IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


මැති ඇමති වරුන්ගේ වැටුප් සතපහකින් වත් වැඩි කරන්නේ නැහැ - ජනාධිපති

(ක.ග. කරුණාරත්න)
මැති ඇමති වරුන්ගේ වැටුප් සත පහකින් වත් වැඩි කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (04) පොලොන්නරුවේදී ප්‍රකාශ කලේය.

පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ පොලොන්නරුව නගරයේ ඉදිකල නව වෙළද සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව පැවති ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා මන්ත්‍රී වරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වැටුප් වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කල විට කිසිදු හේතුවක් නිසා එය අනුමත නොකරන බවද කීවේය.

මෙය මැති ඇමති වරුන්ගේ වැටුප් වැඩිකරන කාලයක් නොවේ යැයි ද 2015 සිට මේ වන විට මැති ඇමති වැටුප් සහ දීමනා අවස්ථා කීපයක් වැඩි කර තිබෙන බවද ජනාධිපති වරයා කීවේය.

ජනාධිපති වරයාගේ වැටුප මිලියන ගණනක් විය හැකි යැයි ඇතැමුන් සිතන්නට පුලුවන්. නමුත් දීමනා කිසිවක් නැතිව තමන්ට ලැබෙන්නේ මසකට රුපියල් අනූ පන්දාහක වැටුපක් බවද ජනාධිපති වරයා මෙහිදී කීවේය.



අදහස් (36)

මැති ඇමති වරුන්ගේ වැටුප් සතපහකින් වත් වැඩි කරන්නේ නැහැ - ජනාධිපති

td Saturday, 04 August 2018 04:03 PM

මැති ඇමති වරුන්ගේ වැටුප් පමණක් නොව අන් සියලු සේවාවන් වල වැටුප් වැඩිකළ යුත්තේ ජිවන වියදමට සරිලන ආකාරයටය

:       0       29

V.warnakulasuriya Saturday, 04 August 2018 04:37 PM

හිටපු අය ගැන බලනකොට නම් ඔය වගේ දහස් ගුණයක වැටුපක් ලබන්න ඇතිය කියලයි අප හිතුවේ.

:       117       156

dasunSunday, 05 August 2018 01:56 AM

දීමනා නැතුවයි අනු පන්දාහ. දීමනා ඇතුව කීයක්ද කියලා කියන්නේ නැහැනේ.

:       11       21

K Perera Saturday, 04 August 2018 05:04 PM

ඔබතුමාගේ කතාවල් වගේ ක්‍රියාවත් සිදුවෙනවානම් රටට කොතරම් සුබද, මරණ දණ්ඩනය වුනත් තවමත් ක්‍රියාත්මක නැහැනේ.

:       0       381

Chanak Los angeles Saturday, 04 August 2018 05:11 PM

නහර පුප්පගෙන හරබර ලෙසට පාර්ලිමේන්තුවේ හැම දෙයකටම ජනතාව වෙනුවෙන් හඬ හැරය පාන ජවිපෙ නායකයා බලමු මොනවා කියයිද කියා ?

:       583       801

silva Saturday, 04 August 2018 05:51 PM

මෙන්න මෙය අද පත්තරේ බලල .....

:       0       33

Raveendra Saturday, 04 August 2018 06:11 PM

රටේ මුල් පුරවැසිය විසින් ගත්ත මෙම තීරණය හොද තීරණයක්. එය රටට ආදරය කරන සාමාන්‍ය පුරවැසියන් හැටියට අපි ඉහලින්ම අගය කරනවා. " වැටුප් වැඩි වැඩිකරන්න කියා ඉල්ලුම් කල රිලුන්ට එක දෙයක් කිවයුතුය" ,මේ මොහොත වෙනකන් තොපි තමන් උපන් මවුබිමට කල අවංක සේවය කුමක්ද කියා කියපියව් !!!

