IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මැතිවරණ කොමිසම ගැන එ.ජා.ප ය ව්‍යවස්ථා සභාවට කියන්න යයි

(බිඟුන් මේනක ගමගේ )

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවැසීය.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැසක් ගැන කොමිසම කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යට කර ඇති ප්‍රකාශ බරපතල යැයි ද ආශු මාරසිංහ මහතා කීවේය.

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා ගැන පියවරක් ගතයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැයි ද එය ඉතා සංවේදී විෂයක් යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවටත් ඒ වෙනුවට තමන් ගැන ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ජීවිතය අනතුරේ හෙලූ බවටත් බී.බී.සී සිංහල සේවයට හා ඬේලි මිරර් පුවත්පතට මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශුබෝධ මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන ක්‍රියාවලියේ ඇතැම් කාරණා ගැන ද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමිසම ගැන විවේචනයක් ඇතැයි මාරසිංහ මහතා කීය.

 මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ වාර්තා රහස්‍ය නොවන්නේ නම් ඒවා ඩිජිටල් දත්ත හැටියට ලබා දිය හැකි යැයි ද එමගින් රජයට මුදල් ඉතිරි කරගත හැකි යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (11)

මැතිවරණ කොමිසම ගැන එ.ජා.ප ය ව්‍යවස්ථා සභාවට කියන්න යයි

saman wimala Sunday, 01 December 2019 11:17 AM

කලකදී රහලු ,කලකදී වහ වෙනවලු..

:       17       56

Bamunuarachchi Sunday, 01 December 2019 11:29 AM

ඔය ඊනියා කොමිෂන් ගෙනාවේ කවුද? අපි නෙවෙයි, යහපාලනේ, ඉතින් නාහෙන් අඬන්නේ ඇයි? පැරදුණාම දාහක් කාරණා කියනවා. ඔය ඊනියා කොමිෂන් කියන්නේ සතපහක වැඩක් නැති පැන්ෂන් ගිය පප්පලාගේ කාලේ ගෙවන්න හදාපු මහලු මඩම්... ඕවා වහලා දාන්න ඕනෑ.

:       324       858

SadiMonday, 02 December 2019 04:35 AM

ඔව් ඔව් දැන් ඉන්න අගමැතිට 17යි ජනාධිපතිට 7යි, නේද?

:       0       0

SL Sunday, 01 December 2019 11:32 AM

මනුස්සයෝ..., ගෝඨාභය ලංකාවේ... සිංහල, මනුස්සයෙක් කියලා නොපිළිගන්නා තරම් දේශපාලන කුහකයෙක් වෙන්න එපා. ඒ මනුස්සයට කොටි බෝම්බ ගැහුවේ ඇමෙරිකාව වෙනුවෙන් යුද්ධ කරන්න ගිහින් නෙවේ. තමුන්ට ඡන්දෙ අඩුවෙන්නේ මේ වගේ මනස්ගාත හින්දයි. පොළවේ පයගහලා ඉවරවෙලා, කුහකකම් අතහැරලා, දේශපාලනේට එන්න !

:       857       2081

hasantha Sunday, 01 December 2019 12:08 PM

ගෝඨාභය ගැන හොයන්න ඉස්සෙල්ලා ක්ලාස් එකක්වත් නැතිව මහාචාර්ය වුණු ඔබ ගැන මිනිස්සු හොයන එක ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ...? දැන් ලෝකේ දියුණුයි. හැම එකක්ම අන්තර්ජාලයෙන් හොයා ගන්න පුළුවන්...

:       711       2090

ravinSunday, 01 December 2019 12:28 PM

මෙතුමා යාපනය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති. ඔබ අනුන්ගේ ක්ලාස් හොයන්න කලින් ඔබ ඉන්න ක්ලාස් එකගැන හොයන්න.

:       1133       902

මුණසිංහ Sunday, 01 December 2019 12:24 PM

එජාපය පරාද වුණු හේතුව තාම හඳනාගෙන නැහැ. ඔය ක්‍රියා කලාපය වෙනස් කරනකම් ගොඩ එනවා බොරු. ජනතාවගේ සිතුම්-පැතුම් හඳුනාගෙන නැහැ. ඕන නැති දේවල් ඇදගෙන දඟලනවා. ඔහොම ගියොත් ඊළඟ ඡන්දෙදීත් බඩුම තමයි. ඔය හූල් ගැන ඔයාලට වඩා ජනතාව අවධියෙන්...

:       99       140

Adam Sunday, 01 December 2019 12:53 PM

කව්ද කියලා ජනතාව දන්නවා...

:       0       7

saliya Sunday, 01 December 2019 03:21 PM

ප්‍රශ්නයක් තිබේ නම් යා යුත්තේ උසාවියට නොවේද? ඡන්දයට පෙර මෙන්ම දැනුත් ඔබ පක්ෂයේ නායකයින්ට ආත්ම ශක්තියක් නැති බව පෙනී යයි. අතන මෙතන මේ කියන්නේ වල්පල්. කලින් බළල්ලු ලවා කොස්ඇට බාවන්න බැලුවා. කෙලින් වැඩ නැහැ. මොකද කිල්ලෝටයේ හුණු... පණ බයයි.

:       40       53

Soma dubayi Sunday, 01 December 2019 03:39 PM

මොකෝ හොර කළේ.. නැතිනම් සජිත් මහත්තයා 2/3 ගන්නවා.

:       40       17

sagara Sunday, 01 December 2019 06:34 PM

හූල් යනු එල්.ටී.ටී. බලල් අතක් බව මහාචාර්‍ය වරුන්ට නොපෙනුනාට සාමාන්‍ය ජනතාවට හොඳට තේරෙනවා පේනවා. දැන් මහාචාර්‍ය කම් විශ්වවිදයාල වල හිතවත් කම්වලටයි ලැබෙන්නේ. බහුතරයක් මහාචාර්‍ය වරුන් එක්ක කථා කරන්නත් ලැජ්ජයි. ඒ තරමට කරන්නේ හූල් වගේ අනුන්ගේ කොන්ත්‍රාත්. සමාජ දැනුමක් නෑ. මහාචාර්‍යවරු කියන්නේ හොරු ජාතියක් කියලා දැන් මිනිස්සු හිතන කාලය ඇවිල්ලා. හූල්ට තියෙන්නේ තමන්ගේ රාජකාරිය හරියට කරන එකයි. අදාල නැති වැඩ කරන්න ඕනෑ නම් එ්ක කරන්න පුළුවන් එළියට ගිහිල්ලා. මේක අනෙකුත් රාජකාරී කරන අයට හොඳ ආදර්ශයක් නොවේ. පරිගණක පද්ධතිවල ඔය කියනවා වගේ තත්වයන් ඇතිවන බව කියනවා නම් ඒක නවත්වන්න එයාට තිබුණා මීට සැහෙන කාලයකට පෙර. මොකද කොමිසමේ අනුදැනුම ඇතිවයි ඒක වුනේ. කැලණිය විශ්වවිද්‍යාලයට ඇතිවූ නොහැකියාව නිසයි. වෙනත් කණ්ඩායමකට දීලා තියෙන්නේ. නමුත් මේ සේරටම මුල අයි.ටී නොදන්න ලොකු තැන් කිහිපයක් නිසා බව ඔය කොමිසමේ හුල් ළමයා හොඳින් දන්නවා. ඒ නිසා හූල් ළමයා ඇත්ත කථා නොකර එල්ටීටී එකේ අවශ්‍යතාවට කථා කරනවා.

:       18       326

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 133 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 291 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1231 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 167 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 372 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 340 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site