IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මාස 10කට පසු පන්ති වර්ජනය අවසන්

මාස 10කට අධික කාලයක් පුරා පැවැති වෛද්‍ය පීඨ ශිෂ්‍ය පන්ති වර්ජනය අවසන් කර සඳුදා සිට යළි දේශනවලට යෑමට තීරණය කර ඇතැයි වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රිකාකාරී කමිටුවේ ආරංචි මාර්ග කියයි.
 
රාගම වෛද්‍ය පීඨයෙන් පන්ති  වර්ජනය ආරම්භ කරනු ලැබුවේ පසුගිය ජනවාරි මාසයේය. ඒ අනුව මාස 10ක පමණ කාලයක් පන්ති වර්ජනය ක්‍රියාත්මක විය.
 
හෙට කොළඹ කොටුවේදී විශේෂ රැලියක් පවත්වා කොටුවේ ඉදි කර ඇති අට්ටාලය ඉවත් කරන බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් කීවේය.
 
කෙසේ වෙතත් මෙම තීන්දුව ගැන සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ සිටි කිහිප දෙනකු අතර මත බේද ඇති වී තිබෙන බව ද දැනගන්නට ඇත. සයිටම් ආයතනය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට සහ එහි දැනට සිටින සිසුන්ට සාධාරණයක් කිරීමට රජය එකඟ වූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියයි.  නමුත් සිසුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන්නේ ඔවුන් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරගෙනදැයි යන්න ගැන තීරණයක් නැත. අවසන් තීරණයක් නැතිව මෙවැනි තීරණයකට එළඹීම වැරදි බව සයිටම් සටනේ ඉදිරිපෙළ සාමාජිකයෙක් පැවසීය.



අදහස් (23)

මාස 10කට පසු පන්ති වර්ජනය අවසන්

රවිඳු Wednesday, 08 November 2017 06:59 PM

බල්ලන්ගේ ජාතික දිනය නොවැම්බර් 8 වෙනිදාට යෙදී ඇත්තයි කියන්නේ ඇත්තද? බල්ලන්ට අද මාර ජොලි දවසක් ඕයි

:       2074       1514

poosaThursday, 09 November 2017 04:18 AM

තමන්ගේ සුනකකම ප්‍රදර්ශනය විම ගැන ලජ්ජවෙන්න මිත්‍රයා ..

:       407       694

රොමේෂ්Thursday, 09 November 2017 05:57 AM

මෙයා ගිහින් තියෙන උඩ. ණයට කහින පිස්සෝ...

:       6       183

hema Wednesday, 08 November 2017 07:19 PM

රජයේ වෛද්‍ය පීට සිසුන් තම එ්කාදිකාරිය රැක ගැනීම වෙනුවෙන් පන්ති වර්ජනය කර සියලු සිසුන්ගේ අද්‍යාපනය වසරකින් පස්සට තල්ලු කරයි හෙට සිට පුද්ගලික පාසල් සිසුන් තමන්ට වෛද්‍ය අධ්‍යාපනය සිය රට තුලදී ලබාගැනීමට අවස්ථාව ඉල්ලා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නට සුදානම් වෙයි එතකොට ආයිත් පන්ති වර්ජනය කරනවද ??????

:       712       911

Shanaka Wednesday, 08 November 2017 11:56 PM

අනේ හොදයි. අපිට පාරේනිදහසේ යන්න පුලුවන්.

:       6       123

naradha Thursday, 09 November 2017 12:00 AM

සාදු සාදු!

:       0       15

Chamara Thursday, 09 November 2017 01:30 AM

ඇත්තටම පුදුම සතුටක් දැනෙන්නෙ.. දැන් වත් මේ ප්‍රශ්නෙ විසදුනා නම් එච්චරයි.. සයිටම් එකේ 84ක් නිසා අසරණ ලමයි 8000කගෙ කාලෙ විනාස වුනා.. දේශපාලන ඩීල් තියන අය තමා මේ විසදුම පිලිගන්නත් අකමැති.. අන්තරේ, ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුලු සැමට සුභ පතනවා..මේ පුවත ගෙන ඒම සම්බන්ධව ලංකාදීපයට තුති..

:       782       1035

ගීත්Thursday, 09 November 2017 02:54 PM

ඔය කියන 8000 නිසා අපේ කාලය පාරවල් වල විනාස වුන තරම දන්නෙ අපි... සයිටම් තිබ්බත් නැතත් සල්ලි තියෙන කෙනා පිටරටක කැම්පස් හරි ගිහින් උපාධිය ගන්නවා. ඒ පිටට ඇදෙන සල්ලි ටික ලංකාවේ ඉතුරු කරගන්න තිබ්බ චාන්ස් එකටත් නැති වුණා. ඒකයි වුනේ අන්තිමට. දැන් සයිටම් වැහුවා කියලා ඔය ළමයි උපාධිය සම්පුර්ණ කරන්නේ නැතිවෙයි...අනේ හා....

