ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී මානවහිමිකම් කොමිෂන් සභාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව මානවහිමිකම් කොමිෂන් සභාව ලිපියක් මගින් ජනාධිපතිවරයාට දන්වා තිබේ.
මානවහිමිකම් කොමිෂන් සභාවේ ප්‍රමාදය නිසා මාලි රාජ්‍යයේ ස්ථානගත කර සිටි භට පිරිස් නැවත ලංකාවට ගෙන ඒමට ප්‍රමාද වූයේ යැයි ජනාධිපතිවරයාගේ ප්‍රකාශය කිසිසේම නිවැරදි නොවන බවත් , එම ප්‍රකාශය දැඩි සේ ප්‍රතික්ෂේප කරන බවත් එහි දක්වා ඇත.
එමෙන්ම එම නිලධාරීන්ගේ ජීවිත අහිමිවීම පිළිබඳව මානවහිමිකම් කොමිෂන් සභාව වෙත පැවරීමෙන් ඔවුන් ඉමහත් කම්පනයට පත්ව ඇතැයිද එහි සඳහන්ය.
එවැනි සිදුවීම් රැසක් පිළිබඳව තොරතුරු ඇතුළත් කර ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මානවහිමිකම් කොමිෂන් සභාව ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.
‘ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ අතර මාලි රාජ්‍යයේ සාම සාධක හමුදාවේ රාජකාරී නියැලෙමින් සිටි රණවිරුවන් මිය යාමේ සිද්ධි වුයේද ඔවුන් ගෙන්වා ගැනීමට මානවහිමිකම් කොමිෂන් සභාවේ නිසි අයුරින් ක්‍රියා නොකළ නිසා යැයිද ජනාධිපතිවරයා සඳහන් කර තිබිණි.‘
(36698)
මානව හිමිකම් කොමිෂන් සභාව කරුණු පැහැදිලිකරමින් ජනාධිපතිවරයාට යැවු සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට පිළිතුරක්
එරික් Friday, 08 February 2019 10:40 AM
ඕක ඔච්චර ගනන් ගන්න එපා. තමන්ගේ නොහැකියාව කාගේ හරි පිට වරද පටවන කෙනෙක්...
athura Friday, 08 February 2019 10:47 AM
ජනාධිපති දැන් බලන්නේ කොක්කෙන් හරි, කෙක්කෙන් හරි ඊළඟ පාර ගොඩයන්න විදිහක් තියනවද කියලා. විධායක රහ දැනුණාම පිස්සුවගේ තමයි...
අනුර Friday, 08 February 2019 11:16 AM
අනිකුත් ආයතනවලටත් ආදර්ශයට ගත හැකි ඉතාමත් හොඳ පැහැදිලි කිරීමේ ලිපියක්...
Pandith Friday, 08 February 2019 11:24 AM
පොහොට්ටුවත් දැන් වෙනම ඡන්දෙට යන නිසා ඊළඟ ඡන්දෙට ගොඩයන්න විදිහක් තියනවද කියලා අනාථවෙලා ඉන්නේ. බල තණ්හාව අාවම කියවන්නේ විකාර...
Sapumal. Friday, 08 February 2019 12:12 PM
රටක මානව හිමිකම් ගැන සෙවීම හොඳ වැඩක්.... ඒත්, එම රටේ, පාතාලයන් කුඩ්ඩන් වැනි මහා මිනීමරුවන් රට වනසා බොහොම අමාරුවෙන් අත්අඩංගුවට ගත්තාට පසු ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම රටේ සිටින සාමකාමී ජනතාවට කරනා මහා අපරාධයක් නොවේද? එතකොට සාමකාමී බහුතර පිරිසගේ මානව හිමිකම් කැඩෙනවා නේද? පිටරටවල් නොදන්නා අපගේ දේ ගැන ක්‍රියා කිරීමට ඔවුන් උපදෙස් දීම දෝෂ සහිත නොවේද? මහා දාමරිකයන්, මිනීමරුවන් රට කළඹන පුවත් මවද්දී රහස් පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ බොහෝ වෙහෙස වී කොටුකර ගන්නා ජනතාවගේ මානව හිමිකම් වනසන මැරයන් හට ලැබෙන මානව හිමිකමෙන් රටේ සාමකාමී ජනතාවගේ මානව හිමිකම් අහිමි නොවේද? ආරක්ෂක අංශවල ධෛර්යය මෙහිදී හීන නොවන්නේද? ඔවුන් වෙනුවෙන් වැටුප් ගෙවන ජනතා මුදල් නාස්තියක් මේ නිසා වෙනවා නේද? ගමේ අසරණ පියදාසට නොමැති මානව හිමිකම් පාතාලයාට ලැබීම සාධාරණද? එවිට පාතාලයා වරදට බියවන්නේ නැහැනේද?
nihal Friday, 08 February 2019 02:40 PM
ඒ නීති සියල්ල අපේ රටට පමණයි
රසිකFriday, 08 February 2019 03:58 PM
ඔය කියන ඒවට උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්ද? මානව හිමිකම් කියන්නේ මොනවද කියලවත් දන්නේ නැතුව කතාකරනවා...
