IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මව් පිය සෙනහස අහිමි වු දරුවන්ට පොලීසියෙන් රැකවරණය


(මොහොමඩ්  බුහාර්ඩින්)

මා පිය රැකවරණයක් නොමැතිව ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ වත්තක පිහිටි මඩුවක දමා ගොස් සිටි  වයස අවුරුදු එකහමාරක හා හතරක දරුවන් දෙදෙනෙකු අද (15) සොයාගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 

ගලේවෙල පොලිස් ස්ථානාධිපති  පොලිස් පරීක්ෂක ජනක විතානආරච්චි මහතාට  ලැබුණු තොරතුරකට අනුව ගලේවෙල බේලියකන්ද ප‍්‍රදේශයේ වත්තක මඩුවක දමා ගොස් සිටි මෙම දරුවන් දෙදෙනා සොයාගැනීමට හැකිවී ඇත්තේ ගැමියන්ගෙන් ලැබුණු තොරතුරකට අනුවය.

දරු දෙදෙනාගේ මව මොවුන් හැරදා ගොස් වෙනත් ප‍්‍රදේශයක ජිවත් වන  බවත් පියාද තැන තැන ගොස් සිටින නිසා දරු දෙදෙනා  රැකබලා ගැනිමට කිසිවෙකුත් නොමැති බව  මුලික පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත.

දින පහක් තිස්සේ මේ දරු දෙදෙනා දෙමාපියන් නොමැතිව තනිවම නිවසේ  ජිවත් වී ඇති අතර  ප‍්‍රදේශවාසින් පැමිණ ආහාරපාන ලබා දි  තිබේ.

අනතුරුව ප්‍රදේශවාසීන් විසින්  මේ පිළිබඳ ගලේවෙල පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය ගොස් දරුදෙදෙනා ගලේවෙල පොලිසියට රැගෙන විත් ඇත.

මා පිය සෙනෙහස අහිමිව පොලිසියට පැමිණි දරු දෙදෙනාට තම දරුවන් මෙන් ගලේවෙල පොලිසියේ  නිලධාරින්  විසින් සෙල්ලම් බඩු  හා ආහාර ලබාදී තිබු අතර දරුවන් පිළිබඳ අද (15 ) දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වර්තා කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.



අදහස් (10)

මව් පිය සෙනහස අහිමි වු දරුවන්ට පොලීසියෙන් රැකවරණය

Manel Thursday, 15 March 2018 08:10 AM

හොඳ වැඩක් පොලිසිය.

:       0       0

Sanjeewa Thursday, 15 March 2018 08:13 AM

ජීවිත දෙකක් බේරා දුන් පොලිසියේ ඔබට සැමට ගොඩක් පින්... තව පොඩ්ඩෙන් තවත් ඛේදවාචකයක් .....

:       0       0

Raveenra Thursday, 15 March 2018 08:13 AM

අනේ මේ රත්තරන් පැටවූ එසේ තනිකර දමා දෙමවුපියන්ට ගෙදරින් පිටවිය හැකිද? අප රටේ සමාජය මෙතරම් පරිහානියට පත්වී ඇද්ද ?

:       0       0

saman Thursday, 15 March 2018 09:23 AM

අපේ රටට අවශ්‍ය මේ වගේ පොලිස් නිලධාරීන්

:       0       0

jeewa Thursday, 15 March 2018 09:53 AM

අම්මෝ මගේ දරුවෝ දෙන්නගේ වයසනේ. දරුවෝ නැති යුවලක් මේ ගැන අවදානය යොමු කරනවානම්

:       0       0

Cyril Thursday, 15 March 2018 09:58 AM

ඉතාමත් යහපත් ක්‍රියාවක් පොලිස් නිලදාරීතුමනි. ඔබ සැමට යේසු පිහිටයි.

:       0       0

Lal Thursday, 15 March 2018 12:29 PM

හැමදාම පොලිසියට බැණ බැණ හිටියත් මේ වගේ වැඩ අගය කල යුතුයි.

:       0       0

ASAD Thursday, 15 March 2018 01:11 PM

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....!!!

:       0       0

Ruwan Thursday, 15 March 2018 01:23 PM

ඒකනම් පොලිසියේ හොඳ වැඩක්...

:       0       0

prasad Thursday, 15 March 2018 10:38 PM

ඔය වගේ දෙමවුපියන් ළඟ දුක් විඳිනවට වඩා අනාථ නිවාසෙකට දැම්මහම කොච්චර හොඳයිද ? පොලිසියේ ආරක්ෂාව, රැකවරණයට ස්තුතියි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 0 0

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 314 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 614 2

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 237 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 194 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 248 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site