( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව තුළ මරණීය දණ්ඩනය නැවත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ නව මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය ජිනීවා හී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී පැවසුවාය.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරයේදී සාමාජික රටවල් අමතමින් සිදු කළ පළමු කතාවේදි ඇය මේ බව ප්‍රකාශ කර කර ඇත.
මානව හිමිකම් කවුන්සිලයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මිෂෙල් බැලේ මහත්මිය කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ සංක්‍රමණික යුක්ති ධර්මය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා බලධාරින් ඉතා සෙමින් ක්‍රියාත්මක වන බවය.
එබැවින් ශ්‍රි ලංකාව තුළ දිගුකාලීන ස්ථාවර භාවයක් ඇති කිරීම සඳහා බලධාරින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව ඇය එහිදි වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත් අතුරුදන් වූවන්ගේ කාර්යාලය පිහිටුවීම සහ එහි කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් සැහීමකට පත් වන බව මිෂෙල් බෂෙල්ට් මහත්මිය පවසයි.
මානව හිමිකම් කවුන්සිලයේ 39 වැනි මහ සභා ලබන 28 වැනිදා තෙක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජිනීවා හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඊට සහභාගී වනු ඇත.මිට අමතරව සිවිල් සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසින්ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට සම්බන්ධයෙන් එකවර වාර්තා දෙකක් ඉදරිපත් වීම මෙවර සැසියේ සිදුවන බව ජිනීවා ආරංචි මාර්ග කියා සිටී.ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැකසූ මෙම විශේෂ වාර්තා දෙක සැසිය ආරම්භක සතියේදීම සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මරණීය දණ්ඩනය සැළසුම් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ කණගාටුව
Raveendra Tuesday, 11 September 2018 10:15 AM
ඔව් ඉතින් මෙසේ දඩුවම් දීල තියෙන්නේ අහිංසක මිනිසුන්ට වෙන්න ඇති. එතකොට මේ අහිංසක මිනිසුන් නිසා අගතියට පත්වෙච්ච පවුල් ,දු දරුවන් අම්මල තාත්තලා ගැන කනාගාටු වෙන්න "එක්සත් "නොවේ "බෙදුණු ජාතීන්ගේ සංවිධානයක්වත් නැහැ .... මේ තමයි පොඩි රටවල් විනාශ කරන බලවේග.....
Bamunuarachchi Tuesday, 11 September 2018 10:24 AM
අපේ රටේ මරණීය දණ්ඩනය ගැන ඔහෙලා කලබල වෙන්න එපා. රටට එපා එපා වූ අයටනේ මේ දඩුවම දෙන්නේ. පළමුව කුඩු කාරයින් දෙවනුව තුන්වෙනුව කවුරු ගස්යාවිද දන්නේ නැත. වැඩේ සම්පූර්ණ වන්නේ දේශපාලකයන් ගස්ගිය දාටය.
Dias Tuesday, 11 September 2018 12:43 PM
ලංකාවේ ඉතිහාසයේ එල්ලුම් ගසට නියම වුවන් ගැන සොයා බැලුවොත් පෙනෙන දෙයක් නම්, ඒ අය බොහෝ දෙනා දුප්පත් පරිසරයකින් පැමිණි අය බවකි. එයින් අදහස් වන්නේ පොහොසත් අය අපරාධ නොකරන අය බවද? එසේත් නැත්නම් මුදල් ඇති අය නීතිය තමන්ගේ වාසියට නමා ගන්නා බවක්ද? මා සිතන්නේ බොහෝවිට සිදුවන්නේ දෙවනුව සඳහන් කල දෙයයි. එම නිසා, රටේ නීතිය සැමට එකලෙස ක්‍රියාත්මක වන තෙක්, ලංකාවට මරණ දඬුවම සුදුසු නැත.