IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මරණ දඬුවම අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවට යෝජනාවක්

තරිඳු ජයවර්ධන

කිසිම තැනැත්කු මරණීය දණ්ඩයට භාජනය නොකළ යුතු යැයි   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලිකි අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට ඇතුළත් කළ යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කාරක සභාව සිය වාර්තාවෙන් යෝජනා කර තිබේ.

සෑම තැනැත්තකුටම ජීවිතයට, ගරුත්වයට, සමානත්වයට, නිදහසට හා මිනිස් ශරීරයේ ආරක්ෂාවට අයිතිය තිබිය යුතු බව ද එම අනු කාරක සභා වාර්තාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ     ඇතුළත් කර තිබේ.

ඇමැති මහින්ද සමරසිංහ මහතා මූලික අයිතිවාසිකම් පිළිබඳ අනු කාරක සභාවේ සභාපතිවරයා ය. අනුරාධ ජයරත්න, පවිත්‍රාදේවි වන්නිආරච්චි, විජිත හේරත්, වාසුදේව නානායක්කාර, අතුරලියේ රතන හිමි, එස් ශ්‍රීදරන්, ඒ අරවින්ද් කුමාර්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, වෛද්‍ය තුසිතා විෙජ්මාන්න සහ එම් එච් එම් සල්මාන් මහත්ම මහත්මීහු මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාවේ සෙසු සාමාජිකයෝ වෙති.

මෙම යෝජනා සැකසීමේදී 2009 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මෙන්ම, 2016 මැයි මාසයේ ඉදිරිපත් කරන ලද මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාවේ නිදේශ ද, දේශපාලන පක්ෂ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය අතු`එ වෘත්තීය සංගම් සහ සිවිල් සමාජ සංවිධාන ඉදිරිපත් කරන ලද  කරුණු කාරනාද සැලකිල්ලට ගෙන ඇති බව කමිටු වාර්තාවේ දැක්වේ.

මෙම අනුකාරක සභාවේ සාමාජිකයන් කිහිප දෙනකු 2016 අගෝස්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන ආකාරය අධ්‍යයනය කිරීමට එහි ගොස් තිබේ.

බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් මිදී සිටීමේ නිදහස යටතේ කිසිදු පුද්ගලයකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීමකට ලක් නොකළ යුත්තේය යන වගන්තිය සහ බලහත්කාරයෙන් කරන අතුරුදන් කරවීමකට සාධාරණ හේතුවක් ලෙස යුද තත්ත්වයක් , යුද තර්ජනයක්, අභ්‍යන්තර දේශපාලන අස්ථාවරභාවයක් හෝ වෙන ඕනෑම පොදු හදිසි තත්ත්වයක්  හෝ  නොදැක්විය යුතු බවට වගන්තියක් ද   ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අතු`එ කළ යුතු බවට ද එම වාර්තාවෙන් යෝජනා තිබේ.  එම විධි විධානය අනවශ්‍ය බව සැලකූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා එය අනුමත නොකළ බව ද කාරක සභා වාර්තාවේ සඳහන් වේ.

තොරතුරු වෙත ප්‍රවේශවීමේ නිදහස  මෙන්ම සූරාකෑමෙන් නිදහස ද මූලික අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට නිර්දේශ කර තිබේ. කිසිදු තැනැත්තකු පුද්ගල ජාවාරමට, වහල් භාවයට හෝ බලහත්කාර ශ්‍රමයට ලක් නොකළ යුතු බව සූරාකෑමෙන් නිදහස ඡේදය යටතේ අතුළත් කර තිබේ.

අධ්‍යාපනය ලැබීමේ අයිතිය  , සෞඛ්‍යසම්පන්නව සිටීමට ඇති අයිතිය  , පරිසරය හා ස්වභාවික සම්පත් ස`දහා අයිතිය , වද බන්ධනවලට ලක් නොවී සිටීමේ නිදහස, පුද්ගල ආරක්ෂාව, සමානාත්මතාවට සහ වෙන් කොට නොසැළකීමේ නිදහසට ඇති අයිතිය, සිතීමේ හෘද්ය සාක්ෂියේ සහ ආගමික නිදහස, ප්‍රසිද්ධියේ ආගම ඇදහීමේ නිදහස, මත දැරීමට ඇති නිදහස, සංස්කෘතිය භුක්ති වි`දීමට හා ප්‍රවර්ධනය කිරීමට සහ භාෂාව භාවිත කිරීමට ඇති අයිතිය ද අලූත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා නිදහස පරිච්ඡේදයට ඇතුළු කිරීමට යෝජනා කර තිබේ.