:       34       43

Ajith NissankaMonday, 13 November 2017 12:39 AM

ඔයා කියන විදියට සල්ලි ගෙවලා වෛද්‍ය උපාධි ගන්න පුළුවන් ඉන්දියාව වගේ රටවල් අතලොස්සක විතරයී !!! ඒවා ගත්තත් ගෙදර තමා ඉන්න වෙන්නේ! ඒවා පිළිගන්න රවවල් නැහැ ඒ තරමට බාල්දු!

:       95       3

හේමාල් Thursday, 09 November 2017 02:23 AM

ඔය සයිටම් සමත් වෙච්ච සිසුන් එස් එල් එම් සී ලියාපදිංචියේදී ඊ පී ආර් එම් වැනි විභාගයකට පෙනී සිටිය යුතුයි නේද ?

:       67       14

ලුම්බිණි Thursday, 09 November 2017 02:50 AM

අපරාදේ. තව අවුරුදු දහයක් වත් වර්ජනය කර ගෙන යන්නයි තිබුනේ.

:       423       546

Bimal Thursday, 09 November 2017 03:31 AM

හැට පනින කන් වර්ජනය කළා නම් හරි. දියුණු රටවල සිසුන් වයස 21 වෙන විට සාමාන්‍ය උපාධි සම්පුර්ණ කරනවා. අපේ කට්ටිය හැට පනින කන් අනුන්ගේ ඉගෙනීම නවත්වන්න කුමන්ත්‍රණ කර කර රටට බරක් වෙනවා. උපාධියෙන් පසුවත් අරක දියව් මේක දියව් විතරයි. තමන්ගෙන් රටට තියා ගෙදර වයසක දෙමව්පියන්ටවත් වගතුවක් නැහැ. උන්දලාට නහින දෙහින වයස මාරාන්තික උපවාස කරන්න වෙලා තියෙන්නේ.

:       484       542

sumith Thursday, 09 November 2017 03:35 AM

අපරාදේ එයාලට ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්න තිබුන වෙලාව මාස දහයකින් කල් ගිය එක ගැන දුක ඇති

:       217       354

Amal Thursday, 09 November 2017 03:41 AM

පුද්ගලික රෝහල් කවද්ද වහන්නේ? එකටත් උද්ගෝෂණයක් කරමු නේ? ඇත්තටම සල්ලි තියන මොලේ නැති දොස්තර වෙන්න ආස අයට ඕනේ කොහොම හරි ඒ දේ කරගන්න. එකට සුදුසු කම් නැති දේශකයන් යොදා සල්ලි වෙනුවෙන් බාල වෙද උපාධි දෙන එක සුදුසු නැහැ.

:       53       514

sas Thursday, 09 November 2017 03:59 AM

රජයේ වෛද්‍ය පීට සිසුන් තම එ්කාදිකාරිය පවත්වාගෙන යාම සදහා කරපු වැඩකි මේක .

:       321       179

sujeewa Thursday, 09 November 2017 04:03 AM

මේකේ එන මුල්ම අදහස් හරිම ද්වේෂයකින් ලියපු ඒවා.මට හිතාගන්න බෑ ප්‍රතිගාමින් මේ තරම් වයිරයකින් උද්ගෝෂණ වලට විරුද්ද වෙන්නේ අැයි කියල.මේ ප්‍රශ්න රවිඳු මහත්තයටත් එයාගේ දරුවන්ටත් බලපාන දේවල්. මම හිතන්නේ නෑ රවිඳු මහත්තයට තමන්ගේ දරුවෙක් සයිටම් එකට ඇතුලත් කරගන්න තරම් වත්කමක් තියනවා කියල. මේ විදියේ අදහස් එලියට එන්නේ කුහක් කමේ හා මෝඩ කමේ ප්‍රතිපලයක් හැටියට.

:       325       1093

රවිඳුThursday, 09 November 2017 09:49 AM

මෙහෙමයි sujeewa මගේ දරුවෙකුට ඔතන ඉගෙන ගන්න බැරි උනත් අපේ රටේ සුදුසුකම් තියන දක්ෂ ළමුන් ඔවුන්ගේ මුදලින් ඉගෙනගන්නවට මගේ නම් කිසිම විරෝධයක් නැහැ. මහපාරේ ඉදලා ගන්න උපාධියට වඩා දුක් මහන්සිවෙලා ඉගෙන ගන්න කෙනාගේ කොලිටිය අපි හොඳට හඳුනනවා. උපාධි අතේ තියාගෙන ඉන්න මෙලෝ හසරක් නැති වැඩ බැරි ටාසන්ලා ගැනත් අපිට හොඳ අවබෝධයක් තියනවා. තමන් තැනකට ආවාම අනුන්ට වල කපන තියරියත් අපි හොඳට හඳුනනවා. එය පුස්සන්ගේ භීතිකාව බවත් අපි දන්නවා. අපට වඩා අඩු අධ්‍යාපන සුදුසුකම් ලද ඇතැමුන් පසුව ඔවුන්ගේ සුදුසුකම් මත අධ්‍යාපනය හදාරා අද ඔවුන් අද සිටින තත්වය දුටු විට විට අපට නම් ඇති වන්නේ, හදවතින්ම සතුටක්.

