IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක්

(විනීතා එම් ගමගේ)      

කඳුකරයේ කොටි මදුගසා මරා දත් නිය ඇතුළු කොටස් අලෙවිකිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනී යන්නේ යැයි පරිසරවේදීහු චෝදනා කරති.   

මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතිතැයි පෙනීයන බවත් පසුගිය මාස කිහිපය තිස්සේ මදුගසා කොටි මරාගැනීමේ සිද්ධීන් රාශියක් වාර්තා වූ අතර එසේ වාර්තා නොවී හොර රහසේ කරන ලද දඩයම් ප්‍රමාණය කිසිසේත් වාර්තා නොවී පවතිනු ඇති බවත් ඒවා දන්නේ දඩයක්කරු පමණක් විය හැකි බවත් පරිසරවේදියකු මෙන්ම සත්ව සංරක්ෂකවරයකු ද වන රුක්ෂන් ජයවර්ධන මහතා පැවසීය

මේ අනුව දැනට පවතින දත්තවල වලංගුභාවය පිළිබඳ විශ්වසනීයත්වයක් නැතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.
මධ්‍ය කඳුකරයේ දී මදුවලට අසුවී සිටින කොටි මුදාගැනීමේ දී මියයන්නට හේතුව ඒ සඳහා පැමිණෙන නිලධාරින් අදාල ස්ථානයට ළගාවීම ප්‍රමාදවීම බවත් වහා පිළියම් යෙදිය යුත්තේ ඒ සඳහා බවත් ජයවර්ධන මහතා කීය.

වහ වහා වනජීවී කාර්යාලයක් මධ්‍ය කඳුකරයේ ආරම්භ විය යුතු බවත් එහි පශූ වෛද්‍ය අංශයේ නිලධාරින් ඇතුළු මනා පුහුණුවක් ඇති කුඩා කණ්ඩායමක් සිටිය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා එම කණ්ඩායම ක්ෂණික ප්‍රතිචාර දැක්විමට සූදානමින් සිටිය යුතු බවත් පැවැසීය.

වනසත්ව ගහණයේ කොටියා වැනි සුවිශේෂී සතුන් රැකගන්නට නම් ඉහත කී කරුණු ගැන වහා අවධානය යොමු විය යුතු බවත් පය බරවායට පිටිකර බෙහෙත් බැඳීම කිසිසේත්ම නොගැලපෙන බවත් ඔහු කියා සිටියේය.

මෙම කරුණු සම්බන්ධව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට තමන්ට අවස්ථාවක් ලදහොත් එය සිදුකරන බවත් මේ වනතුරුත් එවැනි අවස්ථාවක් නොලැබුණු බවත් ජයවර්ධන මහතා කියා සිටියේය.



අදහස් (10)

මදුගසා කොටි දඩයම් කර දත් අලෙවි කිරීමේ ජාවාරමක්

Akila Tuesday, 23 June 2020 01:59 PM

කළු කොටියා ඇතුළු දිවියන් තුන්, හතර දෙනෙක් පහුගිය සති කිහිපයේ අපිට නැතිවුණා. එ්ත් කෝ මේ විෂය භාර ඇමති? හැමදේටම ජනාධිපතිතුමා මැදිහත් වෙනවා නම් විෂය භාර ඇමතිලා පත් කරන්නේ මොකටද?

:       0       185

samanTuesday, 23 June 2020 03:45 PM

විෂය භාර ඇමති කොළඹ සිට මේ පිළිබඳව ප්‍රතිපත්ති සාදමින් සිටියි.

:       46       63

Kamal KoyralaTuesday, 23 June 2020 04:16 PM

කොයි විෂයබාර ඇමතිත් කරන්නෙම විෂයට අදාළ නැති වැඩනේ...

