IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මාතර - බෙලිඅත්ත දුම්රිය ගමන් ඇරඹෙයි

(අනීෂා මානගේ)
මාතර - කතරගම දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර වන මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස අද (08) ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා  අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

ආරාධිත අමුත්තන් රැගත් දුම්රිය පෙරවරු 10.00ට පමණ බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ළගා වූ අතර මෙය දැක බලාගැනීමට ජනතාව විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

ජනතාව අතර ඇති වූ තදබදය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී පීත්ත පටිය කපා දුම්රිය ස්ථානය විවෘත කිරීමට, පැමිණ සිටි ආරාධිත අමුත්තන් හට අවස්ථාව නොලැබිණි.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා, හිටපු කතානායක චමල් රාජපක්ෂ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි සහ දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්වූහ.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ප්‍රණාමය ලෙස සඳහන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත බැනරයක් නව දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණි පසු පිරිසක් විසින් දුම්රිය ඉදිරිපස සවි කළේය.



අදහස් (22)

මාතර - බෙලිඅත්ත දුම්රිය ගමන් ඇරඹෙයි

ගොන් වස්සා Monday, 08 April 2019 06:25 AM

ඇයි මෙහෙම තවමත් මහින්ද මහත්තයව නෝන්ඩි කරන්නේ විකාර බැනර් ගහලා.

:       101       2176

ලුම්බිණි Monday, 08 April 2019 06:46 AM

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති හිතන්නේ මෙහෙම බැනර් එක්කක් ගැහුවම තමන් වගේ ලොක්කෙක් තව නැහැ කියල. මේකෙන් රවටන්නේ මහින්ද රාජපක්ෂ මිස වෙන කිසිවෙක් නොවේ.

:       32       1731

kiri gavaya Monday, 08 April 2019 06:46 AM

වසර දෙකකට පෙර මේ ගමන එන්න තිබුණේ.... කොහොම උනත් දෙගොල්ලන්ටම සුභ පතමු.

:       15       129

sas Monday, 08 April 2019 06:47 AM

දුම්රිය පොදු දේපලක්. එහි දේශපාලකයන්ගේ බැනර් ප්‍රදර්ශනය නොකළ යුතුයි.

:       49       1484

Ranjan Monday, 08 April 2019 07:28 AM

කොයිකාලේයේ හැදුවත් ඒ නමින් වැඩක් නැහැ මේකට වියදම් කල මුදල් මහජනයාගේ මුදල් මිසක් ඔවුන්ගේ පුද්ගලික වස්තු නොවේ

:       27       1960

de silva Monday, 08 April 2019 07:31 AM

අපේ රට්ටට දේශපාලකයන්ගෙන් තොර අනාගතයක් නැද්ද ?

:       0       1377

SuddaMonday, 08 April 2019 09:54 AM

ප්‍රශ්නේ තියෙන්නේ, දේශපාලකයෝනේ මේ වැඩවලට ප්‍රතිපාදන දෙන්නේ... ඉතින් ඕක ලෝකේ කොහෙත් හැටි...

:       2161       2

චමල් Monday, 08 April 2019 07:35 AM

මට හිතා ගන්න බැරි, ලෝකෙන් උතුම් රටේ මෙච්චර බත්බැලයෝ ඉන්නේ කොහොමද කියලා?

:       158       11822

gona Monday, 08 April 2019 07:57 AM

මහින්ද රාජපක්ෂගේ පරාජයට හේතු උනේ මෙවන් අය ළඟතබා ගැනීම.

:       151       2471

Hafeel Monday, 08 April 2019 08:28 AM

2014 දී මෛත්‍රී මහින්දගෙන් ආප්ප කාලා සද්ද නැතුව එළියට ආවා. එ්කෙන් පාඩමක් ඉගැන්නුවේ.. නැතුව ආයිත් 2018 ඔක්තෝබර් වලදී බහුතර නැතුව අගමැති ධුරය ගත්තු මෛත්‍රීටම සහ මුළු ලොකේටම නෝන්ඩි වුණා. දැන් මෙතන කරන තවත් නාඩගමක්. මේවා මහින්ද මහත්තයාට නවත්තන්න තිබුණා.

:       11       4451

banda Monday, 08 April 2019 08:33 AM

මේකේ එක දේශපාලකයෙක්ගේවත් පොටෝ දාන්න ඕනෑ නැහැ.

