IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මුලදිම පාලනය කළා නම් මේටික වෙන්නේ නෑ - කබීර් හෂිම්

මුලදී අදාළ අංශ නිසි අවධානයක් යොමු නොකිරීම නිසා තෙල්දෙණියේ ගැටුම් ව්‍යවසනයක් දක්වා දුරදිග ගිය බව නිවේදනයක් නිකුත් කරමින් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

රටේ ඇති වී තිබෙන වාතාවරණය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා නිකුත් කළ නිවේදනයක එම කරුණු සඳහන් වේ.

අමාත්‍ය කබීර් හෂීම් මහතා නිකුත් එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 

මෑත දී අම්පාරේදී මෙන්ම පසුගියදා තෙල්දෙනියේ දී සිදු වු සිදු වීම් වලින් පෙනී යන්නේ  අවසනාවන්ත ලෙස ආගම්වාදී හා වර්ගවාදී ගැටුම් සහගත තත්වයක් මේ රට තුල ඇති  වෙමින් පවතින බවයි.

මෙහි අවසනාවන්ත තත්වය වන්නේ දීර්ඝ කාලයක් රට තුළ සාමයෙන් සමගියෙන් ජීවත් වු  පිරිසක් වන බෞද්ධ හා ඉස්ලාම් ආගමිකයන් අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය කිරීමට  පසුගිය කාලය පුරා යම් කිසි පිරිසක් කටයුතු කරන ලදි.

එම තත්වය උත්සන්න කිරීමක් පසු ගිය සිද්ධින් දෙස බැලීමේ දී පෙනී යයි. මෙයින්  බලාපොරොත්තු වන්නේ දීර්ඝ කාලයක සිට සමගියෙන් හා සහයෝගයෙන් ජීවත් වු ශ‍්‍රි  ලංකාවේ බෞද්ධ හා ඉස්ලාම් ජාතිකයන් අතර ගැටුමක් නිර්මාණය කර ඒ තුළින් අන්තවාදී  සහ අවස්ථාවාදී අරමුණු ඉටු කර ගැනීමයි.

විශේෂයෙන් මෙහි දී තෙල්දෙණියේ දී රථ වාහන අනතුරකින් පසුව ලොරි රථයේ රියදුරුට  මරණය සිදු කරණ තරමේ පහර දිීමක් සිදු කිරීම තරයේ හෙලා දකින අතර එහි පහර දීමට  සම්බන්ධ පිරිස් මුස්ලිම් ජාතිකයන් වුවද සමස්ථ මුස්ලිම් ප‍්‍රජාව මෙම සිද්ධිය පිටුපස නොසිටි  අතර මුස්ලිම් සමාජයේ කිසිවෙකු එය අනුමත කරන්නේ ද නැත.

එවන් තත්වයක් යටතේ දීර්ඝ කාලයක් තිස්සේ රටේම මෙන්ම තෙල්දෙනිය ප‍්‍රදේශයේ ද  සමගියෙන් ජීවත් වු බෞද්ධ සහ මුස්ලිම් ජනතාව අතර විරසකයත් ඇති වන පරිදි අහිංසක  මුස්ලිම් ජනතාවගේ ජීවිත, දේපල මෙන්ම ආගමික ස්ථාන විනාශ කිරීම දැඩි කානගාටුවට  කරුණක් වේ.

මක් නිසාද යත් මෙයින් මරණයට පත් රියදුරුට සාධාරණයක් හෝ පහර දීමට සම්බන්ධ  අයට රටේ පවතින නීතිය අනුව දඩුවම් ලබා දීම වෙනුවට මුස්ලිම් ප‍්‍රජාව ඉලක්කර ප‍්‍රහාර  එල්ල කිරීම අදාල සිද්ධියට සමබන්ධඅයට දඩුවම් කිරීමේ නීත්‍යාණුකුල ක‍්‍රමයට ඔබ්බෙන් ගිය වෙනත් අවස්ථාවාදී උවමනාවක් ඉෂ්ඨ කර ගැනීමකි.

එම නිසා මේ මෙහොතේ ගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ප‍්‍රමුඛ ආණ්ඩුව මෙන්ම  විපක්ෂය නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන්ගෙනුත් මා ඉල්ලා  සිටින්නේ දිගින් දිගටම මෙවැනි ගැටුම් ඇති වීම තුළින් මුස්ලිම් ජනතාව පමණක් නොව  සමස්ථ රට යලි අදුරු යුගයකට ගෙන යාමේ යම් කුමන්ත‍්‍රණයක් මේ තුළ පැවතිය හැකිය.  එම තත්වයට ඉඩ නොදීම අප සැමගේ වගකීම බැවින් ඒ සඳහා මැදිහත් වන ලෙස ඔබ 
සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

එබැවින් ආගමික නායකයින්, දේශපාලන පක්ෂ නායකයින්, සිවිල් ක‍්‍රියාකාරීන්, නීතිය  ක‍්‍රියාත්මක කරන ආයතන ඇතුළු සැමගේ ප‍්‍රමුඛ අවධානය මේ කෙරෙහි යොමු කර රට තුල  නීතිය හා සාමයත්, ජාතීන් අතර සහජීවනයත් ඇති කිරීමට මැදිහත් වනු ඇතැයි මම විශ්වාස 
කරමි.

