IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුහුදෙන් නවසීලන්තයට යන්න ගිය 32 ක් රිමාන්ඩ්

සටහන / සේයාරු - ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ


නිති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් නවසිලන්තයට යාම සදහා  බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි නාවික හමුදාව සහ ආරච්චිකට්ටුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන හලාවත වැඩ බලන මහෙස්ත්‍රාත් ප්‍රදිප් රොද්‍රිගෝ මහතා  වෙත ඉදිරිපත් කල සැකකරුවන් 32 දෙනා ලබන දෙසැම්බර් 5 දින දක්වා බන්ධනාගාර ගත කිරිමට බන්ධනාගාර නිළධාරින්ට නියෝග කෙරුණි.


 මෙසේ බන්ධනාගාර ගත කලේ හලාවත උඩප්පුව, යාපනය, මුලතිව්, යන ප්‍රදේශ වලින් නවසිලන්තයට රැකියා සදහා යාමට බහුදින යාත්‍රාවකින් ගමන් කරමින් සිටියදි පැවති සුළි කුණාටුව හේතුවෙන් යාත්‍රාවට හානි විමෙන් ආරච්චිකට්ටුව මුතුපන්තිය වෙරළ තිරයට ලගාවු යාත්‍රාවේ සිටි 32 දෙනෙකුගෙන් සමන්විත කන්ඩායකි.


  මෙම සැකකරුවන්  නිති විරෝධි ලෙස නවසිලන්තයට යාම සදහා කල්පිටිය හෝ ආසන්න ස්ථානයකින් බහුදින යාත්‍රාවට එක්වි ඇති බවත් තවත් පිරිසක් උඩප්පුව ආසන්නයේදි එක්වි තිබෙන බවද වාර්ථා වෙමින් තිබේ .


මුතුපන්තිය හා නගුල් එලිය ආසන්න ප්‍රදේශවල ධිවර ජනතාව පවසන්නේ බහු දින යාත්‍රාව යම් කිසි ආපදාවකට ලක්වි තිබිමත් සමග මුතුපන්තිය නගුල් එළිය ආසන්නයේ වෙරළ තිරයට 30 දින සවස 2කට පමන ගොඩ ගසා තිබු අතර එහිදි 20 කට වැඩි පිරිසක් පැන ගිය බවත් ඉන් පසුව නාවික හමුදාව සහ පොලිසිය එක්ව ඉතිරි සැකකරුවන් 32 ක් අත් අඩංගුවට ගත් බවත් මෙම පිරිස පවසයි.


 එසේ වෙරළ තිරයට ගොඩ ගැසු බහුදින යාත්‍රාව දැඩි ලෙස අබලන්ව මුතුපන්තිය නගුල් එලිය ආසන්නයේ වෙරළ තිරයේදි තිබුනද එය පවතින මුහුදු රළත් සමග විනාශ විමේ අවධානමට මුහුන දි තිබුනි . එම යාත්‍රාවේ තිබු අත්අඩංගුවට ගත් සැකකරුවන් සතු දෑ සමග වියළි  ආහාර සහ  තවත් දෑ ආරච්චිකට්ටුව පොලිසිය මගින් භාරයට ගෙන තිබුනි.

 



අදහස් (9)

මුහුදෙන් නවසීලන්තයට යන්න ගිය 32 ක් රිමාන්ඩ්

Bamunuarachchi Saturday, 02 December 2017 07:54 AM

32 ක් ජීවිතය පරදුවට තබලා මුහුදෙන් නවසීලන්තයට යන්න ලැහැස්ති වුණේ මේ රට එපාවෙලා. මියෙම්වා රැකෙම්වා කියා අර කාලගෝලයා වතුරට පැන්නා වගේ මේ මිනිස්සුත් මියෙම්වා, රැකෙම්වා කියා කුඩා බෝට්ටුවකින් කිලෝමීටර් දහස් ගණනක් ඈත රටකට, මොන දුක හරි විඳින්නම් කියලා යන්න ලොකු හේතුවක් ඇති නේද? මෙසේ අල්ලාගත් පලවෙනි කට්ටිය නොවෙයිනේ මේ. මේ ගොල්ලන්ගේ මුණුබුරන්ට හෝ සැපවත් ජීවිතයක් දෙන්නයි මේ මිනිස්සු හදන්නේ. නැතුව මේ මිනිස්සු ගියගමන් හොඳ ගෙවල්වල ඉන්න ලැබෙන්නේ නැහැ හිරේ වැටෙන බව ඒ ගොල්ලෝ දන්නවා.

