IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මදුරු බිත්තර දියකරන්න බෙහෙතක්

(ගයාන් සූරියආරච්චි)

ඩෙංගු, බරවා, සීකා සහ චිකුන්ගුන්‍යා ඇතුළු රෝගවාහක මදුරු බිත්තර සම්පූර්ණයෙන්ම දියකර දැමිය හැකි රසායනික ද්‍රව්‍යයක් නිපදවීමට ගම්පහ, බෙම්මුල්ල පරිසර විද්‍යා ඉංජිනේරුවෙක් සමත් වී තිබේ.

ඔහු විසින් නිපදවූ රසායනික ද්‍රව්‍ය පැකට්ටුවකට වතුර ලීටරයක් මිශ‍්‍රකර නිවෙස සහ අවට පරිසරයේ වර්ග අඩි 1000 පමණ ප‍්‍රදේශයක තැන්පත් කළ හැකිය. එම මිශ‍්‍රණයේ ඇති සුවඳට මදුරුවන් ආකාර්ෂණය වී බිත්තර දැමීමට පැමිණෙන අතර ඔවුන් රසායනික මිශ‍්‍රණයට දමන බිත්තර ක්ෂණිකව දියවී යන බව නිර්මාණකරු වන කොලොන්නේ.ඒ.විජේරත්න මහතා පවසයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධි ශිෂ්‍යත්වයක් යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප‍්‍රාන්තයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් පරිසර ඉංජිනේරු විද්‍යාව හැදෑරූ ඔහු ඒ සඳහා පශ්චාත් උපාධියද හිමිකරගෙන තිබේ.

මේ ඔහු මදුරුවන් පාලනය කෙරෙන රසායනිකය සංයෝගය පිළිබඳව විජේරත්න මහතා වැඩිදුරටත් අදහස් දැක්වූ අයුරුය.

‘ඩෙංගු, සීකා, චිකුන්ගුන්‍යා ඇතුළු වයිරස ව්‍යාප්ත කරන රෝගකාරක මදුරුවන් නිසා ගැටළු රැසකට මුහුණදීමට මේවන විට ජනතාවට සිදුවී තිබෙනවා. ඩෙංගු රෝගය නිසා මේවන විට ජීවිත රැසකින් වන්දි ගෙවීමටත් සිදුවීම කනගාටුවට කරුණක්.’

‘මා නිපදවූ රසායනික ද්‍රව්‍ය ජලය හා මුසුකර ඉතා සාර්ථකව මදුරු ගහනය පාලනය කිරීමට හැකියාව ලැබෙනවා. එම රසායනිකය මා නම් කර තිබෙන්නේ ‘මොස්කිටොස් ස්ටොප්’ ලෙසයි. මෙම රසායනිකය ජලය සමඟ මුසු කළ පසුව එහි සුවඳට මදුරුවන් ආකර්ෂණය වෙනවා. ඉන්පසුව ඔවුන් එහි බිත්තර දැමූ පසුව එම බිත්තර ක්ෂණිකව මෙම රසායනිකයේ දියවී යනවා. මෙම බෙහෙත් රසායනය යෙදූ ද්‍රාවණයේ ආයු කාලය මාස 2 ක් පමණ වන අතර ඊට පෙර එම රසායනය වියළී ගියත් එම බඳුනටම පිරිසිදු ජලය පිරවීමෙන් හා තවත් රසායනික ද්‍රව්‍ය දමා පිරිසිදු ජලය පුරවා යළිත් මදුරු බීජ හරණය ක‍්‍රියාත්මක කළ හැකිය.‘

‘පිරිසුදු ප්ලාස්ටික් බඳුන්, පොලිතින් කවර දැමූ මැටි කොප්ප හෝ හිස් ප්ලාස්ටික් බෝතල් (මදුරුවන්ට ඇතුළුවීමට හැකි පරිදි සිදුරු විද) භාජන 6 කට පමණ යෙදිය හැක. මෙම භාජන කුඩා දරුවන්ට හෝ නිවැසියන්ට වැරැදීමකින් හෝ ලබාගත නොහැකි වන පරිදි මදුරු ගහන සිටින ස්ථානවල යෙදිය යුතුයි. පොළොව මට්ටමේ සිට අඩි හතරහමාරකට වඩා ස්ථානය එල්ලා තැබිය හැක. මෙයට ආකර්ශනය වන මදුරුවන් ආහාරයට ගැනීමට හූනන්, මකුළුන් වැනි කෘමීන්ද පැමිණීම තවත් වාසියක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම නිවසේ ඇතිකරන බල්ලන්, බළලූන් හෝ නිවෙස අසල සිටින ගවයන්, එළුවන් රැදෙන ස්ථානවල මෙම මිශ‍්‍රණය තැබිය හැක.’

‘මෙම රසායනිකය මගින් දුමක් හෝ ස්වසන පද්ධතියට හානියක් සිදුකරන්නේ නෑ. එහෙත් මෙම රසායනිකය කුඩු ‘විස’ වර්ගයක් බැවින් අත්වල තවරා ගැනීම, පානය කිරීම හෝ ශරීරයේ තවරා ගැනීමෙන් වැළැකිය යුතුය. පාවිච්චි කිරීමෙන් පසු මෙම රසායන ද්‍රව්‍ය සහිත ප්ලාස්ටික් කෝප්ප හෝ ප්ලාස්ටික් බෝතල් ළිංවලට හෝ කෑමවලට ඇතුළු නොවන පරිදි පරිහරණය කිරීමට වගබලා ගැනීම වැදගත් වෙනවා.’

