IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මාස හයට උද්ඝෝෂණ-වැඩවර්ජන 1500ක්

(විනීතා එම් ගමගේ)

මේ වසරේ ගතවූ මුල් මාස හය තුළ වර්ජන හා උද්ඝෝෂණ 1500 ක් සිදුව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා ලංකාදීපයට පැවසීය.

එයින් අති බහුතරයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳුම් ලබාගත හැකි ඒවා යැයි ද හෙතෙම කීය.

වෘත්තිය ප‍්‍රශ්නයකදි වර්ජනය අවසන් විසඳුම වුවත් මෙම වර්ජනවලින් අති බහුතරය ප‍්‍රශ්නයත් සමඟම වෙනත් කිසිදු කි‍්‍රයා මාර්ගයකින් තොරව පළමුවෙන්ම වර්ජනයට ගිය ඒවා යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

ඉතා සුළු ප‍්‍රශ්නවලදී පවා සාකච්ඡා හෝ වෙනත් විසඳුම් ගැන අවධානය යොමු නොකර කෙළින්ම වර්ජනයකට ගිය අවස්ථාවන් ද මෙම කාල සිමාව තුළ තිබූ බව මුජිබර් රහ්මන් මහතා කීය.

එමෙන්ම වෘත්තිය ප‍්‍රශ්නයක් නොවී කිසිසේත්ම අදාල නොවන හේතුන් සහා ද වර්ජනය කළ හා උද්ඝෝෂණ වලට යොමු අවස්ථා මෙන්ම එකී වෘත්තිය කි‍්‍රයා මාර්ගවලට කිසිසේත් අදාල නැති පුද්ගලයන් සහභාගි වූ ඒවා හමුවූ බව ද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (6)

මාස හයට උද්ඝෝෂණ-වැඩවර්ජන 1500ක්

srimala Sunday, 30 July 2017 08:04 AM

කලින් කතාවක් තිබුණනේ සරත් ෆොන්සේකා මහත්තයාට නීතිය සහ සාමය භාර දෙනවා කියලා, එතකොටම කීදෙනෙක් කලබල වුණාද බයට මාධ්‍ය සාකච්ඡා පවා තිබ්බා.. එම අදහස ක්‍රියාත්මක කළොත් මහජනතාවත් රටටත් හොඳයි.

:       110       403

ranavi Sunday, 30 July 2017 08:46 AM

කරන්නං වාලේ කරන වර්ජන. අඳබාල විපක්ෂය විසින් සහ ඕන එකයි, එපා එකයි විනිශ්වය කරගන්න බැරි අන්තරේ මේවා කරන්නේ. මේ අය වැඩි වාර ගාණක් වර්ජනය කරන්නේ සයිටම් එකට විරුද්ධවනේ. සයිටම් එක මේ රටේ ස්ථාපිත කරන්න මුල් වුණේ පහුගිය රජය සහ හිටපු රජවරු.. ඉතිං එදා නොතිබුණු වර්ජන අද කරන්නේ ආයේ රජ පෙළපතක් හදන්නද?

:       100       206

kumar (galf) Sunday, 30 July 2017 11:54 AM

එන්.එම්. මහත්තයලාගේ කාලේ බණ්ඩාරනායක මහත්තයාව නොමරා මැරුවා කියා මැතිණිය කීවේ මේ වගේ වර්ජන හා උද්ඝෝෂණ කෙළවරක් නැතිව කරලා රටේ වර්ධනයට බාදා ඇතිකළ නිසයි.

:       0       21

one srilankan Sunday, 30 July 2017 03:25 PM

ජනතා හඬට කන්දෙන්න කැබිනට් තොත්ත බබාලගේ හිතුවක්කාර වැඩවලට ඉඩ නොදී අංක1 ජනතාව මිසක් කැබිනට් අය නොවෙයි. එතකොට කාටවත් වර්ජන වුවමනා නැත.

:       134       4

aravinda Sunday, 30 July 2017 05:36 PM

මේ උද්ඝෝෂණ සහ වැඩවර්ජන වලින් වර්තමාන රාජ්‍ය ප්‍රතිපත්ති දිශානතියේ විශාල වෙනසක් සිදුවී නැත. සිදුවී ඇත්තේ පොලිසියෙන් සහ මැරයින්ගෙන් ගුටි බැට කෑම, කඳුළු ගෑස් කෑම, ජල ප්‍රහාර, රෝහල් ගතවීම සහ රිමාන්ඩ් ගත වීම පමණයි. මේවයේ අවසන් ප්‍රතිපලය වී ඇත්තේ පොලිසියේ සහ රෝහල් ශ්‍රමය වැය වීම, අදිකරණයේ කාලය නාස්ති වීම වැනි මහජන බදු මුදල් කා දමන දෙයක් පමණි. මේ විරෝදය පාන්නන් කල යුත්තේ, මහජන චන්දයකදී සංවිධනය වී, තමන්ගේ අදහස් මහජනයාට ඉදිරිපත් කොට, මහජන අනුමැතිය ලබාගෙන, තමන්ගේ අදහස් ක්‍රියාවට නැංවීමයි. යම් හෙයකින් මහජනයා ඒ අදහස් ප්‍රතික්ෂේප කලොත්, එයට හිස නැමීමටත් පුරුදු විය යුතුයි.

:       0       3

Ranjan Monday, 31 July 2017 12:31 AM

6% අධ්‍යාපනයට දෙනවා කියල බලය අරන් දුන්නේ 2% . ඉතින් වර්ජන හා උද්ඝෝෂණ තමි ප්‍රතිපල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්නට යනවාද?’’
2024 අප්‍රේල් මස 19 98 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 109 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 502 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 848 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 287 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 255 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1517 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site