IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මරණ සංඛ්‍යාව 15 ට නගී-දේශපාලනඥයන්ට විරෝධය

(තරිඳු ජයවර්ධන)

මීතොටමුල්ල  කුණුකන්දේ කොටසක් කඩා වැටිමෙන් සිදුවූ සිදුවූ මරණ සංඛ්‍යාව අද දහවල් 12.00 වන විට 15 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. තවත් විශාල පිරිසක් අතුරුදන් යයි වාර්තා වන හෙයින් ඒ පිළිබඳ සෝදිසි මෙහෙයුම් දිගටම කෙරේ. සිද්ධියෙන් තුවාල ලැබූ 11 දෙනෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබති. 

හානිය පිළිබඳ සොයා බැලීම සඳහා නීතිය හා සාමය ඇමති සාගල රත්නායක මහතා පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ. ඇමතිවරයා සමගින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාටද “හූ“ කියමින් විරෝධතා දැක්වූහ. 

"මැරුණ⁣ට පස්සේ මොනව බලන්න එනවද" යයි කියමින් ප්‍රදේශවාසීහු ඇමතිවරයාට විරෝධය දැක්වූහ.
මේ අතර මීතොටමුල්ල කුණු කන්දට විරෝධය දැක්වීමේ සංවිධානය පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ මෙය ස්වභාවික විපතක් නොව මිනී මැරුමක් බවයි. 

“2011 සිට මේ කුණු කන්දට විරෝධය පැවැත්වෙනවා. කිසිම පිළිතුරක් නෑ“
“කුණු කන්ද නාය යාමට පැවැති ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුවත් වගකිව යුතුයි. මිනී මැරීමේ චෝදනාව යටතේ ආණ්ඩු දෙකේම පාලකයන්ට මරණීය දණ්ඩනය නියම කළ යුතු වෙනවා“ යයි කුණු කන්ද ඉවත් කරගැනීම සම්බන්ධයෙන් අධිකරණයට ගිය නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසීය. 

ප්‍රදේශවාසියකු වන ඩඩ්ලි දන්තනාරායන මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ මෙම කුණු කන්ද මෙතැනින් ඉවත් කරගැනීම සඳහා සාකච්ඡා කිරීමට මීට දින කිහිපයකට පෙර තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර්  මහතා හමුවීමට ගිය බවයි. එහෙත් එයින්  කිසිදු  ප්‍රයෝජනයක් අත්නොවූ බවද දන්තනාරායන මහතා පැවසීය.

“මේ දවස් වල පාර්ලිමේන්තුව නිවාඩු. අවුරුද්දෙන් පස්සේ පාර්ලිමේන්තුව පටන් ගත්තාම මේකට විසඳුමක් දෙන්නම් කියලා තමයි එයා කිව්වේ“ යයි දන්තනාරායන මහතා ප්‍රකාශ කළේය. 

(ඡායාරූප-තරිඳු ජයවර්ධන)



අදහස් (27)

මරණ සංඛ්‍යාව 15 ට නගී-දේශපාලනඥයන්ට විරෝධය

akiyami ananthya Saturday, 15 April 2017 06:59 AM

යහපාලනයටවත් අඩුතරමේ මේ පැත්තවත් පාලනය කරගන්න බැරි වුණානේ....

:       0       1

Daham Saturday, 15 April 2017 07:27 AM

හිටපු රජය සහ දැනට සිටිනා 225 මැති ඇමතිවරු සහ ජනාධිපති යන සියල්ලෝම මෙම කුණු කන්ද ඉවත් නොකිරීමට වගකිව යුතුය...

:       1       0

daham Saturday, 15 April 2017 07:39 AM

වැඩ බැරි ආණ්ඩුව

:       0       1

daham Saturday, 15 April 2017 07:46 AM

ඔය ප්‍රශ්න විසඳීමට යන්න එයාලට වාහන කෝ...

