IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාස 11 ට ළමා අපයෝජන පැමිණිලි 8548 යි

විනීතා එම් ගමගේ

මේ වසරේ ගෙවී ගිය මාස 11 ක කාලය තුළ ළමා අපයෝජන පිළිබඳ පැමිණිලි 8548 ක් ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියයි. 
 
මෙම පැමිණිලි අතරින් වැඩි ප‍්‍රමාණයක් ලැබි ඇත්තේ දරුවන් කෘරත්වයට පත් කිරීම සම්බන්ධයෙන්ය එවැනි පැමිණිලි 2037ක්  ලැබි ඇති බව අධිකාරිය පවසයි.
 
අනිවාර්ය අධ්‍යාපනය ලබා නොදිම සම්බන්ධ පැමිණිලි 1298 ක් ද වාර්තා වි ඇතැයි පවසන ලමා ආරක්ෂක අධිකාරිය ළමුන් නොසලකා හැරීම පිලිබඳව පැමිණිලි 358 ක් වාර්තා වී ඇතැයි ද කියයි. 
 
ලිංගික අතවර කිරීම් පිළිබඳ පැමිණිලි 481 ක් හා බරපතල ලිංගික අපයෝජන පිළිබඳ පැමිණිලි 284 ක් ද ස්ත‍්‍රී දුෂන පිළිබඳ පැමිණිලි 322 ක් ද මෙම පැමිණිලි අතර ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  සභාපතිනි නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ප්‍රකාශ කළේය. 
 
වැඩිපුරම පැමිණිලි එනම් පැමිණිලි 1232ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බවත්  ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් පැමිණිලි 925 ක් වාර්තා වු අතර කුරුණෑගලින් පැමිණිලි 647 ක් ලැබී ඇති බව ඇය සඳහන් කළාය. 



අදහස් (16)

මාස 11 ට ළමා අපයෝජන පැමිණිලි 8548 යි

පිටිගල මිලානෝ Monday, 11 December 2017 12:27 PM

මේ දත්ත අනුව පෙනී යන්නේ ලෝකයේ වැඩිම අසහන කාරයෝ ඉන්නේ පෙරදිග ලෝකයේ මුතු ඇටයක්වු නිර්මල බුදුදහම පවතින, හන්දි ගානේ බෝගස් තිබෙන සහ ඒවාට පූජා පවත්වන ලංකාවේ බවයි.

:       277       218

saduniTuesday, 12 December 2017 01:50 AM

මගේ වයස 7 ක දුවගේ පන්තියෙ දරුවෙකුගේ අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා ඇයගේ වාහනයේ දරුවාගේ ඇඳුම් කෑම සපත්තු පොත්සියල්ල දමාගෙන එනවා. පාසැල නිමවු පසු කාරය තුලදිම වෙනත් ඇදුමක් අන්දවා ගෙන පන්ති රැගෙන යනවා. මගදිම කවනවා. සැමදා ගෙදර යන්නේ 6-7 වෙලාලු. හරි උජාරුවෙන් කියනවා. මම කොච්චර මහන්සි වෙනවද දරුවා වෙනුවෙන් කියලා. නමුත් අපිට පේන විධියට ඒ නොදරුවා පුදුම පිඩනයකට හසුවෙලා ඉන්නේ. සෙලලමක් කරන්න නැහැ. උදේ සිට රාත්‍රි වනතුරුම මහපාරේ. පොත් එක්කමයි. දරුවා කෘෂවෙලා. මේවා අම්මලා කරන්නේ නොදැනුවත් කම නිසයි. ඒ නිසා පාසැල් මටටමෙන් මෙසේ නොකළයුතු බවට නිරන්තර දැනවත්කිරීම කරනවා නම් හරි වටිනවා. මේක කොළම දිස්ත්‍රික්කයේ ඉතා ප්‍රසිද්ධ ජනප්‍රිය පාසැලක වෙන දෙයක්. අපි හිත්න්නේ මේවට එන හැම දෙමව්පියොම උගත් බුද්ධිමත් කියලා. එහෙම නැහැ. ළමා අධිකාරිය විසින් පාසැල් වලට තම නියෝජිතයින් යවලා දරුවන් සමග ඔවුන්ගේ දෙමව්පියන්ට කතා කරලා දැනවත් වෙලා අපේ ඇසට නොපෙනෙන දැඩි මානාසික හිංසන වලට ලක්වි ඇති මෙැවැනි දරුවන් බේරාගන්න කියා මා ඉල්ලා සිටිනවා. මෙය නොකලොත් අපේ අනාගත පරපුර කට පාඩම් කර විභාග සමත්වු නමුත් කිසිම හැඟිමක් දැනිමක් නැති අයවේවි.

