IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතලේට නව ශ්‍රීලනිප නායකයෙක්

නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (1) ජනපති කාර්යාලයේ දී සිය පත්වීම් ලිපිය බාර ගත්තේය.



අදහස් (32)

මාතලේට නව ශ්‍රීලනිප නායකයෙක්

පිටිගල මිලානෝ Friday, 01 December 2017 02:04 PM

තවත් මහාපරිමාණ බාර් කරුවෙක්. වැල යන පැත්තට මැස්ස ගසා රටටම එතනෝල් පොවනවා.

:       15       608

erdiFriday, 01 December 2017 03:53 PM

පිටිගල බොස්, අපි මොනවා කිව්වත් වැඩක් නෑ රටේ ජනතාව මේ අයට ප්‍රියයි. රටේ මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකයොත්... පේන්නැද්ද කට කන ළඟනේ..?

:       0       44

වේතාලයා Friday, 01 December 2017 02:42 PM

බාර් දුසිම් ගණනක් හිමි ... තනතුරු පුදයි මත්පැන් පිටුදකින්නට ... කටින් බතල හිටවන හැටි දකින කොට... කුමක් කරන්නේ ලැජ්ජා නැතිකමට...

:       1       460

erdi Friday, 01 December 2017 02:54 PM

අපි හිතුවෙත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජනතාව ගැන හිතන කෙනෙක් කියලයි. බැලින්නම් මෙතුමා කරන්නෙත් ගුරිවරියන්ව දණ ගස්සපු රටට මධ්‍යසාර බෙදන්නෝ කුඩු කාරයන්ට සංවිධායකම දෙන එක. මේ සේරම හිටපු ජනපති කාලෙත් ජයටම ව්‍යාපාර කරපු අයයි. ඒ අයට එදත් ජය අදත් ජය. ඡන්දෙ දීපු අපි පවු ගෙවනවා..

:       1       236

HafeelFriday, 01 December 2017 08:31 PM

මෛත්‍රි සහ මහින්ද අතර වෙනසක් නම් පේන්න නැහැ. මෛත්‍රි, මහින්ද, රනිල් ඔක්කොම එකම ගහේ ගෙඩි තමයි.

:       1       3

BamunuarachchiMonday, 04 December 2017 01:33 AM

එහෙමනම් මහින්දටත් තිබුණානේ යුද්ධය වවාගෙන කන්න. 30 අවුරුද්දක් යුද්ධය වවාගෙන කාලා මේ යුද්ධය දිනන්න බැහැ කීව් එවුන්ට පාඩම් ඉගැන්වුවේ මහින්ද නොවේද? හොරකම පැත්තෙන් බැලුවත් මහින්ද රනිල් තරම් හොරෙක් නොවෙයි. අපරාධ විමර්ශන කොට්‌ඨාශය ආරම්භ කිරීමට පෙර රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියා සිටියේ මෙම හොරකම් සියල්ලම අතිශයින්ම ගැටළුකාරී තත්ත්වයන් යටතේ කරන ලද ඒවා හෙයින්, ඒ සම්බන්ධව විමර්ශනය කිරීමට ඒ පිළිබඳ හසළ බුද්ධියක්‌ ඇති පිටරට විශේෂඥ පරීක්‌ෂකවරුන් ගෙන්වා ඔවුන්ගෙන් සමන්විත කාර්යාංශයක්‌ පිහිටුවිය යුතු බවය. එය සත්‍යයකි. කොටින්ම හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් පරීක්‌ෂණ ආරම්භ කිරීමට බොහෝ දෙනා කෑ ගැසුව ද, එහි විශාල වංචාවක්‌ සිදුවු බව පැවසුවද, එම අපරාධ ගොනුව හොඳින් පරීක්‌ෂා කර බැලූ, විට එවැනි කිසිම අපරාධයක්‌ සිදු නොවී ඇති බව පෙනුණා. සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා පමණක්‌ එහි කිසිම අපරාධයක්‌ සිදු නොවූ බව සටහන් කර තිබුණා. එම මතයම ප්‍රකාශ කළ තිලක්‌ මාරපන මහතාට ද ඔහුගේ ධුරයෙන් ඉල්ලා අස්‌වීමට සිදුවුණා. එම මතයම ප්‍රකාශ කළ විජයදාස රාජපක්‌ෂ මහතාට ද, ඔහුගේ චරිතයට හා කීර්තියට පහර දෙමින් ඔහු 'ඩීල්' කාරයෙකු බව පැවසුවා.