‘මේ සඳහා මා මේවන විට පේටන්ට් බලපත‍්‍රයට අයඳම් කර තිබෙනවා. මෙය වඩ වඩාත් ප‍්‍රචලිත කර ලංකාව ඇතුළුව ජාත්‍යන්තර වශයෙන් වසංගතයක් මෙන් පැතිර යන මදුරු ගහනය පාලනය කිරීමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා.’

 



අදහස් (14)

මදුරු බිත්තර දියකරන්න බෙහෙතක්

charitha Sunday, 06 August 2017 10:42 AM

මෙය ලබාගන්න හැටි පිළිබඳව අපිව දැනුවත් කරන්න.

:       31       94

suranga007 Sunday, 06 August 2017 10:51 AM

අපේ රටේ කෙනෙක් හදපු නිසා මේකට තැනක් දෙයිද මන්දා..?

:       11       134

saman Sunday, 06 August 2017 11:13 AM

ඩෙංගු වසංගතයන් පවතින මෙවැනි කාලයක, මෙවැනි නිෂ්පාදන පිළිබඳව සොයා බලා සුදුසුනම් ජනතාවට ඒවා නිර්දේශ කිරීම සුවසේවා බලධාරීන්ගේ යුතුකමක්...

:       1       86

sisira Sunday, 06 August 2017 12:23 PM

ඔබතුමාට යහපතක්ම වේවා!!. මෙය මහඟු කුසල කර්මයක්...

:       23       51

MahasenaviSunday, 06 August 2017 03:56 PM

සිසිර, ඔබගේ අදහසට අකමැති අයට නම් මේවගේ අගයක් නැහැ ඒ ගැන අගයන්න.

:       18       10

PA-RA Sunday, 06 August 2017 12:52 PM

තව දෙයක් වැසිකිළි වලවල් වලට, අපිරිසිදු වලවල් වතුර බැස නොයන තැන වලට පිච්චිච්ච එන්ජින් ඔයිල් දැම්මාම තෙල් උඩ පාවෙන නිසා මදුරු බිත්තර කුණුවී වඳවේ. ඒක වැදගත් දැනගන්න කවුරුත්... එසේ කරනවා නම් ලංකාවේ කෝ මදුරුවෝ?

:       3       6

Charitha Sunday, 06 August 2017 01:47 PM

කරුණාකර මටත් මේගැන විස්තර එවනවද?

:       0       3

Saman Sunday, 06 August 2017 01:55 PM

මගේ මේ නිපැයුම පාවිච්චි කළ හැමදෙනාම එය වැඩකරන බව පිළිගන්නවා. මගේ විද්‍යුත් ලිපිනය - [email protected] වේ.

:       3       36

hesa Sunday, 06 August 2017 03:07 PM

මේ ගැන ඉතාම ඉක්මණින් මහජනතාව දැනුවත් කිරීමට හැකි නම් අනේ කොයිතරම් සහනයක්ද, පිනක්ද?

:       1       10

Perakum Sunday, 06 August 2017 04:01 PM

හොඳයි බලන්න මදුරු කොයිල් කොම්පැනි මේකට මොකද කරන්නේ කියලා.. ඖෂධ මාෆියාව කොයිතරම් බලවත්ද කියලා අපට බොහොම ඉක්මණට දැනගන්න ලැබෙයි.

:       0       371

MaheeSunday, 06 August 2017 10:20 PM

පැරකුම්, ඔබේ තිබෙන බයමයි මටත් තියෙන්නේ. මදුරු කොයිල් කොම්පැනි විතරක් නෙමෙයි... තව බොහෝම මාෆියාවල් තියෙනවා. කොම්පැනිවලින් යැපෙන ඒ මාෆියාවල් වගේම දේශපාලකයොත් ඕවට ගෑවෙනවා. මහාචාර්ය සේනක බිබිලේ මරා දමන්න තරම් ඖෂධ මාෆියාව බලවත් වුණා. කියුබානු බැක්ටීරියාව, අහසින් දියර ඉසීම, මදුරුවන් කන කෘමීන් වගේ දේවල් ගැන කෙළවරක් නැතුව කතාකළාට ඒ එකක්වත් එළියට ආවේ නැහැ. මෙතුමාට අපි සියළු දෙනාගේම ගෞරවාදරය පුදන ගමන් රජය ඇතුළු සියලුම සංවිධාන එතුමාගේ මේ නිෂ්පාදනය රට පුරා ව්‍යාප්ත කිරීමට ක්‍රියා කල යුතුයි.

:       0       0

buddika Sunday, 06 August 2017 04:12 PM

ඔබතුමාට බොහොම පින් මේ කටයුත්තට, මදුරු කොයිල් කොම්පැනිකාරයොයි, දේශපාලකයොයි නම් කැමති නැති වෙයි මේ වැඩේටෙ.. ඉක්මණටම ප්‍රචලිත කරන්න. රජය දඩ ගගහ යනවා මිසක් ස්ථිර විසඳුමක් නම් නැහැ..

:       0       0

de silva berlin Sunday, 06 August 2017 09:51 PM

ලංකාවේ මාර්කට් කරන්න පුළුවන් පිටරටින් ගෙනාපු ලොකු ලේබල් ගහපු භාණ්ඩ පමණි.

:       0       0

prasanna M. sanjeewa Monday, 07 August 2017 05:39 AM

දයාබර විජේරත්න මහතාණෙනි, ඔබ ඉතාමත් වටිනා බෙහෙතක් සාදා ඇත. මෙය ශ්‍රී ලංකාවේ පවතින ඩෙංගු උවදුරට මහඟු පිටිවහලක් වේවි. ඔබට ගොඩක් පින් !!! අපගේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මේ කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල වලට. සුබ දවසක්...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 252 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1076 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site