IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට


 
තරිඳු ජයවර්ධන
 
හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (16) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද උදේ අලුත්ගමගේ මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබිණි.
 
2014 වර්ෂයේ දී කැරම් හා දාම් ලෑලි මිලදී ගැනීමෙන් රුපියල් මිලියන 39ක් රජයට පාඩු කළැයි කියන චෝදනාවට ඒ මහතා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (31)

මහින්දානන්ද අලුත්ගමගේ අත්අඩංගුවට

ලුම්බිණි Monday, 16 April 2018 06:48 AM

මෙයාට ගියපු කලක්...

:       5       37

UdrichMonday, 16 April 2018 08:43 AM

මාධ්‍ය සංදර්ශනයක් විතරයි.. කිසි දෙයක් වෙන්නේ නැහැ. අදම අැප ලැබෙයි.

:       1       22

Raveendra Monday, 16 April 2018 07:11 AM

බලයේ සිටින කොට අපි සැම සිංහයොනේ.. බලයේ නැතිවිට අපි සැම නිවටයෝ නේ.. දැන් ඉන්න "හරකුන්ටත් " හොඳ හැටි පේනවානේ.. වැඩ කරපියවු ලක්මෑණිට වංක නොවී....

:       2       227

Mahee Monday, 16 April 2018 07:14 AM

ආණ්ඩුව හැම වැඩක්ම කරන්නේ බොහොම පරක්කු වෙලා.

:       18       141

shan saudi Monday, 16 April 2018 07:21 AM

ඉතාමත් හොද ක්‍රියාවක් වැරදිකරුවන්ට වහාම දඩුවම් දෙන්න

:       97       320

Buddika Monday, 16 April 2018 07:31 AM

ඉතාම හොඳයි. මේ තරම් පරක්කු වීම වැරැදියි. හොරු කවුද කියලා රටම දන්නවා. ඒත් නීතියේ ප්‍රමාදය නිසා රටම කලකිරුණා විතරක් නෙමෙයි. හොරුත් චණ්ඩියෝ වගේ හැසිරුණා.

:       29       284

අනුර පැස්කුවල් Monday, 16 April 2018 07:32 AM

අපිට මේ ගැන ආණ්ඩුවෙන් අහන්න තියෙන්නේ එක දෙයයි. "මෙයා කොහොමද මෙච්චර කල් එළියේ හිටියේ?". සමහර විට රෝයල් ගැන්සියේ නිසා වෙන්න ඇති.

:       47       193

Asanka Monday, 16 April 2018 07:38 AM

මේවා දේශපාලන පලිගැනීම් මෙතුමා රටට සේවයක් කල අයෙක්, මොහුගේ ජනප්‍රියත්වයටයි මෙහෙම කරන්නේ. මෙතුමාගේ පළාත්වල අයගෙන් අහන්න මෙතුමා ගැන

:       944       316

rohana Monday, 16 April 2018 07:38 AM

ඉතා හොදයි

:       21       185

Hafeel Monday, 16 April 2018 07:46 AM

ශාන්, බලාගෙන ඉන්න දඬුවම් දෙනකං. සතියකින් හෝ දෙකකින් එලියට ඒවි හෝ රෝහල් ගත වේවි. මේවා සේරම සංදර්ශනයක්.

:       1       37

sena Monday, 16 April 2018 07:48 AM

මොකක්දෝ ඇස්බැන්දුමක්, නිකම්ම නිකම් සිල්ලර චෝදනාවක් ගොනු කරලා තියෙන්නේ.

:       12       61

nimal Monday, 16 April 2018 07:53 AM

කොහොම වුනත් හොද දෙයක්!

:       21       68

sumith Monday, 16 April 2018 07:57 AM

කොහොම හරි ආණ්ඩුවට දැන් මිනිස්සුන්ගේ හද ගැස්ම තේරිලා වගේ

:       0       0

සතයපාල Monday, 16 April 2018 08:02 AM

අවුරුදු තුනක් සහ මාස තුනක් ගත වුනා.. චූදිතයෙක් අත්අඩංගුවට ගන්න චෝදනා තිබෙන සියලු දෙනාම අත් අඩංගුවට අරන් නඩු විභාග කරලා දඬුවම් දෙන්න මේ අයට තව අවුරුදු සීයකින්වත් බැරිවෙයි. මේක යහපාලනය නොවේ අබලදුබල පාලනයක්...

