IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

 අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය’(Password) ලබා දුන්නා නම් කතාව එතැනින් අවසන් බව දැනුම් දුන් කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා එම තොරතුරු ලබා නොදෙන්නේ ඇයිදැයි අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි නීතීඥවරුන්ගෙන් විමසීය.

කොමිසමේ කටයුතු ආරම්භ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අර්ජුන් ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අර්ජුන් ඇලෝසියස් මහතා භාවිතා කළ ජංගම දුරකතනයේ ‘ඇපල් ගිණුමේ මුරපදය‘ සම්බන්ධව කොමිසමට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කළේය.

ඒ අවස්ථාවේදී කොමිසම ඇමතූ කොමිසමේ සභාපති විනිසුරු කේ.ටී. චිත‍්‍රසිරි මහතා - “ ‘ඇපල් ගිණුමේ මුරපදය’ ලබා දුන්නා නම් මෙම කතාව එතැනින් අවසන් නේද? ඇයි මේ තොරතුරු නොදෙන්නේ?“

ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා -“මෙම තොරතුරු ලබාදීමට මගේ සේවාදායකයා සෑම උත්සහයක්ම ගන්නවා. මේ සියලු තොරතුරු තියෙන්නේ සිංගප්පුරූවේ “

තම සේවාදායකයා ඇපල් ආයතනයට ගොස් ‘ඇපල් ගිණුමේ මුරපදය’  සොයා ගැනීමට උත්සහ කරන්නේ යැයිද මෙම තොරතුරු සොයා ගත් වහාම ඒවා කොමිසමට ඉදිරිපත් කරන්නේ යැයිද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා දැනුම් දුන්නේය.



අදහස් (12)

“මුරපදය දුන්නානම් කතාව ඉවරයිනේ“

ලපයා Wednesday, 02 August 2017 02:38 PM

මුරපදය දීලා කොහොමද? එතකොට හොරු සේරම එළිවෙන බව මේ නඩුකාර මහත්වරුන්ට තේරෙන්නේ නැද්ද.? හොඳම උත්තරේ තමයි මම දන්නේ නැහැ, මට මතක නැහැ, එ්ක තියෙන්නේ වෙන රටක කියන එකයි. එතකොට ප්‍රශ්නේ ඉවරයි. කොමිසම තව මාස තුනක කාලයකට දික් කරන්න 2020 වෙනකල්...

:       0       16

lanka Wednesday, 02 August 2017 02:53 PM

දැන් ඉතින් කාපල්ලකො ඇපල්...

:       0       4

de silva Wednesday, 02 August 2017 02:57 PM

ගණකාධිකාරීවරයෙක්... රටේ මුදල් අමැති, හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබෙනවා. නමුත් තම බිරිඳ සහ දියණිය රුපියල් මිලියන 165 කට පවුලට පදිංචියට ගෙයක් ගන්න කොට තමන් දන්නේ නැත්නම්? තමන්ගේ ටෙලිෆෝන් එකට එන එස්.එම්.එස් පණිවිඩ ගැන දන්නේ නැත්නම්, එක්කෝ විශාල මානසික අබාධයක් තිබෙනවා. එහෙම නැත්නම් තමන් කියන්නේ බොරුවක්... තත්වය මෙසේ තිබෙද්දී විදේශ අමැතිකම දැරිය නොහැක. කරුණාකර ඉල්ලා අස්වෙන්න.

:       13       27

indra Wednesday, 02 August 2017 03:00 PM

රටේ දුප්පත්, අහිංසකයකු මෙවන් ප්‍රතිචාරයක් දුන්නේ නම් මේ කියන මුරපදය මොහොතකින් අරගෙන, දුප්පත් ජනතාවගේ ඡන්දය අරගෙන මෙතුමන්ලා වැජඹෙන හැටි දැක්කහම අනේ අපට අපේ ගැන, මේ රට ගැන දුකයි.