:       0       11

seenakaTuesday, 12 December 2017 01:53 AM

මෝඩ අය කරන්නේ දරුවට නිදහසේ පාඩම් වැඩක් කරන්න නොදි දෙවියන්ගේන විභාග පාස් කරවිමට ඉල්ලා සිටිම සහ එම මෝඩ අදහස පරම්පරාවෙන් පරම්පරාවට පැවත යාමට කටයුතු කිරීමයි. මේ හැමදේම වාණිජකරණය වෙලා මුදලට යටවෙලා කියලා සමහර අම්මලාට නොතේරිම කණගාටුවට කරුණක්

:       1       0

kanthiTuesday, 12 December 2017 07:08 AM

කුඩා දරුවන්ට එයාගමෙ අම්මට තාත්තට වුනත් හිතුමතේ ගහන්න බනින්න බැහැ. නිදියන්න නොදි අකැමැති පන්ති වලට හිර කරන්න බැහැ. දරුවා ආස වැඩසටහනක්ද නරඹන්න නොදී ඉන්න බැහැ සහ දරුවාගේ නිදහස ළමා කාලයේ දිය යුුතුයි කියලා පාසල් මට්ටමෙන් හරි හැකිනම් දරුවන් ඉන්න පවුල වල ගෙයින් ගෙට ගිහින් හරි කියලා දෙන වැඩපිලිවෙලක් හදන්න. මෝඩ අම්මලා තමන්ගේ දරුවට තඩි බාන්නේ මේවා නොදැන සහ ළමා මනස මේවයින් කොතරම් රිදෙනවද කියලා නොදැනයි.

:       0       101

rocky Monday, 11 December 2017 12:58 PM

අවුරුදු 2500 කට වැඩි කාලයක් තිස්සේ බණ කිවුවත් එයින් පලක් සිදු වී නැත. තව තව බණ කිවුවත් පලක් නැත. බණ කියන්නන් මිස පිළිපදින්නන් කවුරුවත් නැති බැවිනි. ධර්මද්වීපයේ හැටි එහෙමයි!

:       141       130

Sampath Monday, 11 December 2017 01:18 PM

මෙවැනි බරපතල අකටයුතුකම් ගැන කටයුතු සොයා බලන්න වෙනම අධිකරණ පිහිටුවීමත්, දක්ෂ නීතීඥයින් බඳවා ගත යුතුයි. ළමයින්ගේ අයිතීන් රැකීමට ඉන්නේ ඇතැම්විට පොලිස් නිලධාරියෙක් පමණි.

:       0       114

වත්සලා සේනාධීර Monday, 11 December 2017 04:55 PM

හැම රටකම ළමා අපචාර සිදු වෙනවා. ලංකාවට වඩා එය සිදුවෙන රටවල් තියෙනවා. ඉතාලියේ ගොඩක් පල්ලි බංකොලොත් වුනේ ළමා අපචාර නිසා. බණ දේශනා කරන අය නෙවෙයි වග කියන්න ඕනෑ මේ තත්වයට, බණ අහන අයයි. අදහස් දාන කොට තමන්ගේ කුහකත්වය වෛරය මුසු කරන්න එපා.

:       2       132

raviTuesday, 12 December 2017 06:06 AM

වත්සලා මහත්මිය කියන විදිහට, ඉතාලියේ වගේ අපි ලංකාවෙත් අපේ දරු / දැරියන් දුෂණය කිරීමට අනුබලදීම ඉතා ලොකු වරදක්.. ලාබාල වියේදී දූෂණයට ලක්වෙන දරු / දැරියන් වැඩිහිටි වයසේදී සමාජයට වෛර කරන පුද්ගලයන් බවට පත්වෙනවා...

