IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහජන පීඩාව ගැන නාමල් සමාව අයදියි

ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය නිසා කිසියම් ආකාරයකින් මහජනතාවට බාධාවූවා නම් ඒ ගැන සමාව අයදින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි.
 
ඒ මහතා මේ බව කියනුයේ ඔහුගේ නිල ට්විටර් ගිනුමේ පණිවිඩයක් සටහන් කරමිනි. 
 
‘මේ රටේ කොපමණ ජනතාවකට වෙනසක් අවශ්‍යද කියා ඇත්තටම ආණ්ඩුවට පෙන්වන්න වෙන විකල්පයක් තිබුණේ නෑ.  ප්‍රජාතන්ත්‍රවාදීව ඔවුන්ගේ නායකයන් තේරා ගැනීමට ඇති අයිතිය තහවුරු කරන තුරු අපේ සටන කරගෙන යනවා.‘
 
රජයේ බියගැන්වීම් තිබියදීත් විරෝධය දැක්වීමට ලංකාවේ විවිධ ප්‍රදේශවලින් ජනබලය කොළඹට විරෝධතාවයට සහභාගී වීමට කාලය වෙන් කළ සියලුම දෙනාටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ ආණ්ඩුව ගෙදර යැවීමේ උත්සාහයේ පළමු පියවර තිබ්බේ ඔබයි. යහපත් රටක් උදෙසා දිගටම අරගල කරමු.‘‘ 



අදහස් (25)

මහජන පීඩාව ගැන නාමල් සමාව අයදියි

Sam Thursday, 06 September 2018 08:27 AM

එතකොට රටේ සම්පත් මුදල් දේපොළ හොරකම් කලාට සමාව ගන්නේ කවද්ද

:       1       139

sarath Thursday, 06 September 2018 08:31 AM

නා මල පරවෙයි.....

:       40       141

Darshana Thursday, 06 September 2018 08:36 AM

සමාව ඉල්ලලා මහත්මයෙක් වෙන්න හැදුවට ප්‍රමාද වැඩියි, ජනබලේට ආපු, රෑ බිල බිල මහපාරේ වැටිලා හිටපු අයම උදේ සංවිධායකයින්ට බැණ බැණ ගිය හැටි අපි දැක්කා.

:       1       256

sam Thursday, 06 September 2018 08:45 AM

බීලා වැඩිවෙලා රෝහල්ගත කරපු උදවිය වෙනුවෙනුත් කවුරු හරි සමාව ඉල්ලුවානම් හොඳයි .

:       41       704

wedage Thursday, 06 September 2018 08:53 AM

සමාව දෙනු මැන සමාව දෙනු මැන වරදක් වූ වා නම්........ සිත රිදවන්නට ඔබ හඬවන්නට සිතුවේ නැත මා නම්

:       6       105

dasun Thursday, 06 September 2018 09:02 AM

ගොන් කතා නොකිය හිටියනං හොදයි වගේ.

:       431       1765

dias Thursday, 06 September 2018 09:49 AM

දැන්වත් ඔය තොවිල සති අන්තයක කර ගන්නවද? අපිට නම් ඔය එක එකාගේ විකාර දැන් ඇති වෙලා තියෙන්නේ.

:       0       373

වාසුල Thursday, 06 September 2018 09:50 AM

කොපමණ ජනතාවකට වෙනසක් අවශ්‍යද කියල අපූරුවට පෙන්නුවා අරලියගහ මන්දිරය වටලන්නවත් ප්‍රමාණවත් ජනතාවක් නැතුව. ඔයාලගෙ කාලෙනම් බියවැද්දීම තිබුණ. ඒත් අපිනම් දැක්කෙ නැහැ රජය කවුරුවත් බිය වද්දනවා. අනේ මෙහෙම බොරු කියා කිය එන්නෙ රටට ආදරේට නේද?

:       526       772

Nimal Thursday, 06 September 2018 10:18 AM

තව සමාවත් ඉල්ලනවා.

:       0       166

Gihaan Thursday, 06 September 2018 10:18 AM

මේ ඔය අඬවැඩියාව නිසා අපේ කන්වලට නිවනක් නැහැ .

:       0       85

Raveendra Thursday, 06 September 2018 10:21 AM

අනේ මේ මහජන නියෝජිතයා බොරු බයිලා "රචනා" කියවනවා නේද ??

:       0       52

Sarasi Thursday, 06 September 2018 10:26 AM

ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ , මාලිගාව ඉස්සරහ පාරවල් වහලා කාර් රේස් තියපු මිනිස්සු.

