙල් මිල. මෙයාලගේ අවුරුදු 3 න් 2 කදිම තෙල් බැරලය තිබුණේ ඩොලර් 40 ට අඩුවෙන්. එහෙමත් ලැබ ලබද්දී තමයි මහා බැංකුවටත් වැඩේ දුන්නේ. මේකද මිනිස්සු බලාපොරොත්තු උණු වෙනස ?

:       1       0

sigithi Wednesday, 23 May 2018 11:43 AM

රෑ වැටුණ වලේ කට්ට දවාලේ වැටෙන්නේ නැහැ .

:       0       0

BamunuarachchiWednesday, 23 May 2018 01:17 PM

දැන් වැටිලා තිබෙන්නේ වැසිකිළි වලක තව කොහේ වැටෙන්නද? නේද හලෝ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 534 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 239 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 257 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 215 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 334 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 395 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site