:       0       1

preethi Saturday, 15 April 2017 07:50 AM

බුදුන්ගේ ඒ උතුම් දර්ශනයත් අභියෝගයට ලක් කරමින් නැකත් බලා, ශුභ වෙලාවට වැඩ අරඹා අපේ යයි කියා ගන්නට අපේ නමත් එක්කර ගනිමින් සිංහල හා හින්දු අවුරුදු උත්සවය ජයටම සමරු අපිට, අද අවුරුදු දිනම මෙවන් විපතක් අසන්නට ලැබීම ගැන ඉතාම කණගාටුයි. ඒ වගේම අවුරුදු සිරියෙන් අමන්දානන්දයට පත්වී සිටි ශ්‍රී ලංකා මාධ්‍යයට, කතෝලික බැතිමතුන් සමරන මහා සිකුරාදා දිනය අමතකව ගොස් තිබු වගක් පෙනෙන්නට තිබුණා. අනේ, අපොයි!! සුළු මොහොතකින් අපේ රටේ මාධ්‍ය කරුවන්ගේ ඒ ප්‍රීතිය ගිලිහී ගිය සැටි? ලොව වෙසෙන ප්‍රඥාවන්ත ජනතාව ආගම් බේදයකින් තොරව මේ මහා සිකුරාදා දිනයට ගරු කරන්නේ වෙන කිසිවක් නිසා නොව,"මොවුන් නොදැන කල නිසා මොවුන්ට සමාවුව මැනව" යයි එදා තමන්ව කුරුසයේ එල්ලූ මිනිසුන් හට ක්‍රිස්තුස් වහන්සේ වදාළ ඒ පණිවිඩය නිසා බව සියලුම ශ්‍රී ලංකා මාධ්‍ය සැවොම අවබෝධ කර ගත යුතුයි.

:       29       0

amaTuesday, 18 April 2017 04:50 AM

ප්‍රීති, මෙතනට ආගම වාදයක් ගෙන්න එපා . එතකොට ඔය ජේසු තුමාගේ උපන් දිනයට ඕගොල්ලෝ පාටි දාපු දවසට පහුවෙනිදා සුනාමි අව 2004 මතකද?

:       0       0

bandulaqld Saturday, 15 April 2017 08:08 AM

මම හිතනවා සියල්ලට පළමුව මෙය විමර්ශනය කිරීමට මැති ඇමති වරුන්ට කුණු කන්ද උඩට යාමට හැකි විශේෂ රථවාහන කීපයක් ආනයනය කල යුතුය.

:       0       0

siri Saturday, 15 April 2017 08:21 AM

දේශපාලකයින් මේ කුණු කන්දෙන් ඡන්ද කාලෙට ප්‍රයෝජන ගත්තා. එත් බලයට පත්වුවාට පසු ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. එළඹෙන ඡන්දයකදීත් මෙයාල මේකේ තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට පසුබට වෙන්නේ නැහැ කියන එක ඉරහඳ වගේ විශ්වාසයි. මේ කුණු කන්ද රටට ආයෝජනයක් කර ගන්න මේ දේශපාලකයින්ට හැකියාවක් නැහැ. තමුන්ගේ සාක්කුවට හෝ හෙන්චයියගේ සාක්කුවක් පිරුනොත් එදාට මේ කුණු කන්ද ජනතාවට ප්‍රශ්නයක් නැතිව යයි.

:       0       0

කරුණාපාල Saturday, 15 April 2017 08:42 AM

අපේ කට්ටිය අනුන්ගේ කුණු හොයමින් ඉන්න දක්ෂ උනාට තියන කුණු කඳු ඉවත් කරන්න නම් දක්ෂ නැහැ. යමක් සිදු වෙන්න කලින් ඒක විසඳනවාට වඩා, විනාශයකින් පසුව, එම විනාශයෙන් ගොඩ යාමට මාන බලමින් සිටින දේශපාලකයින් හා නිලධාරීන් සිටින රටක සිදුවෙන ඛේදනීය තත්වයක් තමයි මේ. මිය ගිය ඇත්තන්ට නිවන් සුව අත්වේවා!!!!

:       0       0

lalithsjm Saturday, 15 April 2017 09:03 AM

මේ දෙශපාලනඥයින්ට කොයිකත් එකයි. සිදුවූ විපතට බලවත් ශෝකය...

:       0       0

wasantha Saturday, 15 April 2017 09:17 AM

16, 17 ජාතික සෝක දිනයක් හැටියට ප්‍රකාශ කරන්න...