:       8       258

sirimal Saturday, 04 August 2018 06:12 PM

ඔය කතාව නිර්මාණය කල උදවිය දැන් ඒගැන අන්තර් ජාලය හරහා දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගිහින් හමාරයි. අශ්වයා හරි බුරුවා හරි පැනල ගියාට පස්සේ දොරට අගුලු දාල වැඩක් නැහැ. ජනතාව අතරත් මේ කතාව දැන් පල පැදියන් කරලයි තියෙන්නේ. පැය විසි හතරෙන් ගුවන් තොටුපල වහල දුෂිතයින් සේරටම දඬුවම් දෙනවා කිව දවසේ ඉඳල මේ වෙනකල් කියපු සේරම නිකන්ම නිකන් කතා විතරයි කියලයි මහජනතාව අතරේ ප්‍රචාරය කරලා තියෙන්නේ. දුෂිතයෙක් කියල කට කැඩෙනකල් කියල කියල හතර ගාතේ දාල වට්ටපු කෙනෙක් දැන් ජන බලයක් හදා ගෙන ආණ්ඩුව වට්ටන්න තරම් ශක්තියක් ගොඩනඟා ගෙන ඉන්නේ කියනදෙයක් කියපුදාම අමතක කරන්නේ නැතුව කරන බව පෙන්නපු නිසයි. කෝ අර කියපු විශේෂ අධිකරනයවත් තවම ඇරගන්න බැරි උනා නේද? අනුන්ට බැනල වැඩක් නැහැ. වටේට ඉන්න කේවට්ටයෝ දෙන දිරච්ච ලණු ගිලල වැඩ කරන තුරා ගැල විජ්ජාවක් නම් ඇත්තේ නැහැ. හිට්ලර් හරි ජුන්ටා හරි එනවා ස්කුරුයි. එදාට බලාගන්න පුළුවන් ඒකාධිපති පාලනය කියන්නේ මොකද්ද කියල.

:       0       45

td Saturday, 04 August 2018 06:52 PM

මන්ත්‍රීවරුන් මහජන චන්දයෙන් පාර්ලිමේන්තුවට පත්කර යවන්නේ රටේ අනාගතය වෙනුවෙන් සහ මහජනතාව වෙනුවෙන් සුබවාදීව ක්‍රියා කර තීරණ ගැනීමටය. නමුත් පත්වී ඇති නුගත් කිහිප දෙනෙකු පාර්ලිමේන්තුවටගොස් සපයන්නේ විහිලුය. සමහරෙක් කතානායකවරයාට තර්ජනය කරමින් සිටි, තවත්සමහරෙක් පාර්ලිමේන්තු යන්නේ කොඉ මොහොතේ සෙන්කොලය පැහර ගැනීමට අවස්ථව ලබාගැනීමටය, සමහරු නිදිකිරමින්සිටි, තවත් සමහරෙක් ජංගම දුරකතනවලින් "earphone " මාර්ගයෙන් සින්දු අසමින් කාලය ගතකරන බව පෙනේ, තවත් සමහරෙක් දුරකථන සංවාද හෝ ග්‍මේ සෙල්ලම් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබේ. මේ සියල්ල සළකා බැලීමේදී මොවුන්ගේ වැටුප් වැඩිකිරීම් ගැන නැවත සළකා බැලීම රජයේ වගකීමකි. .

:       1       3

බද්රානි Saturday, 04 August 2018 06:57 PM

වැටුප ගැන කතා නොකර දීමනා, ගැන කතා කළා නම් ජනතාවට තරු පෙනේවි? ජනාධිපති වැටුපට වඩා, මන්ත්‍රී වැටුප වැඩි බව ඔබ තුමා පැවසු විට මා හට නම් හැඟුනේ, චාලි චැප්ලින් ලාට විකට සම්මාන ලැබුනේ කුමන පදනමකින්ද යන්නයි. සම්මානයෙන් පිදුම් ලැබීමට සුදුසු යසලාලක තිස්සලා වෙනුවට,කොහෙවත් සිටිනා විකට නළුවන්ට සම්මාන වලින් පිදුම් ලැබීමෙන්ම පේනවා, අප රටට එරෙහිව පවතිනා ජාත්‍යන්තර කුමන්ත්‍රණය?

:       4       12

Kumara Saturday, 04 August 2018 10:11 PM

අපි වැටුප් වැඩි කරන්න ඉල්ලුවා වගේනේ කතාව. රට කරන්නේ ඔහෙලානේ. ඔය කතාව ඇයි දැන් අපිට කියන්නේ. වැටුප් වැඩිකරන්න ඉල්ලුව අයට කියන්න. ඊලඟ ජන්දෙට කතිර වැටෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවානම් කනගාටුයි.

:       0       2

sanjeewa Saturday, 04 August 2018 10:39 PM

ජනතාවනි බිය නොවන්න මෙය මගේ තවත් එක් ලොකු බයිලාවක් පමණි.

:       0       3

sanath Saturday, 04 August 2018 11:32 PM

ඇයි , ඔයවගේ පනතක් ගෙන්න කලින් , ජනාදිපති දන්නේ නැද්ද? මේක ආණ්ඩුවක් නෙවේ පාන්ඩුවක්. පනතක් ගේනවා නැවත හකුලා ගන්නවා. මිනිස්සු කෑගහවොත් . නැත්නම් ,හදවතින්වත් ,මොලෙන්වත් වැඩකරන බවක් පෙන්නේ නැහැ.