:       29       13

Nuwan Wednesday, 02 August 2017 03:15 PM

පාස්වර්ඩ් එක දුන්නා නම් කතාව ඉවරනේ ඇත්තට ඇපල් ගිණුමේ පාස්වර්ඩ් එක අමතක නම් එය රිසෙට් කළ හැකියි. ඇපල් ආයතනයකට ගියාට ඒවා ගන්න බැහැ. මේ මොන විහිළුවක්ද. ඵෆ්. බී. අයි. එකෙන් ඉල්ලුවත් ඒවා දෙන්නේ නැහැ. මතකද ඇමරිකාවේ සිද්ධිය... ලංකාවේ ජනතාව ගැන මෙයාල හිතන් ඉන්න තරම තමයි...

:       0       42

susantha Wednesday, 02 August 2017 03:41 PM

මුර පදයක් හොයන්න ඇපල් ආයතනයටම යන්න ඕන කියල ඇහුවමයි මේ! මෙයාලගේ පට්ට කෙබර වලට අහුවෙන ලංකාවේ සිංහල මිනිස්සු ඉන්නකම් හොඳයි ඉතින්. ඕනෑම මුර පදයක් අමතක වුණොත් ඒවා නැවත ලබාගන්නේ. එහෙම නැතිනම් ඒක වෙනස් කරන ඒක ඉතාම පහසුයි. තත්පර 30ක් යන වැඩක් සේවාදායකයෙකුට. ඒකට මොකටද සිංගප්පූරුවේ කාර්යාලයට යන්නේ?

:       0       8

sam Wednesday, 02 August 2017 07:28 PM

මුරපදය reset කරන්න කොහොමද මෙච්චර කල් යන්නේ? විනාඩි 5 පුළුවන් මේක කරන්න. සිංගප්පුරු කතාව කිසිම අදාල කමක් නැහැ. E-mail එක විතරයි ඕනේ ! කාලේ අරගෙන backup එක මකලා දාන්න මේ හදන්නේ. මෙව්වට අහුවෙනවනේ !

:       0       10

yaka Thursday, 03 August 2017 01:58 AM

ඕක අමතක වෙන්න? කොහොමද දන්නැහැ එයා ඕක පාවිච්චි කරේ

:       0       4

Kamal Thursday, 03 August 2017 02:29 AM

මොන බොරැවක්ද. මොකටද ඇපල් එකට යන්නේ? පාස්වර්ඩ් එක අමතක නම් ෆොගොටිමයි පාස්වර්ඩ් වලින් හොයාගන්න පුලුවන්නේ

:       1       4

sachith Thursday, 03 August 2017 03:01 AM

කාවද මේ රවට්ටන්නේ? ඕනෑම මුරපදයක් නැති වුණානම් එ්ක නැවත සකස් කරගන්න හැකියාවක් තියෙනවා. ඇපල් සමාගමෙන් විශේෂ දුරකතනයක් දීලද දන්නේ නෑ හැබැයි.

:       1       24

සංජීව Thursday, 03 August 2017 04:55 AM

කාවද මේ රවට්ටන්නේ? ඕනෑම මුරපදයක් නැති වුණානම් එ්ක නැවත සකස් කරගන්න හැකියාවක් තියෙනවා. ඇපල් සමාගමෙන් විශේෂ දුරකතනයක් දීලද දන්නේ නෑ හැබැයි.

:       1       17

හේමන්ත Thursday, 03 August 2017 07:40 AM

යහපාලනයට ජයවේවා !!!

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 2 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 336 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 264 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 599 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 356 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


ආරක්ෂක ලේකම්-රුසියානු ආරක්ෂක ලේකම් අතර හමුවක්
2024 අප්‍රේල් මස 24 269 0

ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් නිකොලායි පැට්‍රොෂොව් යන මහත්වරු අතර ආරක්ෂක අභියෝගවලට මුහුණදීමට දැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site