IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

( ප්‍රසන්න පත්මසිරි)

පොලිස් නිළධාරියකුට පහර දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (13) අධිකරණයට ඉදිරිපත් වු  බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා රුපියල්10000ක මුදල් ඇපයක්  සහ ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත නිදහස් කිරීමට බණ්ඩාරවෙල මහෙස්ත්‍රාත්  කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය.


බණ්ඩාරවෙල තැපැල් කාර්යාලය ඉදිරිපිටදී ඉකුත්  10 වැනි  දින සවස මන්ත්‍රිවරයාට ඉදිරියෙන් ධාවනය වු  බව කියන ජිප් රථයක පැමිණි කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් බණ්ඩාරවෙල පොලීසිය මගින් ක්‍රියාත්මක කර තිබුණි.

අද  (13) මන්ත්‍රීවරයා   නීතීඥවරයෙක් මාර්ගයෙන්  බණ්ඩාරවෙල අධිකරණයට  ඉදිරිපත් වීමෙන් අනතුරුව  මෙලෙස ඇප නියම විය. 



අදහස් (22)

මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

ජනතා Wednesday, 13 February 2019 10:51 AM

හිරේ දාන්නේ නැද්ද කෝ නීතිය?

:       10       244

RaveendraWednesday, 13 February 2019 03:16 PM

දියවන්නාව "අනාත මඩුවේ" නවතම තොරතුරු මෙන්න...අහිංසක මන්ත්‍රියෙක් හට ඇප ලැබී ඇත....මේසදහා අවංක දායකත්ව ලබාදුන් සුදු කබා කාරයන්ට මෙයින් අපගේ " හර්දයාංගම පින් අනුමෝදම් " පුද කරන්නෙමු.මෙම සුදු කබා කාරයන් නැවතත් " නහය නැත්නම් අසුචිත් ගිලදමන නිවටයන් බව" මෙමගින් ලක්වාසීන්ට ඔප්පු කර ඇත.

:       0       0

tdWednesday, 13 February 2019 03:52 PM

රටේ තිබෙන නිතිය සැමට එකම ආකාරයකට ක්‍රියාත්මක විය යුතු බව සියලු දෙනා පිළිගන්නේ නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ මහජන අයිතීන් වෙනුවෙන් පාර්ලිමේන්තුවවට ගොස් සිටින මෙවැනි නීතියට ගරු නොකරන දේශපාලකයන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුද ? දේශපාලකයන්ට ආරක්ෂාව සපයන පොලිස් නිලදාරීන්ට එම දේශපාලකයන් ගෙන්ම ගුටිකන්නට වීම ඉතාම කණගාටුය. නීතිය මෙවැනි අවස්ථවලදී නැවීම නොකළ යුතුය. මෙවැනි නිතිය නොදන්නා දේශපාලන චණ්ඩින්ට වඩා බණ්ඩාරවෙල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවට පත් කර ගැනීමට නීතිගරුක උගත් පුද්ගලයන් ඕනෑ තරම් ඇත.

:       0       163

Hafeel Wednesday, 13 February 2019 11:00 AM

මම කලින් මේ පිටුවේ සඳහන් කළා හිරුණිකා, විජයකලා වගේ මෙයාටත් ක්ෂණික ඇප ලැබෙනවා බව. මේ රටේ පුදුම නීති පද්ධතියක් තියන්නේ. තිස්ස අත්තනායකට එරෙහිව නඩුවේ මෛත්‍රීට සහ රනිල්ට පස් වතාවක් අධිකරණයෙන් නොතීසු නිකුත් කලත්, ඔවුන් අධිකරණයේ පැමින සිටියේ නැත. සාමාන්‍යයේන් එක් වතාවක් හෝ මෙහෙම අධිකරණයෙන් පැමිනී නොසිටියානම්, වරෙන්තු නිකුත් කරනවා. නමුත් මේ දෙදෙනාට අධිකරණය හරියට ක්‍රියාත්මක වුනේ නැහැ.

:       99       323

AmilaWednesday, 13 February 2019 03:28 PM

ඒක අධිකරණයේ වරදක් නෙමේ මිත්‍රයා. අනිත් පාර්ශවයේ විරෝධතාවයක් නොමැති නම් ( රිය අනතුරකින් දරුනු ලෙස තුවලා ලබපු අය නොමැති නම් හෝ මියගිහින් නොමැතිනම් ) ඇප ලැබෙනවා.

:       0       0

නිර්මල Wednesday, 13 February 2019 11:24 AM

ගැහැව්වා.. හැංගුනා.. භාර වුනා.. ඇප ලැබුනා. සරලයි. හැබැයි දේශපාලුවන්ට පමනයි !

:       21       478

smn Wednesday, 13 February 2019 12:10 PM

ඊළඟ සැරේ ඡන්ද නම් අනිවාර්‍රයෙන්ම ලැබෙයි. දත කට මැදගෙන ඉන්න, ජනතාවට සේවය කරන්න.

:       8       211

sandy123 Wednesday, 13 February 2019 12:42 PM

භාර වෙච්ච වෙලාවේ මම ලියුව අදහස පල වෙන්න ඉස්සර ඇප දීලා. අපිටනම් ඇපත් නැහැ.

