IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කර තැබීම නිසා ජනතාවගේ රාජකාරී කරන්න බෑ-දිනේෂ්

(ආරියරත්න රණබාහු)

 

මන්ත්‍රීවරුන් දිගින් දිගටම රිමාන්ඩ් භාරයේ තබාගැනීමෙන් ජනතාව ඔවුන්ට පවරා ඇති රාජකාරී කිරීමට නොහැකි වී ඇතැයි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (21) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

“මම නම කියන්නේ නැහැ.නමුත් එක් මන්ත්‍රීවරයකු දිගින් දිගටම ඇප නොදී රිමාන්ඩ් භාරයේ රඳවාගෙන සිටිනවා.මෙලෙස රිමාන්ඩ් කර සිටින්නේ ඇප දිය නොහැකි මීනිමැරුමක් වැනි වරදක් කළ අයකු නොවේ“ යැයි රීති ප්‍රශ්නයක් මතුකරමින් ගුණවර්ධන මහතා කීය.

පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට ඇප දෙන ස්ථානයක් නොවන බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීවේය.

තමන් සමග මන්ත්‍රීවරුන් කිහිප දෙනකු මේ ගැන සාකච්ඡා කළ බවත් මේ ගැන සොයාබලා අවශ්‍ය පියවර ගන්නා බවත් කතානායක කරූ ජයසුරිය මහතා පැවසීය.



අදහස් (28)

මන්ත්‍රීවරුන් දිගටම රිමාන්ඩ් කර තැබීම නිසා ජනතාවගේ රාජකාරී කරන්න බෑ-දිනේෂ්

shan saudi Tuesday, 21 March 2017 12:56 PM

අනේ මෙයා මොනවද දන්නේ මෙචචර කාලයක් ජනතාවට කලේ මහජන මුදලින් ජීවත් වෙන එක මිස රටට හෝ ජනතාවට කල බම්බුවක් නැත පිනට කන පින් ගොන්නු මෙන් ජීවත් වෙමින් සිටිය මිස ජනතාවට බරක් නොවී ගෙදරවෙලා ඉන්න එක ජනතාවට කරන විශාල සේවයක්

:       6       2304

සෙනෙවි Tuesday, 21 March 2017 01:55 PM

කිරිඇල්ලලටත් යම් දවසක මෙහෙම ඇප නැතිව ඉන්න වෙන්න ඉඩ තියෙනවා

:       270       175

rocky Tuesday, 21 March 2017 02:32 PM

අනේ මහත්තයෝ, සමහර මන්ත්‍රී උන්නැහේලා නම් රිමාන්ඩ් එකේ නෙමෙයි, හිරේටම යවන්න වටිනවා. තවත් සමහරු `අංගොඩ` යවන්න සුදුසුයි. ඔය ගොල්ලෝ ජනතාවගේ රාජකාරි නොකර ඉන්න එක වඩා හොඳයි. ඩියුටි ෆ්‍රී වාහන දීමනා අරව මේවා ගන්න පුළුවන් ඔක්කොම අරගෙන ගෙදරට වෙලා ෂපාන් එකේ ඉන්න! තවත් ඕන නම් `බාර් ලයිසොම්` එකකුත් ලබාගන්න. පින් අයිති වෙයි, ජනතාවට නිකම් කෝචොක් කොරන්න එපා!

:       2       663

නිමල් Tuesday, 21 March 2017 03:09 PM

ඔව් එළියෙන් ඉන්න කොට ජනතා රාජකාරි හරියටම රූල්ස් එකට කරපු හින්දනේ ඇතුලට යන්න උනේ නේද.

:       22       606

channa Tuesday, 21 March 2017 03:25 PM

හොරු ඉන්න ඕන පාර්ලිමේන්තුවේ නෙමේ හිරේ. මේ පල් හොරාට ඒක තේරෙන්නේ නැහැ

:       364       2234

sunil Tuesday, 21 March 2017 04:31 PM

මෙයාව එලියට දැම්මෙත් මහජන රාජකාරි කරන්න ගිහින්ද?

:       0       52

sunil Tuesday, 21 March 2017 04:33 PM

මන්තිරි උතුමාණන්ට මේ රටේ වෙනම නීතියක් තියෙනවද මන්තිරි තුමෝ.

:       0       35

Jayantha Tuesday, 21 March 2017 06:06 PM

ඉතින් මොකටද හොර කම් කරන්නේ

:       0       12

nalin Tuesday, 21 March 2017 06:10 PM

බොරලුගොඩ සිංහයා බලු සිංහයෙක් ඌ වගයි.