ප්‍රකාශනයේ සහ තොරතුරු දැන ගැනීමේ නිදහස ඇතුළු කථනයේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, තොරතුරු වෙත ප්‍රවේශවීමේ අයිතිය, සාමකාමීව රුස්වීමේ නිදහස, යාම ඊමේ නිදහස, කම්කරු අයිතිවාසිකම්, වෘත්තීය සිමිති අයිතිවාසිකම්, පවුල් අයිතිවාසිකම්, දේපොළ හිමිකම දැරීමේ අයිතිය,  ළමා අයිතිවාසිකම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ අයිතිවාසිකම්, ආබාධිතතාවය හෝ විශේෂ අවශ්‍යතාවයන් සහිත පුරවැසියන්ගේ හිමිකම්, පාරිභෝගික හිමිකම් සහ රාජ්‍ය සේවාවන් සඳහා හිමිකම ඇතුළු කරුණු රුසක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පිළිබ`ද අනු කාරක සභාව යෝජනා කර ඇත.



අදහස් (15)

මරණ දඬුවම අහෝසි කරන්න අලුත් ව්‍යවස්ථාවට යෝජනාවක්

Lanka Perera Thursday, 06 April 2017 05:47 PM

ඉතා කාලෝචිත අදහසක්....මරණ දඩුවම අමානුෂික බවට ලෝකේ පුරාම පිළිඅරන් ඉවරයි...ලංකාවේ උනත් ක්‍රියාත්මක වෙන්නේ නැතිනම් මොකටද තියන් ඉන්නේ.

:       316       5

neil Thursday, 06 April 2017 06:34 PM

ඔබේ කෙනෙක්ව මරා දැමුවොත් හෝ ඔබේ සහෝදරියක් බිරිඳ අම්මා අතවරයට ලක් වුනොත් එය කල පුද්ගලයාට මෙහෙම වැඩ කරන්නෙපා කියමු නේද

:       3       686

hasantha Friday, 07 April 2017 12:35 AM

මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුයි.

:       2       188

lal Friday, 07 April 2017 12:58 AM

.ඉදිරි අනාගතය ගැන හිතල ගත්තු කාලෝචිත පියවරක් වෙන්න ඕනේ..

:       83       72

ravin Friday, 07 April 2017 01:04 AM

විශේෂයෙන් නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන , ලඟතබා ගැනීම හා බෙදාහරින අයවලුන් සඳහා පමණක් මරණ දඬුවම ක්‍රියාත්මක කලයුතුවේ

:       6       114

nimallalitha Friday, 07 April 2017 01:32 AM

එතකොට මේ මැරුම් කන මිනිසාගේ හෝ ගැහැනියගේ , රෙස්ත් නැත්නම් ඔවුන්ගෙන් යැපෙන්නන් ගේ මුලික මිනිස් අයිති වාසිකම් ගැන වග කියන්නේ කව්ද.? මම බේබදු ලංගම රියදුරෙක් නිසා මියගිය අයෙකුගේ පුතෙක්. මම දන්නවා එනිසා පවුලේ පිට කොන්ද නැති වූ වහම එම පවුලට වෙන විනාසය.

:       6       164

ලුම්බිණි Friday, 07 April 2017 03:03 AM

කිසිම තැනැත්කු මරණීය දණ්ඩනයට භාජනය නොකළ යුතුයි. මරණීය දණ්ඩනය බුදු දහමට විරුද්ධ දෙයක්.

:       7       2

K D DEWAPRIYA Friday, 07 April 2017 03:09 AM

මෙම රටට මරණ දඩුවම අවශ්‍යයි මේ පණිවුඩයත් අැති තවත් අපරාධකාරයින් බිහි වෙන්න මරණ දණ්ඩනය අැති රටවල්වල අපරාධ අඩුයි මෙම දේශපාලඥයින් බේරාගන්න කරන රජයේ වැඩපිළිවෙලක්

:       0       3

athura Friday, 07 April 2017 03:24 AM

මේකේ අදහස් දාල තියන අය ජීවත්වෙන්නේ බුද්ධාගම තියන රටකද කියලත් මට සැකයි.