:       0       0

Chinthana Friday, 01 December 2017 03:02 PM

එතනොල් පිළිබඳව ජනාධිපති වෙන්න කලින් පොදු අපෙක්ෂකයා ලෙස කතා කලා... ජනාධිපතිතුමාට මතකද?

:       0       119

Asha Friday, 01 December 2017 03:11 PM

මත්වතුර සමාගමේ එක හවුල්කාරියක් තමයි උෟවේ එක් මහා ඇමති කෙනෙක්ගේ බිරිඳක්.... කාගේ නෑයෝද කියලා අහලා බලලා සොයා ගන්න.

:       0       112

jayathissa Friday, 01 December 2017 03:14 PM

පාපයේ ඇලී ගැලී සිටින්නන් රටේ පාලනයට හවුල් වෙන විට මෙලෙස රටටම වැසි කුණාටු නාය යෑම් වැනි ස්වභාවික අපලදායක තත්ත්ව ඇතිවේ.

:       0       128

bandulaSaturday, 02 December 2017 12:34 AM

ඔනෙම පාපතරයෙක් එක්ක එකතුවෙනවා ඡන්දෙ දිනාගන්න ඕනෙ නම්... මේ ඉතින් රට ගැන හිතන හැටි තමයි. දේශපාලනයෙන් ඇස් අන්ධවුණාම මෙහෙම ඒවා කරනවා. මේ ස්වභාවික ආපදා වැඩි වුණොත් පුදුම වෙන්න දෙයක් නෑ.

:       0       13

Hubert Friday, 01 December 2017 03:54 PM

පෙනෙන විදියට වෙන රැකියාවක් කිරීමට දේශපාලනය කරනවා.

:       0       17

dias Friday, 01 December 2017 05:00 PM

මෙතුමාට දඹුල්ල දෙමු. ඉන්න ඉත්තෝ අදින්නේ නැතිව මොනවා කරන්නද? ජනාදිපති තුමා හරි.

:       5       1

Namal thisera Friday, 01 December 2017 05:06 PM

ජනාධිපති මාතලේ කුඹුරු ගොඩ කරලා හොටෙල් විවෘත කරන්න ආව වෙලාවේ වුණු පොරොන්දුවක් ඉටු කලා...

:       0       20

පිටිගල මිලානෝ Friday, 01 December 2017 05:54 PM

ඡන්දදායකයිනි, දැන් ඔබ තේරුම්ගන්න ඔබේ ඡන්දය කෙතරම් වටිනා සහගතද කියා. වංචනික ව්‍යාපාරිකයන්ට ආණ්ඩුවට සම්බන්ධ වී මඩිය තරකරගන්න හීන් නූලෙන් රිංගන එකට කතිරේ ගහන්නෙත් අපි කියා. සිහිකල්පනාවෙන් ඔබේ ඡන්දය පාවිච්චි කරන්න.

:       0       55

Ramya Friday, 01 December 2017 06:42 PM

අද ලෝක ඇල්කොහොල් දිනයයි. සුභපැතුම්..! අනේ ඡන්දෙ දෙන්න.

:       0       14

V.warnakulasuriya Friday, 01 December 2017 11:54 PM

රටේ ජනතාවගේ කැමැත්ත බලනවිට නම් ජනාධිපතිතුමා නිවැරදියි. හොරු සහ අපරාධකරුවන්ට මල්මාලා පළඳවන්න උසාවි ළඟ පොරකන ජනනතාව ඉල්ලන්නේම මෙවැනි උපාසක මහතුන්වමය. බැඳුම්කර හොරු සහ ඒකාබද්ධ හොරු ඉදිරියේ මෙතුමාටත් යන එන මං තිබිය යුතුය.

:       0       2

සෙනෙවි Saturday, 02 December 2017 12:29 AM

ජයතිස්ස මහතා කියනදේ සිදුවේ නම් පළමුව දඬුවම් ලැබිය යුත්තේ පාපයේ ගැලී පාපය කර තබාගෙන යන ඇතැම් භික්ෂූන්ටයි. මේ උන්නැහේ ජනාධිපති මැතිවරණයට කලින් මෛත්‍රිට ඡන්දෙ ඉල්ලන් ආවොත් පහර දෙන්න කියල කීව්වා මතකද? අපට නම් මතකයි මෙතුමට මතක නැහැ. අවශ්‍ය මොහොත අාවගමන් මෙතුමා හැර යනවා. ඒක විශ්වාසයි අපි බලන් ඉඳිමු. අනේ ලක්ෂ 62 ක බලාපොරොත්තු.

:       14       9

abaran Saturday, 02 December 2017 01:23 AM

ජනාධිපතිට කම් නැත. ලංකාවේ නැත්නම් කොරියාවේ පදිංචියට යා හැක. ඒත් ජනතාව?

