IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මහින්දානන්දගේ අභියාචනයේ තීන්දුව අප්‍රේල් 05

තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ 
 
තමන්ට එරෙහිව  පවරා ඇති අල්ලස් නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ විභාගයට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය   මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වන තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම  ලබන අපේ‍්‍රල් 05 වැනිදාට කල්තැබීමට අභියාචනාධිකරණය අද  තීන්දු කළේය.

 
පෙත්සම සම්බන්ධනයෙන් වන ලිඛිත දේශන ලබන 22 වැනිදා හෝ ඊට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය පෙත්සම්කරුට හා වගඋත්තරකරුවන්ට නියෝග කළේය.
 
මහින්දානන්ද අලූත්ගමගේ මහතා ගොනු කළ රිට් පෙත්සම අද  අභියාචනාධිකරණ විනිසුරු එස්.තුරෙයිරාජා සහ විනිසුරු කුමුදිනී වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ගෙන් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය අවසන් කරමින් නියෝගය මෙදිනට කල් තැබිණි.
 
පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාපා මහතා කියා සිටියේ අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් පෙත්සම්කරුට එරෙහිව කොළඹ මහාධිකරණය යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පැවරූ නඩුව විභාගයට ගනු ලබන විනිසුරුවරයා බරපතල වංචා සහ දූෂණ සෙවීමේ කොමිසමේ සාමාජිකයෙකු හැටියට කටයුතු කරන බවයි.
 
මෙම කොමිසම විසින් නිකුත් කළ වාර්තාවේ පෙත්සම්කරුට එරෙහිව විමර්ශනයක් සිදු කළ යුතු බවට කරුණු සඳහන් කොට තිබෙන බවත් , එම විනසුරුවරයා ඉදිරියේ පෙත්සම්කරුගේ නඩු විභාගය සාධාරණ සහ යුක්තිසහගත විනිශ්චයක් බලාපොරොත්තු විය නොහැකි බවයි.
 
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්ඩාර මහතා කියා සිටියේ පෙත්සම්කරුට එරෙහිව මහාධිකරණයේ පවතින නඩුකරය ඉතාම සාධාරණ ලෙසින් විභාගය වන බවයි.එසේම ඔහුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති චෝදනා නිසි ලෙස පරීක්ෂණ පවත්වා ඉදිරිපත් කළ බවච ඔහු  අභියාචනාධිකරණය හමුවේ පැවසීය.

 



අදහස් (3)

මහින්දානන්දගේ අභියාචනයේ තීන්දුව අප්‍රේල් 05

සතයපාල Thursday, 15 March 2018 01:03 PM

නීතිපතිවරයා හෝ අදාල විනිසුරුවරයා මුලින්ම මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න තිබුනා.කොතරම් සාධාරණව නඩුව විභාග කලත් ඒ ගැන සෑහීමකට පත් වන්නේ නැහැ මම දන්නා තරමට නීතියේ මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන තියනවා දැන් ඒක පාවිච්චි කරලා නඩුව ඇදගෙන යන්න තමයි මේ උත්සාහය.

:       0       0

ranjith Thursday, 15 March 2018 11:38 PM

මේක අලුත් සම්ප්‍රදායක්. නඩුවක් අහන එක වලක්වගන්න උසාවියෙන්ම නියෝගයක් ගැනීම හොරකමට හොද ආදර්ශයක්

:       0       0

Nimal Friday, 16 March 2018 05:52 AM

හොරු මෙලෙස නඩු කල් දාල, කාලය පැමිණිවිට මේ සියල්ල යට යන බව නම ජනතාවට පැහැදිලියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 312 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 159 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 209 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 212 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 439 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 3690 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1512 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site