:       0       0

lalithTuesday, 12 December 2017 06:21 AM

කකුළුවා ඇදේට යන ගමන් පැටවුන්ට කෙලින් යන්න කිව්වාම මෙහෙම වෙනවා ඕන රටක.

:       0       0

ravi Monday, 11 December 2017 06:08 PM

රටකට මොනවගේ සමෘද්ධියක් ඇතිකළත් වැඩෙක් නැහැ .. අපි අපේ අනාගත පරපුර ආරක්ෂා කරගත්තේ නැත්තම්. මේ වගේ නිශ්ප්‍රයෝජනයට ලක්වෙන දරු / දැරියන් අනිවාර්යෙන්ම මානසික රෝගීන් බවට පත්වෙනවා . බාල වයස්කාරයන් දුෂණය අපේ බෞද්ධ රටේ සමාජ සංස්කෘතියක් නොවිය යුතුයි .

:       0       0

Dr. Edward Perera Germany Tuesday, 12 December 2017 01:39 AM

මල් වත්තක මල් ලස්සනට පිපෙන්න කලින් නොතැලුන පොහොට්ටු හැටියටයි අපි දකින්නේ. ඒ පොහොට්ටු බාධාවකින් තොරව වැඩුනොත් එහි වාසිය තියෙන්නේ උද්‍යානයටයි උද්‍යානය බලන්න එන අමුත්තන්ටයි. රටක දරු දැරියන්ද ඒ වගේමයි. ලස්සනට පිපුන මල සුවඳවත්ව පරිසරය ඔපවත් කරන විට ඒ සුවඳින් මුළු පරිසරයම බැබලෙන්නා සේම හොඳින් වැඩුන දරුවන් ජාතියම සුවඳවත් කරනවා. වැඩිහිටියන් අතින් මේ කෙලෙසෙන්නේ රට රකින්න ඉන්න අනාගත පරපුර බව මෙනෙහි කරන්නේ නම් රටට එය මොන තරම් ආශීර්වාදයක්ද?

:       0       1

yasantha Tuesday, 12 December 2017 01:41 AM

වැඩිපුරම පැමිණිලි එනම් පැමිණිලි 1232ක් ලැබී ඇත්තේ කොළඹ දිස්ත‍්‍රික්කයෙන් බව කියනවා. මම දන්නා මධ්‍යම පාන්තික පවුල් වල දරුවන් නිවස තුලදිම තම දෙමව්පියන්ගේන්ම හිංසනයට ලක් වෙනවා.හොදයි කියලා හිතන පවුල් වල සමහර අම්මලා තම වයස 6-7 දරුවට නොදැනිම පුදුමාකාර වදයක් දෙනවා. පාසැල් ගොස් නිවසට එන කුඩා දරුවට පැයක් නිදහසේ ඉන්න දෙන්නේ නැහැ. ආ ගනන් පොත්. දැන් පාඩම් කරන්න කියනවා. එසේත් ගෙදර බලු ලැටියා හුරතල් කරන්න තත්පරයක් දරුවට දෙන්නේ නැහැ අම්මා කැමති පොෂ් පන්ති වලට නොදරුවා ඇදගෙන යනවා. මානසික ව්‍යාධි තියෙන අම්මලා ඉන්නවා. මේ අය රැකියාවේ පිඩනය සැමියාගේ පිඩන සේරම යවන්නේ නිවසේ සිටින නොදරුවන් පිටින්. මා දන්නා එක් මවක් සිටිනවා දරුවාගේ නිවාඩු කාලේ පටන් ගත් දිනයෙවත් දරුවට පොත් අතට ගන්නේ නැතුව ඉන්න දෙන්නේ නැහැ. ඇය නිවසේ සිටන සෑම වෙලාවේම කරන්නේම විෂය කරුන කටපාඩම් කරවන එකමයි කරන්නේ. මේ නිසා කුඩා දරුවන්ට අනවශ්‍ය පිඩනයක් නොදෙන ලෙස පාසැල් මට්ටමින් අම්මලාව නිරතුරුවම දැනුවත් කරන සම්මන්ත්‍රණ පටන් ගන්න. මේවා රූපවාහිනී වල කිව්වට ඒ අම්මලා බලන්නේ නැහැ. වැඩට යනවා....ගෙදර ඇවිත් දරුව අරන් පන්ති දුවන එක විතරයි මේ අය කරන්නේ.