:       0       32

BamunuarachchiSaturday, 02 December 2017 08:03 AM

දැන් මහින්ද මහතා බලයට ආවාට බය නැතුව ඇති. හැබැයි සිංහල ඉංග්‍රීසියට පෙරලලා, ඉංග්‍රීසි කොරියන් භාෂාවට පෙරලලා කතාව පටන් ගන්නකොට වැඩේ හබක්.

:       11       28

BamunuarachchiSaturday, 02 December 2017 10:51 PM

ඔන්න දැන් මෙයා ද්විත්ව පුරවැසියෙක්.... ගිතාට ලැබුණ තීන්දුව මෙයාටත් ලැබිය යුතුයි නේද?

:       0       0

indunil priyantha Saturday, 02 December 2017 02:21 AM

එ්ක තමයි ජවිපෙ හා අනිත් පක්ෂ අතර වෙනස... ඔබ තවත් ප්‍රමාද නැහැ.

:       113       11

සඳුන් Saturday, 02 December 2017 03:22 AM

රටටම වැස්ස ලැබිලත් පොළොන්නරුවට වැස්ස ලැබෙන්නේ නැත්තේ මේ නිසා. කටිං බතල කොළ හිටුවනවා. ලැජ්ජයි මේ තරම්... කියනකොට එකයි කරනකොට තව එකයි.. මනුස්සයෙක් රටේ එදා මෙදා තුර බිහි වෙලා නැහැ.

:       0       201

asanga Saturday, 02 December 2017 05:12 AM

හා... එහෙනම් එතනොල් වලට ජයවේවා !!!

:       0       40

Padmini Saturday, 02 December 2017 06:19 AM

සිරිසේන මහත්තයා මේ කරන්නේ වෙනත් පක්ෂයක් දිනවීමට කටයුතු කිරීමයි.. නොතේරෙන්නේ කාටද?

:       0       7

Punya Saturday, 02 December 2017 06:21 AM

එතනෝල් හාමිනේලාට ගිය රටක් වෙලානේ.

:       0       22

Bamunuarachchi Saturday, 02 December 2017 08:00 AM

මේ ගොල්ලෝ පත් වෙනකොට අර මිනිස්සු මියෙම්වා, රැකෙම්වා කියා කුඩා බෝට්ටු වලින් වෙන රටවලට යන්න මුහුදට පනින එක අහන්න ඕනෙයැ. ඇයි සුද්දෝ නුඹලා අපට නිදහස දුන්නේ? නුඹලාට හෙන ගහනවා අපිට නිදහස දුන්නාට. උඹලාගේ කාලයේ මෙරට කොපමණ ලස්සනට තිබුණාද?

:       56       82

danda Saturday, 02 December 2017 08:24 AM

මෙතැන අදහස් දන පඟරනැට්ටෝ මොනවා කීවත් ඔබයි මාතලේ සිංහයා ...මාතලේ ජනතාව ඔබ සමගයි ....

:       224       0

JayaniSaturday, 02 December 2017 11:44 AM

මේ වගේ වහල් මානසිකත්වයක් ඇති පඟරනැට්ටෝ නිසා තමයි අපේ රට කඩා වැටෙන ගුවන්යානයක් මෙන් පහලටම යන්නේ.

:       0       78

BamunuarachchiSaturday, 02 December 2017 04:57 PM

අරවගේ අය ඉන්නකම් මෙරට හදන්නේ නැත.

:       0       0

alahapperuma-London Saturday, 02 December 2017 09:55 AM

රටටම එතනෝල් පොවලා මව්රටේ දරු පවුල් අනාථ කරමින් හම්බ කරන මුදලින් එයාගේ ළමයිව එංගලන්තේ ගණන්ම පාසලට යවනවා.

:       0       19

Lakshmi Saturday, 02 December 2017 11:49 AM

ජයතිස්ස, පව්කාරයින්ගෙන් පිටවන කිරණ මගින් ස්වභාවධර්මයේ සමතුලිත බව විකෘති වෙනවා. එසේම පින්වත් මුනිවරුන්ගෙන් පිටවන කිරණ වලින් ලොවම සුවදායක කරනවා. අපේ රටට අද සොබාදහමින් පවා තර්ජන පිට පිට එල්ලවන්නේ පව්කාරයෝ වැඩි නිසා.

:       0       29

sg Saturday, 02 December 2017 05:19 PM

මෙයාව හොදින් නිරීක්ෂනය කරන්න වේවි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 122 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 333 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 822 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1119 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 389 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 183 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 302 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site