IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මුස්ලිම් කොංග්‍රසයෙන් වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලයි

මොහොමඩ් ආසික්
 
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව අද   මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී,  නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය  ඉක්මනින්  නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක්  සම්මත කර ගනු ලැබීය.
 
එලෙස සම්මත කර ගනු ලැබූ යෝජනාවන් මෙසේය.
 
යෝජනා අංක 01,  මුස්ලිම් ජනතාවගේ දීර්ග කාලීන ඉල්ලීමක් වන අම්පාර  දිස්ත්‍රික්කතයේ  වෙරළ බඩ දිස්ත්‍රික්ක නිර්මාණය කිරීම  දිගින් දිගටම ප්‍රමාද වන බැවින් තව දුරටත් එය ප්‍රමාද නොකර නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය නිර්මාණය කරන ලෙස රජයට බල කිරීම,  
 
යෝජනා අංක 02, පළාත් සභාමැතිවරණය සඳහා යෝජතික නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරුද්ධත්වය ප්‍රකාශ කිරීම,
 
  යෝජනා අංක 3, කල් ඉකුත්වී ඇති සියලු පළාත් සභාවල මැතවරණය වහාම පැරැණි ක්‍රමය අනුව පවත්වන  ලෙස රජයට බල කිරීම, 
 
යෝජනා අංක 4 යෝජිත  නව ව්‍යවස්ථව තුල මුස්ලිම් ජනතාවගේ සාධාරණ අපේක්ෂාවන් ඇතුලත් නොවන්නේ නම් එයට දැඩි ලෙස විරෝධය දැක්වීම යෝජනා 
 
අංක 5, පළාත් පාලන මැතිවරණෙය්දී හඳුනා ගනු ලැබූ ප්‍රායෝගික ගැටලු  විසඳන ලෙස රජයෙන් ඉල්ලීම, 
 
යෝජනා අංක 6, මුස්ලිම් ජනතාවගේ පදිංචි සහ කෘෂිකාර්මක ඉඩම් සම්බන්ධ ගැටළු විසඳීමට මැදිහත් වන ලෙස රජයට  බල කිරීම, 
 
යෝජනා අංක 07 සුළු ජාතීන්ට විශේෂයෙන් මුස්ලිම් ජනතාවට එරෙහිව අන්තවාදී පිරිස් විසින් පතුරුවනු ලබන ව්‍යාජ ප්‍රචාරයන් සහ ප්‍රචණ්ඩක්‍රියා වැළැක්වීම සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් හානියට පත් වූ අලුත්ගම අම්පාර සහ මහනුවර ප්‍රදේශවල ජනතාවට ඉතා ඉක්මනින් නිසි වන්දි මුදල් ලබා  දෙන ලෙස ඉල්ලීම. 



අදහස් (22)

මුස්ලිම් කොංග්‍රසයෙන් වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලයි

sanath Sunday, 05 August 2018 05:57 PM

ඔටුවට කූඩාරම ඇතුළට ඔලුව දාගන්න දෙන්න එපා!!!.

:       31       1545

Thilina Sunday, 05 August 2018 06:50 PM

මේ වගේ ජාතිවාදින් අතුගා දැමිය යුතුමයි.. එක රටක සිංහල මිනිස්සු සමග එකට ජීවත් වෙන්න බැරිනම් පිටුවහල් කළ යුතුයි.. 2020 ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක වෙන්නේ මේ වගේ අයගෙන් රට බේරාගත යුතු නිසයි

:       11       2163

දිමුත්Monday, 06 August 2018 10:36 AM

ජාතිවාදී පක්ෂ සියල්ල තහනම් කල යුතුයි!

:       0       50

ධනුෂ්ක Monday, 06 August 2018 12:20 AM

මේ ජාතිවාදයට දෙන්න තියන නියම බෙහෙත තමා අාගම, ජාතිය, පලාත පදනම් කරගෙන පිහිටුවා තිබෙන සියලු සුලු දේශපාලන පක්ෂ තහනම් කිරීම. බටහිරයන්ට ඊට විරුද්ධ වෙන්න බෑ. මොකද එම රටවලත් තිබෙන්නේ ජාතික මට්ටමේ පක්ෂ දෙකක් හෝ කීපයක්. මොවුන් මේ පක්ෂ දේශපාලනය මත බලය උදෙසා තමා ජාතිවාදය අවුස්සන්නේ. එක ජාතිවාදයක් ඉහලට එන විට ඊට ප්‍රතිපක්ෂව තවත් ජාතිවාදයක් ගොඩනැගෙනවා. මෙය මරාගෙන මැරෙන තරමේ වුවත් අාවේගයක් අැති සංවේදී කරුණක්. පලමුව ව්‍යවස්තාවෙනුත් එහෙම බැරිනම් වෙන විදියකින් හෝ සියලු ජාතිවාදයන්ට පිලිතුරු දිය යුතුයි. එකම රටක කිසිම කෙනෙකුට වෙනම නීති නොවිය යුතුයි. හැමෝම සමාන පුරවැසියන් විය යුතුයි