:       6       187

Sapumal.Wednesday, 13 February 2019 02:27 PM

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මොවුන් කරනා වැරදි වලට පක්ෂ පාට නොබලා දඬුවම් කල යුතුයි. අධිකරණයට අමතරව පාර්ලිමේන්තුවේදීත් මොවුන් හට විනයානුකුල පියවරක් ගැනීමද සිදුවිය යුත්තක්.

:       0       152

සඳුන් Wednesday, 13 February 2019 01:21 PM

යහපාලනය කොතරම් සුන්දරද ? මන්ත්‍රීතුමාව ලොකු සද්දයක් දාලා අත්අඩංගුවට ගත්තා. ඒ එක්කම අනෙත් පැත්තට නිදහස් කලා. සාමාන්‍ය අයෙක් ඔහොම පහර දුන්නනම් කොහොමද ? දියවන්නාවේ මිරිස් කුඩු පාර මතක් වුනා.

:       485       342

indika Baddegame Wednesday, 13 February 2019 04:47 PM

බණ්ඩාරවෙල දිස්ත්‍රික්කය කොයි පැත්තේද දන්නේ නෑ තියෙන්නේ

:       3       42

Siri Wednesday, 13 February 2019 05:20 PM

ඇත්තට බණ්ඩාරවෙල දිස්ත්‍රික්කය තියෙන්නේ බදුල්ල දිස්ත්‍රික්කය ඇතුලේමද ?

:       0       5

Mahee Wednesday, 13 February 2019 07:22 PM

රන්ජන් විනිසුරුවරුන් ගැන කියපු දේ මතක් උනා. ඒ මනුස්සයාගේ කටේ මසුරන් දාන්න ඕන. දවසින් දවස ඒ කතා ඇත්ත බව ඔප්පු වෙනවා.

:       1       9

Chanak los angeles Wednesday, 13 February 2019 08:52 PM

රාජකාරියේ යෙදී සිටිය පොලිස් නිලධාරියෙකුට පහරදීම පමණක් නොව සුළුවෙන් හෝ තර්ජනය කිරීමක් වුවත් ඇප නොලැබීමට තරම් බරපතල වරදක් කියලයි සඳහන් වෙන්නේ . නිලය බලය වෙනුවෙන් නීතිය දෝලනය වෙනවානම් එය අභාග්‍යක්. ඔහු නියෝජනය කරන පක්ෂය මේ බරපතල ක්‍රියාවට ඔහුට විරුද්ධව සුදුසු පියවර ගත යුතුමයි ..

:       0       6

Sunil Thursday, 14 February 2019 02:28 AM

ජනාධිපතිතුමනි මොට කඩුව අතට ගමු....

:       0       7

කන්ජිපනි ඉම්රාන Thursday, 14 February 2019 03:31 AM

නෙවි එකට ගැහුවා -කිසිම දඬුවමක් නැහැ පොලිසියට ගැහුවා - කිසිම දඬුවමක් නැහැ. ඊළඟට ගහන්නේ .. හැබැයි යහපාලානේ ,

:       1       7

sandy123 Thursday, 14 February 2019 04:15 AM

නිර්මල - කදිම උපහාසාත්මක යතාර්ථවාදී අදහස.

:       0       3

ranga Thursday, 14 February 2019 05:03 AM

අපිටත් බැරිද මෙහෙම කරන්න ගැහැව්වා.. හැංගුනා.. භාර වුනා.. ඇප ලැබුනා

:       0       5

Nuwan Thursday, 14 February 2019 07:51 AM

දියවන්නාවේ තියෙන ලෝකේ ලොකුම හරක් ගාලෙන් මීට වඩා දෙයක් රටේ ජනතාවට බලාපොරොත්තු විය හැකිද?

:       0       18

Sumith Thursday, 14 February 2019 02:52 PM

බණ්ඩාරවෙල ජනතාව ආයේ මෝඩ වෙන්නේ නැහැ.

:       0       8

Nuwan Thursday, 14 February 2019 02:54 PM

කොහොමද බණ්ඩාරවෙල සංවර්ධනේ?

:       0       6

Ruwan Thursday, 14 February 2019 03:56 PM

ඌවේ ගම්පෙරළියද?

:       0       8

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 3293 10

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මෛත්‍රීට අතුරුතහනමක්
2024 අප්‍රේල් මස 24 2109 5

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයේ කටයුතු කිරීම තහනම් කරමින් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුර


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 5628 3

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 4065 5

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


උගතුන් විසි පන් ලක්ෂයකට වසර තුනකදී රට එපා වෙලා
2024 අප්‍රේල් මස 22 4664 31

ආර්ථික අගහිඟකම් හේතුවෙන් මෙරට විසිපන් ලක්ෂ හැටපන් දහස් තුන් සිය හැටපස් දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහා බැංකුවේ වාර්තාවල දැක්


‘ෆොක්ස්හීල්‘ තරඟයේදී කාරයක් පෙරළී හතක් මරුට
2024 අප්‍රේල් මස 21 7013 21

දියතලාව නරියාකන්ද , ’’ෆොක්ස්හිල්’’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟය අද (21) පැවති අතර මෝටර් රථ ධාවන තරගයක් පැවැත්වෙන අතරවාරයේදී එක් මෝටර් රථයක් ධාවන පථය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site