:       2       323

DonSaturday, 02 December 2017 09:51 AM

ඔතන ප්‍රශ්නය... මෙහෙම යන්න හේතු තමයි මේ අයට ලංකාවේ ලැබෙන පඩියෙන් සෑහීමකට පත්වෙන්න බැරි එක. ගෙවාගන්න බැරි ණයක් තිබීම, සහ ප්‍රධානම අරමුණ තමයි තට්ටු දෙකේ ගෙයක් හැදීමේ සහ අලුත්ම වාහනයක් අරගෙන අතමිට පිරෙන්න සල්ලි තියෙන එකවුන්ට් එකක හිමිකරුවෙක් වී අනිත් අයට තමන් සල්ලිකාරයෙක් බව පෙන්වීමේ සිහිනය තිබීම .. සාමාන්‍ය විදියට ජීවත්වෙන්න නම් ලංකාවේ පුද්ගලික කොම්පැනියක හෝ කඩ සාප්පුවක රස්සාවක් කරලා ජීවත්වෙන්න පුළුවන්. එහෙම මිනිස්සු මොනතරම් මේ රටේ ඉන්නවද..? වැඩියෙන්ම ඉන්නේ එහෙම මිනිස්සුනේ මේ රටේ. එහෙම නොකර මෙහෙම රට පනින්න හේතු තමයි මම ඔය සඳහන් කරලා තියෙන හේතු 3. මෙතන ණයක් ගෙවාගන්න බැරි කමට රට පනින්න හදපු අය ඉන්නවා නම් අධිකරණයෙන් ඔවුන්ගේ ඇත්ත තත්වය සොයා බලා නිදහස් කරනවා නම් ගොඩාක් හොඳයි ..මොකද ලක්ෂ 10 ක විතර ණයක් වුණත් ලංකාවේ රස්සාවක් කරලා සාමාන්‍ය මිනිහෙක්ට ගෙවාගන්න හරිම අමාරුයි.. අනිත් අයට කරන්න ඕන දේ මට කියන්න බැහැ.. තණ්හාය ජායති සෝකෝ තමයි ..

:       525       443

BamunuarachchiSaturday, 02 December 2017 04:50 PM

පඩිය පමණක් නොවෙයි. පවතින මුළු සමාජ ක්‍රමයටම මිනිසුන් ද්වේශ කරනවා. මධ්‍යස්ථ කෙනෙක් එක දේශපාලකයෙක් ගැන පැහැදීමකින් කතා කරනවද...? නැහැ... මිනිසුන්ට මේරට එපාවෙලා තියෙන්නේ...

:       0       4

naradha Saturday, 02 December 2017 10:42 AM

පසුගිය දශක 3-4 තුල ලංකාවේ බොහෝ දෙනා, විශේෂයෙන්ම තරුණයින් රටින් පිටවීමට පටන් ගත්තේ ලංකාවේ වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථා නැති වීම, රැකියා විරල වීම, නිවසක් සාදාගෙන දරුවන් හොඳ පාසලකට දමා යහපත් ජීවිතයක් ගෙන යාමට නොහැකි වීම වැනි මානුෂීය හේතුන් මතයි. බමුණුආරච්චි සඳහන් කරන පරිදි මේ බොහෝ දෙනා පිට රටකට ගිය විගසම සැපවත් ජීවිත ගත කරන්නට පටන් ගන්නේ නැහැ. එබැවින් කල යුත්තේ මෙවැනි අය අත්අඩංගුවට ගැනීම නොව, ඔවුන්ට වෘත්තීමය පුහුණුවක් ලබාදී තමන් කැමති රටක ජීවත් වන්නට ඉඩ සැලසීමයි. මෑත කාලයේ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය වැනි රටවලට සංක්‍රමණය වන්නන් අත්අඩංගුවට ගැනීම බහුල වී ඇත. සමහර විට මෙය මෑතදී සිදුවුණු ඕස්ට්‍රේලියානු අගමැතිවරයාගේ ලංකා සංචාරයේ ප්‍රතිඵලයක් විය හැකියි.

:       0       10

Dr. Edward Perera GermanySaturday, 02 December 2017 10:02 PM

2008 වසරේ මුල් කාර්තුවේ කිසියම් දිනක මා හිටපු ජනාධිපති ව අරලියගහ මන්දිරයේදී මුණගැසුනේ ශ්‍රී ලංකාවෙන් මැද පෙරදිගට "වහල්" සේවයට අපේ ශ්‍රමිකයන් යවනවා වෙනුවට වෙනත් විකල්පයක් ගැන සාකච්චා කරනු පිණිසයි. අපගේ යෝජනාව වුයේ පරිගණක විද්‍යාව උපයෝගී කරගෙන තරුණ තරුණියන්ට විදේශ රටවල පවතින ශ්‍රම ඉල්ලුමට සරිලන අන්දමේ න්‍යායාත්මක මෙන්ම ප්‍රායෝගික දැනුමක් හා පුහුණුවක් ලබා දී රටේ අභිමානයත් රැකෙන අන්දමින් විදේශ රැකියා ප්‍රවර්ධනයක් ඇති කිරීමයි. රටේ අවාසනාකට මෙන් හිටපු ජනාධිපති අප ගෙන ආ යෝජනාවට කැමති වුනේ නැහැ. එහි විපාක ඔහුගේ පරාජයෙන් පමණක් කෙළවර වුයේ නැහැ. රටේ තරුණ පරපුර ඒ වෙනුවෙන් අදත් ලේ දහදිය වලින් වන්දි ගෙවනවා.

