IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


මුදල් ලේකම්ගේ සහ රේගු අධ්‍යක්ෂගේ අභියාචනය සඳුදා කැඳවයි

මනෝප්‍රිය ගුණසේකර

මුදල් අමාත්‍යවරයා වගඋත්තරකරුවකු කරමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට  ඉදිරිපත් කරනු ලැබ ඇති අභියාචනයක්  හෙට(31) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිය.

2004 වර්ෂයේදී රේගු බදු වැඩි කළ ගැසට්  නිවේදනය ප්‍රකාශයට පත් නොකොට වාහන ආනයනය කිරීමේදී වැඩි කළ බදු මුදල් අයකිරීමට එරෙහිව වාසනා ට්‍රේඩින් ලංකා සමාගම ගොනු කළ පෙත්සම පිළිගනිමින් අභියාචනාධිකරණය විසින් ලබාදුන් දුන් තීන්දුවට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා හා රේගු අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම අභියාචනයේ වගඋත්රකරුවන් ලෙස මුදල් ඇමැතිවරයාට අමතරව නීතිපතිවරයා හා වාසනා ට්‍රේඩිං ලංකා සමාගම නම් කොට ඇත.

ලංකාවට ගෙන්වන වාහන වෙනුවෙන් බදු වැඩි කරමින් 2004 වර්ෂයේ මුදල් ඇමතිවරයාව සිටි ආචාර්ය සරත් අමුණුගම මහතා 2004 ඔක්තෝබර් මාසයේදී ගැසට් නිවේදනයක් නිතුත් කළ බව ප්‍රකාශයට පත්කළ ද එවැනි ගැසට් නිවේදනයක් නිකුත් නොකරමින් වැඩියෙන් බදු මුදල් අය කොට ඇති බව සඳහන් කරමින් වාසනා ට්‍රේඩිං ලංකා සමාගම මුදල් ඇමතිවරයා, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත්කර තිබුණි.

එම පෙත්සම විභාග කළ අභියාචනාධිකරණය වාසනා ට්‍රේඩින් ලංකා සමාගම ඉදිරිපත් කළ කරුණු පිළිගනිමින් 2004 ඔක්තෝබර් 20 වැනිදා තෙක් ආනයනය කළ වාහන වෙනුවෙන් වැඩි කළ බදු මුදල් අය කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුක් කෙරිණි. අභියාචනාධිකරණයේ එම තීන්දුව මුදල් අමාත්‍යවරයා විසින් අභියෝගයට ලක් නොකළේය.  



අදහස් (0)

මුදල් ලේකම්ගේ සහ රේගු අධ්‍යක්ෂගේ අභියාචනය සඳුදා කැඳවයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 0 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 61 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 1465 0

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


සර්වෝදය නිර්මාතෘ දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 16 317 0

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත විය.


කම්හල් විසිදාහක් කම්කරු අංශයට පොලු තියලා
2024 අප්‍රේල් මස 16 140 0

දිවයින පුරා කර්මාන්තශාලා විසි දාහකට වැඩි සංඛ්‍යාවක් කම්කරු දෙපාර්තමේන්තුවට ලියාපදිංචි ගාස්තු ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත්


‘උමා ඔය’ විවෘත කිරීමට ඉරාන ජනාධිපති එයි
2024 අප්‍රේල් මස 16 1284 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රධානතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන ‘උමා ඔය’ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ නිල උත්සවය ඉරාන ජනාධිපත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 144 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1351 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site