:       0       1

විජේ Wednesday, 24 June 2020 12:35 AM

විෂය භාර ඇමති කැලෑව පිරිසිදු කරනවා කියලා කියන්නේ... ගස් එහෙම ටිකක් වැඩි නිසා කොටින්ට ඇවිදින්න අමාරු ඇති....

:       0       2

Kuma Tuesday, 23 June 2020 03:31 PM

වනජීවී නිලධාරීන් සම්බන්ධයෙන්ද සැකයක් ඇත.

:       0       670

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 23 June 2020 04:37 PM

ඔන්න.. වැඩේ දැන් දැන් එළිවීගෙන එනවා. කොටිදත් ගන්නයි එහෙනම් කොටින් මරන්නේ... වනජීවී ඒක නාකිබල්ලන් කොළඹ යනවා වගේ යනකොට කොටින්ව මරලා දත් ටිකත් ගලවලා, මස් ටිකයි, හමයි හංගලාත් ඉවරයි. හරි අපූරු වනජීවී එක. හරිම අපූරුයි. මෙයාටත් කරන්න තියෙන්නේ, අර බන්ධනාගාරෙ වැඩේ වගේ ප්‍රතිසංවිධානයක් කරන්න. මේක ඇතුලේත්, බන්ධනාගාරෙ වගේ අය ඉන්නවද දන්නෙත් නැහැ. නැතිනම් මේවා මේ විදිහට වේවිද? ඒ කෙසේ වෙතත් මේ ගැන රටේ පරිසර හිතකාමී ජනතාව අවදි බුද්ධියෙන් සිටීම වැදගත්. නැතිනම් මේ වතුවල සිටින මස් වැද්දන් අපේ වන සතුන් ටික මේ රටෙන් තුරන් කරාවි...

:       0       118

මුණසිංහ Wednesday, 24 June 2020 01:24 AM

කලිනුත් කිවුවා ඔය ගැන. වනජීවිය ක්‍රියාත්මක වනවා අඩුයි. ඔවුන්ගේ ගැටලු ඇත්නම් විසඳා දී වනජීවි නිලධාරින් මීට වඩා ප්‍රාණවත් කළ යුතුයි. ඔවුන් කරන්නේ හුදෙක් පඩි ගන්නා රැකියාවක් පමණක් නොවන බවත් පරිසරය කෙරෙහි ආදරය කරුණාව දැක්විය යුතු බවටත් ආකල්පමය සංවර්ධනයක් ඇතිවිය යුතුයි.

:       0       40

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 24 June 2020 08:27 AM

මුණසිංහ මහතා, වනජීවී එක තද නින්දේ.. රහසිගතව පිඹුරන් මරා හම් ගන්නවා. කොටින් මරා දත්, හම් ගන්නවා. මුවන්, ගෝනුන් මරා මස්, හම් සහ අං ගන්නවා. මොකද මේවාට වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් තියෙනවා. තව අලුත්ම දෙයක් කියන්නද? කුරුඳු වවන කුඩා වතුහිමියෙකු කටින් පිටවුණේ.. කුරුඳු දළු කාදැමීමට පුරුදුව සිටින දුර්ලභ මීමින්නන්ට මී පාසානම් දමන බවයි. අනේ මෙහෙමත් අපරාධ..

:       0       32

මුනසිංහWednesday, 24 June 2020 09:21 AM

ඔබ කියන දේ නිවැරදියි.

:       0       32

ඇත්ත යථාර්තය Wednesday, 24 June 2020 07:44 AM

මේ කොරෝනා කාල සිමාව ඇතුලත විතරක් ශ්‍රී ලංකාවට ආවේනික දිවියන් කී දෙනෙක් දඩයක්කරුවන් අටවපු උගුල් වලට අහුවෙලා අපේ රටට අහිමි උනාද ? අර කළු දිවියා ලංකාවේ හිටපු එකම එක ඒ ජාතියේ දිවියා. ඒ සතාත් අපිට අහිමවූනා.

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 497 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 172 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 244 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 275 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 399 1

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 923 5

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site