IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුලතිව් අණදෙන නිලධාරි මාරු ලබා යද්දී පුනරුත්ථාපන කොටි සාමාජිකයෝ හඬා වැටෙති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

යාපනය කිලිනොච්චිය මුලතිව් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු මහතා විශ්වමඩු අණ දෙන මූලස්ථානයේ සිට ස්ථාන මාරු ලබා යන අවස්ථාවේ දී පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජික සාමාජිකාවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද හඬා වැටුණහ. 

රත්නප්‍රිය බන්දු මහතා වසර පහක සිට මෙම ප්‍රදේශයට පැමිණ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි පිරිස් පුනරුත්ථාපනය කර ඔවුන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බඳවාගෙන සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය.

ඔහු ස්ථාන මාරු ලැබ පිටව යන අවස්ථාවේ දී ඔවුහු සියලු දෙනාම හැඬූ කඳුළින් සමුදුන්හ. 

කිලිනොච්චිය සමුපකාර ගොඩනැගිල්ලේ දී ඔහුට සමුදීමේ උත්සවයක් පැවැත්වූ අතර, එය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී සිටින හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ පුනරුත්ථාපනය වූවන් විසින් සංවිධානය කර තිබිණ.



අදහස් (15)

මුලතිව් අණදෙන නිලධාරි මාරු ලබා යද්දී පුනරුත්ථාපන කොටි සාමාජිකයෝ හඬා වැටෙති

gamaathi Monday, 11 June 2018 05:55 AM

රටක සාමය ඇතිකල හැක්කේ මෙවන් මානුෂික අදහස් ඇති මහත්මා වරුන්ටය.. දේශපාලකයින් බල තණ්හාව නිසා ජාතිවාදය අවුස්සමින් රටේ සාමය ඇතිවීම වලක්වයි.

:       1       488

කුමාර් (ගල්ෆ්) Monday, 11 June 2018 05:56 AM

මේවාට බටහිර රටවල වපර ඇහින් අපේ හමුදාව දෙස බලන රටවල නියෝජිතයන් සහබාගි නොවන්නේ ඇයි.

:       14       404

Shan Monday, 11 June 2018 06:09 AM

අපේ රටේ සිංහල, දෙමල, මුස්ලිම් ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ ඒ ඒ ජාතීන්ගේ දේශපාලන නායකයන්ට මිස සාමාන්‍ය මිනිස්සුන්ට නෙමේ. සාමාන්‍ය මිනිස්සුත් මේ ජරා වලට ඇදල දාන්නෙ ජරා දේශපාලකයොයි.

:       0       426

Nimal Monday, 11 June 2018 06:11 AM

අද රටට අවශ්‍ය මෙවැනි නිලධාරීන්.

:       0       278

nuwan Monday, 11 June 2018 06:18 AM

උතුරේ මහ ඇමතිගේ අවධානය මේ වෙත යොමු වේවා!

:       0       229

faizer Monday, 11 June 2018 06:28 AM

චායාරූපය වචන වලට එහා දෙයක් පවසනවා. ඔබ තුමාට මගේ උත්තමාචාරය.

:       2       312

Denesh Monday, 11 June 2018 06:31 AM

මේ වගේ උත්තම මිනිසුන් අගයන්න ඕනේ...

:       0       221

නොකවුට් Monday, 11 June 2018 06:43 AM

දේශපාලකයෝ නැත්නම් සිංහල දෙමළ ගැටුමක් නෑ

:       0       444

abaran Monday, 11 June 2018 06:45 AM

හරිම සංවේදී අවස්තාවක්... ඔය ආදරය ප්‍රේමය හැමදාම තියා ගන්න අපි සහජීවනටෙන් ජීවත් වෙමු..

:       0       224

Raveendra Monday, 11 June 2018 06:56 AM

මහජන බදු මුදල් වලින් වැටුප් ලබන අවංක නිලදාරියකු වන ඔබට අපගේ උත්තමාචාරය .

:       0       199

sirimal Monday, 11 June 2018 09:22 AM

කර්නල් රත්නප්‍රිය මහතා විශ්වමඩු ජනතාවට සමුදෙද්දී මහා විලාප කදුළු ගොඩවල් දක්නට ලැබුණි. සංහිඳියාවට වෙනත් සාක්ෂි අවශ්‍යද? මුලතිව් පළාතේ යුද්ධ කළේ මේ හමුදාවම යැයි කියමින් සාමාන්‍ය ජනතාව යුදහමුදාවට චෝදනා එල්ල නොකළත් උතුරේ දේශපාලනඥයෝ එසේ කියමින් ජිනීවා දක්වාම යති. ඔවුන්ගේ අරමුණ සංහිදියාව නොව බලය පවත්වාගෙන යාමයි.

:       0       290

ලුම්බිණි Monday, 11 June 2018 09:26 AM

සාමය පතුරුවන්නත් හමුදාවකට පුළුවන් බව මෙතනින් පෙනෙනවා. අවාසනාවකට වගේ බොහෝ දෙනෙකුට සාමයට නොව යුද්ධයට ප්‍රධාන තැන දෙන්න තමයි අවශ්‍යතාවය.

:       0       101

Samathasena A . Aluthgama Monday, 11 June 2018 03:12 PM

මෙතුමාට මේ ජනතාව දක්වන ආදරයෙන්ම හිතාගන්න පුළුවන් මෙතුමා හා සම්බන්ධ බොහෝ දේ. මේ අවස්තාව විස කටු ඇනුනාක් මෙන් වැදුණු ජාතිවාදී දෙමල දේශපාලකයෙකු බොහෝ සේ කලබල වී සිටිනු පෙනුනා. සැබවින්ම මෙවන් විනීත නිලධාරීන් අප රටට සැමදා වාසනාවන්.

:       0       515

Sanath Monday, 11 June 2018 08:31 PM

මිනිහෙක්ගේ වටිනාකම දැනිල තවත් මිනිස්සු රොත්තක්ම අඬනව කියන්නේ හරිම දුර්ලභ දෙයක් ඒක සත්‍ය වශයෙන්ම අව්‍යාජයි. ගැහැණුන්ගේ ඇඩීම ගැන නම් ඒ විධියටම කියන්න අමාරුයි. නමුත් මේ අවස්ථවේ ගැහැණු පිරිමි දෙගොල්ලම දුක් වෙන්නේ තමන්ට හදවතින්ම පිළිසරණවුන මනුස්ස දේවතාවාගේ වෙන්වයාම සිදුවන නිසයි.

:       0       0

rocky Tuesday, 12 June 2018 02:02 AM

කුමාර් ගල්ෆ් මහත්තයෝ! හමුදාවේ හිටපු ඔක්කොම මේ වගේ උතුම් මහත්තුරු කියලා ලෝකේ කාටත් පිලිගන්නද ඔබ කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 95 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 970 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 308 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site