:       0       0

RAJINDA Saturday, 15 April 2017 09:29 AM

රටකට ගිය කලක්.... දැන් මේ කුණු වලින් ජා-ඇළ ප්‍රදේශයේ සුන්දර පාරිසරික කලාපයක් විනාශ කරන්න හදනවා. මෙහෙම ඔලමොට්ටල තීන්දු තීරණ ගන්න ආණ්ඩු පිහිටුවල වැඩක් තියෙනවද?

:       0       0

d.upul Saturday, 15 April 2017 09:33 AM

ආණ්ඩුවට ඉතා හොඳ අවස්ථාවක් මේ කුණු කන්ද වගේම ප්‍රමිතියෙන් තොර සියලු නිවාස ඉවත්කර මේ ප්‍රදේශය සංවර්ධනයකර නැවත ජනතාව පදිංචි කරවීමට. ඒත් මේ දේශපාලන සංස්කෘතිය මේවට ඉඩ දේවිද දන්නේ නැහැ.

:       0       0

Ashan Saturday, 15 April 2017 10:19 AM

හරිම කණගාටුයි. මෙතෙක් බිහිවුණු සියලු පාලකයන් ගැන ලැජ්ජයි. මිනිසුන් මියයන කුණුගොඩවල්, කටුමැටි ගෙවල්, පොල්අතු සෙවිලිකළ පාසල්, පාරක් නැති ගම්මාන දකිද්දී හිතෙනවා අපිට නිදහස ලැබුණේ අපේම කරුමෙට කියලා...

:       0       0

K.K.Perera Saturday, 15 April 2017 12:18 PM

මහජන හඬට කන්දීල දැන්වත් කුණු දැමීම නතර කරන්න.

:       0       0

Rajith Saturday, 15 April 2017 03:06 PM

ලංකාවේ අතිරික්ත ජනගහනයක් ඇත...

:       0       0

appu Saturday, 15 April 2017 03:59 PM

ආශ්චර්යමත් රටක හැටි... යහපාලන ආණ්ඩුවේ තරම... මැති ඇමැතිවරු 225 ක් විතර රට කරන හැටිතමයි... දැන්වත් ඇස්ගෙඩි ඇරල බලනවා නම් හොඳයි.

:       0       0

nihal Saturday, 15 April 2017 05:15 PM

ඕවා දේශපාලකයින් විසින්ම අහගන්නා දේවල්...

:       0       0

Lal Saturday, 15 April 2017 06:04 PM

මේ කුණු ප්‍රශ්නයකට ජනතාව මැතිඇමතිතුමන්ලට විරෝධය දැක්වීම අප තරයේ හෙලාදකිනවා. මැති ඇමතිතුමන්ලාට අවශ්‍ය කරන කෝටි හත අටක් වටිනා වාහන සහ වරප්‍රසාද ලබා නොදිමෙන් කාර්යක්ශමව තම සේවය ජනතාවට ලබාදීමට නොහැකි වී තිබෙන බව මේ කුණු කන්ද නිසා බැටකන ජනතාව තේරුම් නොගැනීම ජාතියේම අභාග්‍යයක්....

:       0       4

Chanak Los Angeles Saturday, 15 April 2017 06:23 PM

ආණ්ඩුවේ සහ පළාත් සභා අතර කඹ ඇදිල්ලක් හේතුවෙන් මහින්ද මහතාගේ කාලයේ දී මීතොටමුල්ල කුණු කන්දේ ගැටළුව විසඳීමට නොහැකි වූ බව එතුමා පවසා ඇත. ඔහුගේ ප්‍රකාශය අනුව සොයා බැලිය යුත්තේ එකල ලංකාවේ ජනාධිපතිකම් කෙළේ බරණැස් නුවර බ්‍රහ්මදත්තද කියා ය.