:       0       108

chathuri Tuesday, 21 March 2017 08:39 PM

කෙලින්ම කිව්වනම්. ඉවරනේ. වීරවංශ ව. නිදහස්. කරන්න කියල ඔය. හිරේ. ඉන්න. එක. තමයි. හොඳම දේ දැන්එලියට ආවත් කරන්නේ. හොරකම් කරන්න බැරි නිසා. පගාව. ගන්න. එක

:       1       104

Dharmasiri Tuesday, 21 March 2017 09:07 PM

ඔවු ! මහජනයට වැඩකරපු නිසානෙ ඇතුලට දාල තියෙන්නේ.... නිකන් බබා ටෝක් දෙන්න එපා...

:       1       18

නාලක Tuesday, 21 March 2017 09:07 PM

හප්පා එළියේ ඉඳල ජනතාවට කොරපු සේවේ පේනවා. ඔයා එලියටගන්න හදන්නේ විමල්වද? ජනතාවට මොනවද කලේ එයා? ඔයා ප්‍රවාහන ඇමති වෙලත් හිටිය නේද? මහරගමින් ඇවිත් පසුගිය අවුරුදු 10 පොල්ගෑවද? මහරගම වාහන තදබදය නිසා අධිවේගයට යන්න පැයක් යනවා. ඔව්ව කියන්නේ පත්තර බලන්නේ මෝඩයෝ කියල හිතාගෙනද? මෝඩ ප්‍රතිශතය එන්න එන්න අඩුවෙනවා ලංකාවේ. ඔයා කතා කියල චන්ද දිනන්න බැරිවෙයි ඉස්සරහට.

:       1       98

ලුම්බිණි Wednesday, 22 March 2017 12:00 AM

මෙතුමා පාර්ලිමේන්තුවට ගැලපෙන මහජන නියෝජිතයෙක්ද කියන එක ප්‍රශ්නයක්. අඩු වශයෙන් විනීතව කතා කරන්න පුළුවන් නම් කමක් නැහැ. ඒකත් නැහැ.

:       0       8

Vijitha Wednesday, 22 March 2017 12:34 AM

මහත්තයෝ රටක නීතියක් කියල එකක් තියෙනවා. එකට ඉහලින් ඉන්න මහරජාටවත් බැහැ.තමුන්නාන්සේ ඔය කියන්නේ විමල් වීරවංස ගැන වෙන්න ඇති. ඔය මිනිහ කරන සමාජ සේවය මොකක්ද? නිකම් කුණුහබ්බ කියන එක නේද . මිනිහ ඇමති කෙනෙක් වෙලා කරලා තියෙන්නේ හොර තක්කඩි වැඩ නේද? එහෙම මිනිහෙක් සදහටම ඉන්න ඔනේ හිරේ නැතුව වෙන කොහෙද? තමුන්නන්සේටත් ළඟදීම ඔතනටම යන්න වෙන හින්දද බෙරිහන් දෙන්නේ. මේ ආණ්ඩුවේ වැරදි තියෙනවා. අපි ඒවාට සුදු හුණු ගාන්නේ නැහැ. එත් අහිංසක මහජනයාගේ මුදල් හොරකම් කරපු , වාහන සහ වෙනත් මහජන දේපල අව බාවිතා කරපු හොර තක්කඩි රැල හිරේට යැවිය උතුය්

:       0       77

deebi Wednesday, 22 March 2017 01:55 AM

එළියේ ඉන්න ඔබතුමා කරන්නේ මොනවද කියා දැනගන්න මාස් පතා ඔබතුමා කරන වැඩ විස්තරයක් සැම මාසයක් අවසනයේ පාර්ලිමන්තුවට ඉදිරිපත් කරන්න.ජනතාව කියන්නේ ගෙවන මුදලට පාර්ලිමේන්තුවෙන් වැඩ කෙරෙන්නේ නැත කියා.

:       0       25

raawana Wednesday, 22 March 2017 02:03 AM

රාජකාරි කරන්නේ නිලධාරින් මිස මන්ත්‍රීලා නොවෙයි.සමහරු පවුලේ නෑදෑයින්ට විතරක් රාජකාරි කලානේ.සමහරු මැදමුලනට රාජකාරි කරනවා.හරි නම් 225 ඉන්න ඕනේ හිරේ.

:       0       6

ravin Wednesday, 22 March 2017 02:07 AM

ඔය කියන්නේ නිත්‍යානුකූල ඩියුටි ෆ්රී වාහන,ආරක්ෂකයෝ,කාර්යාලයක් හා සේවකයෝ සහ පගාවල්, කොමිස්, රට බිමහල් බලපත්‍ර, ඕනෑම ශිෂ්ට සමාජ විරොධී ව්‍යාපාරයක පිටුපස සිටීම වැනි සේවාවන් වෙන්න ඇති. මේ කට්ටිය කරන එකම සේවය තමා ඔය.

