IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුව මස් ළඟ තබා ගත් කපුවාට 20,000 ක් දඩ

(මනෝප‍්‍රිය ගුණසේකර)
කතරගම කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ දඩමස් තබා ගැනීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතෙකුට තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් උදයංගනි රජපක්‍ෂ මෙනවිය  රුපියල් 20,000/-ක දඩයක් අද (04) නියම කළාය.

මරා මස්කරන ලද මුවකුගේ මස් කඩවර දේවාලයේ ශිතකරණයක් තුළ තබා ගෙන සිටීමේ චෝදනාවට වරද පිළිගත් එම දේවාලයේ කපු මහතාට දඬුවම් ලෙස මහෙස්ත‍්‍රාත්වරිය මෙලෙස දඩ නියම කළාය.

චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා මෙලෙස දඩ නියම වුයේ කතරගම කඩවර දේවාලයේ කපුවකු ලෙස කටයුතු කළ ජුල්පල්ලම තිස්සමහාරාමය පදිංචි හේවාගේ රක්‍ෂිත නමැත්තාටය.

කතරගම ප‍්‍රදේශවාසීන් කිහිප දෙනකුගෙන් ලැබුණු තොරතුරු වලට අනුව ලූණුගම්වෙහෙර හා කිතුල්කොටේ වන ජිවි නිළධාරින් එක්ව සිදුකළ වැටලීමකදී කතරගම දේවාල භූමිය ආසන්නයේ පිහිටි කඩවර දේවාලය පරීක්‍ෂාවට ලක් කොට ඇති අතර එම දේවාලයේ ශිතකරණය පරීක්‍ෂාවට ලක්කිරීමේදී ඒ  තුළ තිබී  මස්  තොගයක්  සොයා ගත් බව වාර්තා වේ.

එම මස් තොගය සොයා ගැනීමෙන් අනතුරුව එම දේවාලය බාරව සිටි කපුවකුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී කතරගම පුදබිම ආසන්නයේම සැරිසැරු මුවකු මරා මස්කර ශිතකරණයේ තබා ගෙන ඇති බව වනජීවී නිලධාරීන් විසින් හෙළි කරන ඇති අතර ශිතකරණයේ තිබී මුව මස් කිලේ 20 ක්  පමණ  නිලධාරීන්  විසින්  සොයා  ගෙන තිබිණි.
 



අදහස් (4)

මුව මස් ළඟ තබා ගත් කපුවාට 20,000 ක් දඩ

කුමාර් (ගල්ෆ්) Wednesday, 04 April 2018 03:59 PM

මේ වගේ බොරුවෙන් ජීවත් වන රට හොරු තමා මිනිසුන් රවටමින් ආගම විකුණාගෙන කන්නේ.

:       0       40

wije Wednesday, 04 April 2018 04:42 PM

රු 20000ක් දඩ ගහලානම් වැඩක් නැහැ.

:       0       13

rocky Wednesday, 04 April 2018 11:45 PM

දේවාලය වසා දැමිය යුතුයි!

:       0       36

අප්පුහාමි ගොයියා Thursday, 05 April 2018 04:28 AM

අනිත් දේවාල වලත් බැලුවොත් නරකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 644 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 121 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 872 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 898 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1256 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1140 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site