:       0       1

BamunuarachchiMonday, 04 December 2017 12:36 AM

Dr. Edward Perera Germany මහතා දේශපාලන කොනෙන් හෝ ආර්ථික කොනෙන් බැලුවොත් මැද පෙරදිගට සේවයට යන අපේ ශ්‍රමිකයන් යන්නේ රැකියාවකටය. මොන ආකාරයේ රැකියාවට ගියත් හෝ මොන වෘත්තීයක් සඳහා ගියත් එම රටේ පුරවැසියෙක් ඔබගේ අනුග්‍රාහකයා හැටියට සිටිය යුතුය. යන්නේ රජයේ රැකියාවකට නම් එම රජය එම පුද්ගලයාගේ අනුග්‍රාහකයාය. ඔබ රටට පැමිණි වහාම අනුග්‍රාහකයා කරන්නේ ඔබේ ගුවන් බලපත්‍රය ඔහුගේ බාරයට ගැනීමය. ඒ ගත් වෙලේ සිට ඔහු හෝ ඇය වහලෙකි. මම කටාර් රජයේ සේවකයෙක් හරියට අවුරුදු 12 සේවය කළේය. මගේ මිතුරන් මේ වන විට අවුරුදු 20 පන්නා ඇති අතර තාමත් සේවය කරති. අපි සියලු දෙනාම කටාර් අපේ දෙවැනි මව්බිම හැටියට සලකමු.

:       0       0

කරුණාපාල Saturday, 02 December 2017 07:54 PM

පුහු මාන්නය හා කුහකකම අතින් වගේම අධ්‍යාපනය, සෞඛ්‍යය, පමණක් නොව සංස්කෘතිය අතිනුත් ලොව කප් ගසා සිටින අපේ මේ, දේසෙට ප්‍රේමී ආඩම්බරකාර ජනතාව බෝට්ටු වලින් හොරෙන් පිටරටකට පනින්න යනවා කියන්නේ, ලෝකෙන් උතුම් රටේ ජීවත් වෙන ප්‍රබුද්ධ ජනතාවගේ ප්‍රශ්නයක් නොවේ. අර පිටරට සංවර්ධනය වූවා යයි පම්පෝරි ගහ ගන්න රටවල භූගෝලීය පිහිටීම පිළිබද ගැටළුවක් නොවේද?

:       1       0

BamunuarachchiMonday, 04 December 2017 12:53 AM

ඔබගේ කතාව මට නම් නොතේරෙන අණ්ඩර දෙමළයකි. කෙසේවෙතත් "පම්පෝරි ගහ ගන්න රටවල භූගෝලීය පිහිටීම පිළිබද ගැටළුවක් නොවේද?" අනික් රටවල භූගෝලීය පිහිටීම පිළිබඳ ගැටළුව කෙසේ වෙතත් ලංකාව ඉන්දියාව අසලින් පිහිටීම නම් අපිට මහත් ගැටළුවකි. සිරි ලංකාවත් යුරෝපයට කිට්ටුව පිහිටියා නම් අපිත් අද මිනිස්සුය. "අපේ මේ, දේසෙට ප්‍රේමී ආඩම්බරකාර ජනතාව බෝට්ටු වලින් හොරෙන් පිටරටකට පනින්න යනවා කියන්නේ" දේශයට තිබෙන අනාදරය නිසා නොව රටේ පවතින ක්‍රමයට තිබෙන අනාදරය නිසාය. රටේ නායකයාගේ සිට කාර්යාල කාර්ය සහයක දක්වා සියලු දෙනාම වංචාවට, දූෂණයට ලක්වූ හෝ දූෂණයේ යෙදෙන හෝ දූෂණයට අනුබල දෙන්නවුන් නම් දේසෙට ප්‍රේමී ආඩම්බරකාර ජනතාව මොන බම්බුවකට මෙරටට ආදරය කරන්නද?

:       0       0

Bamunuarachchi Monday, 04 December 2017 01:21 AM

"මැද පෙරදිගට "වහල්" සේවයට අපේ ශ්‍රමිකයන් යවනවා වෙනුවට " ඩොක්ටර් එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය, ඔබ ඔය "වහල්" සේවය කියා ඇඟිල්ල දික් කරන්නේ ගෘහ සේවක සේවිකාවන් දිසාවට කියා අනුමාන කරමි. මැද පෙරදිගට ගෘහ සේවයට යන්නේ ලංකාවේ අය පමණක් නොවේ. ඉන්දියානු, බංගලිදේශ, පකිස්තානු, පිලිපීන, ඉන්දුනීසියානු ජාතිකයින්ද මේ රැකියාව සඳහා මැදපෙරදිග යන්නේය. නමුත් පිලිපීන, ඉන්දුනීසියානු ජාතික කාන්තාවන්ට මැදපෙරදිග ගෘහවල හිමිවන ස්ථානය. ඉන්දියානු, බංගලිදේශ, පකිස්තානු සහ ලංකාවේ ගැහැනුන්ට හිමිවන්නේ නැත. හේතුව ඔවුන්ගේ සමේ පාට සහ ඉංග්‍රීසි දැනුමය. එමනිසා ඔවුනට වැඩි වැටුපක්ද ලැබෙන්නේය.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2848 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7327 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3726 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3070 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11752 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8025 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1547 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site