IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල යැයි විශේෂ පෙත්සමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ  )
මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ප‍්‍රකාශ කර , ඒ බව කතානායකවරයාට දැනුම් දෙන ලෙස ඉල්ලා මහාචාර්ය කමීනා ගුණරත්න මහත්මිය අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට විශේෂ පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
 

නුගේගොඩ , නාවල පාරේ , විජය මාවතේ  අංක 17 / 27 දරණ ස්ථානයෙහි පදිංචි මහාචාර්ය කමීනා ගණරත්න මහත්මිය විසින් ගොනු කර ඇති පෙත්සමෙහි වගඋත්තරකරු ලෙස නීතිපති නම් කරනු ලැබ ඇත.
 
නීතීඥ මංජුල බාලසූරිය මහතා මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ. ‘‘ පෙත්සම්කරු ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි.මරණ දඬුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත නමින් පනත් කෙටුම්පතක් අගෝස්තු 01 වැනිදා ගාල්ල දිස්ත‍්‍රික්ක පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.
 
මෙම පනත් කෙටුම්පතෙහි කිසිදු වගන්තියක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවේ.තවද මෙම පනත් කෙටුම්පත ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුකූලව සකසා ඇත.
 
තත්ත්වය මෙසේ තිබියදී ජනාධිපතිවරයා පසුගිය අගෝස්තු 05 වැනිදා ප‍්‍රකාශයක් කරමින් මෙම පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත් කර ඇති බැවින් එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා ප‍්‍රකාශ කර ඇතැයි සඳහන් කර ඇත.
මෙම පනත් කෙටුම්පත මඟින් මූලික අයිතිවාසිකම් සහ ජීවිත් වීමේ අයිතිය තහවුරු වන බවත් , ශ්‍රී ලංකාව අත්සන් කර ඇති සිවිල් , දේශපාලන හා මානව හිමිකම් සඳහා වන ප‍්‍රඥප්තියට අනුකූල වේ.
මරණ දඬුවම පැනවීම මිනිසාට ඇති ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් අහෝසි කිරීමක් බැවින් එය මිනිස් ජීවිතය හෑල්ලූවට ලක් කිරීමක්ද වේ.
 මෙම තත්ත්වය තුළ මෙම පනත් කෙටුම්පත සාමාන්‍ය මන්ත‍්‍රී බහුතරයකින් සම්මත කළ හැකි වේ. එබැවින් මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල බව ප‍්‍රකාශ කරන ලෙසත් , ඒ බව කතානායකට දැනුම් දෙන ලෙසත් , පෙත්සම්කාරිය සිය පෙත්සමින් ඉල්ලා ඇත.



අදහස් (10)

මරණ දඩුවම අහෝසි කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථානුකූල යැයි විශේෂ පෙත්සමක්

Bishan Wednesday, 07 August 2019 12:33 PM

පෙත්සම්කාරියගේ ලිපිනය මෙහි සදහන් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

:       78       10

sandy123Wednesday, 07 August 2019 01:15 PM

ලස්සන සිහිවටනයක් යවන්න. ඔබට තේරුණාද?

:       0       69

BamunuarachchiWednesday, 07 August 2019 01:21 PM

අපිට දැනගන්න. ඇයි මොකක්ද ප්‍රශ්නය...?

:       1       69

Bamunuarachchi Wednesday, 07 August 2019 01:24 PM

පෙත්සම එල්ලුම්ගහට යන කෙනෙකුගේ අම්මා කෙනෙක් ගෙන් වත්ද?

:       1       16

athuraThursday, 08 August 2019 04:22 AM

ඒවා මේවා වැඩක් නැහැ බමුණු... ඔයාගේ ඊළඟ ජනාධිපතිතුමා පත්වුණාම ලංකාවට මරණීය දණ්ඩනය ගේනවද නැද්ද? පැහැදිලි පිළිතුරක් දෙන්න.

:       0       1

සේන Wednesday, 07 August 2019 01:27 PM

මරණ දඬුවම නියම කරන්නේ උසාවියෙන්... එතකොට ඒක වැරදිද? මේ විකාර අහලා බලලා දැන් අපට එපාම වෙලා. නැති ප්‍රශ්න ඇතිකර ගන්නවා.

:       1       73

kolam boss Wednesday, 07 August 2019 01:36 PM

මරණ දඬුවමට ඔබ කැමතිද අකමැතිද? කැමති නම් ලයික් .. අකමැති නම් ඩිස්ලයික්

:       814       1010

SOMINONA -Nugegoda. Wednesday, 07 August 2019 04:28 PM

කුඩුව්‍යාපාරයක්, පටන්ගන්න සූදානමින් ඉන්නේ, ඒක ලත් තැනම, ලොප් වෙයි කියලා බයයි...

:       0       2

BamunuarachchiWednesday, 07 August 2019 10:52 PM

කුඩු ව්‍යාපාර පටන් ගන්න ගිහිල්ලා එල්ලුම්ගස් යන්න එපා කුඩු ගහන්න පුරුදුවෙන්න. දෙකම එකයි පුරුදු වුණාම... එල්ලුම්ගස් ගිහිල්ලා මැරෙන්නේ එක සැරයයි. කුඩු ගැසුවාම හැමදාම මැරිමැරී උපදිනවා එ්කයි ආතල් එක...

:       1       0

ranjith Wednesday, 07 August 2019 11:58 PM

මේක තක්කඩියන්ටම ගියරටක්.. මේ හැතිකරේ තියෙන නීතියත් බලකරලා රට විනාශ කරන්න නේද මේ හදන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය දුන් පළමු සරණාගතයා නාලීනී
2024 අප්‍රේල් මස 20 118 0

ඉන්දියාවේ තිරුචි දිස්ත්‍රික්කයේ කොට්ටපට්ටු සරණාගත කඳවුරේ දිවිගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් වූ කේ.නාලිනී ඉන්දීය මහ මැතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කළාය


කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 369 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 604 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 1033 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 718 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1581 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1552 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1456 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site