:       0       837

හනුමන්තා Monday, 06 August 2018 12:47 AM

මෙතන ජාතිවාදී ප්‍රකාශයක් කොහෙද කරලා තියෙන්නේ ? තමන්ගේ ජාතිය එල්ලවෙන තර්ජන වලට රජයෙන් විසඳුම් ඉල්ලන එක ජාතිවාදී ද ? නීතිය අතට ගන්නැතුව රජයෙන් නැත්තම් වෙන කාගෙන්ද ඉල්ලන්න ඕන ? වෙරළබඩ දිස්ත්‍රික්කය ඉල්ලන්නෙ ව්‍යවස්ථාවට අනුකුලව නේද? බෝම්බ පුපුරුවාගෙන නෙමෙයිනේ මේවා ඉල්ලන්නේ ? එහෙනම් මේවා රාජ විරෝධී ජාතිවාදී වෙන්නෙ කොහොමද ?

:       1502       828

senaMonday, 06 August 2018 04:11 AM

වෙරළබඩ මුස්ලිම් මිනිසුන්ට අයිතියි කියලා ව්‍යවස්ථාවේ ලියලා තියෙනවද?

:       1       333

d.upulMonday, 06 August 2018 07:17 AM

හනුමන්තා, මේ රටේ විවිධ ජාතීන් නැහැ. එකම ජාතියයි. ඒ ශ්‍රී ලාංකික. වෙනසකට තියෙන්නේ අපි විවිධ ආගම් අදහනවා සහ සිංහල, දෙමල, ඉංග්‍රීසි භාෂාව කතා කරනවා.

:       0       98

HafeelMonday, 06 August 2018 07:55 AM

ඉතා පැහිදිලි වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලීම ජාතිවාදී ප්‍රශ්නයක් බව. තමන්ගේ ජාතියට එල්ලවෙන තර්ජන වලට විසඳුම් හෙවිල්ල රජයට මුක්කු ගහමින්, ඇමති තනතුරු දරාගන, සැප ජීවිත ගතකිරීමින්, මෙවැනි ජාතිවාදී, පටු ඉල්ලීම් ඉල්ලන්නෙක නොවේ. මතකද මෑතකදී රවුෆ් හකීමුත් අලුත් සැප වාහනයක් ගත්තා. මේවාද ජාතියට එල්ලවෙන තර්ජනවලට විසඳුම්? මමත් පිලිගන්නවා අපේ ජාතියට යම් සුළු පිරිසක් විසින් තර්ජන, ප්‍රහාරවල් එල්ලවුනා. ඕවා සැලසුම් සහගත ආණ්ඩුවේ අනුග්‍රහයෙන් සිද්ධවුනා. හකීම්, රිශාර්ඩ්, මුජිබුර් රහ්මාන් පහිදිලිව කිව්වා රජය මේවා පාලනය කරන්න අසමත් කියලා. තමන්ගේ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ගන්නොන පියවර දෙකක් මේත ඉතිහාසයේ තිබුනා.

:       0       85

sarath Monday, 06 August 2018 02:44 AM

වෙනම මුස්ලිම් කලාපයක් ඉල්ලීම ඇති මෙයාලගේ ජාති වාදේ ඔප්පු කරන්න. අනිත් අය වචනයක් කීවොත් ජාතිවාදියෝ. ඊලම ඉල්ලන දෙමලත් එකයි. වෙනම මුස්ලිම් කලාප ඉල්ලන්න මුසල්මානුවත් එකයි. වෙනම් කෑලි ඉල්ලලා ඒවාට මිනිස්සු එරෙහි උනහම එරෙහි වෙන අය ජාතිවාදී

:       15       1065

Prasanna Monday, 06 August 2018 04:17 AM

පළාත් සභා බල්ගැන්නුවා නම් ඔය වෙනම කලාපය නිකම්ම හම්බවෙනවා. ඔය වගේ වැදි කලාපයක්. මැදරට වෙනම කලාපයක් එනවා. ඉන්පසු වෙන ප්‍රශ්න ඕනේ නැහැ. ඕකම ඇති දේශපාලකයින්ට...