:       129       271

Mohamed Oman Thursday, 09 November 2017 04:36 AM

සයිටම් ආයතනයෙන් දෙන ඉංජිනේරු හා අනෙකුත් උපාධිවලට ප්‍රශ්නයක් නොමැතිනම් වෛද්‍ය විද්‍යාලයට පමණක් රජයේ තීරණය අදාළ බවයි මම හිතන්නේ. රටතුල ප්‍රමිතියකින් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලබාදිය හැකිනම් විදේශ රටවලට ඇදීයන විශාල මුදලක් ඉතිරි වෙනවා. විදේශ වෛද්‍ය උපාධි පිළිගැනීමට හැකිනම් දේශීය උපාධියට ඔයතරම් විරුද්ධවෙන්න හේතුවක් නෑ කුහකකම හැරෙන්නට.

:       472       371

wimal Thursday, 09 November 2017 05:10 AM

ඊ ලඟට පෞද්ගලික රෝහල් පෞද්ගලික අධ්‍යාපන කඩ අහෝසි ද?

:       6       27

rohan dayadara paris Thursday, 09 November 2017 07:45 AM

ළමයිනේ මස් රාත්තල ඉල්ලන්න එපා. ටිකක් නම්‍යශීලි වෙන්න.

:       6       40

nihal Thursday, 09 November 2017 07:48 AM

රජයේ විශ්ව විද්‍යාල දියුණු කරන්න

:       0       177

rohan Thursday, 09 November 2017 09:35 AM

මිළගට දොස්තර පෞද්ගලික චැනල් සේවය අහෝසි කරමු. බහිමු පාරට

:       134       21

Sarasi Thursday, 09 November 2017 11:18 AM

රජයේ සරසවියක උපාධියක් තිබුන පමණින් මහා බුද්ධිමතෙක් හෝ දක්ෂයෙක් වෙන්නේ නැහැ. අපිට කාර්යයේ නිතර මුණගැහෙනවා පරිගණයක් හසුරුවා රාජකාරි ලියුමක් ටයිප් කරගන්න බැරි , තැනට අවශ්‍ය විදියට නුවනක් නැති උපාධිදාරීන්. දැන් කියන්න එපා ඒකත් රජයේ වැරැද්ද කියලා. රැකියා කුශලතාව සහ උපාධිය දෙකක්. පුද්ගලික අධ්‍යාපන ආයතන වල උපාධිදාරීන් ඉන්නවා ඉතාම ඉහල කාර්යක්ෂමතාවයක් එක්ක රැකියාවේ නියුතු. ඒ නිසා රජයේ සරසවි උපාධිදාරීන් පමණයි රටට අවශ්‍ය කියන කුහක දුර්මතයට මම එකඟ නැහැ.

:       218       301

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වේදිකාවට දුම්රිය ගෙනා රියදුරුගේ සේවය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 16 670 1

හලාවත බලා ධාවනය කිරීමට සූදානම්ව තිබියදී කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නිය


දුම්රිය අවුලෙන් මගීන් අමාරුවේ
2024 අප්‍රේල් මස 16 342 1

දුම්රිය රියදුරන් හා නියාමකවරුන් පිරිසක් රාජකාරියට නොපැමිණීම හේතුවෙන් අද (16) උදේ වරුවේ ධාවනයට නියමිතව තිබූ දුම්රිය 11 ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බව දුම


ජාතික රෝහලේ රෝගීන්ට දෙන කෑම ප්‍රමිතියෙන් තොරයි
2024 අප්‍රේල් මස 16 430 0

කොළඹ ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන වියළි සලාක සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂා


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 896 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


හක්මන ඝාතනයට අයෙක් සැකපිට
2024 අප්‍රේල් මස 16 297 0

හක්මන කෝංගල මධ්‍යම ප්‍රදේශයේදී ඉකුත් දහහතර වැනි දින රාත්‍රී තියුණු ආයුධයකින් පහරදී තරුණයකු ඝාතනය කර සැගව සිට පලායමින් සිටි සැකකරු ඊයේ (15) දින සවස කිරින


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 1970 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 138 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1418 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1344 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site