එමෙන්ම මෙහි දී විශේෂයෙන් සිහිපත් කල යුත්තේ මෙවැනි ගැටුම් මූලික අවස්ථාවේදීම හදුනා ගෙන ඒවා වර්ධනය වීම වැලැක්වීමට නීතිය හා සාමය රකින ආයතන කටයුතු කල  යුතුය. එය නිසි ලෙස ක‍්‍රියාත්මක නොවීම මෙවැනි අවාසනාවන්ත තත්වයන් වර්ධනය වීමට  හා ව්‍යාප්ත වීමට බලපැමද දැඩි ලෙස අවධානයට යොමු කල යුතු කරුණකි.

තව ද මේ අවස්ථාවේ සියළුම ජනතාව අසත්‍ය ප‍්‍රචාර හා ප‍්‍රකෝප කිරීම් වලට හසු නොවී  සාමය හා සහජීවනය ආරක්ෂා කර ගැනීම සඳහා ඉවසීමෙන් කටයුතු කර අවශ්‍ය සහයෝගය  ලබා දෙන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටිමි.

 

 

 



අදහස් (14)

මුලදිම පාලනය කළා නම් මේටික වෙන්නේ නෑ - කබීර් හෂිම්

roy Tuesday, 06 March 2018 04:16 PM

මෙතුමාගේ කතාවෙන් කියවෙන්නෙත් සිංහල අය වැරදි බවයි.

:       0       11

Bulla Tuesday, 06 March 2018 04:30 PM

කොහොමද නිලධාරීන් වැඩ කරන්නේ, ඒ අයගේ කොන්ද බිදලානේ තියෙන්නේ.

:       0       16

Bamunuarachchi Tuesday, 06 March 2018 06:12 PM

පිස්සු කතා කියන්න එපා හලෝ.මෙිවා නීතියෙන් පාලනය කරන්නේ කොහොමද?

:       0       6

Rohana Tuesday, 06 March 2018 10:04 PM

ඔබත් මේ ආණ්ඩුවේ ඉන්න ඇමතිවරයෙක් නේ. මහජන මුදල් විනාස කරමින් තීරණයක් ගන්න බැරි පින් ගොන්නු රැලක්.

:       0       25

Bamunuarachchi. Wednesday, 07 March 2018 01:33 AM

ඔව් ඔව් ඔබලා මුලදීම පාලනය කලානම් ලෝකෙටම ප්‍රශ්ණයක් වෙන්නේ නැත. පාලන ක්‍රම ගැන මෙතරම් වෛදය විද්‍යාවේ තිබියදී ඔබලා පාලනය නොකිරීම නිසා තමයි මේ ප්‍රශ්ණ.

:       159       502

ajith Wednesday, 07 March 2018 02:55 AM

ඕක මේ ආණ්ඩුවේ ලෙඩක්නෙ. හැමදාම කතාකරනවා විතරයි වැඩ නෑ. එයාල වැඩට බහින කොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි

:       1       100

ranga Wednesday, 07 March 2018 03:10 AM

ඇ ඉ ඔබතුමාලගේ නොහැකියාව නිසා නේ මෙහෙම උනේ ?

:       1       87

JiwanWednesday, 07 March 2018 03:59 AM

අනිවාර්යෙන්ම මේක හිතා මතා ඇවිලෙන්න ඉඩ දුන්නා. එතකොට මිනිස්සුන්ට ආන්ඩුවට තියෙන විරෝධය අමතක වෙනවනේ. දැන් විශ්වාසභංගෙත් නෑ, සරත් ෆොන්සේකට නීතිය සාමය දීල ගෝඨා හිරේ දැම්මම ඊළඟ ජනාධිපති වෙන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලො 30ක් විතර. කොහොමද ටිකිරි මොලේ.

:       0       81

Jiwan Wednesday, 07 March 2018 04:09 AM

ඔන්න ඔය වෙලාවට තමයි කුණුහරුප මතක් වෙන්නේ. ඇයි බොල නීතිය හා සාමය තියාගෙන පොල් ගෑවද? ලොක්කට කියන්න බැරි වුනාද මෙහෙම ප්‍රශ්ණයක් වෙලා මේ පලාතට ආරක්ශාව ඕනේ කියල. ගිනි තිබ්බ නම් නිවන එකයි තියෙන්නෙ. ඕක කරේ මුස්ලිම් වත් සිංහල වත් මිනිස්සු නෙමේ. දේශපාලන නන්නත්තාර වෙලා ඉන්න ඔහෙල.

:       0       90

ROHAN Wednesday, 07 March 2018 04:14 AM

මහ ලේඛම් තුමනි චන්දෙට උනෙත් එකමයි ඒගැනත් මොනවා හරි කීවානම්

:       0       0

sam Wednesday, 07 March 2018 04:55 AM

අද කියය්........ හෙට අමතකයි මේ සෙල්ලම් අපට දිගටම බලන්න පුළුවන් අපේ දෙස්පාලුව්නට පින්සිද්ද වෙන්න

:       0       13

kalani Wednesday, 07 March 2018 05:00 AM

ඇත්ත ,මුලදීම ඔබතුමාලට එන්න ඉඩ නොදී මේක පාලනය කලා නම් මේ ටික වෙන්නේ නැහැ.

:       0       68

kalani Wednesday, 07 March 2018 05:00 AM

ඇත්ත ,මුලදීම ඔබතුමාලට එන්න ඉඩ නොදී මේක පාලනය කලා නම් මේ ටික වෙන්නේ නැහැ.

:       1       164

Kabir Wednesday, 07 March 2018 07:57 AM

ඕව අපිට කියල වැඩක් නැහැ.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 166 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 105 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 664 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 49 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2054 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 385 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site