:       0       12

manel Wednesday, 22 March 2017 02:48 AM

ජනතාවගේ රාජකාරී කරනවා කියන්නේ හොරකම් කරන එකටද?

:       0       13

buddika Wednesday, 22 March 2017 03:02 AM

එතකොට රටේ මුදල් හොරකම් කරපු අය මන්ත්‍රීලා නම් එළියේ තියන්න ඕනි කියලද කියන්නේ.කොහොමත් හොරු හොරුන්ට අනුබල දෙන එක සාමාන්‍ය දෙයක්. මිනිස්සු වයසට යනකොට තැන්පත් වෙන්න ඕනි.එ්ත් මුන් නාකි වෙනකොට බලු වෙන එකනේ වැඩේ.

:       0       26

dilshan karunarathna Wednesday, 22 March 2017 03:09 AM

අධිකරණයට අපහාසකරන්න එපා මනුස්සයෝ, ඔයනීති හැදුවෙත් ඔතනින්ම නේද?ජනතාවට සේවයම කලානම් , පැවරු රාජකාරිය ම කලානම් රිමාන්ඩ් වෙය්ද? ඔබගේ හැසිරීම හොද වෙලාද සුමානයක් ගෙදර කෑම කන්ද වුනේ....අනේ ද කියන්නේ?

:       0       116

kamal Wednesday, 22 March 2017 03:20 AM

ජනතාවගේ රාජකාරි නෝනා මහත්තයට පවරන්න.

:       0       4

kulatilake Wednesday, 22 March 2017 04:15 AM

මංත්‍රීල ජනතාවගෙන් ඡන්දය අරන් ජනතාව ලගට එන්න ඕන එකේ ඉන්නවද මැරිලද බලන්නේ නැති මංත්‍රීල හිරේනෙවේ චුතවෙලා යන්න ඕන .

:       0       24

sugath Wednesday, 22 March 2017 04:42 AM

මේ නම් බොරොලුගොඩ නරියෙක්. රිමාන්ඩ් එකට ගියේ කරපු හොර වැඩ වලට. මෙයාලගේ කාලේ දැන් ඉව්රය්.

:       0       1

හර්ෂ Wednesday, 22 March 2017 04:57 AM

ජනාතාවගේ රාජකාරි කෙසේ වෙතත් ගෙදර රාජකරියාවත් හරියට නොකරපු උන්දෙක් ගැන තියෙන අනුකම්පාව . . . .

:       0       1

ama Wednesday, 22 March 2017 05:19 AM

පලිගැනීම හැර වෙන මුකුත් බැරි ආණ්ඩුවකින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද. අපරාදේ කියන්න බෑ සංවිධානාත්මකව මේවට කොමෙන්ට් කරන්නනම් කල්ලියක් ඉන්නවා වගේ.

:       0       0

wasantha Wednesday, 22 March 2017 06:14 AM

හොරුන්ගේ රාජකාරිය අපට එපා. හොරුන්ව හිරේ දාන්න ඕනෑ. ජනතාවට කළ පාඩුව දඩ පොලි අය කර ගත යුතුයි.

:       0       0

Perera Wednesday, 22 March 2017 09:09 AM

දිගටම ඇතුළේ තියන්න

:       0       0

nimallalitha Wednesday, 22 March 2017 09:56 AM

එදා යුද්දය මෙහෙයවපු මහා ගොනෙකුවත් මඩේ බස්සවාගෙන අද රජය කරන යහපාලන ලොක්කන්, තොප්පිගල මහා කැලෑවක්,යුද්දය දිනන්න බැහැ, ඕනෑම ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් යයි එදා හඬ තලද්දී , ඒ දෙමල මහා ත්‍රස්තවාදියා විනාස කිරීමට හැකිවූ ඔබතුමාලගේ රජය, යුද්දයෙන් පසු ඉතිරි හරියත් ,හරියටම කළා නම් දිනේෂ් ගුනවර්දන මන්ත්‍රී තුමනි අද ඔබලාට මෙසේ හඩන්න වෙන්නේනැහැ. රට කොටි හිතවතුන්ගේ සහ මහා පරිමාන විදේශ හොරුන්ගේ පාරාදීසයක් වෙන්නෙත් නැහැ.

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1477 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 704 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 596 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 320 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 553 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 504 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site