:       0       1

සඳුන් Sunday, 05 August 2018 01:06 AM

හොරැ ඇල්ලීම, ඇස්බැස්ටෝස්, ග්ලයිෆොසෙට්, කැලෑ එළිකිරීම්, පොලිතීන්, එල්ලම් ගහ ....... මේ සැරේ සත පහකවත් මැති ඇමති පඩි වැඩි කරන්න දෙන්නේ නැහැ ! බය හිතෙන කතාවක් ...... නේද?

:       0       130

Chandima Sunday, 05 August 2018 01:08 AM

අනේ ජනාධිපතිතුමා ඔය ඔහොම කිව්වට ඔබතුමාට දැන් මොනවාද කරන්න පුළුවන්? අර 19 සංශෝධනෙන් පස්සේ අගමැතිටයි ඇමැතිවරුන්ටයි ඔබගේ නියෝග මග හැරලා තමන්ට ඕනි විදියට ඕනි දෙයක් කරගෙන යන්න පුළුවන් කියල දැන් කවුරුත් දන්නවනේ? ඒ හින්ද හිතන්න එපා අර ඉස්සර තිබිච්ච බලතල තමන්ට හැබැවට තියෙනවා කියල.

:       0       1

රවින් Sunday, 05 August 2018 01:17 AM

ජනාධිපති තුමනි, ඔබතුමා පහුගිය දිනක , මැති ඇමති බදු නොගෙවන්න හේතුව හැටියට කිවේ ඔවුන් කරන්නේ ගෞරවනීය සේවයක් කියලානේද? ඉතින් ගෞරවනීය සේවයට වැටුප් මොකටද? දීමනා මොකටද? වංචා මොකටද? කොමිස් ගැහිලි මොකටද? තව කියක් දේවල් මොකටද? ජනතාව මෝඩ නැත.

:       0       2

සතයපාල Sunday, 05 August 2018 01:53 AM

කෑම බීම ඉදුම් හිටුම් යාන වාහන ජලය විදුලිය දුරකථන පහසුකම් සියල්ල නොමිලේ ලැබෙන විට අනු පං

:       0       1

dasun Sunday, 05 August 2018 01:56 AM

තෙල් මිල අඩුකරා වගේ වේවිද?

:       0       1

සතයපාල Sunday, 05 August 2018 01:57 AM

කෑම බීම ඉදුම් හිටුම් යාන වාහන ජලය විදුලිය දුරකථන සියල්ල නොමිලේ ලැබෙන විට අනු පන්දාහත් වැඩි නැද්ද හිටං !

:       0       2

namali Sunday, 05 August 2018 01:59 AM

ලංකාවේ ආණ්ඩු යම් දෙයක් කරන්නේ නැහෙ කියන්නේ එක අනිවාර්යෙන් ම කරනවා. අනිවාර්යයෙන් මැති ඇමති පඩි වැඩිවෙනවා. මේ ප්‍රකාශ වල කිසිම වටිනාකමක් නැහෙ. නිකම් අපිව රවට්ටලා ලකුණු දාගන්න කියන කතා!!

:       0       1

kalani Sunday, 05 August 2018 03:18 AM

ජවිපෙ වැටුප් වැඩිවීම ගැන සිය නො කැමැත්ත පල කරකා තිබුණා. ජනපතිතුමනි, ඔබ නිවැරදියි.

:       0       0

rocky Sunday, 05 August 2018 03:21 AM

චානක් ලොස් ඇන්ජලිස් මහත්තයෝ. ඔහේ කතාකරන්නේ " ලොස්ට් ඇන්ජලිස් " වෙලා වගෙයි පෙනෙන්නේ! "නහර පුප්පාගෙන" හරි කේ ගහන ජේ.වී.පී. කාරයෝ හින්දතමයි අඩු ගන්නේ මේ තරම් වත් මේවා ගැන රටේ මිනිස්සු දැනුවත් වෙන්නේ! ඔය මහත්තයාත් අර දන්නා දේටයි, නොදන්නා දේටයි පාර්ලිමේන්තුවේදී ජල්බරි දාන වාචාල උන්නැහේලගේ ගෝලයෙක් ද? අනුර මහත්තා නම් නොදන්නා දේවල් වලට අඬ හැර දාන කෙනෙක් නෙවෙයි !

:       81       86

NIRESH Sunday, 05 August 2018 04:18 AM

එහෙම වෙනවා නම් හොඳයි.... ඒත් දැනටත් තියන වැටුප් බොහොම වැඩි. ලංකාවේ හැම මනුස්සයටම ජීවන වියදමට හරියන විදිහට පඩි දෙන්න ඕන. මෙයටල දුරකථන, වාහන, ඉන්දන, ගෙවල්, හැමදේම ආණ්ඩුවෙන් නිකන් දෙනවා. කරන ඇති කිසිම වැඩක් නෑ. මීට වැඩ හොඳයි අහිංසක හිඟන මිනිස්සුන්ට මේ සල්ලි ටික බෙදල දුන්නනන්.