:       0       0

jayantha Tuesday, 12 December 2017 07:19 AM

බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා හිරේ දන්නා නීති හදන්න ඕන.

:       0       1

nimalka Tuesday, 12 December 2017 07:29 AM

කියන්න කනගාටුයි අපේ රටේ බොහෝ පුංචි පන්ති වල ගුරුවරියිනට පවා ළමා මනස ගැන ළමා අයිතිවාසිකම් ගැන නිසි අවබෝධයක් නැහැ. එයාලත් කරන්නේ දරුවගේ අම්මට කියනවා දරුවා හොදයි තව මහන්සි වුනොත් තවත් හොද වෙයි. දරුවා දුර්වලයි. කව උනන්දු කරන්න කියන වචන ටික විතරයි. ඉතිං මෝඩ සමහර අම්මලා දරුවට වද දෙනවා. නිදියන්න දෙන්නේ නැහැ. සෙල්ලමක් කරන්න දෙන්නේ නැහැ පන්තිම එක්කකන් යනවා. ගහනවා. ලොකු අයට බනනවා වගේ තම දරුවට බනිනවා පාඩම් කරන්න කියලා. ලකුණු 90 ගන්න දරුවටත් කියන්නේ ලබන පාර 95 ක් ගන්න ඕනේ. අරයට වඩා ලකුණු ඕනෙ කියලා. මුලින්ම ගුරුවරු දැනුවත් කරන්න. ඉන්පසු ඔවුන් හරහා කුඩා පන්ති වල දරුවන් සිටින අම්මලා දැනුවත් කරන්න. දරුවට අධික පිඩනයක් දෙන්න එපා. බනින්න ගහන්න එපා පවුල් ප්‍රශ්න දරුවන්ගේ කරපිටින් යවනන් එපා කින එක ගැන.

:       0       1

shiyani Tuesday, 12 December 2017 07:35 AM

සමහර කොළඹ දරුවන් එයාලගේ මෝඩ අහංකාර දරදඩු අම්මලා ගාව හැදෙනවට වැඩියි හොස්ටල් එක්ක හැදෙනවා නම් හොදයි. අඩුගානේ දරුවා කනක් ඇහිලා ඉන්නවා. අපේ දරුවො ගන්න පාසැල ගාව ඉන්නකොට නානාප්‍රකාර එකඑක රැකියා කරන අම්මලා හමුවෙනවා. හරිම කනගාටුයි සමහර අය හිතන්නේ හරි හොඳ අම්මලා කියලා.නමුත් දරුවන්ට නොදැන මානසික වද දෙන අම්මලා එමටයි.

:       0       1

neeliya Tuesday, 12 December 2017 07:39 AM

මගේ අද්දැකිම අනුව කොළඹ නොදරුවො තමන්ගේම අම්මලා අතින් මාසනසිකව පිඩාවට පත්වෙනවා. ගම්වල නොදරුවෝ පිට අය අතින් සහ ගෙදරම අය අතින් ශාරිරික පිඩා වලට ලක්වෙනවා. මේ දෙකම ඉතාම බරපතලයි. නමුත් අවාසනාවට අවධානය යොමු වන්නේ ශාරිරික පිඩාවට ලක්වෙන නොදරුවො ගැන විතරයි. සමාජයට නොපෙනි තමන්ගේම මව නිසා හිරකාරයින් වෙලා කදුලු සලන නොදරුවෝ කොළඹ දිස්ත්‍රික්කයේ සිටිනවා. එ්කට මේ සමීක්ෂණය සාක්ෂි දරනවා වැඩිම පැමිණිලි කොළඹින්...........

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2237 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1178 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 904 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 397 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 700 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 623 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1505 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site