:       0       1207

saman Monday, 08 April 2019 08:51 AM

අර නැගලා ඉන්නේ කොහෙද? හොදට බලන්න. පොදු දේපල ආරක්ෂා කරන්නේ මෙහෙමද?

:       0       1607

MISHAL-MATARA Monday, 08 April 2019 09:01 AM

අර්ජුන රණතුංග මහත්මාගේ නිහතමානීකම. 1996 වගේ සියලු දෙනාම එකතු කරගෙන (පක්ෂ විපක්ෂ) මේ කටයුත්ත විවෘත කිරීම ගැන අගය කරමි.

:       43       1476

සනත් ඉතාලිය Monday, 08 April 2019 09:03 AM

මහින්ද මහත්මයා පරාජය වී ගෙදර යනවිට බාගෙට වැඩ අවසන් කල දුම්රිය මාර්ගය අකුලාගෙන මැදමුලනට ගියේද නැත . මේ රජය පලිගැනීම සදහා සම්පූර්ණයෙන් අවලංගු කලේද නැත. ප්‍රමාද කර හෝ එය අවසන්කර මහජනතාවට බුක්තිවිදිමට සැලසීම අගය කලයුතුය වියයුත්තේ මොන ආණ්ඩු ආවත් සංවර්ධන කටයුතු අඛන්ඩව ඉදිරයට ගෙනයාමට වගබලාගතයුතුයි. හොදිම උදාහරනය මේ දිනවල විදුලි අර්බුදය මේ කොයි ව්‍යාපෘතියටත් වැය කරන්නේ මහජන මුදල්ය හමෝටම බදු මුදල් ගෙවන ජනතාවගේ ස්තුතිය

:       34       1728

sitimal Monday, 08 April 2019 09:41 AM

බැනර් ගැහිල්ලෙන් තේරෙනවා ඒ ගොල්ලෝ කොච්චර බංකොලොත් වෙලාද කියලා. ඔය බැනර් එකේ තියෙන කතාවම තමා ඒ ගොල්ලෝ රට පුරාම ගම්දනව් වලත් කියාගෙන යන්නේ... ඒක ඡන්ද දායකයින් රවටා ගැනීමට යොදාගන්නා හොඳම උපායමාර්ගයක්... ඒ ගැන අනිත් පැත්තේ නිදාගෙන ඉන්න ඈයෝ හිතුවොත් හොඳයි. නැත්තන් ඉතින් මොන සංවර්ධනය කළත් හුප්පේ තමයි. ඊළඟ "කංකාරිය" බලන්න පුළුවන් නෙලුම් කුළුණ අරින දවසට....

:       38       1200

ravi Monday, 08 April 2019 09:57 AM

"රාජපක්ෂ පවුලට ඉස්සෙල්ලත් ශ්‍රී ලංකාවක් තිබුණා මතකයි..!!! රාජපක්ෂලාට පස්සෙත් ශ්‍රී ලංකාවක් තියන බව නොඅනුමානයි..!!! "" හිටපු එකා හිටියා.. ගිය එකා ..ගියා. මැරිච්ච එකා මලා...!!! එ්ත් අපේ රට ජීවත් වෙන්න ඕනේ ... ඉදිරියට යන්න ඕනේ .

:       0       1221

vipula Monday, 08 April 2019 09:58 AM

සංවර්ධන වැඩ කරන්නේ ජනතා මුදලින් බව කියන්න ඕනේ නැහැ. නමුත් යම්කිසි වැඩක් කරන්න පටන් ගැනීම එය අවසානය වෙනකම් කරන්න නායකත්වයක් අවශ්‍යයි. සැලසුම් අමාත්‍යංශයේ වැඩි ප්‍රමාණයක් වැඩ කලේ මහින්ද මහත්තයාගේ කාලයේ. නමුත් මේ ආණ්ඩුව එම සංවර්ධන වැඩ බොහොමයක් නැවැත්තුවා... හොඳම උදාහරණය සැලසුම් අමාත්‍යාංශය විසින් සැලසුම් කළ සාම්පූර් බලාගාරය ඉදිකිරීම නැවතීම. දිනෙන්දින ඉල්ලුම ඉහළ යන විදුලියට කළ දෙයක් නැත.

:       3175       144

Aris Monday, 08 April 2019 10:04 AM

මගේනම් අදහස මේ මාර්ගය රට වටේ යාහැකි පරිදි ඉදී කිරීමයි. කාටද මේක කරන්න පුළුවන්?

