(ඩයනා උදයංගනී)
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතයේ බලපෑමෙන් උතුරු, නැගෙනහිර හා දකුණු මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින් හෙට (5) සිට මෙම මස 8 වැනිදා දක්වා එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කරයි.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 90, 100 පමණ දක්වා ඉහළ යා හැකි අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර 70, 80 පමණ දක්වා වේගවත් තද සුළං හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.
අඩු පීඩන කලාපයක් ලෙස දැනට පවතින මෙම කලාපය හෙට (5) දිනයේ දී පීඩන අවපාතයක් බවටට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බව එම ප්‍රකාශකයා පැවසීය.
එහි බලපෑමෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින හරහා ද තද සුළං හැමිය හැකි අතර විශේෂයෙන් උතුරු, නැගෙනහිර පළාත්වල පැයට කිලෝමීටර 50, 60 පමණ වේගවත් සුළං අපේක්ෂා කළ හැකි බව ද ඔහු සඳහන් කළේය.
පීඩන අවපාතයේ වර්ධනය අනුව මෙම සුළං වේගය තව දුරටත් ඉහළ යා හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.
මෙම පීඩන අවපාතය ඉදිරි දින තුන හතර තුළ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය හරහා උතුරු තමිල්නාඩු ආන්ද්‍රා ප්‍රදේශයට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර එය හෙට (5) සහ අනිද්දා (6) දිනවල ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් දිවයිනට ආසන්නව ගමන් කරනු ඇතැයි අනුමාන කරන බව ද එම ප්‍රකාශකයා කීවේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුහුදු නොයන්නැයි අනතුරු අඟවයි