:       0       240

Asanka Thursday, 06 September 2018 10:32 AM

සමාව ඉල්ලුවට මහත්තයෙක් වෙන්න බැහැ........

:       0       155

rohana kumara mendis Thursday, 06 September 2018 10:35 AM

ආනේ මහා ජනතාවට ටුවිටර් නෑ කියල මෙයා දන්නේ නැද්ද? ටුවිටර් තියා දුරකතනයක් නැති අය කොච්චරද.

:       0       73

රොෂාන් Thursday, 06 September 2018 10:43 AM

අනේ නාමල් බේබි. රටේ බහුතරයක් ඔයාගේ තාත්තව ගෙදර යැව්වේ ඔයාලගේ වැඩ නිසයි. දැනුත් ඒ මනුස්සයාට ඉන්න නැත්තේ ඔයාලා වගේ වටේ ඉන්න අය නිසයි.

:       0       212

Bandula. Thursday, 06 September 2018 10:50 AM

මේ වසර එක හමාරත් ඔය පිස්සු නට නටා ඉමු නේද. ඇත්තටම වැඩකට ඇති දෙයක් කලානම් ගොඩක් වටිනවා. මිනිසුන්ට ආර්ථික අපහසුකම් අහස උසට. මොනවා කරන්නද පුරුවේ කල පවට.

:       0       85

Yasiru Thursday, 06 September 2018 11:02 AM

ඒ කාලයේ නීති විභාග පවත්තපු හැටි මතක් වෙනකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය දෝරේ ගලනවා.

:       0       214

chana Thursday, 06 September 2018 11:03 AM

මුළු රටම ඔබව ප්‍රතිෂේප කරලා ඉවරයි. ඔබට දේශපල අනානගතයක් නැහැ. ඒ බව දන්නා ඔබගේ පියා වලිකන්නේ නාමල් බේබිට හෙටක් හදලා දෙන්න. ඒක ඔය පෙළපාලි යන ගොඩදෙනකුට තේරෙන්නේ නැහැ.

:       18       431

Ranga Thursday, 06 September 2018 11:07 AM

දැන් මෙයාද පක්ෂයේ ලොක්කා ? අපි දැනගෙන හිටියේ නැහැනේ ? අපි හිතුවේ හෝඩියේ පංතියේ විවිධ ප්‍රසංගයක් කියලා .

:       0       21

සේන Thursday, 06 September 2018 11:07 AM

ඔබ තුමා වැනි නායකයින් තමා අද රටට අවශ්‍ය. අපි දන්නවා ඔබ තමා දවසක මේ රටේ ජනාධිපති. එහෙම ස්ථානයකට එන්න සිටින ඔබ සත්‍යවශයෙන්ම නොවුන වැරැද්දකටත් සමාව ගන්නවා යනු ඉතා හොද මහත්මා ගතියකි. කවුරු මොනවා කීවත්, අපි ඔබ තුමා සමගයි. ඔබට සුභ පතමි.!

:       717       11

Thusitha Thursday, 06 September 2018 11:10 AM

අනේ කිසිම පීඩාවක් නැහැ. පොඩි දරුවෙක් කන ලඟින් කෙඳිරි ගානවා වගේ ඇහුනා .

:       0       8

indika Thursday, 06 September 2018 11:17 AM

මෙයා ඒ කාලෙ මාලිගාව ඉස්සරහ රේස් පෙදලත් සමාව ඉල්ලුවද? මට මතක නැහැ.

:       0       228

dhamneth Thursday, 06 September 2018 11:23 AM

ප්‍රජාතන්ත්‍රවාදිව මැතිවරණ තියන්න ව්‍යවස්ථාවෙන් දන්වා තිබෙන්නේ අවුරුදු පහෙන් පහට නේද? පසුගිය මැතිවරණය පවත්වා අවුරුදු 5 සම්පුර්ණ වෙන්නේ 2020 නේද? ව්‍යවස්තාව වෙනස්කරමුද අවුරුදු දෙකෙන් දෙකට මැතිවරණ පවත්වන්න?

:       0       0

sirimal Thursday, 06 September 2018 12:13 PM

සමාව ඉල්ලන ගමන්ම කියනවා මහනුවරටත් ඔය සෙනඟම යනවා කියලා. මොන ජීවිතයක්ද මේක?

:       0       87

OMG Thursday, 06 September 2018 12:46 PM

අපිටත් සමාවෙන්න. මේ කෝලම් අහනවා බලනවට.

:       0       245

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 91 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 245 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 56 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 788 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 215 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 258 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1702 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site