IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්දකට හසු වු කළු කොටියෙක් බේරා ගනී

(රංජිත් රාජපක්ෂ )                      

ශ්‍රි පාද රක්ෂිතයේ සැරි සරමින් සිටියදි මන්දකට හසු වි සිටි පැන්තරා පාදුස් වර්ගයේ  කළු කොටියා නිර්වින්දනය කර  මුදා ගැනිමට වනජිවි නිලධාරින් අද (26) දින පස්වරුවේ සමත් වි ඇත.
 
උඩවලව අත් ඇතුරු සෙවන පශුවෛද්‍යය රෝහලේ  වෛද්‍යය මාලක අබේවර්ධන මහතා සහ රණ්දෙණිගල පශු වෛද්‍යය රෝහලේ වෛද්‍යය අකලංක පිණිදෙණිය යන මහත්වරු විසින් මන්දට හසු වි සිටි කළු කොටියාව නිර්වින්දනය කර මන්ද ගලවා තුවාල ලබා සිටි කළු කොටියාව ප්‍රතිකාර ලබා දි සදහා නල්ලතන්නිය වනජිවි කාර්යයාලය වෙත රැගෙන යනු ලැබුහ.
 
නල්ලතන්නිය පොලිස් වසමට අයත් ලක්ෂපාන වතු යායේ වාලමලේ කොටස් වතු කොවිල අසල එලවළු වගා භුමියක කිසියම් පිරිසක් විසින් වන සතුන් දඩයම් කිරිම සදහා කම්බියකින් අටවන ලද මන්දකට  කළු කොටියා හසු වි තිබුණි.
 
අවුරුදු 8 ක් පමණ වයසැති දිගින් අඩි 8 ක් සහ උසින් අඩි 4 ක ප්‍රමාණයකින් යුතු මන්දට හසු වි සිටි කළු කොටියා පිරිමි සතෙකු බවත්, කොටියා හොදින් වැඩුණු සතෙකු බව වනජිවි නිලධාරින් කියා සිටියේය.
 
එළවළු වගා භුමිය ආසන්නයේම පිහිටි වතු නිවාස වල සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කිරිම සදහා කළු කොටියා පැමිණි අවස්තාවේ අටවා තිබු මන්දට හසුවන්නට ඇති බව වනජිවි නිලධාරින් සැකකරයි.
 
කොටියෙකු කැ ගසන ශබ්දය ඇසි වතු කම්කරුවන් එ පිලිබදව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින්ට දැනුම් දිමෙන් පසු උඩවලව අත් ඇතුරු සෙවන පශු වෛද්‍යය රෝහලේ වෛදයවරයාගේ සහයෝගය ලබා ගැනිමට නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

මුදාගත් කළු කොටියා  නල්ලතන්නිය වනජිවි කාර්යයාලය  වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දි කළු කොටියාට ශ්‍රි පාද රක්ෂිතයටම මුදා හරින බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
 
ජාන විකෘතියක් මත හැදුණු පන්තරා පාදුස් වාර්ගයේ කළු කොටින් 1% ක් පමණ ශ්‍රි ලංකාවේ රක්ෂිත වල ජිවත් වන බවත් , ශ්‍රි පාද රක්ෂිතය ආශ්‍රිතව කළු කොටින් ඉතාමත් සුළු ප්‍රමාණයක් සිටින බවත් , මෙම සත්වයින් වදවිමේ තර්ජනයට ලක් වි ඇති ඉතා දුර්ලභ වර්ගයේ සත්වයෙක් බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේය.
 
මෙවැනි කළු කොටියෙකු මන්දකට හසු වු ප්‍රථම අවස්තාව මෙය බව පැවසේ.

 


 

 



අදහස් (3)

මන්දකට හසු වු කළු කොටියෙක් බේරා ගනී

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 11:50 AM

අනේ...! මේ දුර්ලභ වන සතුන්ගේ වටිනාකම, ඔවුන් මේ ලොවින් තුරන් වූ පසු අනාගතයේ දරුවෙකුට හෝ බැලීමට නොහැකි බව නූගත්, වතුකම්කරුවන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙලක් යොදන්නට හැකිනම් කෙතරම් අගනේද? පුඩුවට අසුවී සිටිනා හැටි දැක්කම දුකේ බැහැ. පව්... අසරණ වන සතුන්... පොළවේ උපන් ඒ අයටත් පොළව අයිති බව නොදන්නා මෙහෙමත් අකාරුණික මිනිසුන්..

:       2       46

Indika Tuesday, 26 May 2020 01:01 PM

මේ කලු කොටියද? කලු දිවියද?

:       0       76

Ruwan Tuesday, 26 May 2020 02:41 PM

හැමදාම මන්දකට අහුවෙනවා කියනවා. වහාම මන්දවල් තියන අය ගැන සොයා බලන්න,... අපේ රටේ සම්පත් රැකගන්න. මිනිස්සු තිරිසන්නු වෙලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 18 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 430 1

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 391 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 127 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 1385 2

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 355 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1704 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1547 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site