:       0       111

Chandana - AustraliaMonday, 16 April 2018 09:25 AM

බොස් ඔයාලම නේද හැමදාම නඩු අහන අධිකරණයකට අකමැති?

:       0       2

herath Monday, 16 April 2018 08:11 AM

හොරෙක් හොරෙක් කියකියා ඉන්නේ නැතුව අල්ලපු අයට නඩුදන්න නීතියට ඉඩදීපු මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න.

:       0       61

එර්දි Monday, 16 April 2018 08:24 AM

තමන්ගේ ඇහේ පොල් පරාලෙ නොදැක අනුන්ගෙ පොල්කෙන්ද දැකපු පුහු වීරයො.දැන් ඇතුලෙදි ෆුල් ඔෆ්ෂන් ලෙඩෙක් වෙයි දියවැඩියාව අධික රුදිර පීඩනය වගේ රටේ නැති ලෙඩ...

:       23       167

රඛිත Monday, 16 April 2018 08:34 AM

ලිත් ගැහුවා කියලා බැසිල්ට නඩු දාලා තියෙනවා. මම දැක්කා මේ අවුරුද්දේ මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිතුමා ලිත් ගහලා තැපෑලෙන් එවලා තියෙනවා.

:       0       93

sanathMonday, 16 April 2018 09:11 AM

බැසිල් මහත්තයා ලිත් බෙදාහැරියේ 2015 ජනවාරි ජනාධිපති මැතිවරණයේ අපේක්ෂක මහින්ද මහත්තයාගේ පොටෝ එකක් දාලා ප්‍රචාරක පෝස්ටරයක් විදියට 2014 දෙසැම්බර් ඡන්ද උණුසුම උපරිම දවස්වලදී... රජයේ මුදල් අවභාවිතා කිරීමට අමතරව මැතිවරණ නීති උල්ලංඝනය කරලත් තියෙනවා. මේ ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති ආණ්ඩුවේ මුදල් අවභාවිතා කරලා තියෙනවා නම් ඒ ගැනත් වහාම සොයාබලා දඬුවම් කළයුතුයි.

:       86       31

Ranil Monday, 16 April 2018 08:54 AM

බොහොම හොදයි හොරු ටික අල්ලන එක... කෝ මහ බැංකු හොරු. කවද්ද අල්ලන්නේ? මොකද ඒ අය ඔය ශෝක් එකට ඉඳන් රටට හුනියන් කරනවා.. පොහොට්ටුව දිනන්න. එතකොට මේ අවුරුද්දේ අග තියෙන පළාත් සභාඑකෙන් පොහොට්ටුව උඩින්ම දිනයි. ඉතුරු ඡන්ද ටිකත් අරන් එ්කේ හොරු නැති නිසා...

:       18       142

jaseem Monday, 16 April 2018 08:54 AM

මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්...

:       0       31

රොමේෂ් Monday, 16 April 2018 08:56 AM

දාම් අදින්න ගිහින් මෙච්චර සල්ලි රජයට පාඩු කරපු මෙවැන්නන් බිම දාගෙන අදින්න වටිනවනේ. රටක් ඉතුරුවෙයිද මෙහෙම හොරකම් කරද්දී? යසවැඩේ කියන්නේ පොඩි හොරු අල්ලන්නේ ලොකු හොරු විසින් වීමයි.

:       6       18

casmir Monday, 16 April 2018 08:57 AM

පාර්ලිමේන්තුවේ ඉන්න 99% ක් ඉන්න ඕනේ හිරගෙදර... මේ මිනිස්සුන්ගේ දේපල රාජසන්තක කරන්න ඕනේ. අාදායම් හොයපු විදිය හොයලා දඬුවම් දෙන්නේ නැද්ද...?

