( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
මැතිවරණයට අදාළව සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් මේ වනවිට මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කර ඇති බවත් , එම මාර්ගෝපදේශන මාලාවට යටත්ව මැතිවරණය පැවැත්වීම කල් යැම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවද ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
ජුනි මස 20 වනදා මහ මැතිවරණය පැවැත්වීම සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කර ඇති පෙපෙත්සම් (29) නව වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු වූ අතර අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
එම පෙත්සම්වල වගඋත්තරකාර මැතිවරණ කොමිසම , එහි සභාපති හා සාමාජිකයින් දෙදෙනා වෙනුවෙන් එක් නීතීඥවරයෙකුට පමණක් කරුණු දැක්වීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ අනුමැති හිමි වූ අතර ඒ අනුව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පමණක් මැතිවරණ කොමිසම වෙනුවෙන් කරුණු දක්වනු ඇත.මීට පෙර පෙත්සමේ වගඋත්තරකරුවකු වනු මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් නීතීඥ අස්තික දේවේන්ද්‍ර මහතා පෙනී සිට කරුණු දැක්වීය.
අතරමැදි පෙත්සම් වෙනුවෙන් සියලුම කරුණු දැක්වීම් අද ( 29) අවසන් විණි.
මූලික අයිතිවාසිකම් පෙත්සම් සහ අතරමැදි පෙත්සම් දසවන දිනයටත් සලකා බැලීම ලබන සඳුදා ( ජුනි 01) තෙක් කල් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (29) නියම කළේය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මැතිවරණ දිනය කල් යාමට හේතු සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන බව මැතිවරණ කොමිසම දන්වයි
Puppa Friday, 29 May 2020 12:24 PM
තිලංග සුමතිපාලගේ නඩුවක් ඇහුව නේද නිවාඩු දවසක...?
Don Friday, 29 May 2020 04:28 PM
මැකොට පුළුවන් අංක ගණිතයෙන්ම උත්තර දෙන්න. අප්‍රේල් 20 දා මැතිවරණයට දින නියම කරනවිට ආසාධිතයන් ගණන 268 යි. දින 39 කට පස්සේ අද දින ගණන 1540 යි. පරීක්ෂණ ගණන කොහොම වුණත් දිනකට ආසාධිතයන් 32 කට වැඩි ගණනක් වාර්තාවන නිසා සහ සියලුම විශේෂ වූ රෝහල් පිරී ගොස් ඇති බවත් උසාවියේදී පෙන්වන්න. එ්ත් තේරෙන්නේ නැත්නම් හුටා තමයි.