:       0       49

KANDEPOLA Monday, 06 August 2018 04:21 AM

දැන් ඉතින් දෙයි උස්සලා. සංහිඳියාවනේ...

:       0       84

Sisili Bisili Monday, 06 August 2018 04:23 AM

මහරගම අපිට වෙනම දිස්ත්‍රික්කයක් ඕනේ. මොකද ඒකට සර් කියාගන්න වෙනම පාලකයෙක් ඉන්නවා.

:       1       145

yashod Monday, 06 August 2018 04:56 AM

මේක දුරදිග යන ප්‍රශ්නයක්. වෙනම කලාප ඉල්ලුවාට පස්සෙ ඉල්ලන්නෙ ඒ කලාප වලට වෙනම ෆෙඩරල් පාලනයක්, පොලිස් බලතල වගේ දේවල්. මේකට හොඳම උදාහරණය තමයි ඉන්දියාව-පකිස්තානය, බංග්ලාදේශය ලෙස බෙදීම, තමිල්නාඩුව බිහිවීම. එකම රටේ එක විදිහට ඉන්න ඕනේ. ඒකට විරුද්ධව සිටින අයට ක්‍රියාමාර්ග ගත යුතුයි.

:       0       173

S Rathna Monday, 06 August 2018 06:27 AM

මෙයාලගේ ඉල්ලීම් ඉටු කරන්න පෙර මෙයාලගේ අතීතය සිතන්න

:       0       44

Asanka Monday, 06 August 2018 07:33 AM

ඔන්න ඔහේ දීල දාන්න තියෙන්නේ මැරෙනකොට අරන් යනවය කියලද ?

:       100       9

sammy Monday, 06 August 2018 08:04 AM

ඡන්දය ලගයි දැන් ඉතින් බලනවා වාසි පැත්ත මොකක්ද කියලා පනින්න මෙච්චර කල් හොඳ නැති මහින්ද එක පාරටම හොඳ වෙලා, තොන්ඩ කරන්නෙත් ඔකයි.

:       0       4

Deepal Nirosh Monday, 06 August 2018 08:11 AM

රටක ප්‍රාදේශීය පරිපාලන බල ප්‍රදේශ පිහිටවිය යුත්තේ භෞතිකත්වය හා පාලන අවශ්‍යතා පදනම් කරගෙන මිසක ආගමිකත්වය හෝ වාර්ගිකත්වය හෝ පදනම් කරගෙන නොවෙයි. මෙවැනි යෝජන ඉදිරිපත් වන අවස්ථාවේම ප්‍රතික්ෂේප කළ යුතුයි. විජයකලා කියපු දේ එක අතකට හරි කියලයි මෙයාල පෙන්වන්න හදන්නෙ.

:       0       43

Nishantha Monday, 06 August 2018 08:56 AM

මේ රටේ මහා ජාතිය තමයි හැම අසාධාරනයක්ම වෙන්නේ සුලු ජාතීන්ට කිසිම ප්‍රශ්නයක් නෑ.

:       0       55

ranjith Monday, 06 August 2018 12:49 PM

වෙරළබඩ දිස්ත්‍රික්කය දුන්නම ලංකාවේ ඉන්න ඔක්කොම මුස්ලිම් අය එකට යනවා නම් එ්ක දුන්නට කමක් නැහැ. මොකද අනිත් අයට ඉතිරි කොටසේ සාමයෙන් ඉන්න පුළුවන්...

:       2       0

BamunuarachchiTuesday, 07 August 2018 03:49 PM

හම්බවෙයි සාමයෙන් ඉන්න. ඔය තරම් මෝඩද? මොනවා කරන්නද බෙහෙත් නැහැල්ලුනේ?

:       0       1

banda Wednesday, 08 August 2018 09:57 AM

තියෙන බඩ මදිද.?

:       0       0

chandana Friday, 10 August 2018 03:26 AM

මට මතක් උනේ අපේ අත්තම්මා කිවුව කතාවක් "නිවටයා දැක්කම එළුවාත් රැවුල පානවලු" පුතේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 35 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 106 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 558 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 40 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 202 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 185 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site