:       0       2

Chanak Los Angeles Saturday, 15 April 2017 07:05 PM

පේනවා නේද? දේශපාලකයෝ එක එකාට බෝලය පාස් කර ඇඟ බේරගන්නා ආකාරය. අරයගෙ සංකල්පයක්, මෙයාගෙ සංකල්පයක් කිය කියා ලකුණු දමාගෙන පිම්බෙන දේශපාලකයෝ ජනතාවට මේ කළ අපරාධ සංකල්පයට අයිතිකාර දේශපාලකයකු හොයා ගන්නත් නැහැ.. ජනතාවට දේශපාලකයා යනු කවරෙකුද? කියා අවබෝධ වීමට මේ සිද්ධියම ප්‍රමාණවත්....

:       0       0

Bandula Kendaragama Saturday, 15 April 2017 07:05 PM

මෙය ස්වාභාවික විපතක් නොවේ.

:       0       0

gamage Sunday, 16 April 2017 01:58 AM

මේ සිද්ධිය ගැන බොහෝම කණගාටුයි. තමා ජිවත්වන ප්‍රදේශයේ ඇති අඩුපාඩු, අවදානම්, නැතිබැරිකම් පිළිබඳව දන්නේ තමන් විතරයි. පුටුවේ වාඩිවීගෙන , [හරි බලන්නම් ] කියන අයට මේවා නොතේරීම අද ඊයෙ පටන් ගත් දෙයක් නොවෙයි. අපේ බලවත් උදවිය පිටරට වල සංචාරය කරලා ආවත් ඒ ඒ රටවල සිදුකරන ආපදා කලමනාකරණ කටයුතු පිළිබඳව කතා බහට ලක්වෙන්නේ නැද්ද මන්ද?. මේ දක්වා සිදුවූ සිද්ධීන් වල අවසාන එක මෙයවේ. දැන්වත් ඇස, කන්, නාසය (කුණු නිසා ), ඇරේවායි බලාපොරොත්තු වෙමි. තුවාල ලත් අයහට ඉක්මන් සුවය ලැබේවා. මියගිය අයහට නිවන් සුව අත්වේවා යි පතමි.

:       0       0

Sanjeewa Sunday, 16 April 2017 01:58 AM

මහජන සේවකයන්ට කොහෙද? මරික්කාර් මහත්තයො නිවාඩු. පරිසර ඇමැති මේ වෙනකම් දැක්කෙත් නෑ. අවුරුදු කාලා අමාරු ඇති....

:       0       9

nimallalitha Sunday, 16 April 2017 02:39 AM

තිබුණ රජයට, අද පාලනයේ සිටින රජයට පමණක් නොව පාර්ලිමේන්තුවේ සිටි සහ අද සිටින හැම කෙනෙක්ම මීට වගකිව යුතුය. හේතුව ඔවුන් සිය යුතුකම සහ වගකීම ඉටු නොකිරීමයි....

:       0       0

සිසිර Sunday, 16 April 2017 02:48 AM

කුණු සහ කුඩු යනු දේශපාලනඥයින් සමගම ගැවසෙන මාතෘකාවක්. මේ කුණු ප්‍රශ්නයද සාම්ප්‍රදායික දේශපාලන වාසි ගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කර ඇත. ⁣කොළඹ නගර සභාව එදා පටන් එ.ජා.ප. කිව්වම ශ්‍රී.ල.නි.ප.ය සම්පූර්ණයෙන්ම අහිංසකය. චන්ද්‍රිකා මැතිණිය, මහින්ද මැතිතුමා එකල රට පාලනය කලද මේ කියන විදියට කොළඹ නගර සභාවේ පාලනය ඒ දෙදෙනාගේම පාලනයෙන් තොරව සිදුවී ඇත. ගෝඨාභය මැතිතුමා මෙය විසඳීමට උත්සාහ ගන්නකොටම ආණ්ඩුව පෙරළුණ නිසා ආණ්ඩුව පෙරළුෑ ජනතාව වැරදිය.

:       247       0

siriwansa silva Sunday, 16 April 2017 04:53 AM

ඇත්තටම මෙයට දේශපාලකයෝ වගකියන්න ඕන. මිනිස්සු මැරුණට ඒ අයට ප්‍රස්නයක් නැහැ. වාසියට විතරයි මිනිස්සු අවශ්‍ය. මේක ස්වභාවික විපතක් නෙමෙයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 455 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 166 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 229 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 268 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 395 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 904 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site