(තිළිණි ද සිල්වා)
පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.5 %කින් අඩුවී ඇතැයි ලංකා සංචාරක අධිකාරිය සඳහන් කරයි. ඉකුත් මාසයේ විදෙස් සංචාරකයින් 188,076 දෙනෙකු පැමිණ ඇති බව ශ්‍රි ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්ත සටහනකින් වාර්තා වේ.
මෙය ඉකුත් වසරේ මාර්තු මාසයේ දී මෙරටට පැමිණ තිබෙන මුළු සංචාරක සංඛ්‍යාව වූ 192,841 හා සැසඳීමේ දී 2.5 % ක පහළ යාමක් බව එම අධිකාරිය පවසයි.
මාර්තු මාසයේ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙසින් පිළිවෙලින් ඉන්දියාවෙන් 84,568 ක්, චීනයෙන් 79,222 ක්, එක්සත් රාජධානියෙන් 59,137 ක්, ජර්මනියෙන් 42,390 ක් ලෙසින් වාර්තා වේ.
ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා ගතවූ මාස තුනේදී සංචාරකයින් 6,04,953 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ මුල් මාස තුළ දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේදී එය සියයට 3.4 සුළු වර්ධනයක් යැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියා සිටී. 2016 වසරේ මුල් මාස තුනේදී විදෙස් සංචාරකයින් 5,84,818 දෙනෙකු පැමිණ ඇත.
ජනවාරි මාසය ආරම්භයේ සිට මෙරට ප්‍රධානතම ගුවන් තොටුපළ වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ධාවන පථය නවීකරණය කිරීම සඳහා ගුවන්ගමන් කටයුතු සීමා කිරීමට සිදුවීම මෙලෙස සංචාරක පැමිණීම පහළ යාමට හේතුව වී ඇති බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසයි.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාර්තු මාසයේදී සංචාරකයන් පැමිණීමේ 2.5% ක බැස්මක්