:       0       2

de silva berlin Monday, 16 April 2018 09:04 AM

මේවා මඩ ගහන්න කරන වැඩ, දැනට අවුරුදු 25-30 ඉස්සර ෆිනෑන්ස් කොම්පැනියක සුළු රස්සාවක් කලත්, දැන් වත්කම ඩොලර් කොටි ගණනක්... තත්වය එහෙම තියෙද්දී මෙතුමා කැරම් බෝර්ඩ් හොරකම් කරන්න යාවිද? ඔන්න බොරුනම් බලන්න වැඩිම වුනොත් මෙතුමා සති දෙකක් රිමාන්ඩ් බන්ධනාගාරයේ රෝහලේ ඇඳක් උඩට වෙලා රූපවාහිනී නරඹ නරඹා ඉඳලා එළියට ඒවි.... ඉන්පස්සේ ඔය නඩුව අවුරුදු ගණනක් ඇදලා විසිකරලා දමාවි...

:       0       35

kikMonday, 16 April 2018 09:46 AM

ද සිල්වා බර්ලින්, ග්‍රාමසේවක කෙනෙකුට දැන් තියන දේපල දැකල තියනවද? දන්නවද?

:       5       23

Rohana Monday, 16 April 2018 09:05 AM

දේශපාලනය කරන හැම කෙනෙක්ම රජයේ දේපළ, රටේ සම්පත් කොල්ලකනවා. රාජ්‍ය දේපොළ සුරකින විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස්කළ යුතුය. විනිවිද භාවයෙන් යුතු ටෙන්ඩර් ක්‍රමයක් සකස් කළ යුතුයි.

:       0       1

jayasiri manimendra Monday, 16 April 2018 09:07 AM

මේ ප්‍රතිචාර දක්වන බොහෝ දෙනෙක් දේශපාලනකමින්, කුහකකමින්, මඩ ගැසීමේ අදහසින් කරන ප්‍රකාශ. යහපාලන ආණ්ඩුව ඇවිත් මේ රටට මොනවද කළේ? ඔවුන් කරගත්තේ ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල් වලටයි. මේ අත්අඩංගුවට ගැනීම සම්පූර්ණයෙන්ම දේශපාලන පළිගැනීමකි.

:       0       37

Thilina Monday, 16 April 2018 09:21 AM

හයිවේ රොබරි රත්තරන් අශ්වයෝ අතරේ අන්තිමට හොයාගෙන තියෙන්නේ කැරම් බෝඩ් එකක්.. බොරු චෝදනා දාහක් කරලා අන්තිමට මිනිස්සුන්ට පේන්න ඇතුළට දාන්න හේතුවක් හොයාගෙන.. මහ බැංකු හොරු රට ඉඳන් හිනාවෙනවා ඇති...

:       0       11

sanath Monday, 16 April 2018 09:33 AM

ලංකාවේ ඉහල පෙලේ දේශපාලකයෙකුට අවුරුදු 8කින් කොච්චර ලොකු පොහොසතෙක් වෙන්න පුළුවන්ද කියන එකට මෙතුමා හොඳම උදාහරණයක්. දේශපාලනයට අවතීර්ණය වෙනකොට තිබුණට වැඩිය ලක්ෂ ගුණයකින් විතර දේපළ වැඩිකරගෙන තියනවා.

:       0       29

banda Monday, 16 April 2018 09:47 AM

මෙයා හෙට බන්ධනාගාර රෝහලේ.., අනිද්දා ගෙදර ....හා ...හා....කොහොමද යහපාලනේ.?

:       0       8

jayasiri manimendraMonday, 16 April 2018 10:06 AM

අනේ, දන්න මගුලක් නැහැ. එතුමා අදම ගෙදර. මොකද ඔහු කරපු වරදක් නැත. නිකන් කහිනවා විතරයි.

:       0       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 337 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 171 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 639 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 661 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 272 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 443 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 150 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1427 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1353 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site