:       39       18

jerami Monday, 08 April 2019 10:33 AM

අපේ ගමේ එක්තරා ප්‍රදේශයකට එක්සත් ජාතික පක්ෂ කාලයේ පාරක් කැපුවා. පාර ටිකක් දුර කරගෙන යද්දී රජ්‍ය පෙරලුනේය.. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් බිහිවිය. අර පළමුව කපපු පාර වෙනුවට උන් වෙනත් තැනකින් පාරක් නැවත අාරම්භ කලේ එක්සත් ජාතික පක්ෂ පාරවල් අපට එපා කියායි. පර ඉබිගමනින් ටික දුරක් ගොස් ඉඩම් විනාශකරමින් සිටියා මිස කෙරුණු වැඩක් නැත. දැන් මේ ගම හරහා පාරවල් දෙකකි. නැවත එජාප රජයක් බිහිවිය. පළමු පාර නැවත පටන් ගත්තේය. වැඩ නිමකළේය. මිනිස් ප්‍රයෝජනයට ගත්තේය. විදුලිය පවා දුන්නේය. පාර ඉතාමත් ප්‍රයෝජනවත් විය. තවත් කතාවකි. නිදහස් පක්ෂ රජයකින්... වෙනත් ගමකට සැතපුම් 2ක් දුර බස් රථයක් දැම්මේ අප ගෙවල් ළඟ සිටයි. රාජ්‍ය පෙරලුනේය. එජාප රජයක් පැමිණුනේය. ඔවුන් පාර ඉදිරියටම කරගෙන ගොස් බස් රථය තවත් ඉදිරියට ගෙන ගොස් සියලුම වැඩ නිමකළේය. මෙම පාර ඉතාමත් අාදායම් උපයන ප්‍රදේශ රැසකට ප්‍රයෝජනවත් වී ඇත. විදුලිය පවා දී ඇත. මේ සිදුවීම් දෙක වුනේ මම කුඩා කලදීය. එජාපය ගැනම පැහැදුනේය.

:       113       402

NASRUDIN Monday, 08 April 2019 12:28 PM

මාතර - කතරගම දුම්රිය මාර්ගය අතිගරු ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් වන අතර එහි වැඩ කටයුතු ආරම්භ වූයේ 90' දශකයේ මුලදී පමණ මාර්ගයට ඉඩම් අත්පත් කරගැනීමේ කාර්යයට අත ගැසීමෙනි. 94 ආණ්ඩු මාරු වුණා. අර රැජන ආවා. වැඩේ කොට උඩ තිබ්බා. ඊට පස්සේ ම.රා. මැතිඳුගේ කාලේ තිබ්බ කොට අයින් කරලා වැඩේ ආයි පටන් ගත්තා. යහපාලන රජය වැඩේ සම්පූර්ණ කළා. අපේ "කූල් මාස්ටර්" අන්තිම මොහොතේ ගත්ත මල්වට්ටිය අතට... ඒක හොඳයි. ඒ මල් වට්ටියට අත ගහන්න අපේ සජිත් ඇමතිතුමාටත් ආරාධනා කළානං කොච්චර වටිනවද තාත්තා සිහි වෙන්න. "කූල් මාස්ටර්" ට "කුහක" චිත්තය පහල වුණා වද්ද? අනේ මන්ද?

:       1       54

Ananda S. Monday, 08 April 2019 12:52 PM

ඇයි මෙහෙම තවමත් මහින්ද මහත්තයව නෝන්ඩි කරන්නේ විකාර බැනර් ගහලා...

:       28       4

Don Tuesday, 09 April 2019 03:20 AM

බැනර් එක ගැහැව්වේ ආණ්ඩුවේ සල්ලි වලින්ද? රාජපක්ෂ දුම්රිය සේවය කියල දාමුද? ජනතාව ණයවෙලා හදන පොදු දේට රාජපක්ෂගේ නම ගෙන විකාර නටනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 0 0

චිත්‍රපටයක් නිෂ්පාදනය සඳහා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10ක් වංචා කළැයි විශ්වාසය කඩකිරිමේ චෝදනාව යටතේ හිටපු උපකාරක පන්ති ගුරුවරයකු වූ උපුල් ශාන්ත සන්


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 0 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 0 0

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 537 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 183 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 251 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1689 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site