IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘මාව අංගොඩ යැව්වත් - මගේ ජිවිතේ නැති වුණත් විමර්ශන වලට සහය දෙනවා’

(මනෝජ් හර්ෂික සහ චමිල් රූපසිංහ)

ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කියන්න පුළුවන්. මාව අංගොඩ යවනවා කිව්වත්, මගේ ජීවිතේ නැතිවෙනවා කිව්වත් මට ඒ දේවල්වලින් ප්‍රශ්නයක් නැහැ. මේ විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යන්න මම උපරීම සහාය ලබා දෙනවා. මේ දේවල් පිළිබඳව සත්‍ය තොරතුරු විමර්ශන නිලධාරීන් ඉදිරියට රටට හෙළි කරනවා යැයි දුෂණ වීරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා අද (2) පැවැසීය .

ඒ මහතා මේ බව පැවැසුවේ වරාකාපොළ තුල්හිරිය ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදි  නාමල් කුමාර මහතා  වැඩිදුරටත් මෙසේ ද පැවැසීය.

මම මානසික රෝගියෙක් විදියට ප්‍රතිකාර ලබා ගන්නේ නැහැ හැබැයි ඉදිරියට යම් කණ්ඩායමක් එහෙම කරන්න උත්සහා දරයි ද කියන්න මම දන්නේ නැහැ. ඒ වැනි දේ කිරීම තුළින් මෙම විමර්ශන කටයුතු නතර කරන්න කවුරුන් හෝ උත්සහා කරන්නේ නම් එය එතරම් පහසු වෙන්නේ නැහැ. මේ රටේ සාධාරණ දෙයට සාධාරණය ඉටු වෙවී කියා මට විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය පෙරදැරීව තාමත් කටයුතු කරනවා.

මාව පිස්සන් කොටුවට යෑවීමටත්, නාලක සිල්වා මහතා ඝාතනය කිරීමටත් උත්සහායක් තිබෙන බව මන්ත්‍රීවරයෙක් පසුගිය දිනවල ප්‍රකාශ කරමින් කියා තිබෙනවා. ඒ සඳහාත් මට දීමට තිබෙන පිළිතුර වන්නේ ඕනෑම අයෙකුට අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් මේ රට තුළ තිබෙනවා එසේම තවමත් චෝදනා ඉදිරිපත් කරන්න ඔවුනට පුළුවන් ඒ දේවල් වලින් මම ගැටලුවක් ඇති වන්නේ නැහැ.

මේ සිද්ධිය පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුවන නිසා මේ අවස්ථාවේ විශේෂ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. විමර්ශන නිවැරදිව සිදු වෙනවා දැයි විමසිලිමත් ඒ දෙස බලා සිටිනවා. එසේම ඉදිරියට රට තුළ සිදුවන මේවැනි දැවැන්ත කුමන්ත්‍රණ රටට හෙළිකරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මම කිසිම පක්ෂයකට කඩේ යන්නේ නැහැ.මම ස්වයංව වැඩ කරන පුද්ගලයෙක් නමුත් යම් කෙනෙක් කිසියම් වරදක් කරනවා නම් එය හෙළි කරන්න පුළුවන් ශක්තියක් මට තියෙනවා. මම සෘජුව ශ්‍රී ලාංකීකයෙක් වශයෙන් ඒ වෙනුවෙන් පෙනී සිටිනවා.

මේ දිනවල විවිධ චෝදනා කිහිපයක් පොලිස්පති පුජීත ජයසුන්දර මහතා වෙත එල්ල වී තිබෙන බව මාධ්‍ය මගින් ප්‍රචාරය වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන්න විමර්ශනයන්ට ඇඟිලි ගහන්න පොලිස්පතිතුමාට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් කියන්නම අවශ්‍ය දෙයක් තිබෙනවා මේ විමර්ශනයන් වෙනත් පාර්ශවයකින් හෝ රාජ්‍ය බලපෑමක් සිදු වෙනවාද කියන කරුණ ගැන මම ඉතාම අවධාරණයෙන් බලා සිටිනවා.



අදහස් (4)

‘මාව අංගොඩ යැව්වත් - මගේ ජිවිතේ නැති වුණත් විමර්ශන වලට සහය දෙනවා’

akalanka Wednesday, 03 October 2018 03:11 AM

රත්තරන් කොල්ලෙක්නේ... මේ වගේ 10 - 12 හිටියනම් රට ගොඩ.....

:       15       119

Senarath Wednesday, 03 October 2018 03:42 AM

අද ප්‍රබල දේශපාලකයෝ ඒ වගේ දේවල් කරනවා. ජනතාවත් ඒ බව දන්නවා. ඪීඅයිජී නාලක ඝාතනයත් එහෙම වෙන්න පුළුවන්. ප්‍රබලයෝ තමන් ගැන හෙළිවෙනවට ප්‍රථම සාක්ෂි වසන් කරන්න එහෙම කරනවා.පොලිස් පරීක්ෂක ඩග්ලස් නිමල් සහ ඔහුගේ බිරිඳ ඝාතනය වෙන්නෙත්, එයාල වරදක් කරලා නෙමෙයි, එත් පොලිස් ප්‍රබලයෝ කොටුවෙන්න කලින් තොරතුරු දන්නා ඩග්ලස් නිමල්ව මැරුව. ඒ දේ ඔබටත් වෙන්න පුළුවන්. එත් ඔබේ එඩිතර ප්‍රකාශය ඉතාම හොදයි. බොහොමයක් සුදු චරිත ඇත්තටම කළු චරිත. ජනපති සහ ගෝඨා ඝාතන කුමන්ත්‍රණයක් තිබුණා කියන එක බොරුවක් වෙන්න බැහැ මේ දක්වා සිදු උණු දේ බැලුවම. එහෙම නොතිබුනා නම් මුලින්ම ඔබවත් ඇතුළට ගන්නවා.

:       1       62

Uditha - London Wednesday, 03 October 2018 04:23 AM

නළුවෝ රගති... මහජනතාව ඔහුන්ගේ නාටකය බලා සිට අත්පොලසන් දී විසිර යති .......මන්ද මහජනතාවට කල හැක්කක් නොමැත...

:       3       18

KANDEPOLA Wednesday, 03 October 2018 08:29 AM

මේ හැමෝම කුමක් හෝ කුමන්ත්‍රණයක කොටස්කරුවන් වී සිට තිබෙනවා. කාලයක් මේ ඝාතන සංවාදය පවත්වාගෙන ගොස් තිබෙනවා. අවසානයේ කුමක් හෝ හේතුවක් නිසා හෙළිදරවු කරන්නට පෙලබී තිබෙන බව තමයි හැඟෙන්නේ. කුමන්ත්‍රණය හෙළිකර ගැනීමේ චේතනාවෙන් මේ පුද්ගලයා කටයුතු කළා නම් කාගේ හෝ මෙහෙයවීමක් යටතේ එය සිදු විය යුතුයි. මේ පිළිබඳව විමර්ශනය කරන අය එය ඉතා සුක්ෂමව කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 94 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 302 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 298 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 317 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 609 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 498 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site