IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රී වැටුපට පෙර සමෘද්ධිය වැඩි කරන්නලු

නාලක සංජීව දහනායක
 
පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප වැඩි කිරීමට පෙර සමෘද්ධි දීමනාව දෙගුණයකින් වැඩිකරන්නැයි ඒකාබද්ධ විපක්‍ෂය රජයෙන් ඉල්ලීමක් කරයි.

 
ජනතාවට සහන නොදී පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් වුවහොත් එයට ඒකාබද්ධ විපක්‍ෂය විරෝධය පළකරන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  කංචන විජේසේකර මහතා අද  පැවසීය.
 
මන්ත‍්‍රීවරයා මෙසේද කීය.
 
‘‘පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව හිතන්න කලින් ආණ්ඩුවට අවධානය යොමුකළ යුතු කරුණු ගණනාවක් තිබෙනවා. විශේෂයෙන්ම රජයේ නව බදු ප‍්‍රතිපත්තිය නිසා රාජ්‍ය අංශයේ හා පුද්ගලික අංශයේ සේවකයන් ජීවත්වීම පිළිබඳ අර්බුදයකට මුහුණ දෙනවා. තවමත් අපේ රටේ විශාල පිරිසක් සමෘද්ධි සහනාධාරය ලබනවා. ඔවුන්ට සමෘද්ධී දීමනාව වශයෙන් රුපියල් 2500ක් ලැබෙනවා. මේ මුදල ජීවත්වීමට ප‍්‍රමාණවත් නැහැ. ඒ නිසා මෙය දෙගුණයකින් ඉහළ දැමිය යුතුයි. ජනතාවට ජීවත්වීමට සුදුසු පරිසරයක් නිර්මාණය නොකර මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමට යෝජනාවක් ගෙනඒම විහිළුවට කරුණක්.‘ බවද ඔහු කීය.
 
බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී  පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.



අදහස් (6)

මන්ත්‍රී වැටුපට පෙර සමෘද්ධිය වැඩි කරන්නලු

Chandima Friday, 03 August 2018 12:25 PM

ඇත්තටම කවුද හැබැවටම මේ වෙලාවේ මේ ආත්මාර්ථකාමී යෝජනාව මුලින්ම ඉදිරිපත් කරපු කෙනා?

:       0       8

RaveendraSaturday, 04 August 2018 04:39 AM

මුලින්ම ඉදිරිපත් කරපු" කෙනා? නොව " මුලින්ම ඉදිරිපත් කරපු ගොන් තක්කඩියා කවුද ලෙස නිවැරදි වියයුතුය.

:       0       0

සතයපාල Friday, 03 August 2018 12:26 PM

බොරුවට එළියට ඇවිල්ලා කෑ ගැහුවට ඇතුලෙදී අගේට සාහය දීලා යෝජනාව සම්මත කරනවා .

:       14       32

naradha Friday, 03 August 2018 01:36 PM

ඒකාබද්ධ විපක්‍ෂය ඔය වැටුප් වැඩි කිරීමට ඔය තරම් විරුද්ධ නම්, එම වැටුප් වැඩි කිරීම ප්‍රයෝගිකව ප්‍රතික්ෂේප කර සිටිනවාද? ඔය විරෝධතා ඔක්කොම මහජනයාට පෙනෙන්නට විතරයි. පාර්ලිමේන්තුව ඇතුලේ මේ අය ඔක්කොම ගජ මිතුරෝ.

:       0       20

sirimal Friday, 03 August 2018 02:14 PM

ජනතාවට සහන දුන්නට පස්සේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකලොත් එකට විරුද්ධ වෙන්නේ නැද්ද එහෙනම්?

:       0       11

Chanak Los angeles Saturday, 04 August 2018 10:25 PM

මේ ඔක්කොම බොරු පඩි වැඩිකරන්න අනුමැතිය දීලා මුදල් පවා වෙන්කර අවසානයි .. පක්ෂ විපක්ෂ මොවුන් සියලු දෙනාම කරන්නේ ඊට විරුද්ධයි කියා බොරු ප්‍රකාශයන් කරමින් ජනතා විරෝධයක් එන එක කෙමෙන් කෙමෙන් නැතිකර දමන එකයි ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 478 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 390 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 405 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 226 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 656 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1127 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site