:       0       12

sena Sunday, 05 August 2018 04:33 AM

ගැලරියට ගහන්න නියම අවස්ථාව

:       0       1

samanK Sunday, 05 August 2018 04:37 AM

ඉන්දියාවෙන් අනුමැතිය දීලද?

:       0       8

Nuwan Sunday, 05 August 2018 05:31 AM

එල්ලුම්ගහ, මඩු වලිගෙ, කඩුව වගේම වෙයි

:       0       10

Lakmal Sunday, 05 August 2018 05:31 AM

මෙතුමගෙන් ඉගෙන ගන්න සකසුරුවම් බව. බලන්න හෙලිකොප්ටර් 2යි, බෙන්ස් මේබැක් 2යි, ඩිෆෙන්ඩර් 12 , 1000සිසි බයිසිකල් 10 , 150 සේවකයින් සහ නිලධාරින් ඔක්කොමත් නඩත්තු කරගෙන යන්න රු 95000යි නෙහ් යන්නෙ. අපි තමා පඩි මදි කියලා බොරුවට කෑ ගහන්නේ. මේ කටින් ඇත්තක් එන්නෙම නැද්ද හෑබෑටම? ජනපති නඩත්තුවට දිනකට රු ලක්ශ 100ක් යනවා. කලින් කෙනා ලක්ශ 285යි. රටේ ඉන්න මෝඩයන්ට හොදයි මේ බොරු.

:       0       2

NuwanSunday, 05 August 2018 09:02 AM

ලක්මාල්, කරුමේ කියන්නේ මේ රටේ බහුතර ජනතාවක් හිතන්නේ ආණ්ඩුවට ගැති නාලිකා කීපයක කියන දේ තමයි ඇත්ත කියලා.., ඔබ වගේ පුවත් ගවේෂණය කරලා මේ බොරුකාරයින්ගේ ඇත්ත හොයලා බලන අය නැත්තටම නැති තරම්....

:       0       2

Minister Sunday, 05 August 2018 06:00 AM

හි ...හි..අපිට ඕනෙම නැහැ

:       0       6

සතයපාල Sunday, 05 August 2018 07:17 AM

චානක මහාතාණෙනි, ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම්වරයා මෙම යෝජනාවට විරෝධය පල කරලා දැනටමත් ප්‍රකාශයක් නිකුත් කරලා තියනවා. .ජ.වි.පෙ.ට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ආසන හයයි. පාර්ලිමේන්තුවේ තමන්ට ආසන හැත්තෑ ගණනක් තිබෙනවා කියා කියන විපක්ෂනායක ධූරයට කෙල හලන ඒකාබද්ධ විපක්ෂයේ නොනිළ නායකා වන රටේ හැම ප්‍රශ්නයක්ම සම්බන්ධයෙන් පංසල්වලට ගිහිල්ලා වයසක උපාසක අම්මලා වටකරගෙන ප්‍රකාශ නිකුත් කරන කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහාතාගේ සැබෑ මතය කුමක්ද කියා විමසා බැලිය යුතුයි.

:       13       30

saman Sunday, 05 August 2018 07:17 AM

තරහ අවසර... එ්ත් ඔබතුමා කියන ඒවා නම් රටේ මිනිස්සු තඹේකට විශ්වාස කරන්නේ නෑ. තෙල් මිල වැඩිකරන්නේ නෑ කියලා ගහපු පම්පෝරියම උදාහරණයකට ගමුකෝ. ඔය වගේ තව කීයක් කරනවා කියලා කිව්වද..?

:       0       1

siri Sunday, 05 August 2018 09:07 AM

පින්පියන්ට මොකටද වැඩි වැටුප්?

:       0       3

ජනා Sunday, 05 August 2018 09:16 AM

මෙයා නිදාගන්නකම් ඉඳලා පඩි වැඩි කරගන්න කට්ටිය...

:       0       1

Nandaka Sunday, 05 August 2018 09:37 AM

සිනාවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මේ මිනිසා ...!

:       0       1

Senarath Sunday, 05 August 2018 10:35 AM

ඒ වුණාට මල්ලිගේ වැටුප රුපියල් ලක්ෂ 35ක් නේ... ඒ විතරද 95,000 මොන කජ්ජක්ද? ඔක්කොම ආණ්ඩුවේ වියදමෙන්නේ කෙරෙන්නේ....

:       0       3

Sunil Sunday, 05 August 2018 11:18 AM

සත පහකින් නම් වැඩිවෙන එකක් නැහැ. වැඩි කරන්න ලැහැස්ති කරලා තියෙන්නේ සත පහකින් නොවෙයිනේ, ලක්ෂ ගණනින් මිසක්?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 816 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 823 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1001 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 410 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4415 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1223 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site