Bangomunu.Saturday, 09 February 2019 01:42 AM
ටිකක් දන්නා කෙනා හිතන්නේ තමන් විතරයි සියල්ල දන්නේ කියා. ඉතින් ඔක්කොම දන්නා පණ්ඩිතයින්... උදාහරණ සහිතව අපට වටහා දෙන්නකෝ. ඒ ලිපියෙන් ඔහු පෙන්වා ඇත්තේ මානව හිමිකම් කාරයින්ගේ වැඩවලින් වෙන සැබෑදේ. පුළුවන් නම් ඒ තර්ක බිඳින්නකෝ....
චමින්දSaturday, 09 February 2019 01:43 AM
ජනාධිපතිතුමා හා සපුමල් කියනදේ හරි. ලංකාවේ මානව හිමිකම් සංවිධාන වැඩිපිරිසකගේ මානව හිමිකම් වලට වඩා කුඩ්ඩන් මැරයන් වැනි සුලු පිරිසකගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින බවක් වැස්සකටවත් පාසැලකට ගොඩ නොවුන අයෙකුට වුනත් තේරෙනවා. සභාපතිතුමියණි අනුන්ට දොස් කියන්න පෙර කරුණාකර ඔබලාගේ වැරදි අදහස් ඉවත්කර ගන්න.
saliya Saturday, 09 February 2019 05:04 AM
ආදරණිය ජනපතිතුමනි, ඔබතුමා මේ දාලා තියන සටහන් ගැන දුක්වෙන්න එපා. පිඟන් හොදනකොට පිඟන් බිඳෙනවා. ඔබතුමාට පහුගිය කාලයේ හුඟක් අසාධාරණ වුණා. දැන් ඒවා තේරුම් අරගන ඔයාට ඡන්දේ දීපු ජනතාව වෙනුවෙන් අතිශයින් දුෂ්කර ගමනක් යන්න හදනකොට ඔබතුමා රූකඩයක් කරන්න හදපු කට්ටියට හුඟක් රිදෙනවා. ආයේ ඔබතුමා ඡන්දෙට එනවද? නැද්ද? අපි දන්නේ නෑ. නමුත් ජනතාව ඔබට දීපු ජොබ් එක හරියට කරලා ටිකකලක් ගෙදර ගියත් අායෙත් ඔවුන්ට ඔබතුමා ඕනෑවෙනවා. එතකොට ඉබේම ඔයා ආයෙත් ජනපති... හොඳම උදාහරණය මහින්ද මහත්තය හා ගෝඨාභය මහත්තයා. ඔබතුමා හිටියා වගේම ඔවුන් සමග හොඳින් ඉන්න, ඒ අය ගුණ දන්නවා කියලා අපි හිතනවා. ඔබතුමාට ජය..!
සුගත් Saturday, 09 February 2019 05:58 AM
මානව හිමිකම් කොමිෂමේ ස්වාධීනත්වය රැකගැනීමට දැරූ මෙම උත්සහය අනෙකුත් රාජ්‍ය ආයතනවලට මෙන්ම කොමිෂන් සභාවලටද ආදර්ශයක්... කොමිෂන් සභා හා රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය අඩපන නම් එයට විසඳුමක් විධායකට ලබාදිය නොහැකි නම් විධායකය කෙරෙහි ඇති ජනතා අපේක්ෂාවද පළුදු විය හැකිය.
Chandran Prasad Saturday, 09 February 2019 08:02 AM
මානව හිමිකම' කොමිසමේ' ප්‍රධානියා කුමන උත්තරයක් දුන්නත් සාමසාධක කටයුතුවලට යන අයගේ නිෂ්කාශනයන් මේ තරම් පමාද වීම හෝ ප්‍රමාද කිරීම පිළිගත නොහැකිය. මෙම කොමිසමේ සිටින දෙමළ ජාතික කාන්තාවක් බාධාකරන බව ප්‍රසිද්ධ රහසක්. ඒබැවින් පම්පෝරි නැතිව මෙම කටයුතු ඉටුකළානම් රටටත්, නිලධාරීන්ගේ අනාගතයටත් හැමෝටමත් අැඟට ගුනයි. නැත්නම්' මෙයට වගකිවයුතු අයට වැහි නැති හෙන ගහනවා.