:       28       0

Ruwan Jayalath Friday, 07 April 2017 03:31 AM

ඇමරිකා එක්සත් ජනපදයේ පවා ක්‍රියාත්මක වන මරණීය දණ්ඩනය නිසියානුකූලව (නව තාක්ෂණය සමගින්) අධිකරණයකින් ලබා දුනහොත් අනාගතයේ අපරාධක් කිරීමට පෙර සිතා බලනු ඇත. අගතියට පත් පාර්ශවයට සාධාරණයක් ඉටු කිරීම පිළිබඳව කුමක්වේද? කෙසේ වුවද ශිෂ්ඨ සමාජය මරණීය දණ්ඩනය ප්‍රතික්ෂේප කල යුතුය හා ශිෂ්ඨ සමජයක් අප ජීවත් වන කාලයේදී ඇති වේවා යන්න මගේ ඒකායන පැතුමයි..

:       0       0

K Perera Friday, 07 April 2017 03:51 AM

මරණ දඩුවම අහෝසි කිරිම හරියට පනින රිලවුන්ට ඉනිමන් තියනවා වගේ වැඩක්.

:       0       0

vipula Friday, 07 April 2017 04:09 AM

මරණ දඩුවමට ලක්වන කෙනාට විතරක් අමානුෂික වන මරණය ඝාතනය හෝ දුෂණයට ලක්වන තැනැත්තාට බල නොපාන්නේ ඇයි.

:       0       0

ජයලත් Friday, 07 April 2017 04:17 AM

නීතියෙන් මරණ දඩුවම දෙන්නේ බරපතල වැරදි සිදු කරන්නන්ට. මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හොදම නිදසුනක්. ඔවුන් ඒ ජාවාරමේ යෙදෙන්නේ මරණ දඩුවම ගැන හොදාකාරවම දැනගෙනයි. උන්ට අදාළ දඩුවම නොදී තියා ගන්න ඕන නම්, සමාජ විරෝධී කටයුතු වල දැන දැනම යෙදෙනවුන් මහජන මුදලින් ජීවිතාන්තය දක්වා රැක බලා ගන්නේ නැතිව ඔය කියන මානව හිමිකම් ආයතන වලින් එම මුදල් සියල්ල අය කර ගත යුතුයි.

:       0       0

mahee Friday, 07 April 2017 04:17 AM

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 195 න් 55 ක් (ඇමෙරිකාව, ජපානය, සිංගප්පුරුව ඇතුළුව) මරණ දඬුවම නීතිගත කරලා විතරක් නෙමෙයි, ක්‍රියාත්මකත් කරනවා. රටවල 37 ක් අපි වගේ නීති පොතේ තියාගෙන ඉන්නවා. රටවල් 103 යි අහෝසි කරලම තියෙන්නේ. අපි ඉතින් හොස්ස අගින් මැස්සා ගියත් මිනි මරනවා වුනාට මානව හිතවාදීන් නේ. ඒ හින්ද ගෙදරට මරගාතේ වුනත් ලෝකෙට පරකාසේ පෙන්නන්ඩ එපාය.

:       0       0

Nandalal de Silva - France Tuesday, 11 April 2017 05:21 PM

තව කෙනෙකුගේ ජීවිතයක් බලෙන් බිලි ගන්නා අයෙකුට එහෙනම් කල යුත්තේ කුමක් ද ? පාතාල ලෝකයේ මිනී මරුවන්, කුඩුකාරයන්, කොස් ගෙඩියට හෝ වත්තේ මායිමට ඉවක් බවක් නැතිව මිනී මරාගන්නා දාමරිකයන්, වසර 20 කට පමණ සිර ගෙදරකට යවා, බදු ගෙවන්නගේ මුදලින්, කවා පොවා, ඇඳුම් පැළඳුම් ලබාදී හොඳින් සලකා බලා, යලිත් සමාජයට දැමීමද කරන්න ඕනෑ ? සිහි නැතිවෙන එන්නතක් සමග අතිශය විෂ, ඉක්මනින් ජීවිතය නැතිවෙන එන්නතක් ශරීර ගතකිරීම තමා මෙවැනි අපරාධකරුවන්ට දිය යුතු එකම දඬුවම. පසුගිය දවස්වල දේශපාලකයන්ගේ සමච්චලයට ලක්වුන "විදුලි පුටුවත්" අපරාධකරුවන් වෙනුවෙන් යොදා ගැනීමට හැකි උනත්, එයට වඩා ලාභදායක දඬුවමකි "එන්නත" !!! මෙවැනි දඬුවමක් වසරක් තුල අත්හදා බැලුවොත්, ශ්‍රී ලංකාවේ අපරාධ සංඛ්‍යාව බෙහෙවින් අඩු වනු ඇත !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1409 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 662 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 556 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 308 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 539 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 494 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site